ශල්‍ය වෛද්‍යවරුන් මෙතෙක් මැසීමට භාවිත කළ ක්‍රමවලට ආයුබෝවන් කියන්න කාලය ඇවිත්! මහන්නෙ නැතුව ‘වෑල්ඩින්’ කරන්න ක්‍රමයක් දැන් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා.
රත්තරන් අංශු යොදා ගෙන ලෙසර් මගින් කැපුම් පාස්සන්න මේ නව ක්‍රමයෙන් පුළුවන්. කැපුම පෑස්සීමට යොදා ගත් විට එය සිරුරේ චලනයත් සමග එකට චලනය වෙනවා.
ඇමරිකන් රසායනික සංගමයේ විද්‍යාඥයන් ඒ පෑස්සුම් ද්‍රව්‍ය ඌරන්ගේ අන්ත්‍ර සමග යොදා දැන් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා. ඔවුන් විශ්වාස කරන විධියට මෙය මෙතෙක් පැවති සාම්ප්‍රදායික මැසීමත් සීචන (suture) තාක්ෂණයත් වෙනුවට පාවිච්චි කළ හැකියි.
විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා දියර කාන්දු වළක්වන, ප්‍රත්‍යාස්ථ මුද්‍රා තැබීමක් බඳු මේ නව ක්‍රමයෙන් සැත්කම්වලට ගත වෙන කාලයත් අඩු වෙන බව.
සිරුරේ කැපීම් හා මැසීම්වල දී සාම්ප්‍රදායිකව සිදු කෙරෙන්නේ ජීවාණුහරණය කළ විශේෂ නූල් යොදා ගෙන මැහුම් යෙදීමෙන් හා සීචනයෙන්. මේ පැරණි තාක්ෂණ යොදා ගෙන කරන ශල්‍ය වෛද්‍ය මැසීම්වල දී ඇතැම් විට ශරීරාංග පටක බිඳී යාම නිසා අභ්‍යන්තර දියර ස්රාවය වීම් ඇති වෙන්න පුළුවන්. එහෙත් නව ක්‍රමයට පෑස්සීමේ දී ඒ කිසිවක් සිදු වන්නේ නෑ.