HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

තුන්හැවිරිදි දැරියක් කළ වසර 3800ක් පැරණි අපූරු සොයා ගැනීමක්!

වසර 3800ක් පැරණි පලඳනාවක් සොයා ගැනීමට ඊශ්‍රායලයේ තුන් හැවිරිදි දැරියක් සමත් වී තිබේ. ඇගේ නම ෂිව් නිට්සාන්ය. ඇය පවුලේ උදවිය සමග අඩි පාරක් දිගේ යමින් සිටිය දී ඇගේ ඇස ගැටුණු මේ පෞරාණික වටිනා වස්තුව වහාම අහුලා ගත් ඇය එවේලේ ම එය සිය අක්කාට පෙන්වා ඇත. 



“බොරළු පාරක ගල් පතුරු 7000ක් විතර විසිර ඇති තැනකින් මේ පුංචි කැබිලිත්ත සොයා ගත්ත එක හරිම පුදුමයි.” යයි ඔමාර් නිට්සාන් නම් වූ ඇගේ අක්කා ඒ ගැන සඳහන් කරමින් කියන්නීය. 

“මම ඒකේ වැලි පිහදාලා බැලුවම අමුතු රූප වගයක් මතු වුණා. අපි ඒක තාත්තටයි, අම්මටයි පෙන්නුවා. ඒක හුඟක් පරණ එකක් බව පෙනුන නිසා තාත්තා ඒක ඊශ්‍රායලයේ පෞරාණික වස්තු පිළිබඳ අධිකාරියට බාර දුන්නා.” ඇය වැඩිදුරටත් කීවාය. 

පසුව පුරාවිද්‍යාඥයෝ එය පරීක්ෂා කර බලා එය මධ්‍යකාලීන ලෝකඩ යුගයට අයත් එකක් බවට තහවුරු කළහ. මෙය ඒ යුගයේ විසූ කැනානයිට්වරුන් විසින් පලඳනා හැටියටත්, තමන්ගේ මුද්‍රා හැටියටත් මෙවැනි ලාංඡන භාවිතා කර තිබේ.

අදහසක් පළ කරන්න

0 Comments