Skip to main content

Posts

Showing posts from 2012

ඔබ සැමට සුබ නව වසරක් වේවා...! පසුගිය වසරේ ජනප්‍රියම මල් කැකුළු ලිපි 10 මෙන්න...

ඔබ සැමට සුබ නව වසරක් වේවා..! 

මල් කැකුළු
වෙතින්...!

එන්න ග්ලැසියර ලෙනක් ඇතුළට යන්න! කිසිදාක දිය නොවන, සීතලෙන් ගල් ගැහෙන පොළොව යට හිම කුටියකට සවාරියක්!

කවදත් ඔබට අලූත් අමුතු අත්දැකීම් ලබා දෙන්නයි, මල් කැකුළු උත්සාහ කරන්නේ. මේ එවැනි තවත් අවස්ථාවක්.

මේ ඡායාරූප පෙළ උතුරු ඇමරිකාවේ රොකී කඳුකරයට අයත් හිම ගුහාවකට ඇතුළු වී ලත් අපූරු අත්දැකීමක් විඳින්නට ඔබටත් අවස්ථාව සලසන්නක්.

මේ හිම ලෙන හඳුන්වා ඇත්තේ ‘දෝංකාර නඟන හිම දොරොව්ව’ යන අරුත් ඇති ‘බුමිං අයිස් චැසම්’ (Booming Ice Chasm) යන නමිනුයි. ඒ නම එයට ලැබිලා තියෙන්නේ මීටර් 140ක් පමණ වන එහි ඉතාමත් ම ගැඹුරු හරියේ දී ඒ තුළට වැටෙන පාෂාණවලින් නැෙඟන අමුතු දෝංකාරය නිසයි.

රොකී කඳු වළල්ලේ පිහිටි අලූතින් සොයා ගන්න ලද ‘බූමින් අයිස් චැසම්’ නම් හිම ලෙන තුළට ගිය ඇඩම් වෝකර්.

ලෝක කි‍්‍රකට් පිටිය වර්ණවත් කළ දැවැන්තයා, ටෝනි ග්‍රෙග් ජීවිතයෙන් සමු ගනියි!

ටෝනි ග්‍රෙග්ගෙ ලොකු බැඳීමක් තිබුණා, ශී‍්‍ර ලංකාවත් එක්ක. ඔහු මෙහි කි‍්‍රකට් විස්තර විචාරවලට ආවාම මෙහෙදි කරපු කියපු දේ ගැන නිසා අපෙත් ලොකු බැඳීමක් තිබුණා, ටෝනි ග්‍රෙග් එක්ක. ඔහුගේ කි‍්‍රකට් විස්තර අහලා ටීවී එකෙන් කි‍්‍රකට් තරග බලන්න පෙලඹුණු අය ගැන මං දන්නවා. ඒ තරම් අපූරුවට අපේ පපුවට දැනෙන විදියට කි‍්‍රකට් ගැන කියා දුන්න වෙන කෙනෙක් නෑ. අපේ සනත් ජයසූරිය ගැන, කළුවිතාරණ ගැන ඔහු තරම් ලස්සනට කතා කළ කෙනෙක් ලෝකයේ වෙනත් කි‍්‍රකට් විචාරකයන් අතර විතරක් නෙවෙයි අපේ අය අතරවත් හිටියෙ නෑ.

ඇහැ රවටන විස්මිත ‘බොරු’ මකුළුවෙක්! දිවි බේරා ගන්න සැබෑ මකුළුවකු යොදන ආරක්ෂක උපක‍්‍රමයක්!

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ ඇමසන් වනාන්තර කොටසේ හමු වන විශේෂ මකුළු වර්ගයක් සතුරන්ගෙන් දිවි ගලවා ගැනීමට තමාට බොහෝ සේ සමාන මායා මකුළුවකු මවනවා. මෙසේ මවන මායා මකුළුවා දැලෙහි කැපී පෙනෙන තැනක එල්ලෙන්නට තබා විලෝපිකයන් රැවටීමට ඒ මකුළු වර්ගය හරිම දක්ෂයි.

සන්ධිපදිකයන්ගේ සත්ව කාණ්ඩයට අයත් මේ විශේෂ මකුළුවා මළ කෘමීන්ගේ සිරුරු හා වියළි පත‍්‍ර ආදිය එක්කොට තමන්ට සමාන මකුළුවා නිර්මාණය කරනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඌ මෙසේ කරන්නේ විලෝපිකයන් තමන්ව ගොදුරු කර ගැනීම වළක්වා ගැනීමේ ආරක්ෂක පියවරක් හැටියටයි කියායි.

සයික්ලෝසා (Cyclosa) නම් විශේෂ මකුළු වර්ගයයි, මේ විදියට කි‍්‍රයා කරන්නේ. මේ සත්ව ගණයට ම අයත් තවත් මකුළු වර්ග කීපයක්ම ඉන්නවා, මේ විදියට ‘රූප ඇඹීම’ කරන. ඒත් ඒ එකකුවත් නොකර දෙයක් මේ සුවිශේෂ මකුළු වර්ගය කරනවා. ඒ තමන් අඹන රූපයට මකුළුවන් පාද යෙදීමයි.

මේ මකුළුවා ඌ විසින් තනන ලද අනුරුව මත වාඩි වී සිටින අයුරු. මෙය ඡායාරූපයට නගා ඇත්තේ පේරු රාජ්‍යයේ තම්බෝපට පර්යේෂණ මධ්‍යස්ථානය අසලදීයි.

ග‍්‍රහකයක් අල්ලා ගෙන ගොස් සඳ වටා කක්ෂයක තබන්න නාසා ආයතනය සූදානම්! මිනිසා ආකාශවස්තුවක් චලනය කරන මුල් අවස්ථාව මෙයයි!

නාසා විද්‍යාඥයන් දැන් සැලසුම් කරල තියෙනව ටොන් 500ක් බර ග‍්‍රහකයක් අල්ලා ගෙන ඇවිත් පෘථිවියත් හඳත් අතර තැනක රඳවන්න. එය අඟහරු වෙත මිනිසා යන ගමනේ දී අතරමඟ නවා තැනක් ලෙස පාවිච්චි කරන්නයි බලාපොරොත්තු වන්නෙ.

මේ සැලැස්ම දැන් ධවල මන්දිරයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවට අනුමැතිය සඳහා යවා තිබෙනවා. ඩොලර් බිලියන 2.7ක් වැය වන මේ සැලැස්මට ලබන සතියේ අනුමැතිය දෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. අනුමත වුවහොත් මීළඟ දසකය තුළ එය කි‍්‍රයාත්මක වනු ඇති.

මෙය අනුමත වුවහොත් මිනිසා විසින් ප‍්‍රථම වරට ආකාශවස්තුවක් චලනය කරන ආකාරය අපට දැක ගත හැකි වේවි.
නාසා ආයතනය ‘ලැසෝ’ නම් ග‍්‍රහකය අල්ලා ගෙන ගොස් සඳේ කක්ෂයක රඳවන්න බලාපොරොත්තු වන්නේ මෙසේයි. මිනිසුන් රහිතව උඩුගුවනට යැවෙන ඇට්ලස් -5 රොකට්ටුවකින් තමයි, ග‍්‍රහකය මල්ලක දවටා ගෙන ගොස් හඳ වටා කක්ෂයක රඳවන්නේ. අඟහරු වෙත යන ගමනේ දී එම ග‍්‍රහකය නැවතුම් පොළක් ලෙස පාවිච්චි කරන්න නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා.

බුදුන් වහන්සේ ග‍්‍රහතරු හා ලෝක විනාශය දුටු හැටි!

ලෝක විනාශය ගැන නාසා ආයතනයේ මතය පළ කිරීමත් සමග ඊට කමෙන්ටුවක් හැටියට තරකා ගැනත් ලෝක විනාශය ගැනත් කරුණු ඇතුළත් ලිපියක් අපේ පාඨකයෙක් අප වෙත යොමු කළේය. එහි වැදගත්කම සලකා වෙනම ලිපියක් ලෙස මෙහි පළ කිරීමට අපි අදහස් කෙළෙමු.

බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්ෂුවක්‌ විය. මේ භික්ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.

එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.

ලෝකයේ උසම ගැහැනු ළමයා බ‍්‍රසීලයෙන්! 17 හැවිරිදි බ‍්‍රසීලයේ ‘දික්තලාව’ එලිසැනි!

බ‍්‍රසීලයේ ‘දික්තලාව’ එලිසැනි. 17 හැවිරිදි ඇගේ උස අඩි 6යි අඟල් 8යි!

තවමත් 17 වැනි වියේ පසු වන ඇය නමින් එලිසැනි ද කෲස් සිල්වා. උස මිටර් 2.235, එනම් අඩි 6යි අඟල් 8යි. ජීවන් වෙන්නේ බ‍්‍රසීලයේ සැලිනොපෝලිස්වලයි.

ඇය මෙසේ උස යන්නට පටන් ගත්තේ මොළයේ වර්ධනය පාලනය කරන පිටියුටරි ග‍්‍රන්ථියේ හටගත් අර්බුදයක් (Tumour) නිසයි. වෛද්‍යවරුන් විසින් ඒ අර්බුදය ඉවත් කළ අතර දැන් ඇගේ උස යාම නතර වෙලා!

ඇය පසුගියදා බ‍්‍රසීලයේ මුහුදු වෙරළේ සිය පෙම්වතා සමග ඇවිද ගෙන යද්දී කැමරාවට හසු කර ගැනීමට වියට්නාමයේ ‘බින් තුවන් ටිවී’ ආයතනයේ මාධ්‍යවේදී කැමරාශිල්පියකු සමත් වුණා.

මෝස්තර නිරූපිකාවක් ලෙස සේවය කරන ඇය වියට්නාම් ‘බීටීවී’ රූපවාහිනියේ මාධ්‍යවේදියාට සිය පෙම්වතා ගැන කීවේ, ”එයා හරිම සමාජශීලී කෙනෙක්. එයා කරුණාවන්තයි. සුහදයි. මං එයාගෙ ඒ ගතිගුණවලට කැමතියි.”

ලොව උසම තරුණිය යැයි කියන බ‍්‍රසීලයේ එල්සැනි ද කෲස් සිල්වා ඇගේ පෙම්වතා වූ ෆරැන්සිනාල්ඩෝ ද සිල්වා සමග මුහුදු වෙරළේදී ඡායාරූපයට මුහුණ දුන් අයුරු.

ජීවිතයේ ති‍්‍රමාන පැතිකඩ මෙයයි! සෛල ඒවායේ ස්වාභාවික තත්වයෙන් පරීක්ෂා කිරීමට විද්‍යාඥයන් දැන් කුෂුද්‍ර පිරමීඩ තනලා!

ඒවා හරියට නවසිය පනස් ගණන්වල විද්‍යා ප‍්‍රබන්ධ රචකයකුගේ මනසේ මැවුණු අනාගතයේ බිහිවෙතැයි සිතන ගෙවල් වගේ අමුතුයි!

මේ කුෂුද්‍ර පිරමීඩ තනා ඇත්තේ ජීවී සෛලයක ප‍්‍රමාණයට සරිලන කූඩුවක් හෙවත් කොටුවක් ලෙසයි. මෙම ක‍්‍රමයෙන් ඒ සෛලවල ස්වාභාවික ති‍්‍රමාන ස්වරූපයෙන්ම ඒවා නිරීක්ෂණය කළ හැකියි. මේවා හුඟක් වෙනස්. මෙතෙක් පරීක්ෂණ සඳහා භාවිත කළ පෙට්රි දීසි මෙන් පැතලි නැහැ.

නෙදර්ලන්තයේ ටුවෙන්ටෙ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ කොටුව තනා ඇත්තේ සිලිකන් වළවල් මත නයිට්රයිඩ තැන්පත් කිරීමෙන්. ඒ බව ඔවුන් ‘නිව් සයන්ටිස්ට්’ සඟරාවට පවසා තියෙනවා.

සෛල සැබෑ පටකවලදී කි‍්‍රයා කරන ආකාරයට ම මේ ති‍්‍රමාන මතුපිටදී කි‍්‍රයා කරනවා. අපේ සිරුරේ හැම දෙයක් ම ති‍්‍රමාන ස්වරූපීයි.

ඉකරස්ටත් ඉරිසියා හිතෙන අහස් ගමනකට සැරසෙන ලෝක වීර මුනුපුරා!

සූර්යාලෝකයෙන් බලය ලබා ලෝකය වටේ යන්නට සැරසෙන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් තමයි දැනටමත් වැඩිම දුරක් සූර්ය බලයෙන් වැඩ කරන අහස් යානයකින් පියාසර කරමින් ලෝක වාර්තාව පිහිටුවා තියෙන්නේ.

ඔවුන්ගේ ගුවන්යානයේ පියාපත්වලට සූර්ය කෝෂ 12,000ක් විතර සවිකරල තියෙනවා. රාති‍්‍ර කාලයේ දී පියාසර කරන්නට බලය සැපයෙන්නේ බැටරිවලින්. ඒවා පණ ගන්වන්නේ දහවල සූර්ය කෝෂවලින් ලබා ගන්නා හිරු එළියෙන්.

රාති‍්‍ර කාලයේ දීත් හිරු එළියෙන් දුවන මේ විස්මිත ගුවන් යානයට සම්බන්ධ පිරිස බලාපොරොත්තු වෙනවා, එක තෙල් කඳුලක්වත් නැතිව ලෝකය වටේ යන්න දවස් 20කින්.

ඔවුන්ගේ මේ අපූරු යානය නම් කර ඇත්තේ ‘සෝලර් ඉම්පල්ස්’(Solar Impulse) කියායි. ඒ යානය පැය 26කට වැඩි කාලයක් ස්විට්සර්ලන්තයට ඉහළින් අඩි 30,000ක් අහසේ රැඳී සිටිමින් ලෝක වර්තාවක් තැබූවා. එතරම් වේලාවක් අහසේ රැඳී සිටි මිනිසුන් රැගත් ප‍්‍රථම සුර්යකෝෂ අහස්යානය එයයි.

මේ යානය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ස්විස් ජාතික මනෝචිකිත්සක වරයකු වූ බර්ට්රන්ඞ් පිකාඞ් (Bertrand Piccard) හා ගුවන් නියමු ආන්ද්‍රෙ බෝර්ෂ්බර්ග් (Andre Borschberg) යන දෙදෙනාටයි. මෙහි අවර පෙති යෙදූ එන්ජින් හතරක් සවි කර තියෙනවා. ඒවාට බල…

ක්ෂීරපායීන්ගේ අනාගතය අඳුරේ! සුළි සුළං කුණාටු හා දරුණු දේශගුණික විපර්යාස නිසා වන විශාල ජීවන පරිසර විනාශයක්!

ක්ෂීරපායීන්ගේ අනාගතය අඳුරේ! සුළි සුළං කුණාටු හා දරුණු දේශගුණික විපර්යාස නිසා වන විශාල ජීවන පරිසර විනාශයක්! මේ බව ලන්ඩනයේ සත්ව විද්‍යා සංගමය විසින් පසුගියදා නිකුත් කළ අධ්‍යයනයකින් හෙළි වුණා.

සත්ව විද්‍යාඥයන් විසින් ඒ අධ්‍යයනයට අදාළ සිතියම් පවා සකස් කර තියෙනවා. ඒ සිතියම්වලන් පැහැදිලි කෙරෙනවා, ලෝකයේ ක්ෂීරපායී ගහණයන් ව්‍යාප්ත වී ඇති භූමි ප‍්‍රදේශ හා ක්ෂීරපායීනට විශේෂයෙන් බලපාන දේශගුණික විපර්යාස ඇති විය ප‍්‍රදේශ ආදිය. ඔවුන්ගේ දැනීමේ හැටියට දරුණු නියං තත්වයන් හා සුළි සුළං කුණාටු ඇති විය හැකි ප‍්‍රදේශ මේ සිතියම්වල දක්වා තියෙනවා.

ලෝක ක්ෂීරපායී ගහණයට දේශගුණික බලපෑම් නිසා හානි විය හැකි ප‍්‍රදේශ: රතු පැහැයෙන් දක්වෙන්නේ සියයට 25කට වැඩි අවදානමක් ඒ සතුන්ට එල්ල වන ප‍්‍රදේශයි. ළා දුඹුරු පැහැයෙන් දක්වෙන්නේ කුණාටු හා දරුණු සුළිසුළං ඇති විය හැකි ප‍්‍රදේශයි. කොළ පැහැයෙන් දැක්වෙන්නේ කුණාටු තීව‍්‍ර විය හැකි ප‍්‍රදේශයි.

වැලි මල්ලක් එල්ලා විදුලි බලය සපයන නව ක‍්‍රමයක්! ගුරුත්වාලෝකයෙන් දැල්වෙන පහනක්!

විදුලි බල ජාලවට සම්බන්ධව නැති, මෙතෙක් විදුලි බලය නොලැබුණු බිලියන 1.5ක ජනතාවට විදුලි බලය ලබා දිය හැකි ක‍්‍රමයක් දැන් සොයා ගෙන තියෙනවා. ඒ විදුලිය අපට ලැබෙන්නේ ජලයෙන්, ගල් අඟුරු වැනි වෙනත් ඉන්ධනයක් භාවිතයෙන් නොවෙයි. ඒ සැපයෙන්නේ මහ පොළොවේ ඇති ගුරුත්වබලයෙන්.

එය ඔවුන් හඳුන්වන්නේ ගුරුත්වාලෝකය (GravityLight) කියලයි. මෙය ඉපැදවෙන්නේ ගුරුත්ව ශක්තියෙන්. ඒ අනුව ඔවුන් නිපදවා ඇති ගුරුත්ව පහන දැල්වෙන්නේ රැුහැනකින් එල්ලූ වැලි මල්ලකින්. මේ වැලි මල්ල ඩයිනමෝ යාන්ත‍්‍රණයෙන් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළට එස වීමේදී ඇති වන ගුරුත්වාකර්ෂණ ශක්තියෙන් එල්ඊඞී (LED) බල්බයක් දැල් වීමට ප‍්‍රමාණවත් විදුලිය ලබා ගත හැකි බව ඒ නිෂ්පාදන සමාගම කියනවා. මෙසේ වැලි මල්ලක් තත්පර තුනක් එසවීමෙන් එල්ඊඞී බල්බයක් තත්පර 30ක් පුරා දැල්වීමට හැකි යැයි ඔවුන් ගිය සතියේ එංගලන්තයේ පුවත්පත්වලට කීවා.

දැනට මෙම විදුලිය ප‍්‍රයෝජනවත් විය හැක්කේ ප‍්‍රධාන විදුලි ජාලවල පහසුකම් නැති අයටයි. විදුලි බල ජාලවලින් ඈත්ව දුර බැහැර ප‍්‍රදේශවලට මෙය අතිශයින් ප‍්‍රයෝජනවත් නෙවා. ඒ අනුව ආරම්භයක් හැටියට ඉන්දියාවේ හා අපි‍්‍රකාවේ අන්ත දිළිඳු ජනතාව 1000කට මේ පහන් නොමිලයේ ලබා …

අද ලෝක විනාශය සිදු වෙයි ද? තව දුරටත් සොයා බලමු...

ඔක්තෝබර් මස 29 වැනිදා, ‘සැන්ඩි’ නමැති සුළි කුණාටුව ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදුණු අයුරු විදෙස් පුවත් සේවා හරහා අපට දකින්න ලැබුණා. හරිකේන් වර්ගයේ ඒ සුළි කුණාටුවත් සමඟ මහ වැසි සහ මීටර් ගණනාවක් උසැති මුහුදු රළ වෙරළ තීරයේ නගරවලට කඩා වැදුණා. සුළි කුණාටුවෙන් බරපතළ හානි සිදුවූයේ ඇමෙරිකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය මෙන්ම නොනිදන නගරය ලෙස ද සැලකෙන නිව්යෝක් නගරයටයි. නිව්යෝක් නගරයේ ලිබර්ටි දූපත පවා ජලයෙන් යට වී සුප‍්‍රකට ලිබර්ටි ප‍්‍රතිමාවටත් හානි සිදුවුණා. ඇමෙරිකාවට සැන්ඩි කළ හදිය අතිමහත්. දේපොළ හානි ජීවිත හානි රැසක් සිදුවුණා. තවමත් එම ව්‍යසනයෙන් ගොඩ ඒමට ඇමෙරිකානුවන්ට හැකියාවක් ලැබී නැහැ.

හෙට ලෝක අවසානය ද? නැතහොත් තව වසර බිලියන පහකින්ද? - නාසා ආයතනය අනාවැකි කියයි

ලෝක අවසානය ගැන නොයෙක් කතා පසුගිය කාලය පුරා ම අපට අසන්න ලැබුණා. ඒ දේවල් අපට අසන්න ලැබුණේ පැරැණි පොතපත් සහ ලිපි ලේඛන අවුස්සමින් ලියූ පොත්පත්වලින්, අනාවැකි කියන්නන්ගේ ප‍්‍රවාදවලින්, ආගමික හෙළිදරවුවලින් මෙන් ම පැරණි අභිලේඛන ඇසුරෙනුයි. ඉපැරණි මායා කැලැන්ඩරය 2012 වසරෙන් පසු ඉදිරියට ගණනය කර දක්වා නොමැති නිසා, 2012/12/21 එනම් හෙට ලෝක අවසානය සිදු වන බව බොහෝ දෙනාගේ මතයයි. එහෙත් ඇමෙරිකාවේ නාසා ආයතනය මේ මතය බැහැර කරනවා. නාසා විද්‍යාඥයන් ඔවුන් විසින් එක් කර ගනු ලැබූ නවතම දත්ත පාදක කර ගනිමින් ස්ථිරව ම පවසා ඇත්තේ ලෝක අවසානය හෙට සිදු වන්නක් නොව බවයි. ඔවුන්ගේ දත්තවලට අනුව එය සිදු වන්නේ තවත් වසර බිලියන ගණනකිනුයි.

වෙළඳ ලෝකයේ විස්මිත සංකේතයේ නිමැවුම්කරු ජීවිතයෙන් සමුගනියි!

ඔහුගේ නම ඔබ නොදැන සිටියත් ඔහු දායාද කළ කේතය මෙය කියවන විටත් ඔබ අත පොවන මානයේ ඔබ දෙස බලා සිටිනවා වෙන්නට පුළුවන්. සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩයක් මිලදී ගත්තත් පොතක් මිලදී ගත්තත් ඔහු දායාදයෙන් ඔබට ගැළවෙන්නට බැහැ. ඒ තමයි, බාකෝඩය. එය ඔබට දායාද කළ ඔහු නෝමන් ජෝශප් වුඞ්ලන්ඞ්.

සුපිරි වෙළඳ සැලකින් බඩුවක් මිලදී ගන්නා හැම විට ම එහි සඳහන් මේ කේතය ස්කෑනරය දෙස හැරවීමෙන් ම බිල්පතක් මුද්‍රණය කර ඔබට ලැබෙන බව ඔබ කොතෙකුත් දැක ඇති. ඒ ඉරි කෑලි කීපයකින් හා පුංචි ඉලක්කම් කීපයෙන් එම බඩුවේ මිල, නම, වර්ගය, ගබඩාවේ ඇති ඒවායේ ප‍්‍රමාණය ආදී විවිධ තොරතුරු රැසක් දැන ගත හැකියි. කාලයත් ශ‍්‍රමයත් ඉතිරි කරන වෙළදාම පහසු කරන, මේ ක‍්‍රමය අපට ලැබුණේ බාකෝඩය නැමැති සකේතය හඳුන්වා දීමත් සමගයි.

ඒ බාකෝඩය වෙළඳ ලෝකයට හඳුන්වා දුන් එහි නිපැයුම්කරු ඇමරිකානු ජාතික නෝමන් ජෝශප් වුඞ්ලන්ඞ් ගිය සතියේ මිය ගියා. ඔහු මිය යන විට වයස අවුරුදු 91ක්. එය වෙළඳ පොළට හඳුන්වා දෙද්දී ඔහුට සම නිපැයුම්කරුවකු ලෙස තවත් අයෙක් එක් වුණා. ඊට හවුල් වූ අනෙක් නිපැයුම්කරුවා වූයේ බර්නාඞ් සිල්වර් ය. ඔහු මීට අවුරුදු 50කට පෙර එනම්, 1963 දී මිය ගියේය.

අයිබීඑම් ආයතනය විසින් …

‘ලෝක සංගීතයේ මහා ගාන්ධර්වයා’ ලොවෙන් සමු ගනියි!

ඒ, 1920 වසරේ අපේ‍්‍රල් 7 වැනිදා ය. ඉන්දියාවේ බරණැස් නුවර බෙංගාලයේ බ‍්‍රාහ්මීය පවුලක සහෝදරයන් අට දෙනකුගෙන් යුත් පවුලක බාලයා ලෙස ඔහු උපන්නේය. උපතේ දී ඔහු රොබින්දෝර් ශෝන්කෝර් චෞද්රි ලෙස නම් කරනු ලැබීය. පුංචි අවිධියේ ම ඔහුට ලෝක සවාරියේ යෙදීමට අවස්ථාව ලැබුණේය. ඒ, එවකට ජගත් කීර්තිය දිනා සිටි ඔහුගේ වැඩිමහලූ සොහොයුරු වූ ඉන්දියානු නර්තනශිල්පී උදය ශංකර්ගේ නැටුම් කණ්ඩායම සමගය. එවකට දස හැවිරිදි වියේ පසු වූ මේ කුඩා කොලූගැටයා ඒ නැටුම් කණ්ඩායමේ ළාබාලම සාමාජිකයා විය. ඔහුගේ වැඩිමල් සොයුරු උදය ශංකර්ගේ ආභාසය ඔහුට නොඅඩුව ලැබුණි. වයස අවුරුදු 13 වන විට ඔහුට නැටුම් ශිල්පියකු හා වාදකයකු ලෙස උදය ශංකර්ගේ නැටුම් කණ්ඩායමේ සුවිශේෂ ස්ථානයක් හිමි වී තිබුණේය. ඒ වන විට ඔහු ලබා තිබූ ඉන්දියානු සංගීතය පිළිබඳ දැනුමට අමතරව ඔහු ප‍්‍රංශයේ දී බටහිර සංගීතය පිළිබඳ පුහුණුවක් ද ලැබීය.

ඔබේ ඇසේ හැටි බලන්න මෙතෙක් නොලද අවස්ථාවක්!

ඔබේ ඇහැ තුළට එබෙන්න ඔබට කන්නාඩියක් ඉදිරියට ගියාම පුළුවන්. ඒත් මේ තරම් ඇහැට ළං වෙන්න ඒ ක‍්‍රමයෙන් වුනත් ඒ තරම් ලේසි නැහැ.

ඇස් ගෝලය කොයි වගේ එකක් කියලද ඔබ මෙතෙක් කල් හිතුවෙ? ලස්සනට ඔප මට්ටම් කළ සිනිඳු මාබල් එකක් වගේ කියලද?

ඇසේ මේ සමීප රූප හරියට වෙනත් ග‍්‍රහ ලොවක ආවාට වගෙයි පෙනෙන්නේ. හැම තිස්සෙම පින්තූරවලින් කියැවෙන කතාව වචනවලින් කියැවෙනවට වඩා ගොඩක් වෙනස්.

ඔන්න එහෙනම් බලන්න, ඔබේත් මගේත් ඇහේ හැටි!

ඇසේ තාරා මණ්ඩලය සැඟවී ඇති සංකීර්ණ වියමන් ඔබේ ඇස්වලට ඇස් අදහගන්න බැරි තරම් විස්මිත සුවිශේෂ බවක් ගේනවා.

ඇස් අදහන්න බැහැ නේද? මේ මිනිස් ඇසේ සමීප රූපය ඇසේ ව්‍යුහයේ රටාවන් සවිස්තරව පෙන්වනවා.

ඇඟිලි සලකුණු ඉතිහාසයේ මෙතෙක් නොවූ රහසක් හෙළිවෙයි! 1840 ලියූ ලිපියක් එංගලන්තයේ දී වෙන්දේසි වෙයි!

ගැමි ශල්‍ය වෛද්‍යවරයෙක් පොලිසියේ බලධාරින්ට ලිපියක් ලිව්වා, මිනීමරුවන් අල්ලන්න ඇඟිලි සලකුණු යොදා ගත හැකි ආකාරය පෙන්වා දෙමින්. ඒ කාලේ එංගලන්තය දෙදරුම් කැවූ කාන්තා මිනීමැරුම් වැලක් සිදු වුණා. එහි මිනීමරුවා ‘ජැක් ද රිපර්’ නමින් හැඳින් වුණා. ඔහු පහසුවෙන් අල්ලා ගන්නට ඒ ලිපියෙන් කියා දුන් ක‍්‍රමය එදා පොලිසියට යොදා ගන්න තිබුණා. ඒත් එය සිදු වුණේ නැහැ. ඒ ඓතිහාසික ලිපිය මේ සතියේ එංගලන්තයේ දී වෙන්දේසි වීමට නියමිතයි.

එදා ඒ ලිපිය ලියා තවත් වසර 50කට පසුවයි, ඇඟිලි සලකුණු අධිකරණ කටයුතු සඳහා හඳුනා ගැනීමට යොදා ගනු ලැබුවේ.

1840 දී ලියූ පිටු තුනකින් යුත් ඒ ලිපිය ලන්ඩනයේ සූත්බීස් (Sothebys) හිදී මේ සතියේ දී වෙන්දේසි වීමට නියමිතයි.

‘ජැක් ද රිපර්’ මිනීමරුවාට ගොදුරු වූ කාන්තාවක් හා පරීක්ෂණයට ආ පොලිස් නිලධාරින් දැක්වෙන එකල පත‍්‍රයක පළ වූ චිත‍්‍රයක්.

දුව පාසල් යවන්න උරමල්ලෙන් සල්ලි සෙවූ ජුලී වසර හතරෙන් මිලියනපතිනියක්!

මේ බි‍්‍රතාන්‍යයේ දිරිය කතක් ගැන කතාවක්. මේ වගේ කාන්තාවන් ගැන අපේ ශී‍්‍ර ලංකාවේත් ඕනෑ තරම් ඉන්නවා. අපේ එවැනි කාන්තාවන්ටත් පොදුවේ ලෝක කාන්තාවන්ටත් උපහාරයක් හැටියට මේ කතාව පළ කරන්න අප කල්පනා කළා.

ඇගේ ජූලී ඞීන්. ඇයට දැන ගන්න ලැබුණා, ඇගේ කුඩා දියණියට ඒ වන විට ඇය ඇතුළත්ව සිටි පොදු පාසලේ දී ළමුන්ගෙන් කරදර සිදුවෙන බව. ඇය දියණියට පොරොන්දු වුණා, ඒ මාර්ගයේ ම පහළ පිහිටි ගෙවන පාසලට කෙසේ හෝ ඇයව ඇතුළත් කරන බවට. ඒ සඳහා වසරකට පවුම් 12,000ක් පාසල් ගාස්තු වශයෙන් ගෙවන්න ඇයට හැකියාවක් තිබුණේ නෑ, ඇය රැකියාවක් නො කළ නිසා.

ඇය සිය කාලය මවක වශයෙන් දරුවා වෙනුවෙන් කැප කරලයි, තිබුණේ. ඒ නිසා ගෙදර ඉඳන් ඒ වියදම සොයා ගන්න ඇයට කරන්න පුළුවන් දේවල් ගැන ඇය කල්පනා කළා. ඇය කුස්සියේ මේසයේ වාඩි වී මුදල් ඉපැයිය හැකි ක‍්‍රම දහයක් ලියන්න පටන් ගත්තා.

සිය කුඩා දියණිය අලූත් පාසලකට යවන්නට වූ පොරොන්දුව ඉටු කරන්නට උරමලූ නිපදවන්නට තීරණය කළ ජුලී ඞීන්.

ටෙලිෆෝනයේ කෙටි පණිවුඩ කෙළින්ම ඔබේ ඇහැටම ලබා ගන්න ක‍්‍රමයක්! පණිවුඩ යැවීමේ ලොකු පෙරළිය ළඟ එයි!

කෙටි පණිවුඩ යවන්න පටන් අරන් දැන් හරියටම වසර විස්සක්. පසුගියදා ඒ පිළිබඳ සැමරුමක්ද සිදු වුණා. ඊට සමගාමීව කෙටි පණිවුඩ කෙළින්ම ඔබේ ඇහැටම දෙන්න හැකි තාක්ෂණයක් දැන් ඇවිත්!

මේක විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක එන කතාවක් නෙවෙයි. ඔබට ඔබේ කෙටි පණිවුඩ ඇස තුළට ම ගෙනත් කියවන්න පුළුවන්. ‘එසැණ පණිවුඩ’ යන්නෙහි නියම අරුත උදා වී ඇත්තේ දැනුයි.

විද්‍යාඥයන් සංවර්ධනය කර ඇති මේ නව තාක්ෂණයෙන් කෙටි පණිවුඩ ඔබේ ජංගම දුරකතනයෙන් කෙළින් ම ඔබේ ඇසේ රඳවන සිවි කාචයකට යැවිය හැකියි.

මෙම ක‍්‍රමයෙන් වක‍්‍ර හැඩයට සැකසූ ද්‍රව ස්ඵටික දියෝඩයක් මගින් රූප පෙනෙන්ට සලස්වනවා. මෙහි තාක්ෂණික නිර්මාණයේ ගෞරවය හිමි වන්නේ බෙල්ජියානු පර්යේෂකයන් පිරිසකටයි. ඔවුන් බෙල්ජියමේ ඝෙන්ට් (Ghent) විශ්ව විද්‍යාලයට සම්බන්ධ පිරිසක්. රෑහැන් රහිත එනම් වයර්ලස් තාක්ෂණය යොදා ගෙනයි, ඔවුන් මේ රූප සිවි කාචයට ප‍්‍රක්ෂේපණය කරන්නේ.

මේ නව නිපැයුමට අයත් සිවි කාචය. ඒ මතට ඩොලර් සංකේතය ප‍්‍රක්ෂේපණය කර ඇති අයුරු. මේ ක‍්‍රමයට කෙටි පණිවුඩ හා රූප එහි පතිත කළ හැකියි.

දියෙන් ගොඩට පැන කුරුල්ලන් අල්ලන ප‍්‍රංශයේ අංකුට්ටෝ! අලූත් ම සොයා ගැනීමක් ඡායාරූප සමග එළියට එයි!

‘දියෙන් ගොඩට ගත් මසකු සේ’ කියා කියමනක් අප අතර තියෙනවා. එයින් අදහස් කෙරෙන්නේ පුරුදු පරිසරයෙන් නුහුරු තැනකට පත් වූ අයකු මුහුණ පාන අසීරු ස්වභාවයයි. උම්මග්ග ජාතකයේ තියෙනවා, ‘ගී‍්‍රෂ්ම කාලයෙහි දියෙන් ගොඩට ගෙන අව්වෙහිලූ මසකු මෙන්’ කියා කියමනක් තියෙනවා. ඉංගිරිසි කියමනක් තියෙනවා, ‘අ ෆිෂ් අවුට් ඔෆ් වෝටර්’ කියා. මේ සියල්ලෙන් ම කියවෙන්නේ එකම අරුත මයි. ඒත් ප‍්‍රංශයේ දී මේ කියමන වෙනස් කරන්න සිදුවෙලා තියෙනවා, මේ ළඟදි පළ කළ විද්‍යාත්මක වාර්තාවක් නිසා.

මේ අරුත් වෙනස් කළේ ප‍්‍රංශ අංකුට්ටෙක්! ඌට පරිසරය වෙනස් වුනත් ගොඩබිමට එන එකේ අසීරුවක් නැහැ. ගං ජලයේ ඉවුර අසල රැක සිට අපූරුවට ගොඩබිමට පිම්මක් පැන කුරුල්ලකු ඩැහැ ගෙන ආපසු දියට පනිනවා!

ඔබ යමක් කිරීමේදී ‘ඔබේ ඉව’ කෙරෙහි විශ්වාසය තබන්න. එවැනි අවස්ථා සියයට 90ක් හරියනවා! අලූත් ම විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළි වෙයි!

අපේ සමාජයේ සමහර අයගේ විශ්වාසයක් තියෙනවා, ‘මට හිතට එක පාරටම එන දේ කරන කොට වරදිනවා අඩුයි.’ එහෙමත් නැත්නම් ‘දෙගිඩියාවක් නැතිව හිතට එන දේ කළාම හරියටම හරි.’ ‘මං අත ගහන හැම දෙයක් ම හරි යනවා. මගේ ඉෂ්ඨ දේවතාවා මට පිහිට වෙනවා.’ සමහරු කියන අවස්ථා තියෙනවා.

මේ හැම එකකින් ම අපට කියන්නේ අපේ ‘ඉව’ නැත්නම් සහජාශය ගැනයි කියලයි මට හිතෙන්නෙ. හරි දේ තෝරා ගැනීමේ ‘ඉව’ නිසා තමන්ට හරි ගිය බව කියන අය මට කොතෙකුත් හමුවෙලා තියෙනවා. මටත් මගේ ජීවිතය තුළ එවැනි අත්දැකීම් රැසක් තියෙනවා.

මිනිසා තීරණ ගැනීමේ දී ‘ඉව’ එහෙමත් නැත්නම් සහජාශය, සහජ බුද්ධිය හෝ ධී ශක්තිය ආදියෙන් කොයිතරම් දුරට ප‍්‍රයෝජනයට ගන්නවා යන්න ගැන අධ්‍යයනය කිරීම සියවස් ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් විසින් කරන දෙයක්.

මේ පිළිබඳව කළ නව අධ්‍යයනයකින් හෙළිවී තියෙන්නේ සහජාශය යොදා ගෙන කරන තේරීම්වල දී විකල්ප දෙකක් අතරින් වැඩි දෙනකුට සියයට 90ක් නිවැරදිව එය කළ හැකි බවයි.

මෙම අධ්‍යයනය කර ඇත්තේ ඊශ‍්‍රායලයේ ටෙල්අවිව් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය මේරියස් අෂර් (Marius Usher) ප‍්‍රමුඛ පර්යේෂකයන් පිරිසක් විසින්. සහජාශය ’ඉව’ තවමත් විස්මයජනක ලෙස බලවත් හා නිවැරදි ම…

‘ඉහළින් හා පහළින් තියෙන දේ’ නස්රුදින් දුටු හැටි! - නස්රුදින්ගේ අලූත් කතාවක්!

එක් වංශාධිපතියෙක් රජතුමාගෙන් වරමක් ලබා ගත්තා නස්රුදින් වගා කළ ඉඩමෙන් ලැබෙන ආදායමෙන් පංගුවක් ඔහුට ගන්න පුළුවන් විදියට. රජ සබේ ලේකම් ගෙන් එසේ ආදායමෙන් පංගුවක් ලබා ගන්නට අවසර ලැබෙන බලපත‍්‍රය ලියවා ගනිද්දී ‘පොළොවෙන් උඩ සියලූම දේ’ ඔහු ලැබෙන ලෙස ලියන්නැයි ඔහු ලේකම්ට කීවා. ඔහු කල්පනා කෙළ් ප‍්‍රයෝගයක් කර නස්රුදින්ගේ මුළු අස්වැන්නම ලබා ගන්නයි.

මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි ළමයින්ට දුන් දර්ශනය

19 වැනි සියවසෙහි දී පමණ ආරම්භ වූ රුසියන් ගද්‍ය පද්‍ය සිහිත්‍යය යුරෝපීය සාහිත්‍යය සමඟ සසඳන විට වයසින් ඉතා බාලය. රුසියන් ලේඛකයන් විසින් ස්වකීය දේශීය චින්තනයෙන් පෝෂණය කරන ලද මෙම ළදරු සාහිත්‍යය නොබෝ කලකින් ම යුරෝපීය සාහිත්‍යය අබිබවා උසස් තත්වයට වර්ධනය විය. රුසියන් සාහිත්‍යයහි මෙම නැඟීම යුරෝපා සාහිත්‍ය ඉතිහාසයේ ප‍්‍රාතිහාර්යයක් ලෙස විචාරකයෝ සලකති. මෙම ප‍්‍රාතිහාර්ය පෑ රුසියන් ලේඛකයන් අතරින් ලියෝ තොල්ස්තෝයි ලොව පහළ වූ අග‍්‍රගණ්‍ය සාහිත්‍යධරයෙකු ලෙස සලකනු ලැබේ.

බොරු කිව්වොත් නාසය දික්වෙයි! පිනෝකියෝ කතාවේ ආ ඒ සිද්ධිය ගැන අපූරු හෙළිදරවුවක්!

පිනෝකියෝ කතාව ඔබ කියවා ඇත්නම් එයින් ඔබ ලත් විනෝදය තවමත් ඔබේ මතකයේ ඇති. ඒ කතාවේ හැටියට පිනෝකියෝ කියන්නේ රූකඩයෙක්. රූකඩය කපලා ඉවර වෙන කොට එයාට පණ එනවා.

ඊට පස්සේ ඇත්තම ළමයකු බවට පත් වෙනකම් ඒ ලැබූ අත්දැකීම් තමයි, ඒ නවකතාවට ඇතුළත් වෙන්නේ. ඒ කතාවේ තැනින් තැන පිනෝකියෝ බොරුවක් කියන හැමවිට ම එයාගේ නාසය දික්වෙනවා. දරුවන් බොරු කීමෙන් වළක්වා ගන්න උපායක් හැටියට වසර සීයකටත් වැඩි කාලයක් තිස්සේ ලොව පුරා දෙමාපියන් මේ පිනෝකියෝගේ නාසයේ වෙනස් වීම යොදා ගත්තා.

දැන් විද්‍යාඥයන් මේ නාසයේ වෙනස් වීම ‘පිනෝකියෝ ආචරණය’ (Pinocchio effect) කියලයි, හඳුන්වන්නේ.

ඉතාලි ජාතික ලේඛක කාලෝ කලෝඩි (Carlo Collodi) මීට අවුරුදු 32කකට ඉස්සර එනම්, 1880 දී ඉතාලියේ මුල්ම ළමා පුවත්පතට කොටස් වශයෙන් මේ කතාව ලියද්දි හිතන්නවත් නැතුව ඇති බොරු කීමත් නාසයත් අතර සැබැවින්ම සම්බන්ධයක් ඇතියි කියලා. ඒ විතරක් නොවෙයි පිනෝකියෝ චරිතයවත් මේ තරම් ලොව පුරා ජනපි‍්‍රය වෙයි කියල ඔහු හිතන්නත් නැතුව ඇති.

වෝල්ට් ඩිස්නිගේ ‘පිනෝකියෝ’ කාටූන් චිත‍්‍රපටයේ බොරු කියනවාත් සමග නාසය දික් වී යන අන්දම. බොරු කීමේ දී සැබැවින්ම අපේ නාසය අවට ඉස්සෙන බව දැන් සොයා ගෙන තියෙනවා…

නොපෙනී යන ඇඳුමක් තැනිය හැකි නූල් විශේෂයක් නිපදවයි! එයින් ඕනෑම දෙයක් නොපෙනී යන්නට සැලැස්විය හැකියි!

ඊයේ ඔබට අපි "හැරී පොටර් වාගේ ඇත්තටම නොපෙනී යන්න දැන් පුළුවන්!" මගින් නවකතාවේ හා චිත‍්‍රපටයේ ආ ‘අදිසි’ ලෝගුව සැබැවින්ම තැනූ පුවතක් ඔබ වෙත ගෙනාවා. මේ තවත් එවැනි නිර්මාණ කීපයක් ගැනයි.

ඇමරිකාවේ ඩලාස්හී ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥයකු හැරි පොටර් චිත‍්‍රපට කතා මාලාවේ එන අදිසි ලෝගුව වැනි දෙයක් නිර්මාණය කරල තියෙනවා. ඒක මිලදී ගන්න හොග්වාට්ස් වෙළඳසැල සොයා යන්න ඕනෑ නෑ.

චිත‍්‍රපටයේ ආ ඒ කල්පිතය සැබෑ කිරීම ඇත්තෙන්ම විස්මයජනක දෙයක්.

හැරී පොටර් චිත‍්‍රපටයේ එන මේ අදිසි ලෝගුව දැන් සැබෑවක් වෙලා!

හැරී පොටර් වාගේ ඇත්තටම නොපෙනී යන්න දැන් පුළුවන්! විද්‍යාඥයන් පොටර් ලෝලයන්ගේ ඒ සිහිනය සෑබෑ කරන්න දැන් සූදානම්!

හැරී පොටර් චිත‍්‍රපටවල හැරී පොටර් නොපෙනී සිටින්නට අඳින ‘අදිසි කබාය’ ඔබට මතකද? ඒ වගේ දෙයක් මේ වනතෙක් ම අපට දකින්නට ලැබුණේ චිත‍්‍රපටවල විතරයි. එච්. ජී. වේල්ස්ගේ ‘ඉන්විසිබල් මෑන්’ (අදිසි මිනිසා) චිත‍්‍රපටයේත් මේ විදියට නොපෙනී යන උපක‍්‍රමයක් තිබුණා.

දැන් ලොව පුරා පර්යේෂකයන් නොපෙනී යන උපක‍්‍රම බිහි කරන්නට අත්හදා බැලීම් කරනවා. එදා හැරී පොටර් විශේෂ ඇඳුමක් ඇඳ නොපෙනී යාමෙන් හැරී පොටර් ලෝලයන් තුළ හැබෑවටම එවැන්නක් ඇතැයි හැඟීමක් ඇති වුණා පමණක් නොව විද්‍යාඥයන් තුළ එවැනි දෙයක් සැබැවින්ම නිපදවිය හැකි යැයි හැඟීමක් ඇති වුණා. නවකතාවට හා සිනමාවට විතරක් සීමා වුණු ඒ සිහිනය හැබැ කරන්නට ඔවුන් උත්සාහ කළා.

දැන් එහි ප‍්‍රතිඵල ලැබිලා තියෙනවා. සැබෑ ජීවිතයේදීත් මේ විස්මිත දෙය අත්විඳින්නට ඔබටත් ළඟදීම අවස්ථාවක් ලැබේවි.

මුලින් ම මේ පිළිබඳ වාර්තා වුණේ එංගලන්තයේ ඩියුක් (Duke University) විශ්ව විද්‍යාලයෙන්. සැබෑ ජීවිතයේ නොපෙනී යා හැකි ‘අබිරහස් ලෝගුවක්’ එහි පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා ඇති බව පසුගියදා හෙළිදරවු කෙරුණා.

නොපෙනී යාමේ තාක්ෂණය ගැන ලොව පුරා උනන්දුවක් ඇති කළේ හැරී පොටර් චිත‍්‍රපට මාලාවෙන්. දැන් ඩියුක් විශ්…

නොවැරදීම උඩ පන්දුවක් අල්ලන්න හැකි රොබෝවෙක්! ලංකා කණ්ඩායමේ හොඳම පන්දු රකින්නාටත් වෙලාවකට අත ඇරෙනවා! ඒත් මෙයාට වරදින්නේ නෑ!

මෙහි එන විස්තර හා වීඩියෝ දර්ශන අපට ලැබෙන්නේ අනාගතයේ දී රොබෝලාගෙන් ඇති විය හැකි අවදානම ගැන සොයන්න පටන් ගත් විද්‍යාඥ පිරිසකගෙන්. ඔවුන් ඒ සඳහා විශේෂ අධ්‍යයන කවයක් පවා එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ ආරම්භ කර තියෙනවා.

ටර්මිනේටර් වැනි චිත‍්‍රපට දුටුවා නම් රෝබෝවරුන් තනිව තීරණ ගෙන අනාගතයේ අප සමග සටනට ඒවි යැයි, එහෙම නැත්නම් මිනිසාට වෙනත් විදියක තර්ජනයක් එල්ල කරතැයි බියක් ඔබ තුළ වුනත් ඇති වූවාට සැකයක් නැහැ. ඒ බිය දැන් විද්‍යාඥයන් තුළත් ඇති වෙලා.

මේ රොබෝට සිය මිනිස් ප‍්‍රතිවාදියා සමග පන්දු කීපයක් හසුරුවමින් කි‍්‍රයා කළ හැකියි.

මෙන්න! තවත් ඔබ නුදුටු දසුනක්! මවගේ කුස තුළ ඈනුම් අරින බිලිඳෙක්!

ගර්භාෂය තුළ හොඳින් හැදී වැඞී දරුවකු බිහිවීමේදී, එනම් කලලයක් භ‍්‍රෑණයකු දක්වාත් භ‍්‍රෑණයකු බිලිඳකු දක්වාත්, බිලිඳා මෙලොව එළි දකින තෙක්, දීර්ඝ කි‍්‍රයාවලියක් සිදු වෙනවා. විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා, මවගේ ගැබෙහි සිටින නුපන් දරුවා ඉක්කා ගැසීම, ගිලීම, අතපය දිග හැරීම ආදිය ගැබ තුළදී කරන බව. ඒ විතරක් නොවෙයි, ඈනුම් පවා අරින බව දැන් සොයා ගෙන තියෙනවා.

ගැබ තුළ සිටින නිරෝගී භ‍්‍රෑණයන් 15 දෙනකුගේ චතුර්මාන (4D Scan) පරිලෝකන රූප අධ්‍යයනය කළ උතුරු ඩර්න්හැම් හා ලැන්කැස්ටර් යන විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් පිරිසක් සිතන්නේ භ‍්‍රෑණයකු මෙසේ ඈනුම් ඇරීම වර්ධනයේ වැදගත් තැනක් ගන්නා කි‍්‍රයාවක් බවයි. ඔවුන් වැඩිදුරටත් කියන්නේ එවැනි කි‍්‍රයාවක් නිරීක්ෂණය කිරීමෙන් දරුවකුගේ නිරෝගී භාවය වෛද්‍යවරුන්ට මැන ගත හැකි බවයි.

අපි‍්‍රකාවට ගිය ආඬි හත් දෙනාගේ කතාව - අපි‍්‍රකානු ජනකතාවක්

‘ගෝත‍්‍ර නායක තුමාගෙන් පණිවිඩයක් ලැබුණා. සිය ගෝත‍්‍ර ජනතාව වෙනුවෙන් නායක තුමා සාදයක් පවත්වන්න තීරණය කරලා! හෙට හවස හැමෝම එන්න! එන හැම කෙනකුම තල් වයින් බෝතලය බැගින් ගේන්න කියලත් ඒ පණිවිඩයෙන් කියැවුණා. පණිවුඩකරුවන් හැම තැනම ඒ පණිවුඩය අරන් ගියා.

මේ වගේ සාදවලදි සාමාන්‍යයෙන් කෙරෙන්නේ වැසියන් එක් එක්කෙනා ගෙනියන තල් වයින් බෝතල නායක තුමාගේ මිදුලේ තබා තියෙන විශේෂ ලොකු භාජනයකට, එනම් තාලියකට, ය තමා අතින්ම දැමීමයි.

විසි වන සියවසේ මහා ප‍්‍රාඥයා වූ ඇල්බට් අයින්ස්ටයින්ගේ මොළය අපට වඩා වෙනස් ද? එහි අබිරහස අලූත්ම අධ්‍යයනයකින්!

ඇල්බට් අයින්ස්ටයින් අසාමාන්‍ය බුද්ධිමතකු වූ කෙසේ ද? මේ අසාමාන්‍ය බුද්ධිමත් භාවයට හේතුව වෙනත් අයට නැති, ඔහුගේ මොළයේ ඇති, සුවිශේෂ ලක්ෂණ කිහිපයක් නිසා යයි වෛද්‍ය විද්‍යාත්මක අලූත්ම අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.

මෙම අධ්‍යයනයට සහභාගි වූ පර්යේෂකයන් මේ සඳහා අයින්ස්ටයින්ගේ මොළය තවත් සාමාන්‍ය මිනිස් මොළ 85ක් සමග සන්සන්දනය කර බැලූවා.

පර්යේෂකයන් විශ්වාස කරන්නේ අයින්ස්ටයින්ගේ සංජානන හැකියාවන් නංවාලීමට ඔහුගේ මොළයේ සුවිශේෂ හැඩයන් උපකාර වූ බවයි.

සාප්පුවලට ඔත්තු බලන ඩමි මෝස්තර නිරූපිකාවන් ඇවිත්! රෙදි තෝරන්න සාප්පු යන්නේ බලා ගෙනයි!

රෙදි සාප්පුවල, විලාසිතා මන්දිරවල, කවුළුවල, රෙදිපිලි ප‍්‍රදර්ශනාගාරවල ඔබේ නෙත් සිත් ඇද ගන්නා ඩමි නිරූපිකාවන්, ඩමි විලාසිතාවියන්, අජීවී මෝස්තරකාරියන් ඔබ කොතෙකුත් දැක ඇති. ඒවා දෙස ආසාවෙන් බැලූ අවස්ථාත් ඕනෑ තරම් ඇති.

ඒත් පරිස්සම් වෙන්න! මේ විදියේ ඩමි දැන් ඔබේ තොරතුරු සපයන ඔත්තුකාරියන් වෙලා! ඔබ ගැන තොරතුරු සපයන්න ඔවුන්ගේ එක් ඇසකට දැන් වීඩියෝ කැමරාවක් සවි කරලා. සාප්පුකාරයාට ඒ මගින් දැන ගන්න පුළුවන්, ඔබ කොයි වගේ කෙනෙක්ද, වැඩිපුර මිල දී ගන්න කැමති මොන වගේ දේවල්ද යනාදී තොරතුරු.

ගුවන්තොටුපළවල ආරක්ෂක පද්ධතීන්වලට යොදන, අපරාධකරුවන් හඳුනා ගන්න භාවිත කරන තාක්ෂණයයි, මේ ඩමි විලාසිතාවියන්ටත් යොදා ගෙන තියෙන්නෙ.

පිටතින් බැලූ විට මේ ඩමි විලාසිතාවියන් අනෙක් සාමාන්‍ය ඒවා වගේමයි. ඒත් එහි එක් ඇසකට වීඩියෝ කැමරාවක් සවිකර තියෙනවා. ඒ සාප්පුවට යන එන අයගේ වයස, ගැහැනු-පිරිමි බව හා ඔවුන් අයත් වන්නේ කුමන ජනවර්ගයටද කියාත් දැන ගත හැකි, මුහුණු අඳුනාගත හැකි, මෘදුකාංගයක්ද ඊට එක්කර තියෙනවා. මේ විශේෂ ‘අයිසී’ (EyeSee) ඩමි විලාසිතාවියක් ඩොලර් 3,200ක් තරම් මිලකට අලෙවි කරන බවයි, ඒවා නිපදවන ඇල්මැක්ස් ආයතනය කියන්නේ.

අයිසී ඩමි විලා…

මාරක එබෝලා වයිරසය දැන් වාතයෙනුත් පැතිර යන තත්වයක් ඇති වෙලා! නව පරීක්ෂණයකින් හෙළි වෙයි!

එබෝලා (ebola) වයිරසය වෙනස් වෙමින් පවතින බවත් එය වාතයෙන් පැතිරී යා හැකි තත්වයට පත්විය හැකි බවත් මෙම අලූත්ම පරීක්ෂණයෙන් හෙළිවී තියෙනවා. මෙයත් ඩෙංගු වගේ වයිරස විශේෂයක්.

මුලින් පිළිගැනීමක් තිබුණා, මේ එබෝලා වයිරසයට කිසිම බේතක් හරියන්නෙ නැහැයි කියලා. මේ වයිරසය මිනිසාගේ සිරුරට ඇතුළු වුණු ගමන්ම ඉතා ඉක්මනින් සිරුර තුළ රුධිර වහනයන් සිදු වී අවයවයන් ගණනාවක් අකි‍්‍රය වීමෙන් මරණයට පත් විය හැකි බවට විශ්වාසයක් තිබුණා. ඒ වගේ ම වයිරසය පිළිබඳව අප දැන සිටියේ එය බෝ විය හැක්කේ ආසාදිත රුධිරය ශරීර ගත වීමෙන් පමණක් බවයි කියලයි.

ඒත් මේ තත්වය වෙනස් විය හැකි බව කැනේඩියානු පර්යේෂකයන් පිරිසක් විසින් කළ පරීක්ෂණ කීපයකින් හෙළි වී තියෙනවා. ඔවුන්ගේ එක් පරීක්ෂණයකින් එබෝලා වයිරසය ආසාදනය වූ ඌරන් ගෙන් එම රෝගය ඍජු සම්බන්ධයක් නැතිව වඳුරන්ට සම්පේ‍්‍රෂණය වූ බව හෙළි වුණා.

මෙම මාරක එබෝලා වයිරසය වැළඳුණු විට උණ ඇති වී සිරුරේ ඇතුළත ඉන්ද්‍රියයන් අකි‍්‍රය ව නොකඩවා රුධිරය වහනය සිදු වී ආසාදිතයා මරණයට පත් වෙනවා. එය දැන් වාතයෙනුත් බෝ විය හැකි බවයි කියන්නේ.

රාති‍්‍රයට දිළිසෙන, අනාගතයේදී ඔබේ රියට විදුලි ඉන්ධන ලබාදෙන, සුපිරි මහා මාර්ගයක්!

විදුලියෙන් ආලෝකමත් වුණු, කාලගුණ වාර්තාව ගෙනෙන ස්මාර්ට් පාරක්! ඔබේ කාරය විදුලියෙන් දුවන එකක් නම් චාර්ජ් කර ගන්නත් පුළුවන්. රාති‍්‍රයට දිළිසෙන, අනාගතයේදී ඔබේ රියට විදුලි ඉන්ධන ලබාදෙන, සුපිරි මහා මාර්ගයක් ලබන වසරේදී එරට මාර්ග පද්ධතියට හඳුන්වා දෙන්න නෙදර්ලන්තය සූදානම්.

මෙයට දැනටමත් ‘හොඳම අනාගත සංකල්පය’ට හිමි නෙදර්ලන්ත සැලසුම් සම්මානයත් දිනා තියෙනවා. ඉදිරි වසරවලදී එරටට මේ ප‍්‍රකාශ සන්දීප්ත (photo-luminescent) මාර්ග සලකුණු හඳුන්වා දීමට නියමිතයි.

එසේම කාලගුණයට ප‍්‍රතිචාර දක්වන තීන්ත භාවිතයෙන් මාර්ගයේ ලිස්සන ස්වභාවයන් හා අනතුරුදායක තත්වයන් රියැදුරන්ට මතු කර දැක්වීමටද බලාපොරොත්තු වෙනවා.

විදුලියට ප‍්‍රමුඛතා දෙන මං තීරුවක් - මේ මගින් විදුලි රිය පදවන අයට අතර මග රිය නවතා මහා මාර්ගයේ උපකාරයෙන් එහි බැටරි පණ ගන්වා ගන්න පුළුවන්.

වසර 5,500කට පෙර සිදුවූ මිනීමැරුමක් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයෙන් හෙළිවෙයි!

මේ මිසර තරුණයා මිය ගියේ පිහියා ඇනුමකින් ද? දැන් ඔබටත් මේ අත්දැකීමට එකතු වෙන්න පුළුවන්!

වසර 100ක් තිස්සේ බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබුණු පුරාණ මිසර මමියක් පිළිබඳ අබිරහසක් සොයා ගැනීමට නව පර්යේෂණයකට හැකි වී තියෙනවා. මේ පරණ මමිය තරුණ අයකුගේ එකක්. මෙහිදී හෙළිදරවු කර ගෙන ඇත්තේ ඔහු මියගිය ආකාරයයි.

යුද්ධයක් නොමැති සාමකාමී කාලයක මේ තරුණයා මියගොස් ඇත්තේ දරුණු පිහියා ඇනුමකින්. මේ බව දැන් එහි යන අමුත්තන්ට පරිගණක තිර ස්පර්ශ කිරීමෙන් ප‍්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන්.

මේ මමිය අයත් මිසර ජාතික තරුණයා හැඳින්වෙන්නේ ‘ගෙබෙලීන් මිනිසා’ කියා නමුත් ඔහුගේ රතු පැහැති හිසකේ නිසා ඉඟුරු යන අරුතැති ‘ජින්ජර්’ නම් වූ සුරතල් නාමයක්ද කෞතුකාගාරයේ අය ඔහුට යොදා තියෙනවා. ඔහුගේ උරපතු ඇටය අසලින් පිහියා ඇනුමක සලකුණක් දක්නට පුළුවන්.

මේ මමියේ සුවීක්ෂ රූප පසුගිය සතියේ සිට බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයට යන නරඹන්නන්ට දැක ගන්න පුළුවන්. ඒ පරිගණක තිරය ස්පර්ශ කිරීමෙන් ජින්ජර්ගේ සිරුරේ කොටස් හා එහි ඇතුළත දසුන්වල සමීප දසුන් දැක ගන්න පුළුවන්.

ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා කවරෙක්ද? ඔහු සුළු මුදලක් තියාගෙන මුළු පඩියම පිනට දෙනවා!

මේ කතාව එන්නෙ උරුගුවේ රටෙන්. ඒත් අපට කතාව ඇහෙන්නෙ එංගලන්තයෙන්. එංගලන්තයේ දේශපාලනඥයන් කීප දෙනකුටම පසුගිය වසර දෙක තුන තිස්සේ රාජ්‍ය මුදල් වංචාකිරීම් හා අනිසි ඉපැයීම් පිළිබඳ චෝදනා එල්ල වුණා. ඇතැම් අයට සිර දඬුවම් පවා නියම වුණා. ඒ බව වාර්තා කරන අතර ඬේලි මේල් පුවත්පතේ පළ වූ මේ විස්තරය මෙහෙම පළ කරන්න අප කල්පනා කළේ ඔබටත් හිතන්න දෙයක් මෙහි ඇති නිසයි.

ගිනි පෙට්ටියක් තරම් කුඩා ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක්! සාක්කුවේ දමා ගෙන යා හැකියි!

ගිනි පෙට්ටියක් තරම් කුඩා ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් දැන් තනා තියෙනවා. සාක්කුවේ දමා ගෙන යා හැකි එමගින් අනාගත පින්තූර ප‍්‍රක්ෂේණයේ පෙරළියක් සිදු වේවි.

ලන්ඩනයේ සමාගමක් මේ විස්මිත ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රය තනා ඇත්තේ ඉන්ස්ටග‍්‍රම් (Instagram) වැඩ සටහන ඔස්සේ හුවමාරු කෙරෙන ඡායාරූප ප‍්‍රක්ෂේපණය කරනු පිණිසයි. ‘ප්‍රොජෙක්ටියෝ’ (Projecteo) කියා නම් කොට ඇති මේ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයේ මිල ඩොලර් 15ක් පමණ වෙනවා.

ඉන්ස්ටග‍්‍රම් ක‍්‍රමයට කොඩැක් පටල පටියට මුද්‍රණය කොට තනා ගන්නා විනිවිදකයක් භාවිත කරමින් ප‍්‍රජෙක්ටියෝ නම් මේ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයට යොදා ප‍්‍රක්ෂේපණය කළ හැකියි.

විසෙන් විස නැසීම වෙනුවට විසෙන් වේදනාව නසන ඔසුවක්! දිවි මකුළු විසෙන් තනන්නක්!

වේදනා නාශක තැනීමට කරන අත්හදා බැලීම් කරන්නට දිවි මකුළුවකුගෙන් විෂ ගන්නා අවස්ථාවක් තමයි, මෙහි ඇති පින්තූරයෙන් දැක්වෙන්නේ. ඊළඟ පරම්පරාවේ වේදනා නාශක තනනු ලබන්නේ දිවිමකුළු විසෙන්. නැත්නම් වෙනත් විසකුරු සර්පයන් ලබා ගෙන්නා විසෙන්.

ලොවපුරා විද්‍යාඥයන් දැන් සාර්ථකව අත්හදා බැලීම් කර ගෙන යනවා මාරක සර්පයන් හා දිවිමකුළුවන් වැනි උග‍්‍ර විෂ සහිත සතුන්ගේ විෂ උපයෝගී කර ගෙන, දැඩිසේ වේදනාවට පත්ව සිටින අයගේ, වේදනාව සමහන් කරන්නට හැකියාව ඇති ඖෂධ නිපදවන්නට.

මේ පිළිබඳ ප‍්‍රදර්ශනයක් පසුගියදා ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේ දී ආරම්භ වුණා. එය 2013 ජූලි මාසය තෙක් පැවැත්වීමට නියමිතයි. ’වේදනාව රහිත අනාගතයක්’ යනුවෙන් නම් කර ඇති ඒ ප‍්‍රදර්ශනයෙන් වේදනාව අඩු කිරීම හා අනාගතයේ සහන සැලසීම යන විවිධ අංශවලින් ලෝකය මෙතෙක් ලබා ඇති ප‍්‍රගතිය දැක ගන්න පුළුවන්.

ලන්ඩන් විද්‍යා ප‍්‍රදර්ශනයේ දී කි‍්‍රස් ලෝරින් නම් තාක්ෂණවේදියා වේදනා නාශක නිපදවීමට දිවි මකුළුවකුගෙන් විෂ ලබා ගන්නා හැටි පෙන්වූ අයුරු

මේ තමා ඔබේ අයිෆෝනයට එක්වන අලූත්ම උපාංගය! ඔබේ ස්මාර්ට් ෆෝනයෙන් එන හඬ මේ නළාවෙන් වැඩිකොට දිය හැකියි!

අයිෆෝන් ග්රැමෆෝනයේ තියෙනව පැරණි ග්රැමෆෝනයේ වගේ මලක්. ඒකෙන් තුන් හතර ගුණයක් හඬ වැඩි කර දෙන්න පුළුවන්.
මේ ග්රැම් අයිෆෝනයක්! ඔබේ ස්මාර්ට් ෆෝනයේ එන සංගීත ශබ්දය වැඩිකොට දිය හැකියි!

මෙය ඇමරිකානු සැලසුම් ශිල්පියකුගේ නිර්මාණයක්. මෙහි ඇති කෞතුක ලක්ෂණය නිසා ඉක්මනින් ජනපි‍්‍රය වේවි කියලයි, හැමදෙනා ම කියන්නෙ.

ඔබට තියෙන්නේ මෙහි පාදමේ ඇති ඉඩකඩෙහි ඔබේ ස්මාර්ට් ෆෝනය තියන එක විතරයි. යා කිරීමක් හෝ විදුලි බලය සැපයීමක් හෝ අවශ්‍ය වන්නේ නැහැ. ඒ ෆෝනයේ හඬ තුන්හතර ගුණයකින් වැඩි කර දෙනවා.

මේ අතීත උපාංගයේ නව සංකල්පය ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝහී සිටින ගෘහ භාණ්ඩ සැලසුම්කරුවකු වූ මැට් රිච්මන්ඞ්ගෙන්. ඔහු මේ සැලසුම සකසා ගත්තේ ඊස්ට් බේහී කෞතුක භාණ්ඩ අලෙවි සලකින් ලබා ගත් විස්සේ දසකයේ මල සහිත පැරණි ග‍්‍රමෆෝනයකින්.

නවසීලන්තයේ හොබිටන් සිනමා ගම්මානය බලන්න ලොව පුරා සංචාරකයන් වැල නොකැඞී! ඒ ගමනට ‘මල් කැකුළු’ත් එක්වුණා!

නවසීලන්තයේ වැඩිම අලෙවියක් ඇති පොත බයිබලයවත්, නවසීලන්ත රගර් කණ්ඩායම වූ ඕල් බ්ලැක්ස් ගැන ලියැවුණු පොතක්වත් නෙවෙයි. ඒ ‘ලෝඞ් ඔෆ් ද රිං’ (Lord of the Ring) සිනමාවට නැඟූ තැන බලන්න එන සංචාරකයන්ට අලෙවි කරන මාර්ගෝපදේශක අත්පොතයි.

මීට වසර 11කට පෙර නිෂ්පාදනය කළ, චිත‍්‍රපට අධ්‍යක්ෂ පීටර් ජැක්සන්ගේ මේ ‘ලෝඞ් ඔෆ් ද රිං’ චිත‍්‍රපට මාලාවේ මුල්ම චිත‍්‍රපටය නවසීලන්තයේ පමණක් නොව ලොව පුරා සිනමා ලෝලයන්ගේත් ආදරය එකසේ දිනා ගත්තා. චිත‍්‍රපට ති‍්‍රත්වය තනා නිම කළ පසු ඒ චිත‍්‍රපට තැනූ ගම්මානය බලන්න ලොව නන් දෙසින් ජනතාව ගලා එන්න පටන් ගත්තා. දැන් එය නවසීලන්තයේ අංක එකේ සංචාරක ආකර්ෂණය බවට පත් වෙලා!

ඒ ගම්මානය දැන් හැඳින්වෙන්නේ හොබිටන් කියලයි. පීටර් ජැක්සන් පසුගියදා මේ ගම්මානයේ තවත් චිත‍්‍රපට ති‍්‍රත්වයක් හැදුවා. එහි මුල් චිත‍්‍රපටයේ මංගල දර්ශනය නොවැම්බර් 28 වැනිදා නවසීලන්තයේ අගනුවර වූ වෙලින්ටන්හිදී පැවැත්වීමට නියමිතයි. පීටර් ජැක්සන් පදිංචිව සිටින්නේ ඒ නගරයේයි.

නවසීලන්තයේ මටමටා හී ඉදිකර ඇති හොබිටන් සිනමා ගම්මානයයි, මේ.

ඞී. ඇස්. සේනානායකට දුර පෙනුනු හැටි! නිදහසට පෙර දේශපාලන රස කතා - 2

1948 අපි ලැබූ නිදහසට පෙර අපේ රටේ දේශපාලනයේ රසකතා හුඟක් තියෙනවා. මේ කතාවත් මම කුඩා කාලෙ අපේ තාත්තගෙන් අහපු එකක්. ඒත් මෙහි පළවෙන්නේ ඒ කතාව ම ‘අයිලන්ඞ්’ පුවත්පතේ පළවුණු ආකාරයටයි. මේකත් අමිත අබේසේකර කියන සුප‍්‍රකට විකට චිත‍්‍ර ශිල්පියා ලියූ එකක්. ‘මගේ දිවයින’ යන අරුත් ඇති ‘මයි අයිලන්ඞ්’ නමින් පළ වූ ඒ ඉංගිරිසි තීරු ලිපි මාලාව පොතක් හැටියටත් පළ වී තියෙනවා. ඔහු ඒ කතාව ලියා තිබුණේ මෙහෙමයි:

දිනක් මා ඇසුර පි‍්‍රය කළ මිතුරෙක් මා හමුවන්න ආවා. ඔහු සිංහල සිනමාවේ ආරම්භක නළුවන්ගෙන් කෙනෙකු වන මයිකල් සන්නස් ලියනගේයි. ඔහු අපේ දෙවැනි සිංහල චිත‍්‍රපටය වූ ‘අසෝකමාලා’හි දුටුගැමුණු රජුගේ මහ සෙනෙවියකු වූ ‘විපුල සෙනෙවි’ ලෙස රඟපෑවා. ඔහු ඇසූ පිරූ තැන් ඇති, කතාබහට පි‍්‍රයමනාප පුද්ගලයෙක්. පැරණි ආගිය කතා කියන්නට දක්ෂයෙක්. ඒ වන විට අසූවෙනි දශකයට පිවිස සිටියත් ඒ බවක් ඔහුගෙන් පළ වුණේ නැහැ.

යුරෝපයේ සිට දකුණු ඇමෙරිකාවට ගොස් බ‍්‍රසීලයේ ගංගාවක දැවැන්ත සර්පයකු සමග පිහිනයි!

මේ කතාව ලෝකයේ විශාලතම සර්පයා සමග පිහිනන්න ගිය අභීත කිමිදුම්කරුවකු ගැනයි. එයා පසුගියදා ස්විට්සර්ලන්තයේ ඉඳලා දකුණු ඇමෙරිකා මහාද්වීපයට ගියා. ඒ ගියේ බ‍්‍රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතටයි. දස දිනක සංචාරයක් සඳහා ඒ ගිය ගමනේදී තමයි ඔහු මේ ත‍්‍රාසජනක අත්දැකීම ලැබුවේ.

ඔහු මේ ත‍්‍රාසජනක ගමන ගියේ, ඒ බිහිසුණු සත්වයාගේ අඩවියට ගියේ ආත්මාරක්ෂාවට කිසිම අවියක් රැගෙන නෙවෙයි. ඔහු රැගෙන ගිය එකම අවිය කැමරාව විතරයි. ඔහු 53 හැවිරිදි ෆ්රැන්කෝ බැන්ෆි (Franco Banfi). හොඳ කිමිදුම්කරුවෙක්. කැමරාශිල්පියෙක්.

ඔහු සොයා ගියේ නම ඇහුනමත් බය හිතෙන සර්පයෙක්! ඒ තමයි ඇනකොන්ඩා (Anaconda)

ප‍්‍රහාරයකට ලෑස්තියි! අභීත කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි ඌට මේ විදියට ළං වුණේ දිය මතුපිටට හිස දමා ගොදුරක් සොයා විපරම් කළ අවස්ථාවේදියි.

මඬ නාගෙන සිටි තරුණ ගොවියා සෝල්බරී සාමිට තරු පෙන් වූ හැටි! : නිදහසට පෙර දේශපාලන රස කතා

නිදහසට පෙර අපේ රටේ දේශපාලනයේ රසකතා හුඟක් තියෙනවා. මේ කතාව මම කුඩා කාලෙ අපේ තාත්තගෙන් අහපු කතාවක්. ඒත් මෙහි පළවෙන්නේ ඒ කතාවම මඳක් වෙනස් විදියකට ඉංගිරිසි පුවත්පතක පළවුණු ආකාරයටයි. ඒ ලේඛකයාට ගරු කිරීමක් හැටියටයි, මගේ කතාව නොකියා මේ කතාව පළ කිරීමට අදහස් කළේ. මේක ලියා ඇත්තේ අමිත අබේසේකර කියන සුප‍්‍රකට විකට චිත‍්‍ර ශිල්පියායි. මොට්ටපාල, ගොබ්බසේන, රාළහාමි ආදි චරිත කලකට ඉස්සර ලංකාදීපයෙන් සිංහල පාඨකයන්ට ‘අමිතගේ විකට විට’ ඔස්සේ ගෙනා ඔහු මේ කතාව ලිව්වේ ‘මගේ දිවයින’ යන අරුත් ඇති ‘මයි අයිලන්ඞ්’ නමින් පළ වූ ඉංගිරිසි තීරු ලිපි මාලාවටයි. ‘ද අයිලන්ඞ්’ පුවත්පතට ලියූ ඒ තීරු ලිපි එකතුව පොතක් හැටියටත් පළ වී තියෙනවා.

ලෑස්ති වෙන්න! අමුතුම අමුතු රියකින් ගමනක් යන්න! අනාගත විද්‍යා ප‍්‍රබන්ධ කතාවක් කාරෙකක් වගෙයි!

මේක ඇස් අදහන්න බැරි තරම් දෙයක්! විශේෂයෙන් තැනූ මෝටර් රථයක්. මේක ඇනවුම් කරලා තියෙන්නේ විවිධ මාදිලියේ නවීන මෝටර් රථ ගණනාවක හිමිකරුවෙක්.

ඔහු මේ සඳහා වැය කරන මුදල පවුම් 75,000යි. කලින් ‘මල් කැකුළු’වලින් පෙන්නූ පෝෂේ 911 මාදිලියත් අලෙවි කළේ මේ මිලටමයි.

මේ අනාගතවාදී මෝටර් රථය සැලසුම් කර නිර්මාණය කර ඇත්තේ ‘කිට් කා මයික්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන නව මෝටර් රථ සැලසුම්වලට කීර්තියක් දිනා සිටින මයිකල් වෙටර් (Michael Vetter) නව නිපැයුම්කරුවායි. (ඔබට මතකද ‘කිට් කාරය’ ආවෙ නයිට් රයිඩර් රූපවාහිනි කතා මාලාවෙ)

මෙය දැනට මහමග දුවන හැම කාරෙකකටම වඩා වෙනස් එකක්. හැබැයි මේක ඊටී විද්‍යා ප‍්‍රබන්ධයේ ආ යානයකට වඩා ‘මයිනරි රිපෝට්’ චිත‍්‍රපටයේ ටොම් කෲස් පදවන කාරයට වඩාත් සමානයි. ‘බැක් ටු ද ෆියුචර්’ චිත‍්‍රපටයේ ඩි ලොරේන් කාරයට වඩා හුඟක් ඉරියෙන් ඉන්න, සුපිරි ධාවනයක් සහිත මෙයට විද්‍යා ප‍්‍රබන්ධවලට කැමති ලෝලයන් පිස්සු වට්ටන්න තරම් පෙනුමක් හා වේගයක් තියෙනවා.

මේ පිටසක්වළ යානයක් නෙවෙයි. අමුතු මාදිලියේ කාරයක්. මිල පවුම් 75,000ක්.

විනිවිද දැකිය හැකි කාරයක්! පදවන්නාට වීදුරුවලින් තැනූ කාරයක් වාගේ දැනෙනවා!

‘ඩයි අනදර් ඬේ’ නම් ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපටයේ වීරයා මිදුණු විලක් මත දී අදිසි රියක් අධි වේගී මෝටර් රථ ලූහුබැඳීමකදී විදුලි වේගයෙන් පදවා ගෙන යන දර්ශනයක් එනවා.

ඒ වගේ කාරයක් සැබෑ ජීවිතයේදීත් එලවන්න අවස්ථාව ලැබෙන්නයි යන්නෙ. මෙම ‘විනිවිදක’ රිය ජපන් පර්යේෂකයන් පිරිසකගේ නව නිර්මාණයක්.

ජේම්ස් බොන්ඞ් දිය මිදුණු විල මැදින් විනිවිද රිය පදවා ගිය අයුරු. ඒ වගේ හැබෑ රියක් දැන් ජපාන පර්යේෂක පිරිසක් නිර්මාණය කර තියෙනවා.

උඩු ගුවනින් ඔබට පණිවිඩයක්! ‘හායි! අපි දැන් ඔබේ නිවසට ඉහළින් යනවා. එළියට ඇවිත් බලන්න!’

මේ පණිවිඩය ඔබට එන්නේ නාසා ආයතනයෙන්. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ පිහිටුවා වසර 12ක් ගත වන මේ මොහොතේ කෙරෙන විශේෂ සේවාවක් ලෙසයි, මේ පණිවිඩය එවන්නේ.

මේ නව සේවාව ඔවුන් හඳුන්වන්නේ ‘ස්පොට් ද ස්ටේෂන්’ (Spot the Station) නම් ‘අභ්‍යවකාශ නැවතුම්පොළ දකින්න’ යන අරුත් ඇති නමකින්. ඔබට ඔවුන් මේ පණිඩය එවන්නේ හරියටම අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ ඔබේ නිවසට ඉහළින් යද්දීයි.

අහසේ බැලිය යුතු අත දැනගත් පසු, ඔබට දුරදක්නයක් නැතිව වුවත්, එය පහසුවෙන්ම දැක ගත හැකියි.

පාන්දරට හා සැන්දෑකාලයේ දී ඉක්මනින් අහස හරහා යන ආලෝකයක් ලෙස මෙය දැක ගත හැකියි.

අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ පිහිටුවා 12 වසරක් පිරීම නිමිත්තෙන් තමයි, ‘අභ්‍යවකාශ නැවතුම්පොළ දකින්න’ යන වැඩ සටහන දියත් කර තියෙන්නෙ.

යුරෝපයේ උසම ගොඩනැගිල්ල රුසියාවේ මොස්කොව් නගරයෙන්! ඒත් එයට ලෝකයේ උසම ගොඩනැගිලිවලට කිට්ටු කරන්නවත් බැහැ!

ලන්ඩනයේ ශාඞ් (Shard) ගොඩනැගිල්ල යුරෝපයේ උසම ගොඩනැගිල්ල ලෙස යුරෝපයේ අනෙක් සියලූ රටවල ගොඩනැගිලි අබිබිවා අහස උසට මෙතෙක් නැගී සිටියා. ඒ අභිමානය මාස කීපයකට වඩා පැවතුණේ නැහැ. දැන් රුසියාවේ මොස්කොව් නගරයෙන් ඊට අභියෝගයක් එල්ල වෙලා!

මොස්කොව් නගරය මේ අභිමානය යළි දිනා ගත්තේ ‘මර්කරි සිටි’ (Mercury City) නම් වූ කාර්යාල හා නිවාස ඇතුළත් උසම ගොඩනැගිල්ලක් ඉදිකරමිනුයි. පසුගියදා මෙය විවෘත කළා.

තඹ පැහැති වීදුරුවලින් ආවරණය කර ඇති එය මීටර් 338ක් (අඩි 1,109ක්) උසයි. ලන්ඩනයේ මීටර් 310ක් උස ශාඞ් ගොඩනැගිල්ලට වඩා අඩි 92ක් උසින් වැඩියි.

ඉහළට පෙනෙන හැටි - මොස්කොව් නගරයේ මර්කරි සිටි කුලූනු ගොඩනැගිල්ල දැන් යුරෝපයේ ඇති උසම ගොඩනැගිල්ලයි.

ලෝකයේ ප‍්‍රථම බයෝනික කකුලෙන් ලොව උසම ගොඩනැගිල්ලක තට්ටු 103ක පඩිපෙළක් නගියි! විද්‍යාවේ තවත් විස්මිත ජයග‍්‍රහණයක්!

ඔහුගේ කකුලක් නැති වුණා, මෝටර් සයිකල් අනතුරකින්. ඊට පස්සේ ඔහුට කෘති‍්‍රම කකුලක් ලැබුණා. ඒක නිකම්ම නිකම් කකුලක් නෙමෙයි, බයෝනික පාදයක්. ඔහුගේ සිතිවිලිවලට අනුව කි‍්‍රයා කරන පාදයක්. මේ සැක් වවුටර්ගේ ඒ අපූරු කතාවයි.

ඔහු පසුගියදා මේ විස්මිත පාදය සමග තට්ටු 103ක් උස ගොඩනැගිල්ලක පඩිපෙළ තරණය කළා. චිකාගෝ නගරයේ විතරක් නොවෙයි මුළු උතුරු ඇමරිකාවේම උසම ගොඩනැගිල්ල වූ විලිස් ගොඩනැගිලි කුලූන තමයි ඔහු මෙසේ විප්ලවකාරී කෘති‍්‍රම පාදයෙන් නැග්ගේ.

ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ මේ විලිස් ගොඩනැගිල්ල තමයි කලින් සියර්ස් ගොඩනැගිල්ල නමින් ලෝක ප‍්‍රසිද්ධ වෙලා තිබුණේ.

වවුටර්ගේ දණහිසට ඉහළ පසුපසින් පිහිටි කණ්ඩරාවේ පේශීන්ගෙන් යැවෙන විද්යුත් ආවේගයන් අනුව කි‍්‍රයා කරන්න ඔහුගේ රොබෝටික පාදයට පුළුවන්. ඔහුගේ සිතිවිලි අනුව යමින් පාදයේ අවශ්‍ය චලනයන් නියම ආකාරයෙන් හා නියම වේගයෙන් කිරීමටත්, එහි ඇති මෝටර්, බෙල්ට්ස් හා දම්වැල් යොදා ගෙන කෘති‍්‍රම දණහිසත් වළලූකරත් සමපාතීයව කි‍්‍රයාකිරීමටත් මේ විස්මිත කෘති‍්‍රම පාදයට පුළුවන්.

ඇදහිය නොහැකි තරම් කි‍්‍රයාවක්! සැක් වවුටර්, චිකාගෝ නගරයේ තට්ටු 103ක විලිස් කුලූනු ගොඩනැගිල්ල ලෝකයේ ප‍්‍රථම ස්නායු-පාල…

රජ සබේදී - වටිනකම්ද? දුර්වලකම්ද? : නස්රුදින්ගේ තවත් කතාවක්

පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ කතා පොත් පෙළේ පළමු කොටසේ අලූත්ම මුද්‍රණයක් සීමාසහිත ඇම්. ඞී. ගුණසේන සමාගමෙන් පසුගියදා නිකුත් වුණා. ඒකෙන් එක කතාවක් ඔබේ ආස්වාදය සඳහා ඉදිරිපත් කරන්න මං කල්පනා කළා.

බිහිසුණු මුහුණක් මවා ගත් දුලබ සලබ කීටයෙක්! දකුණු අර්ධගෝලයේ තැන් පහක විතරමයි ජීවත්වෙන්නේ!

මේ සලබ කීටයා (දළඹුවා) මෙසේ මිනිස් හිස් කබලක් සේ මුහුණක් මවා ගන්නේ ඌ ගොදුරු කර ගන්නට එන විලෝපිකයන්ගෙන් ගැලවෙන්නට උපක‍්‍රමයක් හැටියටයි.

සොබාදහමේ හමුවන ‘හැලෝවීන් විලාසිතා’ තරගයක් පැවැත්වුවොත් මේ කීටයාට එහි ප‍්‍රථම ස්ථානය හිමි වනු නිසැකයි. (‘හැලෝවීන් විලාසිතා’ ලෙස මෙහි හැඳින්වූයේ ඔක්තෝබර 31 වැනිදාට යෙදෙන සියලූ සාන්තුවරයන්ගේ රාති‍්‍රයේ විවිධාකාරයේ වෙස්මුහුණු දමා ගෙන පවත්වන උත්සවයකදී හමුවන ඇඳුම් විලාසිතායි.)

මේ සුවිශේෂ රූප කාය අයත් වන්නේ ඕස්ටේ‍්‍රලියානු වැසිවනාන්තරවල දී හමු වන යටි තටු ලා රෝස පැහැති සලබයා (pink underwing moth) ගේ කීට අවස්ථාවටයි.

ඉතා දුලබ සලබ විශේෂයක එක් අවස්ථාවක් නිරූපණය කරන මේ දළඹුවකු සිය කැමරා කාචයට හසු කර ගන්න ඡායාරූප ශිල්පී ලූයී වෙබර් සමත් වුණා.

මේ සතාගේ මුහුණේ මිනිස් හිස් කබලක ඇස් හා දත් පිහිටන ආකාරයට රූප ලක්ෂණයක් දකින්න පුළුවන්. උගේ මේ ඇස් සහිත පෙනුම ඌව ගොදුරු කර ගන්න එන විලෝපිකයන් බියට පත් කර පළවා හරින්න තරම්
ප‍්‍රමාණවත්.

අපූරු වෙස් වළා ගැනීමක්! මේ සලබ කීටයා ඌ ගොදුරු කර ගන්නට එන විලෝපිකයන් ගෙන් ගැලවෙන්නට කරන උපායක්.