
ඔහුට ඉන්දියාවේ අග‍්‍රගණ්‍ය සංගීතඥයකු වූ ඔස්තාද් අලවුද්දීන් ඛාන් හමු වූයේ උදය ශංකර්ගේ නැටුම් කණ්ඩායමේ මෙවන් එක් සංචාරයක දීය. ඒ සංචාරයට උදය ශංකර්ගේ ඉල්ලීම පිට ආරාධිත විශේෂ ඉන්දියානු සංගීතඥයකු ලෙස ඔස්තාද් අලවුද්දීන් ඛාන් ද එක්ව සිටියේය. ඔහු මේ කුඩා කොලූ ගැටයා ගැන කෙතරම් පැහැදුණේ ද යත් සංගීතය ගැඹුරින් හදාරන්නට ඉන්දියාවේ මයිහාර් නුවර සිය අසපුවට එන ලෙස ඔහුට ඇරයුම් කළේය.
යුරෝපා සංචාරයෙන් පසු ආපසු එන විට ඔහුගේ මාපියන් මිය ගොස් තිබුණු අතර දෙවැනි ලෝක සංග‍්‍රමය ඇරඹී තිබුණෙන් ලෝක සංචාරයේ යෙදීම තවදුරටත් නොහැකි විය. ඔහුට අලවුද්දීන් ඛාන්ගේ ඇරයුම මතක් විය. නැටුම් ශිල්පය අත්හළ ඔහු භාරතීය ශාස්තී‍්‍රය සංගීතය ඉගෙන ගැනීමට අලවුද්දීන් ඛාන්ගේ ගුරුකුලයට එක් වීමට තීරණය කළේ ඒ අනුවය.
සංගීතය හැදෑරීමට තිබූ ආශාව සහ උනන්දුව හේතුවෙන් සුඛෝපබෝගී ජීවන රටාව වෙනස් කර ගත්තේය. රොබින්දෝර් ශෝන්කෝර් තුළින් ‘රවි ශංකර්’ නම් ලොව අසම සම සංගීතඥයා උපන්නේ එහි දීය.
අලවුද්දීන් ඛාන්ගේ ඇසුරේ දැඩි විනයකින් යුතුව සංගීතය හැදෑරූ ඔහු වාදක භාණ්ඩ ලෙස සිතාරය හා සුර්බහාරය පමණක් නොව රුද්‍ර වීණා හා රුබාබ් ආදිය ප‍්‍රගුණ කළේය. රාග ඉගෙන ගත්තේය. අලවුද්දීන් ඛාන්ගේ දරුවන් වූ අලි අක්බර් ඛාන් හා අන්නාපූර්ණා දේවී සමග ඉගෙන ගත් ඔහු 1939 දී අලි අක්බර් ඛාන් ප‍්‍රථම වරට වාද්‍ය ප‍්‍රසංගයක් පැවැත්වීය. එහි දී ඔහු සිතාරයත් අලි අක්බර් ඛාන් සරෝදයත් වාදනය කළ අතර සිතාරය සමග ඔහුගේ ‘රවි ශංකර් ’ යන නම බැඳී ගියේ ඉන්පසුව ය.

1994 දී පුහුණුව අවසන් කළ ඔහු මුම්බායි නගරයට විත් ඉන්දියානු මහජන නාට්‍ය සංගමයට බැඳී එහි මුද්‍රා නාට්‍යවලට සංගීත රචනා කළේය. ඉන්දියාවේ එච්එම්වී තැටි සමාගමේ නිෂ්පාදනවලට සංගීතය සැපයූ ඔහු ඉන්පසු ඉන්දියානු ගුවන් විදුලි සේවයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස බැඳුණේය.
1952 දී සත්‍යජිත් රායිගේ ලෝක ප‍්‍රකට ‘පාතර් පංචාලි‘ ඇතුළු ‘අපු චිත‍්‍රපට ති‍්‍රත්වයේ’ සංගීතය අධ්‍යක්ෂණය කරමින් ජගත් කලා විචාරකයන්ගේ පැසැසුමට ලක් විය. ඉන්පසු ‘ගෝදාන්’ ‘අනුරාධා’ ඇතුළු හින්දි චිත‍්‍රපට ගණනාවකට සංගීතය සැපයුවේය.
ඉන්දීය සාම්ප‍්‍රදායික සංගීතය බටහිරට ගෙන යාමේ වැඩි ගෞරවය හිමි වන්නේ රවි ශංකර්ටය. රිචඞ් ඇටන්බරෝගේ ‘ගාන්ධි’ චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ද රවි ශංකර්ය. ඒ සඳහා ඔහුට ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශකත්වයක් ද හිමි විය.
‘ලෝක සංගීතයේ මහා ගාන්ධර්වයා’ යන නමින් ද බටහිර සංගීත විචාරකයන් විසින් ශංකර් හඳුන්වා දී ඇත. කලාවට සිදුකළ මෙහෙවර වෙනුවෙන් ඉන්දීය රජය විසින් එරට ඉහළ සම්මානය වූ ‘භාරත රත්න’ සම්මානයෙන් ද ඔහු ඇගැයීමට ලක් කළේය. ඔහු ඇමෙරිකානු ග‍්‍රැමී සම්මාන තුනකින් ද පිදුම් ලැබුවේය.
ඇමරිකානු විශ්ව විද්‍යාලවල භාරතීය සංගීතය පිළිබඳ දේශන පවත්වමින් බටහිර ලෝකයේ සංගීත ප‍්‍රසංග පවත්වමින් ඔහු සිය ජීවිතයේ අග භාගයේ දී පදිංචිව සිටියේ ඇමරිකාවේය.
රවි ශංකර් 1986 සිට 1992 දක්වා ඉන්දියාවේ රාජ්‍ය සභාවේ ඉහළ මන්තී‍්‍ර මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් පත් කරනු ලැබීය.
රවි ශංකර් එක්සත් රාජධානියේ අවසාන වරට සංගීත චාරිකාවක යෙදුණේ 2011 දීය. ඔහු සමග සංගීත චාරිකාවට ඔහුගේ බාල දියණිය අනොෂ්කා ශන්කර් ද එක් විය. ඇය ද අති දක්ෂ සිතාර් වාදන ශිල්පිණියකි.
අග‍්‍ර ගණ්‍ය සිතාර් වාදකයකු මෙන්ම ලෝක පූජිත සංගීතඥයකු ලෙස නොමඳ ප‍්‍රශංසා ලබමින් ශතක නවයකට ආසන්න කාලයක් තිස්සේ පෙර අපරදෙදිගම කීර්තියට පත් ඉන්දීය ජාතික සංගීතඥ පණ්ඩිත් රවි ශංකර් 2012 දෙසැම්බර් 11 වැනිදා රාති‍්‍රයේ මෙලොවින් සමු ගත්තේය.
ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන්ඩියේගෝ නුවර පදිංචි වී සිටි රවි ශංකර් අයපහත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් හදිසියේම පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු බවත් හදවත් සැත්කමකින් පසුව අභාවප‍්‍රාප්ත වූ බවත් වාර්තා විය. එම අවස්ථාවේ ඔහුගේ බිරිය සහ දියණිය ද ඔහු අසල සිටියහ.
රවි ශංකර් ඉන්දියාවේ අභිමානය බවත් ඔහුගේ අභාවය ගැන ඉන්දියාව පමණක් නොව මුළු ලොවම කම්පාවට පත් වන බවත් ඉන්දීය අගමැති මන්මෝහන් සිං ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පැවැසීය. මිය යන විට පණ්ඩිත් රවි ශංකර්ගේ වයස අවුරුදු 92 ක් විය.
2 Comments
He is the great. We love him.
ReplyDeleteමම ආසම වාදකයෙක් තමා මේ...දැන් මෙයාගේ දුවත් මෙයාට දෙවෙනි නැතුව ඉන්නවා.......
ReplyDelete