රසායනාගාරයක් තුළ විස්මිත මල් ගොමුවක් මවයි! විද්‍යාඥයන් පිරිසකගේ ආශ්චර්යයක්!

ලෝකයේ ඇති සියලූම මල් එක වර පිපුණා වගෙයි පෙනෙන්නේ! ඇත්තෙන් ම මේ මල් උයන තියෙන්නේ ඇමරිකාවේ හවාඞ් විශ්ව විද්‍යාලයේයි. එහි රසායනාගාරයේ තමයි, මේ පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර මල් ගොමුව මවා ඇත්තේ.

මේ මලක ප‍්‍රමාණය මැනිය හැක්කේ මයික්‍රෝනවලින්. ඒ කියන්නේ මීටරයකින් මිලියනයකින් පංගුවකින්. ඒවා වරකට එක අංශුව බැගින් අර ගෙනයි, නිමා කර ඇත්තේ.

 
පර්යේෂකයන් විවිධ මල් වර්ග අනුකරණය කරන ආකාරයට විවිධ ආකෘතීන් නිර්මාණය කළා.
0

මාර්තු 17 වැනිදා ලොකු උල්කාවක් හඳට කඩා වැටුණා! එය පොළොවේ සිටි අපටත් පෙනුණා!

මාර්තු 17 වැනිදා කිලෝග්‍රෑම් 40ක් පමණ බර උල්කාපාතයක් සඳ මතට කඩා වැදුණා. ඒ උල්කාවේ ඝට්ටනයෙන් නිකුත් වූ ආලෝකය පොළොවටත් පෙනුණා. මෙය මෙතෙක් දැක ගන්නට ලැබුණු ලොකුම උල්කා ගැටුමයි.

මේ බව මුලින් ම හඳුනා ගත්තේ සඳ වෙතට යොමුවූ දුරදක්නයක්. ඒ උල්කාභය සඳ මතට වැදුණු කෙණෙහි ම එම ස්ථානයෙන් දීප්තිමත් ආලෝක ධාරාවක් විහිදුණා. එය පියවි ඇසට පවා දැක ගත හැකි එකක් කියලයි නාසා ආයතනය කියන්නේ.

නාසා ආයතනය සඳට සිදුවන මේ උල්කාපතනයන් ගැන දැන් වසර අටක් තිස්සේ සෝදිසියෙන් ඉන්නවා. ඔවුන් දැනටමත් මෙසේ උල්කාපතනයන් 300කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා ගත කරගෙන තියෙනවා. ඒ අතරින් සිදු වූ විශාලතම උල්කා ඝට්ටනය මෙයයි.

"සඳ මත වැදුණු සැණෙන් එය පුපුරා ගියේ අප මෙතෙක් දැක ඇති දීප්තිමත් ම ආලෝක ධාරව මෙන් දස ගුණයක දීප්තියක් සහිතවයි." කියා නාසා ආයතනයේ බිල් කුක් කියනවා. ඔහු ඇමරිකාවේ ඇලබාමා ප‍්‍රාන්තයේ හන්ට්ස්විල් හී පිහිටුවා ඇති මාෂල් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ උල්කාංශු පරිසර කාර්යාලයේ නිලධරයෙක්.

 
ඊතලයෙන් දැක්වෙන්නේ හඳ මතුපිට හැපුණු උල්කාවෙන් නිකුත් වූ ආලෝකය දුරදක්නයට පෙනුන ආකාරයයි.
4

පරමාණු රඟපාන ලෝකයේ කුඩා ම චිත‍්‍රපටය දැන් ඔබටත් නරඹන්න පුළුවන්!

විද්‍යාඥයන් පිරිසක් චිත‍්‍රපටය අපූරු තලයකට ගෙන ගිහින්. ලෝකයේ කුඩාම චිත‍්‍රපටය නිපදවලා. ඒක කොයිතරම් කුඩා ද කීවොත් මනින්නෙ අණුවල දිග පළල අනුවයි. ඒ කියන්නෙ නැනෝ මීටරවලින්.

මේ චිත‍්‍රපටයේ රූප රාමු පියවි ඇහැට පෙනෙන්නෙ නැහැ. චිත‍්‍රපටයේ එක රූප රාමුවක් නැනෝමීටර් 45x25ක් වෙනවා. එක් අඟලකට නැනෝමීටර් මිලියන 25ක් තියෙනවා.

අයිබීඑම් පසුගියදා මේ චිත‍්‍රපටය යූටියුබ් එකට මුදා හැරියා. මේ චිත‍්‍රපටයේ රඟපාන්නේ අණු සහ පරමාණුයි. විනාඩියක කාලයක් දිග මේ චිත‍්‍රපටය නම් කර ඇත්තේ ‘ළමයෙක් සහ ඔහුගේ පරමාණුව’ යන අරුත් දෙන ඉංගී‍්‍රසි වදනකින්.

මෙය තනා ඇත්තේ කාබන් මොනොක්සයිඞ් අණු එකින් එක නැවත සකස් කිරීමෙන් ළමයකු බෝලයක් සමග සෙල්ලම් කරන ආකාරයක් දක්වමින්.

මේ අපූරු දස්කම කරලා තියෙන්නේ අයිබීඑම් ආයතනයේ විද්‍යාඥයන් පිරිසක්.

 
‘අ බෝයි ඇන්ඞ් හිස් ඇටම්’ චිත‍්‍රපටයේ රූප රාමුවක්.

පරිගණකයේ ආශ්චර්යය හැමතැන ම පැතිරෙයි! ගූගල් කන්නාඩි පරිගණකයේ නව මාදිලිය මෙන්න!

ඇස් කන්නාඩියක් සේ පැලඳිය හැකි ගූගල් උපැස් පරිගණකය ගැන විස්තර ‘මල්කැකුළු’ තුළින් ඔබට ගෙනාවා මතක ඇති. අද මේ කියන්නේ ලොව සැම තැනක දීම පාවිච්චි කළ හැකි එහි නව මාදිලිය එන්නට කලින් මාදිලි රැසක් නිපදවමින් ඔවුන් කළ අත්හදා බැලීම ගැනයි.

0

වසර 131 පැරණි චිත‍්‍රපට කැමරාවක්! අතේ ගෙන යා හැකි ලොව පළමු සිනමා කැමරාව මේකද?

බැලූ බැල්මට එය රයිෆලයක් වගෙයි. ඒත් ඇත්තමට නම් ඒක අතේ ගෙන යන කැමරාවක්. නිකම්ම කැමරාවක් නෙමෙයි, චිත‍්‍රපට කැමරාවක්! මේ තමයි, සිනමා කර්මාන්තය පෙරළියකට ලක් කළ ලොව පළමු චලනචිත‍්‍ර කැමරාව.

මෙය සැලසුම් කිරීමේ ගෞරවය හිමි වන්නේ ඉටෙන් යූල්ස් මරේ (Étienne-Jules Marey) නම් ප‍්‍රංශ විද්‍යාඥයාටයි. (මේ නම ප‍්‍රංශ එකක් නිසා එය උච්චාරණය කළ යුත්තේ ‘ඉටෙන් යූල්ස් මායි’ කියායි.) ඔහු මේ අපූරු කැමරාව හැඳින්වූයේ ‘ෆුසිල් ෆොටෝග්රැෆික්’ (Fusil Photographique) හෙවත් ‘ඡායාරූප රයිෆලය’ කියායි.

ඒ මගින් මුලින් ම කැමරාවට නැගුවේ කුරුල්ලන් හා කුඩා සතුන්ගේ චලනයන් ආදියයි. ඒ 1882 දියි.

 
ප‍්‍රංශ විද්‍යාඥ ඉටෙන් යූල්ස් මරේගේ ‘ෆුසිල් ෆොටෝග්රැෆික්’ හෙවත් ‘ඡායාරූප රයිෆලය’ මෙය අතේ ගෙන යා හැකි ලොව පළමු චිත‍්‍රපට කැමරාව ලෙස සැලකිය හැකියි. මෙයින් මුලින් ම කැමරාවට නැගුවේ කුරුල්ලන් හා කුඩා සතුන් චලනයන්.
2

සැත්කම්වල දී කරන මැහීම් වෙනුවට විස්මයජනක නව පෑස්සීමේ ක‍්‍රමයක් සොයා ගනිති!

ශල්‍ය වෛද්‍යවරුන් මෙතෙක් මැසීමට භාවිත කළ ක‍්‍රමවලට ආයුබෝවන් කියන්න කාලය ඇවිත්! මහන්නෙ නැතුව ‘වෑල්ඩින්’ කරන්න ක‍්‍රමයක් දැන් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා.

රත්තරන් අංශු යොදා ගෙන ලෙසර් මගින් කැපුම් පාස්සන්න මේ නව ක‍්‍රමයෙන් පුළුවන්. කැපුම පෑස්සීමට යොදා ගත් විට එය සිරුරේ චලනයත් සමග එකට චලනය වෙනවා.

ඇමරිකන් රසායනික සංගමයේ විද්‍යාඥයන් ඒ පෑස්සුම් ද්‍රව්‍ය ඌරන්ගේ අන්ත‍්‍ර සමග යොදා දැන් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා. ඔවුන් විශ්වාස කරන විධියට මෙය මෙතෙක් පැවති සාම්ප‍්‍රදායික මැසීමත් සීචන (suture) තාක්ෂණයත් වෙනුවට පාවිච්චි කළ හැකියි.

විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා දියර කාන්දු වළක්වන, ප‍්‍රත්‍යාස්ථ මුද්‍රා තැබීමක් බඳු මේ නව ක‍්‍රමයෙන් සැත්කම්වලට ගත වෙන කාලයත් අඩු වෙන බව.

 
සිරුරේ කැපීම් හා මැසීම්වල දී සාම්ප‍්‍රදායිකව සිදු කෙරෙන්නේ ජීවාණුහරණය කළ විශේෂ නූල් යොදා ගෙන මැහුම් යෙදීමෙන් හා සීචනයෙන්. මේ පැරණි තාක්ෂණ යොදා ගෙන කරන ශල්‍ය වෛද්‍ය මැසීම්වල දී ඇතැම් විට ශරීරාංග පටක බිඳී යාම නිසා අභ්‍යන්තර දියර ස‍්‍රාවය වීම් ඇති වෙන්න පුළුවන්. එහෙත් නව ක‍්‍රමයට පෑස්සීමේ දී ඒ කිසිවක් සිදු වන්නේ නෑ.
5

රථවාහන තදබදයට විස්මිත විසඳුමක්! ප‍්‍රථම පියාඹන කාරය 2015 දී වෙළඳ පොළට?

ටෙරාෆූජියා (Terrafugia) ඒ ට‍්‍රාන්ස්සිශන් කාරයේ සැලැස්ම දැන් එළි දැක්වලා තියෙනවා. ඒක අඩක් මෝටර් රථයක් වගෙයි, අඩක් පුංචි ජෙට් අහස් යානයක් වගෙයි. රෝද හතර දිග හැර පියාපත් හකුළා ගත් පසු මෝටර් රථයක් වගේ මහ මග පදවන්න පුළුවන්. තව අවුරුද් දෙකකින් මෙය ඔබටත් මිල දී ගන්න පුළුවන්.

මේ කාරය නිපදවන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස්හී පිහිටි ටෙරාෆූජියා සමාගමයි. මෙහි අලූත්ම මාදිලිය හැඳින්වෙන්නේ ‘ටීඑෆ්-එක්ස්’ (TF-X) කියායි. මෙය සාමාන්‍ය කාරයක් දමනවා වාගේ ගරාජයක ගාල් කරන්නත් ධාවන පථයක් නැතිව හිටි තැනම ඉහළ නගින්නත් පුළුවන්.

මේ කාරය ගැනත් තවත් ලොව පුරා නිපදවෙන පියාඹන මොටෝරිය කීපයක් ගැන ‘මල් කැකුළු’ තුළින් ඔබට විස්තර ගෙන ආවා ඔබට මතක ඇති.

 
‘ටීඑෆ්-එක්ස්’ (TF-X) රථය අහස් යානයක් වී පියාසර කරන අයුරු සිත්තරකු දුටු හැටි!
3

බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවකුගේ විස්මිත නිපැයුමක්! ඕනැම රළු පාරක් විල්ලූ ද මගක් සේ දැනෙන පාපැදියක!

බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවෙක් මෙතෙක් කිසිදා නොවූවිරූ ලෙසින් බයිසිකලයට නවමුහුණුවරක් දීලා. එය පදවන ඔබට ඕනෑම බොරලූ පාරක් විල්ලූද ඇල්ලූ එකක් සේ දනේවි.

ඇත්තෙන් ම මේක හරිම අපූරු නිපැයුමක්. මේ බයිසිකලයේ රෝදවල ස්පෝක් කම්බි නැහැ. ඒවා වෙනුවට තියෙන්නේ දුනු වළලූ විශේෂයක්. එය ඔහු විසින් හඳුන්වා ඇත්තේ ලූප්වීල් (Loopwheel) ක‍්‍රමය කියලයි.

මේ නව නිපැයුම වෙළඳ පොළට එවන්න නම් මහා පරිමාණයෙන් ඒවා නිපදවන්න ඕනෑ. ඒ නිසා ඔහු අන්තර්ජාලයේ පිහිට පැතුවා. ඔහුගේ මේ නව ලූප්වීල්ස් ව්‍යාපෘතියට අරමුදල් රැස් කරන්න කික්ස්ටාටර් (Kickstarter) ඔස්සේ ඉල්ලීමක් කළා.

 
ලූප්වීල්ස් බයිසිකලයේ රෝදවලට ස්පෝක්ස් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අවලම්බිතයක් සේ කි‍්‍රයා කරන වළලූ ආකාරයට නැමූ දුනු විශේෂයක්.
2

පළමු වතාවට ගස් වතුර ඉල්ලා කෑ ගසන හඬට විද්‍යාඥයන් සවන් දෙති!

ප‍්‍රංශ විද්‍යාඥයන් පිරිසක් විශ්වාස කරනවා, ඔවුන්ට ප‍්‍රථම වතාවට ගස් ජලය ඉල්ලා නඟන හඬ පටි ගත කරන්නට හැකි වූ බව.

මිනිසුන් අමාරුවෙන් හුස්ම ගන්නවා මෙන් ශබ්දයක් ගස්වලින් නිකුත් වෙන බව දැන් තේරුම් ගෙන තියෙනවා. සජීවී ගස් නියං කාලයේ දී දිවි රැක ගැනීමට වාතයේ ඇති තෙතමනය හැකි තරම් උරා ගැනීම සඳහා කරන උත්සාහයේ දී මිනිස් ඇසට නෑසෙන අධිධ්වනි ශබ්ද මාලාවක් නිකුත් කර බව දැන් සොයා ගෙන තියෙනවා.

මේ ශබ්ද මිනිස් කනට ඇසෙන ශබ්ද මෙන් සිය ගුණයක් වේගවත්. එහෙත් ප‍්‍රංශ විද්‍යාඥයන් පිරිසක් මෑත දී කළ පරීක්ෂණයකින් ඒ කි‍්‍රයාවලියේ වේගය ඒවාට සවන් දිය හැකි මට්ටමට අඩු කර ගෙන තියෙනවා. ප‍්‍රංශයේ ග්‍රෙනෝබල් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥ පිලිප් මාමොටන්ට් ප‍්‍රමුඛ පිරිසක් තමයි, මේ හපන්කම කර ඇත්තේ.

 
පර්යේෂකයන් මියගිය පයින්වුඞ් දැව පතුරුවල හයිඩ්‍රොජෙල් තැවරුවා මෙවැනි සජීවී ගහක තත්වය නැවත මවා පාන්න.
2

දැවැන්ත මුහුදු රකුසෙක් නවසීලන්ත වෙරළට එයි! ඒ මිනීමරු තල්මස් යෝධයෙක්ද?

අද්භූත පෙනුමක් ඇති ‘යෝධ මුහුදු රකුසෙක්’ පසුගියදා නවසීලන්තයේ මුහුදු වෙරළට ගසා ගෙන ආවා. එහි ප්ලෙන්ටි බොක්කේ වෙරළට ගසා ගෙන ආ ඒ සත්වයා කවරෙක්ද? තවමත් ඒ අබිරහස විසඳී නැහැ.

නවසීලන්තයේ එලිසැබත් ඈන් විසින් මේ සත්වයාගේ මළ සිරුර වීඩියෝ කර යූ ටියුබ් එකට එකතු තියෙනවා. ඒ අනුව අපට දැක ගත හැක්කේ මුව අයා දත් විලිස්සා ගත් උගේ විශාල හිසෙහි කොටසක් විතරයි. සිරුරේ ඉතිරි කොටස් අතුරුදන් වෙලා! හිස ඇතුළු සිරුරේ උඩ කොටස වෙරළේ වැලි අතරින් මතුවෙලා තියෙනවා.

 
මේ අත්භූත සත්වයා අඩි 30ක් විතර දිගයි. නවසීලන්තයේ ප්ලෙන්ටි බොක්ක ආශි‍්‍රත වෙරළේ තිබූ හමු වූ උගේ සිරුරෙහි හිස සහ වරල් පත් වැනි කොටසක් පමණයි දක්නට ඇත්තේ.
Related Posts Plugin for WordPress, Blogger...
Back to Top