HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

ඇමරිකන් විද්‍යාඥයෝ ලෝකයේ මෙතෙක් නුදුටු අමුතු පාටක් සොයා ගනිති!

මීට පෙර කිසිම මිනිසෙකු දැක නැති නව වර් ණයක් නැතිනම් නව පාටක් සොයාගෙන ගත් බව ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් පවසති. ඇත්තෙන්ම මෙය හරි අපූරු දෙයකි. පසුගිය දින කීපයේ මේ ගැන බොහෝ දෙනාගේ කතාබහට ද හේතුවක් විය. ඒත්, විද්‍යාඥයන් ඇත්තටම අලුත් වර් ණයක් සොයා ගත්තාද? 

විද්‍යාඥයන්, මෙම නව වර් ණය සොයාගෙන ඇති බව පවසන්නේ, ඇස්වලට ලේසර් කිරණ යොමු කිරීමෙන් කළ අත්හදා බැලීමකින් පසුවය. 

මේ නව වර් ණය කොළ සහ නිල් මුසු දීප්තිමත් පාටක් යැයි ඔවුහූ කියති.


ලේසර් කිරණ හරහා, දෘෂ්ටි විතානයේ ඇති විශේෂිත සෛල වර්  ගයක් උත්තේජනය කිරීමෙන් පසු, පර් යේෂණ යට සම්බන්ධ වූ විද්‍යාඥයන්ට මෙම නව  දකින්න ලැබුණු බවත්, විද්‍යාඥයන් එම වර්ණය “ඕලෝ” නමින් නම් කළ බවත් පැවැසෙයි. 

විද්‍යාඥයන්ට දකින්න ලැබුණු මෙම නව වර් ණය, ඔවුන් පවසන ආකාරයට නිල්-කොළ මුසු පැහැයකි. මෙම සටහන සමඟ ඇත්තේ, නව “ඕලෝ” වර් ණයට ඉතාමත් ආසන්නයෙන් සකස් කළ වර් ණයකි.. 

කෙසේ නමුත් මෙම නව වර් ණය ගැන හැමෝම පැහැදීමෙන් කතා කරන්නේ නැත. ඇතැම් විද්‍යාඥයන් මේ ගැන සැක කරමින් පවසන්නේ, “ඕලෝ” නව වර් ණයක් යැයි පැවැසිය නොහැකි බවත් එය සංවාදයට විවෘත මාතෘකාවක් බවත්ය. ඊට හේතුව, “ඕලෝ” වර් ණය දැක ඇත්තේ එම ප ර් යේෂණයට සම්බන්ධ විද්‍යාඥ කණ්ඩායම පමණක් වීම නිසාය. 
<

මේ නව වර් ණය ඔවුන් හඳුන්වා ඇත්තේ ‘ඕලෝ‘ කියාය.

මේ සම්බන්ධයෙන් විස්තර වාර් තාවක් පළ වූයේ ‘සයන්ස් ඇඩ්වාන්ස්’ විද්‍යා සඟරාවේය. නව වර් ණය සොයා ගැනීමේ ප ර් යේෂණයට දායක වූයේ ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර් ය රෙන් එන්ග් ඇතුළු පර් යේෂක කණ්ඩායමය. මහාචාර් ය රෙන් එන්ග් සහ කණ්ඩායම පර් යේෂණයේ කොටස්කරුවන් වීම ද විශේෂත්වයකි. 

මහාචාර් ය රෙන් එන්ග් සහ ඔහුගේ සගයන් විශ්වාස කරන්නේ මෙම පර් යේෂණයෙන් ඔවුන් ලබාගත් ප්‍රතිඵලවලින් වර් ණ අන්ධතාව පිළිබඳ පර් යේෂණ  කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි බවය. 


මේ නව වර් ණය දැකීමට හැකියාව ඇසට ලබා දී ඇත්තේ ලේසර් කිරණ දහරක් එල්ල කිරීම මගිනි.


ලේසර් කිරණ කණිනිකාවට එල්ල කිරීමේ එම පර් යේෂණයට පස් දෙනකු සම්බන්ධ වුණු අතර එයින් එක් අයකු වන්නේ මහාචාර්ය රෙන් එන්ග්ය. ඉතිරි සිවු දෙනා ද මහාචාර් ය රෙන් එන්ග්ගේ කණ්ඩායමේ සාමාජිකයන්ය. එම සිවු දෙනා අතරේ එක් කාන්තාවක ද සිටී. මහාචාර් ය රෙන් එන්ග් සහ මෙම සියලු දෙනා කිසිදු ආකාරයක අක්ෂි ආබාධවලින් පෙළෙන අය නොවන බව ද තහවුරු කර ඇත. 

බීබීසී පුවත් සේවය සමග අදහස් දක්වමින් මහාචාර් ය රෙන් එන්ග් පවසා ඇත්තේ “ඕලෝ” නමැති නව වර්ණය, සැබෑ ලෝකයේ ඔබට දැකිය හැකි ඕනෑම වර් ණයකට වඩා දීප්තිමත් එකක් බවය. 

පර්  ර්යේෂණයට සම්බන්ධ වූ මහාචාර්ය රෙන් එන්ග් සහ ඔහුගේ සගයන් ඔවුන්ගේ ඇස්වලට ලේසර් කිරණ එල්ල කර ගැනීම සිදු කළේ දර්පණ සහ දෘශ්‍ය උපාංගවලින් සමන්විත “ඕස්” නමැති විශේෂ උපකරණය ආධාරයෙනි. මෙම උපකරණය කැලිෆෝනියා බර්ක්ලි සහ වොෂින්ටන් විශ්වවිද්‍යාලවල විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබූවකි. නවතම පර්යේෂණය සඳහා ඊට අදාළව මහාචාර්ය රෙන් එන්ග් සහ කණ්ඩායම එහි නව වෙනස්කම් කීපයක් කළ බව පැවැසෙයි. 

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර් ය රොන් එන්ග් ඇතුළු පිරිසක් 
පර් යේෂණාගාරයක් තුළ කළ අත්හදා බැලීමක ප්‍රතිඵලයකි.

ඇසේ පිටුපස ඇති ආලෝකයට සංවේදී පටක ස්තරය, දෘෂ්ටි විතානයයි. එමගින් ආලෝකය විද්‍යුත් සංඥා බවට පරිවර් තනය කිරීමෙන් දෘෂ්‍ය තොරතුරු ලබා ගැනීම හා විශ්ලේෂණය සිදුවෙයි. ඉන් අනතුරුව, ඒවා දෘෂ්ටි ස්නායුව හරහා මොළයට සම්ප්‍රේෂණය කෙරෙන අතර එමඟින් අපට පෙනීම ලැබෙයි. 

වර් ණ වටහා ගැනීම සිදු කෙරෙන්නේ දෘෂ්ටි විතානයේ අඩංගු කේතු සෛල වලිනි. ඇසේ කේතු සෛල වර් ග තුනක් ඇති අතර, ඒ සෑම එකක්ම පිළිවෙළින්, ‘එස්’, ‘එල්’, ‘එම්’; නිල්, රතු සහ කොළ යන විවිධ තරංග ආයාමයන්ට සංවේදී වෙයි. මේ පර් යේෂණ පත්‍රිකාව පෙන්වා දෙන්නේ, සාමාන්‍ය පෙනීමේදී, ‘එම්’ කේතු සෛලයක් උත්තේජනය කරන ඕනෑම ආලෝකයකින්, එහි අසල්වැසි ‘එල්’ හෝ ‘එස්’ කේතු සෛල ද උත්තේජනය වන බවයි. ඒ ඒවා එක මත එක ක්‍රියා කරන බැවිනි. 

මේ ප ර් යේෂණයේ දී ලේසර් කිරණ උත්තේජනය කළේ ‘එම්’ කේතු සෛල පමණි. එවිට ස්වාභාවික පෙනීමේදී කිසි විටෙකත් හමු නොවන වර් ණ සංඥාවක් මොළයට යැවීම සිදුවිය. ඒ අනුව, නව වර් ණයක් දකින්න ලැබුණි. ලේසර් කිරණ වැනි විශේෂිත උත්තේජනයක උදවුවක් නැතිව සාමාන්‍ය පුද්ගලයකුට පියවි ඇසින් නව “ඕලෝ” වර් ණය දැකිය නොහැකිය. 

මෙම පර් යේෂණය දෙස සැකයෙන් බලන ඇතැම් විශේෂඥයන් පවසන්නේ‍, මෙම නව වර් ණය සම්බන්ධයෙන් නිවැරදි යමක් ප්‍රකාශ කළ නොහැකි බවය. අදාළ පර් යේෂණයට සම්බන්ධ නොවූ එංගලන්තයේ සාන්ත ජෝර් ජ් නගරයේ පිහිටි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දෘෂ්ටි විද්‍යාඥ මහාචාර් ය ජෝන් බාබර් පැහැදිලි කරන්නේ තෝරාගත් කේතු සෛල පමණක් උත්තේජනය කිරීමට හැකිවීම මෙම පර් යේෂණය තාක්ෂණික වශයෙන් ලත් ජයග්‍රහණයක් වන නමුත්, නව වර් ණය සොයා ගැනීම සම්බන්ධ කරුණ ගැන යමක් පැවසීමට නම් ඊට අදාළ තවත් තොරතුරු සහ දත්ත අවශ්‍ය බවය. 

මහාචාර් ය වරයා පැහැදිලි කර ඇත්තේ, නිදසුනක් ලෙස රතු කේතු සෛල ‘එල්’ විශාල වශයෙන් උත්තේජනය කළහොත්, මිනිසුන්ට "තද රතු පැහැයක්" පෙනිය හැකි නමුත්, එහිදී රතු කේතු සංවේදීතාවේ වෙනස්කම් අනුව වටහා ගත් දීප්තිය වෙනස් විය හැකි වන අතර, එවිට ඔවුන්ට තවත් වෙනස් විදියේ නව වර් ණ යක් පෙනීමට ඉඩ ඇති බවත්ය. 


ලුසිත ජයමාන්න 

බීබීසී ඇසුරිනි 


අදහසක් පළ කරන්න

0 Comments