
මිකෝයාන් (කලින් මිකෝයාන්-ගුරේවිච් සැලසුම් කාර්යාංශය) නමින් හැඳින්වෙන රුසියානු හමුදා ගුවන් යානා සැලසුම් කාර්යාංශය පිහිටුවා ඇත්තේ ප‍්‍රහාරක ගුවන්යානා තැනීම සඳහාය. මුලින් රුසියානු සැලසුම් කාර්යාංශය කියා හැඳින්වුණු මෙය ආරම්භ කරන ලද්දේ ආටෙම් මිකෝයන් හා මිකයිල් ගුරේවිච් යන දෙදෙනා විසිනි. ‘මිග්’ (MiG) යන නාමය ලැබුණේ ඒ නිසාය. 1970 දී මිකෝයන්ගේ මරණයෙන් පසු ගුරේවිච් නමත් ඉන් ඉවත් කෙරිණ. රුසියානු රජය මෙම ආයතනය, ගුවන්යානා තනන ඉලියුෂින්, ඉර්කුට්, සුඛෝයි, ටුපොලෙව් හා යකොලෙව් යන ආයතන සමග එක්කොට ‘එක්සත් ගුවන් යානා නිෂ්පාදන සංස්ථාව’ යනුවෙන් නව ආයතනයක් පිහිටුවා ඇත.
රුසියාව මිග් යානා තනන්න පටන් ගත්තේ 1940 දී මිග්-1 යානයෙනි. එය සුපර්සොනික් යානයක් නොවීය. ඔවුන් ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි සුපර්සොනික් යානයක් මුලින් ම තැනුවේ 1955 දී ය. එය මිග්-15 නම් විය. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට එක්කර ගත් යානය වූයේ මිග්-23 විය. එය 1970 දී නිෂ්පාදනය කරන ලද්දක් විය. මිග් යානාවලට අංක යොදා ඇත්තේ ඔත්තේ සංඛ්‍යාවලිනි.

අලූත් ම මිග් යානයට සවි කර ඇති තොරතුරු දර්ශක පද්ධතිය පස්වැනි පරම්පාරවට අයත් එකකි. රුසියන් අවි මෙන් ම විදේශ නිෂ්පාදන අවි ද එයට සවි කළ හැකිය. යානයේ බඳ ඇතුළු කොටස් ජීවිත කාලයක් පවතින ආකාරයට ශක්තිමත්ව තනා ඇත. යානය සැලසුම් කර ඇත්තේ එහි එන්ජින් හා අනෙකුත් උපකරණ වෙනුවට අලූතින් වැඩි දියුණු කළ ඕනෑම කොටසක් හෝ උපාංගයක් සවි කළ හැකි වන ආකාරයටය. මෙහි සමස්ත සැලසුම පිළියෙල කර ඇත්තේ බටහිර රටවල ඇති තරගකාරී ප‍්‍රහාර ජෙට් යානාවලට සරිලන පරිදි අවශ්‍ය විට ඕනෑම නවාංගයක් පහසුවෙන් එක් කළ හැකි වන පරිද්දෙනි.
සතුරු ආවේක්ෂණ පද්ධති අවුල් කරන්නට හැකි බහුකාර්ය ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ද මෙයට සවි කර ඇත. මේ නිසා රේඩාර්වලට හසු නොවී යන්නට ඊට හැකියාව ඇත. එසේ ම වැඩි අවි ප‍්‍රමාණයක් ගෙන යාමට ද මෙයට හැකියාව තිබේ.
මෙම යානය හැසිරවීම පුහුණුවන්නට ද නව සිමියුලේටරයක් ද තනා තිබේ. ඒ මගින් ගුවනට නොනැඟ නියමුවන්ට මෙය හැසිරවීමට පහසුවෙන් ම ඉගෙන ගත හැකි වෙයි.

මිග් 35
දැනට නිෂ්පාදනයේ පවතින මිග් 35ට ඇතුළත් ගුණාංග මේවාය. නිෂ්පාදනය අවසන් වන විට අවශ්‍යතාව අනුව මෙයට තවත් වැඩි දියුණු කළ උපකරණ සවි කිරීමට ඉඩ තිබේ.
පොදු ගුණාංග:
- නියමුවන් ගණන: එකක් හෝ දෙකක්
- දිග: මී. 19 ( අඩි 62 අඟල 4)
- තටු විහිදුම: මී. 15 (අඩි 49 අඟල් 3)
- උස: මී. 6 (අඩි 19 අඟල් 8)
- හිස් බර: කි.ග‍්‍රෑ. 15,000 (රා. 33,069)
- ගෙන යා හැකි උපරිම බර: කි.ග‍්‍රෑ. 22,700 (රා. 50,076)
- බලපිරියත: 2× ක්ලිමෝෆ් RD-33MK පසුව දැල්වෙන ටර්බෝ ෆෑන්
කාර්යසාධනය:
- උපරිම වේගය: මැක් 2.4 (පැ.කි.මී. 2,556ත් හෝ පැ.හැ. 1,587)
- වරකට යා හැකි දුර: කි.මී. 3700/සැ. 2,387(බාහිරව සවි කළ හැකි තෙල් ටැංකි සමග කි.මී. 4800/සැ.3000)
- සේවා උස: මී. 18,000 (අඩි 62,000)
- නැග්මේ වේගය: තත්/මී. 320 (වි. අඩි 63,360)
යුද අවි:
- මිමී. 1×30 GSh-30-1 කාලතුවක්කුවක් (වෙඩි මුර 150ක් තැබිය හැකි)
ගගන හැසුරුම් උපකරණ:
- ෆාසොට්රොන් සූක් AE රේඩාරය
- NII PP ප‍්‍රකාශ මාර්ගාවේක්ෂණ පද්ධතිය
3 Comments
මම ආසම ෆයිටර් ෆ්ලයිට් එක තමයි මිග් එක. නියමයි වටින ලිපියක්.
ReplyDeleteමම නොදන්න තොරතුරු ටිකක් මිග් ගැන දැනගත්තා බොහොම ස්තූතියි...
ReplyDeleteහැමදාම වගෙ වටිනා ලිපියක්
ReplyDelete