Skip to main content

Posts

Showing posts from August, 2012

තත්පර 60ක් ඇතුළත ඇඟිල්ලෙන් ගසා කෝප්ප 102ක් බිඳියි!

මේ ඉන්නෙ චීනයේ ඩෙන් ෆෙන් ප‍්‍රදේශයේ වෙසෙන කරාතේ ශූරයෙක්. ඔහුගේ නම වෑන් වෙයිපෙන්. ඔහු ඉතාලියේ මිලාන් නුවර රූපවාහිනි ආයතනයක ලෝක වාර්තා ටෙලිවිෂන් වැඩසටහනක් සඳහා තමයි, මේ හපන්කම කළේ.

එල්ලය නොවරදින ස්නයිපර් ගිනි අවිය!

මෙම ලිපිය මල් කැකුළු වැඩිහිටි පාථකයන්ගේ ඉල්ලීම් මත සකසන ලදී. යුද අවි ගැන කතා කරන ලිපියකි.
රයිපල් තුවක්කු ගැන කතා කරන විට වැඩි ම දුරක් හා නිවැරදි ඉලක්කයක් හසු කර ගත හැකි ගිනි අවිය ලෙස නිතර ම දක්වන්නේ ස්නයිපර් රයිපලයයි. නියම ස්නයිපර් රයිපලය තනා ඇත්තේ නිවැරදි එල්ලය ගැනීමට හැකි වන ආකාරයට දුරදක්නයක් ද සහිතවය. (මේ ‘ස්නයිපර්’ යන වදන බිඳී ආවේ ඒ නමින් හැඳින්වෙන කුරුල්ලා නිසාය. ස්නයිපර් හැඳින්වෙන්නේ පහසුවෙන් දඩයම් කළ නොහැකි, ඉලක්කයකට ලක් කර ගත නොහැකි, කුරුල්ලකු ලෙසයි.) මේ වදන 18 වන සියවස අග හරියේ හමුදාවේ භාවිත වූවක් වුවද නියම ස්නයිපර් රයිපලය ඊට හුඟක් මෑත දී නිර්මාණය වූවකි.

ලෝකයේ ඉහළ ම ලෝම කුමරිය ඇයයි. තායිලන්තයේ සුපාත‍්‍රා සසුපාන්!

තායිලන්තයේ ඇඟ ලෝමවලින් පිරුණු ගැහැනු ළමයෙක් ඉන්නවා. බැංකොක් නගරයේ ෆානකෝන් හී පදිංචි ඇගේ නම සුපත‍්‍රා සසුපාන් (Supatra Sasuphan) ලෝකයේ ලෝම කුමරිය ලෙස ඇය කිරුළු පැලැන්දා පමණක් අද ඇය මේ නිසාම ලෝක ප‍්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා.

මවු ගැබ තුළ වැඩෙන පුංචි බබාලාගේ හැඩරුව කොහොමද? මෙතෙක් නුදුටු විස්මිත දසුන් පෙළක්!

මේ රූප කැමරාවට නඟා තියෙන්නේ සාමාන්‍ය ක‍්‍රමයට නෙවෙයි, නවීන චතුර්මාන (4D) තාක්ෂණය යොදා ගෙනයි.

වැඞීමෙන් පසු වෙනස් වෙනස් සතුන් බවට පත් වුනත් මේ බබාලා බොහෝ විට එක වගෙයි. සත්වලෝකය තුළ ජීවිතයේ ආරම්භය කොයි තරම් විශ්මයජනක ලෙස සමානද?

විප්ලවකාරී චතුර්මාන (4D) පරිලෝකන තාක්ෂණය යොදා ගෙන ගත් මේ ඡායාරූපවලින් ඔබට ඒ සතුන්ගේ ගර්භාෂ තුළට එබී බලන්න දැන් පුළුවන්. විද්‍යාඥයන් විසින් මෙම තාක්ෂණය භාවිත කරමින් ගන්නා ලද ප‍්‍රථම ඡායාරූප පෙළ මෙයයි.

එකිනෙකට වෙනස් සතුන් කීප දෙනකු ම මේ සමග ඉන්නවා. අලියා, බල්ලා, ඩොල්පින් හා පෙන්ගුවින් බබාලා මෙලොව එළිය දකින්නට පෙර ඔවුන්ගේ අම්මලාගේ කුස තුළ වර්ධනය වූ හැටි ඔබට මේ රූපවලින් දැක ගන්න පුළුවන්.

ආසියානු අලියාගේ භ‍්‍රෑණයා 12 මසක් මවු කුස තුළ වැඩුණු පසු පෙනෙන්නේ මෙහෙමයි. තවත් මාස දහයකින් මේ පැටියා උගේ බර අඩි තියමින් මිහිමත ඇවිදින්නට පටන් ගනීවි. කෙණරකගේ ගැබ් කාලය මාස 22කි.

වෙන අය වගේ නොවෙයි මගේ බිරිඳ - ජීවිතයේ හැටි, වසර 60ක් පැරණි සඟරාවකින්

ජීවිතය දෙස, අපේ ගතිගුණ, හැසිරීම් ආදිය ගැන උපහාසයෙන් බලන්න පුරුදු වුණාම ජීවිතය ගෙන යාම සැහැල්ලූ කර ගත හැකියි. මේ සමග පළ වෙන්නේ සැමියන් බිරිඳන් දකින හැටියි! කවදත් උපහාසයට කැමති ඇස්. පී. පෙරේරා මහතා මින් වසර 60කට පෙර ඔහු විසින් සංස්කරණය කළ ‘පාඨකයා’ සඟරාවේ පළ කළ මේ ලිපිය අදටත් කාලෝචිත එකකැයි අපට සිතේ. මෙය එකල ‘රීඩර්ස් ඩයිජෙස්ට්’ සඟරාවේ ඉංගිරිසියෙන් පළ වූ ලිපියක අනුවාදයකි. බලන්න එදයි අදයි අතර වෙනසක් තිබෙනවාද කියා.

සඳ මත මුලින්ම පා තබමින් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මහ දිගු පිම්මක් පිනූ වීරයා - නීල් ආම්ස්ට්‍රෝංගේ නික්ම යෑම

”මෙය මිනිසා තැබූ එක් පුංචි පියවරක්. සමස්ත මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කළ දැවැන්ත පිම්මක්” මෙම සුප‍්‍රසිද්ධ කියමන අපට මුල්වරට අසන්න ලැබුණේ මීට වසර 43කට පෙර සඳ මත පා තැබූ ප‍්‍රථම මිනිසා වෙමින් ඉතිහාසයට එක් වූ නීල් ආම්ස්ට්‍රෝංගෙනි. ඔහු එදා, 1969 ජූලි 20 වැනිදා, මෙම ප‍්‍රකාශය කළේ සඳ මත පළමු මිනිස් පා සටහන තබමිනි. ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමට නායකත්වය දුන්නේ නීල් ආම්ස්ට්‍රෝංය. සඳ මත පය තබා වසර 43 කට පසු ඔහු පෙරේදා (25) ජීවිතයෙන් සමුගත්තේය. ඒ රෝගීව, රෝහල් ගත කර බයිපාස් හදවත් සැත්කමකට භාජන කිරීමෙන් ද පසුවය. මියයන විට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

මිනිස් සංහතිය වෙනුවෙන් හඳට ගිය පළමු වැන්නා නීල් ආම්ස්ට්‍රෝං ඒ ඓතිහාසික පියවර තැබීමට පෙර. ඉන් වසර 42කට පසු ඔහු 82 හැවිරිදි වියේ දී හෘදයාබාධයකින් මිය ගියා.

බෝල්පොයින්ට් පැනෙන් ඇඳපු චිත‍්‍ර! අදහන්නත් බැරි දෙයක්!

ඔබ හිතන්නෙ මේ විස්මිත රූප කැමරාවෙන් ගත් සේයාරූ කියල නම් ලොකු වැරදීමක්. මේවා කුරුටු චිත‍්‍රයි!
‘මල් කැකුළු’ කවදත් කැමතියි, මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න. ලොව කොහේ සිදු වුනත් අලූත් විදියේ දෙයක්, නව ආරක නිර්මාණයක් ඒවා ඔබට ඉදිරිපත් කරන්නෙ එවැනි අලූත් දෑ කරන්න ඔබවත් පොළඹවන්නයි. මේකත් ඒ විදියෙ එකක්.

මේක අදහන්නත් බැරි දෙයක්! මෙහි ඇති පින්තූර හැම එකක් ම ඇඳ තියෙන්නේ සාමාන්‍ය බෝල්පොන්ට්වලින්.

මේවා ඇඳපු සිත්තරා පෘතුගාලයේ සේවය කරන නීතිඥවරයෙක්. ඔහු නමින් සැමුවෙල් සිල්වා. ඔහු මේක විනෝදෙට කරන දෙයක්. ඒත් මේක සාමාන්‍ය විනෝදාංශයක් නෙවෙයි. මේ එකක් අඳින්න සමහර වෙලාවට ඔහු පැය 50ක් විතර ගත කරනවා

සිල්වා සිත්තරා ඇඳපු චිත‍්‍ර අතර වනදිවියේ රූප විශේෂයි. එයින් සුප‍්‍රකට ලන්දේසි ජාතික සිත්තරකු වූ යොහැන්නස් වර්මීර්ගේ සම්භාව්‍ය චිත‍්‍රයක් වූ ‘මුතු අරුංගල් පැලඳි යුවතිය’ විශේෂයි. ඒ සම්භාව්‍ය සිත්තරාගේ තෙල් සායම් චිත‍්‍රය දිහා බලා ගෙන සිල්වා තම බෝල්පොයින්ට් පෑන්වලින් ඇඳි චිත‍්‍රය මුල් කෘතියෙන් වෙන් කොට හඳුනා ගන්න බෑ. වර්ණ ඡායාරූප දිහා බලා ගෙන සිල්වා ඇඳි චිත‍්‍රත් එහෙමයි.

මේක හරියට වර්ණ ඡායාරූපයක් වගෙයි. ඒත් 29 හැවිරිදි…

අපේ අහසේ ගිගුම් දුන් ‘සිංහ පැටවු’ - කෆීර්

අපේ ගුවනේ වේගයෙන් සැරිසරන කෆීර් යානා නොදුටු කෙනෙකු අප අතර නැති තරම්ය. ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි මේ ජෙට් ප‍්‍රහාරක යානාවකට මිනිත්තු කීපයක් ඇතුළත ශී‍්‍ර ලංකාව තුළ ඇති ත‍්‍රස්තවාදී ඉලක්කයකට ප‍්‍රහාරයක් එල්ල කොට ඇසිල්ලකින් ආපසු පැමිණිය හැකි විය. විවිධ වර්ගයේ හා ප‍්‍රමාණයේ බෝම්බ දමන්නටත්, මිසයිල ප‍්‍රහාර එල්ල කරන්නත්, මි.මී. 30 කාල තුවක්කුවකින් වෙඩි මුර 140ක් තියන්නත් පුළුවන. ඒ සඳහා යන්නේ එකම එක නියමුවෙකි.

හොල්මන් පින්තූර කතන්දර පෙළක්! මේවා දැකල බය වෙන්න එපා!

රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්!


අවුරුදු ගානක් තිස්සෙ විවිධ අවස්ථාවලදි ගත්තු පින්තූර තමයි, මේ තියෙන්නේ. මෙහි ඉන්නවා, ඝාතනය කළ වහල් සේවකයන්, රෝහල්වල වධබන්ධනවලට ලක්ව මියගිය රෝගීන්, අතීතයට එක් වූ මුහුදු නැවියන් ආදී නොයෙක් අය. මොවුන්ගේ හොල්මන් කතා අහපු බොහොම දෙනෙක් බියට පත් වුණා. තාමත් අහන අයගේ ඇඟ හිරි වැටෙනවා.

ලෝකයේ කැතම කැත ලියවිල්ල ලියා ජය ගත්තෝ! ලොව අසාමාන්‍ය සම්මාන උළෙලක්!

හුඟක් ලේඛකයෝ තම නිර්මාණය රසවත් ම එකක් කරන්නට බොහෝ වේලාවක් ගත කරති. ඒ සඳහා පැය ගණනක් හුදෙකලාව කල්පනා කරති. ඒ හොඳම වචන පෙළගැස්ම තම නිර්මාණයට එක් කර ගන්නටය. එසේ බොහෝ වෙහෙස මහන්සි වී කපා කොටා නැවත නැවතත් ලියා ඉදිරිපත් කරන කෘතියට ඉහළම සම්මානයක් දිනා ගන්න, එහෙමත් නැත්නම් ලොකු අලෙවියක් ඇති පොතක් බවට පත් කර ගන්න වාසනාව පෑදෙන්නෙ, ඒ අතරින් ඉතාමත් ස්වල්ප දෙනකුට පමණයි.

ඒත් ලෝකයේ සාහිත්‍ය තරග අතර මෙයට වඩා හාත්පසින් ම වෙනස් තරගයක් ද තිබේ. එහෙත් ඒ තරගයට බාර ගන්නේ දක්ෂම, ප‍්‍රශස්තම රචනය නොවේ, අවලස්සනම රචනයයි. කැතම කැත ලියැවිල්ලයි. වඩාත් ජුගුප්සාජනක ලෙසින් කළ පද ගැළපුමයි. එහි දී සම්මානය පිරිනැමෙන්නේ ජගත් ජුගුප්සාජනක නිර්මාණයටයි. එ සම්මානය හැඳින්වෙන්නේ බුල්වර්-ලයිටන් ප‍්‍රබන්ධ තරගය The Bulwer-Lytton Fiction Contest කියලයි.

ජගත් ජුගුප්සාජනක නිර්මාණයට සම්මාන දෙන ඇමෙරිකාවේ සැන් ජෝස්හී සැන් ජෝස් විශ්ව විද්‍යාලය. 1982 සිට පිරිනැමෙන මෙම සම්මානය සඳහා වාර්ෂික තරග වදින්නට ලොව සතර දිග්භාගයෙන් ම තරගකරුවෝ දහස් ගණනක් මෙහි එති.

අහසේ බලවතා රුසියානු මිග් යානා

අහසේ බලවතා ලෙස සැලකෙන රුසියානු මිග් යානා ලොව පුරා වැඩියෙන් ම කතාබහට ලක් වී ඇති යුද කටයුතුවලට යොදා ගන්නා ප‍්‍රහාරක ජෙට් ගුවන් විශේෂය වේ. රුසියාවේ නිෂ්පාදනය කෙරෙන මෙම ජෙට් ප‍්‍රහාරක යානය ගැන අපේ රටේ උනන්දුව වැඩි වූයේ අපේ ගුවන් හමුදාවට එක් වූ වැඩි දියුණු කළ මිග් 29 ප‍්‍රහාරක යානය නිසාය. ලෝකයේ අවධානය මෙම මිග් යානයට යොමු වූයේ 2007 දී බැංගලෝරයේ පැවැත් වූ ඉන්දියානු ගගනයානා දැක්ම නිසාය. රුසියාව මේ ප‍්‍රදර්ශනය සඳහා තමන් නිපදවූ මිග් 35 ප‍්‍රහාරක යානය ඉදිරිපත් කළාය. මේ සඳහා මෙම නවතම මිග් යානය ගෙන ආවේ මොස්කොව්වල සිට බැංගලෝරයට ගෙන ආවේ පැය තුනකටත් අඩු කාලයක් තුළ දීය. ශබ්දයේ වේගය ඉක්මවූ සුපර්සොනික් වේගයෙන් ඉහළ අහසේ පියාසර කර පැමිණි මේ ගමන අතරතුරදී එක්වරක් පමණක් අහසේ දී ම ඉන්ධන පුරවා ගැනීමට ද එයට සිදු විය. ඊට පෙර 2005 දී එක්සත් රාජධානියේ දී හා රුසියාවේ දී පැවති ගුවන් යානා ප‍්‍රදර්ශනවල දී ඉදිරිපත් කරන ලද්දේ මෙහි මූලාකෘතියක් පමණය.

ලෝකයේ අවලස්සනම සතුන් කවරේද? මිහිමත වෙසෙන සතුන් අතරින් කැත මුහුණු ඇති සතුන්!

ලෝකයේ අවලස්සනම සතුන් කවරේද? මේ මිහිමත වෙසෙන සතුන් අතරින් කැත මුහුණු ඇති සතුන් ගැන ටීවී වැඩ සටහනක් හදල තියෙනවා.

මේ විදියට ‘අවලස්සන මුහුණු ඇති සතුන්’ කියා ඒ අයට කියන එකට අකමැති අයට ‘මවට පමණක් ආදරය කළ හැකි මුහුණු ඇති සතුන්’ කියලා දමා ගන්න පුළුවන්.

නැෂනල් ජ්‍යොග‍්‍රෆික් වයිල්ඞ්වල අලූත් ම ටීවී වැඩසටහනක තමයි, මේ අමුතු මුහුණු ඇති සතුන් දැක ගන්න ලැබෙන්නේ. මේ වැඩ සටහන රූ ගැන්වීමට ගවේෂක හා සත්ව විද්‍යාඥවරියක වන ලූසී කුක් ලෝකය පුරා ම ගියා.

කෙන්යාවට ආවේණික වූ මේ සත්වයා ‘නේකඞ් මෝල් රැට්’ (නිරුවත් වැලි මීයා) එක් අමුතු සතෙක් මේ වැඩසටහනට අයත්.

අනාගතයේ අඟහරු වෙත යන රෝවර් යානාවලට ‘බලූ පුරුද්දක්’ එක් වේවි!

බල්ලන්ගෙන් ඉගෙන ගත් පුරුද්දක් ඉදිරි අඟහරු යානාවලට යොදා ගන්නට විද්‍යාඥයන් අදහස් කර ගෙන සිටිනවා. බල්ලන් ඇෙඟ් තැවරෙන දූවිලි හෝ වතුර ගසා දමන හැටි ඔබ දැක තියෙනවාද?

ඔබේ සුරතල් බල්ලා නාවා අවසන් වූ පසු ඔබ පිසදමන්න පෙර ඇඟ ගසා දමන සැටි ඔබ අත් දුටුවාට සැකයක් නැහැ. ඒ ක‍්‍රමවේදය අනාගත අඟහරු යානාවලට යොදා ගන්නයි දැන් හදන්නේ. ලෝමවලින් පිරුණු තෙත බරිත සතුන් ඇඟ ගසා දමන ආකාරය පිළිබඳව කළ අධ්‍යයනයකින් තමයි, මේ ගැන අවධානය යොමු වෙලා තියෙන්නෙ.

බල්ලන් මෙසේ ඇඟ ගසා දමන ආකාරය හා වාර ගණන ගැන අධ්‍යයනයක් කරලා තියෙනවා.

ගොඩනැගිලි ඉදිකිරීමේ පෙරළියක්! ති‍්‍රමාන පි‍්‍රන්ටරයකින් පැය 24කින් නිවසක්!

ගොඩනැගිලි ඉදිකිරීම නව මඟකට යොමු කරන්නට ති‍්‍රමාන පි‍්‍රන්ටරය සමත් වෙයි. පෙදරේරුවන්, ගොඩනැගිලි ඉදිකරන්නන් අනාගතයට අවශ්‍ය වෙන එකක් නැති වේවිද?

ඇමරිකාවේ උතුරු කැලිෆෝනියානු විශ්ව විද්‍යාල ඉන්ජිනේරුවන් කියන විදියට ඔවුන්ට වර්ග 2500ක නිවසක් මේ ති‍්‍රමාන පි‍්‍රන්ටරය මගින් දවසක් ඇතුළත තනා නිම කළ හැකියි.

කලින් අප ඔබට ති‍්‍රමාන පි‍්‍රන්ටරයකින් පිළිමයක් අඹන හැටි, අත් පණ නැති දරුවකුට උපාංග තනන හැටි පෙන්නුවා ඔබට මතක ඇති. ඒ වගේ තවත් ආශ්චර්යමත් දෙයක් තමයි, මේ. ඒ තාක්ෂණයම යොදා ගෙන නිවාස තනන්නයි, දැන් විද්‍යාඥයන් හදන්නෙ.

ගෘහ නිර්මාණ තාක්ෂණයට අනුව මට්ටම් පිහිටුවීමේ ක‍්‍රමය යොදා ගෙන යෝධ දොඹකරයක් වැනි ගැන්ටි‍්‍රයක් භාවිත කරමින් ප්ලාස්ටික් යොදා ගෙන ති‍්‍රමාණ පි‍්‍රන්ටරයෙන් ගෙයක් නිර්මාණය කළ හැකියි.

මේ විශේෂ දොඹකරයක් වැනි ගැන්ටි‍්‍රයක් යොදා ගෙන බිම ඉදි කරන ස්ථානයේ එහා මෙහා යමින් නොසලයක් මගින් අවශ්‍ය ආකාරයට කොන්කී‍්‍රට් දැමීම කළ හැකියි.

අනාගතය පියාසර කරයි! හයිපර්සොනික් එක්ස්-51 වේව්රයිඩර් ජෙට් යානයේ මංගල ගමන අරඹා මොහොතකින් කඩා වැටෙයි! මිනිත්තු පහෙන් සියල්ල වතුරේ!

බෝම්බහාරක බී-52 යෝධ ගුවන් යානය අහසට නැංගා. ඒත් යුද්ධයකට අවතීර්ණ වෙන්න නොවෙයි. එක්ස්-51ඒ නම් නව ගුවන් යානයක් අත්හදා බලන්නයි.

සැලැස්මට අනුව මෙම යෝධ බී-52 යානයට පැවරුණේ මේ නව ගුවන් යානය ඉහළ අහසට ගෙන ගොස් පැසිපික් සාගරය උඩ දී මුදා හරින්නයි.

තරුවක් ගිලින තරුවක්! තාරකා විද්‍යාඥයන්ගේ අලූත්ම අධ්‍යයනයකින් හෙළිවෙයි!

විශ්වය විවිධත්වයෙන් ගහණ තැනක්. එහි බොහෝ තරු අපේ තරුව වූ හිරු වගේ නෙවෙයි. ඒ තරු නපුරුයි; දරුණුයි. මාරකයි.

දැන් අන්තර්ජාතික කණ්ඩායමක් චිලි රටේ පිහිටුවා ඇති යෝධ දුරේක්ෂය යොදා ගෙන තරු ගැන අධ්‍යයනයක් කරල තියෙනවා. ඔවුන්ගේ අධ්‍යයනයට ඉලක්ක වී ඇත්තේ ‘ඕ’ වර්ගයේ තරුයි. ඒවා උෂ්ණත්වයෙන්, ස්කන්ධයෙන් හා දීප්තියෙන් වැඩියි.

මේ ‘ ඕ’ වර්ගයේ (O-type stars) තරුවලට ඇත්තේ අඩු ආයු කාලයක්. ඒ වගේ ම ඒවා ප‍්‍රචණ්ඩකාරීයි. මන්දාකිණි හෙවත් ගැලැක්සි පරිණාමය වීමේ දී මේ තරු විශේෂ කාර්යය භාරයක් ඉටු කරනවා. ඒ වගේම ඒවා අතිශයින් බිහිසුණු සංසිද්ධියකටත් සම්බන්ධයි. ඒවා ‘වැම්පයර් තරු’ විය හැකියි. මේ වැම්පයර් තරු, තමන් ආසන්නයේ ඇති අනෙක් ලොකු තරුවලින් ශක්තිය උරා ගන්නවා. තව විදියකින් කීවොත් ඒවා ගිල ගන්නවා.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය හියුගස් සානා (Hugues Sana) කියන්නේ ”මේ තරු ඇත්තෙන් ම යක්ෂයින් වගේ” කියායි. ඔහු තමයි, නායකත්වය දීලා තියෙන්නෙ, මේ ගැන කළ අලූත්ම අධ්‍යයනයකට.

වැම්පයර් තරුවක් වෙනත් විශාල තරුවකින් සාරය උරා ගන්නා හැටි සිත්තරකුගේ ඇසින්.

අනාගතය පියාසර කරයි! හයිපර්සොනික් එක්ස්-51 වේව්රයිඩර් ජෙට් යානයේ මංගල ගමන!

අගෝස්තු 14 වැනිදා උදේ 11ට ඇමරිකාවේ තවත් අලූත් දෙයක් සිදු වුණා. බෝම්බහාරක බී-52 යෝධ ගුවන් යානය අහසට නැංගා. ඒත් යුද්ධයකට අවතීර්ණ වෙන්න නොවෙයි. එක්ස්-51ඒ නම් නව ගුවන් යානයක් අත්හදා බලන්නයි.

සැලැස්මට අනුව මෙම යෝධ බී-52 යානයට පැවරුණේ මේ නව ගුවන් යානය ඉහළ අහසට ගෙන ගොස් පැසිපික් සාගරය උඩ දී මුදා හරින්නයි. එවිට නව ගුවන් යානය තත්පර කීපයක් ඇතුළත පැයට සැතැපුම් 4,500ක් වේගයක් ලබා ගනිමින් ඉහළ අහසේ පියාසර කරන්න පටන් ගන්නවා. ඒ ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක්.
ලන්ඩනයේ සිට නිව්යෝක් යන්න පැයකටත් අඩු කාලයක් යන්නෙ. මේ තමා එක්ස්-51ඒ වේව් රයිඩර් යානයට මැක් 6 ළං වූ වේගයකින් (ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකටත් වැඩි වේගයකින්) යතෑකි.

ලෝකයේ උසම මිනිසා කවරෙක් ද?

ලෝකයේ උසම මිනිසා කවරෙක් ද? ඔහු තුර්කියේ අන්කාරා නගරයේ වෙසෙන සුල්තාන් කෝසාන් ය. 2011 පෙබරවාරියේ දී ඔහු ඒ ලෝක වාර්තාවට හිමිකම් කියන විට ඔහුගේ උස අඩි 8 යි අඟල් 3 ක්. ඒ කියන්නේ මීටර් 2.43ක්.

අබිරහස් සොයා බයිකල් විලේ පතුළට!

ලෝකයේ විශාලතම හා ගැඹුරුතම මිරිදිය විල තමා බයිකල් විල. බයිකල් විල පිහිටා තිබෙන්නේ රුසියාවේ. මීට වසර 4කට පෙර, 2008 ජූලි 29 වැනිදා බයිකල් විලේ අබිරහස් සොයා කුඩා රුසියානු සබ්මැරීනයක් බයිකල් විලේ ගැඹුරුතම පතුළ බලා ගමන් කිරීමට සමත් විණි. මිරිදිය විලක ගැඹුරුම පතුළට ගවේෂණ චාරිකාවක් ලෙස මෙය වාර්තා පොත්වලටද එක්විණි.

ලෝකයේ කුඩාම කුඩා මෝටර් රථය!

අලූත් ම කුඩා මොටෝ රියක් ගැන අප පසුගිය දිනෙක කීවා ඔබට මතක ඇති. එහෙත් ඊටත් කුඩා මෝටර් රථයක් ලෝක වාර්තා අතර තියෙනවා. මහ මග පැද යා හැකි කුඩාම මෝටර් රථය හඳුන්වා ඇත්තේ වයින්ඞ් අප්’ (Wind Up) යනුවෙනි.

පරණ යෙහෙළියෝ : ඔබේ විනෝදයට මෙන්න පුංචි ගැටලුවක්! - පිළිතුර

මීට අවුරුදු හැටකට පෙර එස්. පී. පෙරේරා මහතා ‘පාඨකයා’ සඟරාව තුළින් ඉදිරිපත් කළ පැන පොඩි අදත් එක සේ රසවිඳිය හැකියි. අද ජීවතුන් අතර නැති ඒ මහතා සිහිකිරීම පිණිස, ඔබේ රස වින්දනය උදෙසා අපි ඒවා වරින් වර පළ කරමු. පහත පළ වෙන්නේ ඒවා අතරින් එකකි.

පොළොව යට විස්මිත සවාරියකට එක් වෙන්න. අපේ පොළොවේ මෙහෙම තැන් ඇතැයි සිතන්නත් බැරි තරම්!

ලෙන්, උමං ආදියෙන් පිරි මේ ලෝකය අති සුන්දර එකක්. ආලෝකය නැති නිසා ඒවායේ ලස්සන බලන්න, ඉතාමත් අසීරුයි.

පොළෝ ගර්භයේ පිහිටි පාෂාණ රටා ආලෝකමත් කළ විට අදහගන්න බැරි තරම් ලස්සනයි! හරියට පිට සක්වළ පරිසරයක් කියල පහසුවෙන් ම රැවටෙන්නත් පුළුවන්.

මේ විස්මිත ලෙන් උමං පද්ධතිය ඇත්තේ නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ (Austria) ඔබීර් ට්‍රොප්ස්ටින් (Obir Tropfsteinh) නම් ස්ථානයේයි.

නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ මේ නව උමං පද්ධතියේ පුංචි ලෙනක් තුළ වතුර කාන්දු වන ආකාරය මනින්න විද්‍යාත්මක උපකරණ සවි කරන අයුරු.

පරණ යෙහෙළියෝ : ඔබේ විනෝදයට මෙන්න පුංචි ගැටලුවක්!

මීට අවුරුදු හැටකට පෙර එස්. පී. පෙරේරා මහතා ‘පාඨකයා’ සඟරාව තුළින් ඉදිරිපත් කළ පැන පොඩි අදත් එක සේ රසවිඳිය හැකියි. අද ජීවතුන් අතර නැති ඒ මහතා සිහිකිරීම පිණිස, ඔබේ රස වින්දනය උදෙසා අපි ඒවා වරින් වර පළ කරමු. පහත පළ වෙන්නේ ඒවා අතරින් එකකි.

නාසා ආයතනයේ ‘කුතුහලය’ අඟහරුට ගොඩ බසියි. අඟහරු හා සම්බන්ධව මෙතෙක් තබා ඇති ලෝක වාර්තා මෙන්න!

ඇමරිකාව ‘කුතුහලය’ යන අරුත් ඇති කියුරියෝසිටි රෝවරය පසුගිය දා (අගෝස්තු 6 වැනිදා) අඟහරුගේ සමකයට ආසන්න ‘ගේල්’ ආවාටය මතට සාර්ථකව ගොඩ බස්සවමින් ලොකු හපන්කමක් කළේය. ටොන් එකකට ආසන්න බරක් ඇති මෙම යානය අඟහරු මතට ගිය ලොකුම රෝවරය විය. දැනටමත් එය වර්ණ ඡායාරූප පොළොවට එවන්න පටන් අරන්.

මේ ‘කුතුහලය’ නම් රෝවරය මෙතෙක් ග‍්‍රහ ලෝකයක සැරිසරණ විශාලතම යානයයි.

කියුරියෝසිටි රෝවරය දිගින් මිටර 3ක්. බර කිලෝ ග්රෑම් 900කට වැඩියි. එහි කිලෝ ග්රෑම් 80ක් බර විද්‍යා උපකරණ රැසක් තියෙනවා. එය පැයකට මීටර 90ක වේගයකින් අඟහරු මත යමින් පස් සාම්පල පරීක්ෂා කරමින් ඒ පිළිබඳ දත්ත පොළොවට එවනවා ඇති. අපේ කාලය අනුව වසර දෙකක් තිස්සේ, එනම් අඟහරු මත එක වසරක කාලයක් සකි‍්‍රයව හිඳිමින් අපට තොරතුරු හා ඡුයාරූප එවනවා ඇති.

අඟහරු මත කවදා හෝ ජීවීන් සිටියා නම් ඒ බවත් අපට දන්වනවා ඇති.

දැන් අඟහරු මත යමින් අපට තොරතුරු හා ඡායාරූප එවන ‘කුතුහලය’ රෝවරය ඒ රතු ග‍්‍රහයා ගැන අපේ ඇති කුතුහලය තවත් වැඩි කරාවි.

මිසර මමියක් වෛද්‍ය ස්කෑන් පරීක්ෂාවට ලක් වෙයි! මෙතෙක් නුදුටු අබිරහසක් හෙළිවෙයි!

මේ වෛද්‍ය පරීක්ෂණයට ලක් වූ රෝගියාගේ වයස අවුරුදු 3000ක්. මේ රෝගීන්ගේ වෛද්‍ය තොරතුරු මෙතෙක් අබිරහස්ව පැවතියා.

මේ මිසර මමිය මෙසේ සීටී ස්කැන් පරීක්ෂාවට ලක් කිරීම නිසා ඔහුගේ ශිෂ්ටාචාරයේ සැඟවුණු රහස් රැසක් හෙළි කර ගනීමට හැකියාව ලැබුණා.

බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ තිබූ මේ මමිය මැන්චෙස්ටර් රාජකීය රෝහලේ දී ස්කැන් පරීක්ෂාවකට ලක් අවස්ථාවේ දී.

තමන්ට ම හැඩරුව වෙනස් කර ගත හැකි අලූත් ම තාලේ මෝටර් රථයක්!

අලූත් ම තාලේ මෝටර් රථයක් බීඑම්ඩබ්ලිව් සමාගම විසින් නිපදවල තියෙනවා. ඒ මෝටර් රථයට හිමිකරුගේ රුචිය අනුව තම ‘ඇඳුම’ වෙනස් කර ගන්න පුළුවන්. මේ වගේ දේවල් මෙතෙක් කල් චිත‍්‍රපටවල හා පරිගණක කී‍්‍රඩාවලයි, විතරයි අපට දැක ගන්න පුළුවන් වුණේ. දැන් සැබෑ ජීවිතේදි ඒ වගේ කාරෙකක් දැක ගන්න විතරක් නෙවෙයි, එවැනි කාරයක හිමිකරුවකු වෙන්නත් ඔබට අවස්ථාව උදාවෙලා තියෙනවා.

ති‍්‍රමාන (3D) පි‍්‍රන්ටරයකින් සිඟිති එමාට ‘මැජික් අත් දෙකක්’! පරිගණකයේ ආශ්චර්යයක්!

ති‍්‍රමාන (3D) මුද්‍රණ යන්ත‍්‍රයකින් (පි‍්‍රන්ටරයකින්) කළ හැකි විස්මය ගැන කලින් ඔබට පෙන්නුවා මතක ඇති. මේ එවැන්නක් මගින් රොබෝ මෙවලමක් තනා අත් සෙලවිය නොහැකි දරුවකුට උපකාර වූ ආශ්චර්යමත් අවස්ථාවක්!

මේ සිඟිති දැරියගේ නම එමා. වයස යම්තම් අවුරුදු දෙකක් වුණා පමණයි. ජීවිතයේ පළමු වතාවට දැන් මේ සිඟිත්තියට ඇගේ අත් එහා මෙහා කළ හැකි වී තියෙනවා.

එමා උපදිනකොටම අත්වල මාංශ පේශී හැසිරවීමේ සංකූලතාවකින් පෙළුණා. එය සන්ධිචාලක විභ‍්‍රමේක්ෂ බහුවිධ සංකූලතාවක් (arthrogryposis multiplex congenita) ලෙසයි, හැඳින්වුයේ.

ඇයට ති‍්‍රමාන බාහිර සැකිලි මුද්‍රණ යන්ත‍්‍රයක් (3D exoskeleton printer) මගින් තනා ගත් ‘මැජික් අත්’ ආධාරක නිසා දැන් ඇයට චිත‍්‍ර අඳින්නත් යම් යම් දේ අල්ලා ඔසවා ගන්නත් හැකියාව ලැබී තියෙනවා.

එමාට ලැබී ඇති මැජික් අත්වලින් වැඩ කරන හැටි!

තරුණ ගෝරිල්ලන් දෙදෙනකුගේ හපන්කමක් දැක්වෙන විස්මිත පින්තූර පෙළක්!

ගෝරිල්ලන් අල්ලා ගෙන ගොස් විකුණන්නන් අටවපු උගුලකට අහුවුණු තරුණ ගෝරිල්ලකු අවාසනාවන්ත ලෙස මිය ගියා. ඊට පස්සෙ මොකද දන්නවද වුණේ? තරුණ ගෝරිල්ලන් දෙන්නෙක් හොඳින් කල්පනා කරලා ඒවාට වැඩක් දුන්නා. ගෝරිල්ලන්ගේ ඒ කාරිය දැන් ඡායාරූපවලින් ඔබටත් දැක ගන්න පුළුවන්.

ඩයන් ෆොසී ගෝරිල්ලා පදනමේ (Dian Fossey Gorilla Fund) කාර්ය මණ්ඩලයට දැක ගන්න ලැබුණා අමුතු දෙයක්. ඒ ඔවුන් අධීක්ෂණය කරමින් සිටි ගෝරිල්ලන් කණ්ඩායමක වූ තරුණ ගෝරිල්ලන් දෙදෙනකු ඔවුන් ජීවත් වූ වනයේ ඇට වූ උගුලක් විනාශ කරමින් සිටින බවයි.

රුවන්ඩා රාජ්‍යයේ වනාන්තරයක සිදු වූ ඒ අපූරු සිදුවීම. තරුණ ගෝරිල්ලන් දෙදෙනා එක්ව මලපුඩුව සොයා විනාශ කළ අයුරු.

පෘතුවියෙන් ගිය ‘කුතුහලය’ රතු ග‍්‍රහයාට බසින්න සූදානම්!

අගෝස්තු 6 වැනිදා (අද) අඟහරු හෙවත් රතු ග‍්‍රහයා මතට පතිත කරවන ‘කුතුහලය’ යන අරුත් ඇති කියුරියෝසිටි රෝවරය ඉදිරි දින කීපය තුළ ගමන් අරඹන්න නියමිතයි. මෙය පෘථිවියෙන් අඟහරු බලා ගියේ 2011 නොවැම්බර් 26 වැනිදායි.

ඇමරිකාවේ නාසා ආයතනය අඟහරු මත ධාවනයට යානයක් යැවූ පළමු වතාව මෙය නොවෙයි. 1997 සිට මේ දක්වා යානා තුනක් එහි යවා තියෙනවා. ‘ඔපර්චුනිටි’ නම් ඉන් එක් යානයක් අවුරුදු අටකට පසු තාමත් සාර්ථකව එහි ගමන් කරනවා.

රතු ග‍්‍රහයා සිසාරා යන නාසා ආයතනයේ රෝවර් යානය

විශ්වයේ අපි ඉන්නේ තනිවම ද? මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහයට පිළිතුරු!

විශ්වයේ අපි ඉන්නේ තනිවම ද? මේ වගේ තවත් විසඳා ගත නොහැකිව ඇති මහා ගැටලූ නවයක් තියෙනවා. ඒ ගැනයි අද අපි කතා කරන්නේ.

සියවස් ගානක් තිස්සේ මිනිසාගේ සිත කැලඹූ ලොකුම ප‍්‍රශ්නය ‘විශ්වයේ අපි ඉන්නේ තනිවම ද?’යන්නයි.
දැනට බි‍්‍රතාන්‍යයේ කර ඇති අලූත්ම සමීක්ෂණයකට අනුව අපට විසඳා ගත නොහැකිව ඇති ගැටලූ අතර තවමත් ඉහළින් ම ඇති ගැටලූව එයයි.

ඒ සමික්ෂණයේ දෙවැනි තැන් ගෙන ඇත්තේ පිළිකාව නිට්ටාවට සුව කළ හැකි ඔසුවක් හමුවන්නේ කවදාද? යන්නයි. ඊළඟට බොහෝ දෙනා නැගූ ප‍්‍රශ්න නම් ‘දෙවියන් සිටින බව කවදා හෝ ඔප්පු කළ හැකි වේද?’ යන්නයි.

ඊටී (ET): බොහෝ දෙනා නගන ලොකුම ප‍්‍රශ්නය ‘විශ්වයේ අප ඉන්නේ තනිවම ද?’ යන්නයි.

ශී‍්‍ර පාද වන්දනා ගමන : ඔබේ විනෝදයට මෙන්න පුංචි ගැටලුවක්! - ගැටලූවට පිළිතුර

අපට කුඩා කාලේ මේ වගේ දේ කියවන්නට සලස්වා අනාගතයේ මෙවැනි දේ ලියන්නට ආභාසය සැපයූ අය කීප දෙනෙක් ම ඉන්නවා. ඒ අය අද ජීවතුන් අතර නැතත් අපට ඔවුන් අමතක කරන්න බැහැ. එයින් එක් කෙනෙක් තමා පාඨකයා සඟරාවේ සංස්කාරක ව සිටි එස්. පී. පෙරේරා මහත්තයා. මෙන්න ඔහු පාඨකයා සඟරාවේ පළ කළ එක් ගැටලූවක්. ගැටලූවක් මතු කරල අවසානයේ දී හිනාවක් මතු කරන්නත් ඔහු කොච්චර දක්ෂද කියලා මේ පුංචි ගැටලූවෙන් ඔබට පෙනේවි.

ශී‍්‍ර පාද වන්දනා ගමන : ඔබේ විනෝදයට මෙන්න පුංචි ගැටලුවක්!

අපට කුඩා කාලේ මේ වගේ දේ කියවන්නට සලස්වා අනාගතයේ මෙවැනි දේ ලියන්නට ආභාසය සැපයූ අය කීප දෙනෙක් ම ඉන්නවා. ඒ අය අද ජීවතුන් අතර නැතත් අපට ඔවුන් අමතක කරන්න බැහැ. එයින් එක් කෙනෙක් තමා පාඨකයා සඟරාවේ සංස්කාරක ව සිටි එස්. පී. පෙරේරා මහත්තයා. මෙන්න ඔහු පාඨකයා සඟරාවේ පළ කළ එක් ගැටලූවක්. ගැටලූවක් මතු කරල අවසානයේ දී හිනාවක් මතු කරන්නත් ඔහු කොච්චර දක්ෂද කියලා මේ පුංචි ගැටලූවෙන් ඔබට පෙනේවි.

අපායේ දොරටුව බලන්න! අරුම පුදුම ගිනි වළක්!

අපායේ දොරටුව බලන්න යන්න එන්න! බැලූ බැල්මට පෙනෙන්නේ විද්‍යා ප‍්‍රබන්ධයක එන දර්ශනයක් වාගෙයි.

ඒත් මේ යෝධ ගිනි වළ ඇත්තේ කාරාකුම් කාන්තාරයේ මැදයි. මෙය සක්වළ ජීවීන් පෘථිවියට කළ පහරදීමකින් පසු සෑදුණු එකක් නොවෙයි.

මෙය මීට වසර 40කට පෙර භූවිද්‍යාඥයන් විසින් ඇති කළ එකක්. එදා සිට මේ දක්වා ගිනි ගෙන දැවෙනවා. නිවා දමන්න ඒ කිසිවකුටත් හැකි වී නැහැ.

එන්න, බලන්න යන්න රුසියාවේ තුර්ක්මෙනිස්ථානයේ ඩර්වේස්වලට. ‘අපායේ දොරටුව’ යනුවෙන් මෙහි ප‍්‍රදේශවාසීන් හඳුන්වන මේ අරුම පුදුම ගිනි වළ බලන්න යන්න.

‘අපායේ දොරටුව’ ලෙස හැඳින්වෙන තැන පිහිටි දැවෙමින් තිබෙන දැවැන්ත පොළෝ කුහරයේ දාරය අසල සිටින මිනිසුන් දෙදෙනාගෙන් ඔබට එහි ප‍්‍රමාණය සිතා ගත හැකියි.

තුන්ගස්කා මහා පිපිරුමේ අබිරහස!

මීට වසර 104 කට ඉස්සර රුසියාවේ බටහිර සයිබීරියාවේ ටයිගා වගුරු වනාන්තරයට ඉහළ අහසේ දැවැන්ත පිපිරීමක් සිදු වුණා. මෙම පිපිරීම අදත් විශාල අබිරහසක්. මේ පිපිරීමෙන් නිකුත් වූ දිප්තිමත් ආලෝකය ඈත අහසට විහිදුණා. එයින් ඇති වූ කම්පන තරංගය පරමාණු බෝම්බ දහසක් පිපිරුවාට සමානයි. ඒ පිපිරුම නිසා වර්ග කිලෝමීටර 2000 කට වැඩි ප‍්‍රදේශයක පිහිටි රූස්ස ගස් 80,00,000 කට වැඩි ප‍්‍රමාණයක් පොළොවට සමතලා වුණා. උතුරු සයිබීරියාවේ ඉවෙන්කි ගෝති‍්‍රක ජනයා මේ පිපිරීමේ දී තම නිවෙස් හා සතුන් අහසට ඇදී ගිය හැටි විස්තර කර තියෙනවා. එතැන සිට කි.මි. 1,500 ක් ඈතින් පිහිටි ඉර්කුට්ස්හී ඇති කම්පන මානවල එය දක්වා ඇත්තේ දැවැන්ත භූමිකම්පාවක් ලෙසයි. මෙයින් ගිනි බෝලයක් මෙන් ඉහළ අහසට නැගි ආලෝකයෙන් එදා රෑ ලන්ඩන් වැසියන් පුවත්පත් පවා කියවූ බව සඳහන්.

අනාගතයේ දී ඔබට ජනේලයෙන් විදුලියත් ලබා ගන්න පුළුවන්!

මෙච්චර කලක් සූර්යකෝෂ ගැන කීවේ ඒවායේ දිස්නය ඇහැට වදයක් හැටියටයි. ඒත් දැන් ඒකට විසඳුමක් ඇවිල්ලා! ඇහැට වදයක් නැති වීදුරුවක් වගේ විනිවිද පෙනෙන සූර්යකෝෂ පැනල තනන්නට විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා.

අනාගතයේ දී ඔබට ජනේලයෙන් පිටත බලන ගමන් ඒ ජනේලයෙන් ම විදුලියත් ලබා ගත්තෑකි. මේ පිළිබඳව සාර්ථක පර්යේෂණයක් කරන්න ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් යොමු වෙලා! ඒ අනුව ඔවුන් නව ආරක පොලිමර් සූර්යකෝෂ විශේෂයක් නිපදවල තියෙනවා.

මේ පොලිමර් සූර්යකෝෂවලින් විදුලි බලය නිපදවන්නේ ප‍්‍රධාන වශයෙන් අධෝරක්ත ආලෝකය උරා ගනිමින්. මේ පොලිමර් සූර්යකෝෂ නිපදවා ඇත්තේ මිනිස් ඇසට සියයට 70ක් විනිවිද පෙනිය හැකි අයුරිනි. ඒවා තැනෙන්නේ ප‍්‍රකාශ-සකි‍්‍රය (photo-active) ප්ලාස්ටික් වර්ගයකින් වන නිසා අධෝරක්ත ආලෝකය විදුලි දහරක් බවට පරිවර්තනය කිරීමේ හැකියාවක් එයට තියෙනවා.

ජනේලවලට යොදන, හිරු රැසින් විදුලිය නිපදවිය හැකි, ප්ලාස්ටික් වර්ගය විනිවිද පෙනෙනසුලූ ය.