Skip to main content

Posts

Showing posts from 2020

කෝවිඩ් -19 වෛරසය ආවේ හෝඩි පොතේ ඈයාගෙන්ද? කබල්ලෑවාගේ අන්තර් ජාතික දිනය අදයි.

අපේ සිංහල හෝඩියේ වෙනත් කිසිම බසක නැති ශබ්ද දෙකක් හැඳින්වීමට අකුරු දෙකක් තියෙනවා. ඒ දුර්ලභ අකුරු දෙක වූ ‘ඇ, ඈ’ යන අකුරු හැඳින්වීමට අපේ පැරණි හෝඩි පොතක දුර්ලභ සතකුගේ රූපයක් යොදා තිබුණා මට මතකයි. ඒ ‘ඈ’ අකුර සඳහා යොදා තිබූ ‘ඈයා’ නම් සතාගේ රූපයයි. ඒ ඈයා අන් කිසිවකු නොව කබල්ලෑවායි. අද කබල්ලෑවා ගැන කතා කිරීම වැදගත් වන්නේ කරුණු දෙකක් නිසයි. එකක් ඔවුන් සඳහා වෙන් කළ අන්තර්ජාතික දිනය අදට යෙදී තිබීමයි. ලෝකයේ වඳ වී යන සතුන් අතර ඉහළම තැනක වැජඹෙන කබල්ලෑවා ගැන ලොව පුරා කතාබහ කෙරෙන, ඔවුන් රැක ගැනීමට අවධානය යොමු කරවන සුවිශේෂී දිනය අදයි. අනෙක් කරුණ අද ලොව කැලඹූ මාරක රෝග තත්වය ඇති කළ ‘කෝවිඩ්-19’ වෛරසය අපට ආවේ කබල්ලෑවාගෙන්ද යන මතයි.


කබල්ලෑවා මටත් සුවිශේෂ සතෙක්. ඒ මා කුඩා කාලයේ මුලින් ම මට සජීවී ව හමු වූ වනජීවියා කබල්ලෑවා වීමයි. මීට වසර 70කට පෙර අප වාසය කළේ නිකවැරටියෙන් සැතැපුම් 18ක් පමණ ඈතින් පිහිටි පහළ මාවතගම නම් දුෂ්කර පාසලක ගුරු නිවාසයෙහියි. එක් උදෑසනක ඒ ගම්වැසි දඩයක්කාරයෙකු ලේ පෙරෙන කොටි අතක් සමඟ කබල්ලෑවෙකු රැගෙන අවේ මගේ පියාට පෙන්වීමටයි. ඔහු දුටු ඒ අපූරු දසුන විස්තර කළ හැටි මට අද වගේ මතකයි.

‘ලොකු …

මවත් පියාත් බේරා ගෙන කොවිඩ් -19 වෛරසයට දිවි දුන් එය සොයා ගත් වෛද්‍යවරයා!

‘කොවිඩ් -19’ මාරක වෛරසයක් ලෙස මුලින් ම හඳුනා ගනිමින්, එය ඉක්මනින් පැතිරෙන, පෙනහලුවලට හානිකරන, අමුතු මාදිලියේ වෛරසයක් බව, චීනයේ වූහාන් වැසියන්ටත්, වූහාන් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියන්ටත් පළමුවෙන් අනතුරු ඇඟ වූයේ ලී වෙන්ලියැං (Li Wenliang) නමැති 34 හැවිරිදි අක්ෂි වෛද්‍යවරයායි. වෛද්‍ය ලී කළ අනතුරු ඇඟවීම් බලධාරීන් ගණන් නොගත් අතර, අනියත බියක් පතුරුවනවා යැයි පොලිසියේ අඩන්තේට්ටම්වලටද ඒ වෛද්‍ය වරයා ලක් විය. පසුගිය පෙබරවාරි 7 වැනිදා අලුයම වෛද්‍ය ලී වෙන්ලියැං අවසන් සුසුම් හෙළුවේ ඒ, ‘කොවිඩ් -19’ වෛරසයටම බිලි වෙමිනි.


මේ බව ඔහුගේ වෛද්‍ය සගයකු විසින් චීනයට පමණක් සීමා වූ වීබෝ නම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිය බ්ලොගය මගින් හෙළිදරවු කළාට පසු එ් පුවත ලැව් ගින්නක්සේ පැතිර ගියේ වුහාන් පාලන අධිකාරියට හා පොලීසියට දැඩි ලෙස විරෝධය පළ කළ කමෙන්ටු සමගයි. එක් දිනක් තුළ චීන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කළ කමෙන්ටු පන්ලක්ෂකට අධික ප්‍රමාණයක් වූ අතර එ් විරෝධයේ උණුසුම චීන ජනාධිපති ෂීට පවා දැනුනා. ඒ අනුව ජනාධිපතිවරයා වූහාන් නගරයේ ප්‍රධානියා ඇතුළු වගකිවයුතු නිලධාරින් වෙනස් කර ඒ සඳහා ෂැංහයි නගරාධිපතිවරයා ඇතුළු පිරිසක…

ලොව අංක එකේ මාරයා ‘කොවිඩ් -19’ (COVID-19) තවමත් නිදැල්ලේ!

පසුගිය සති කීපය තුළ ලොව හෙල්ලූ කොරෝනා වෛරස විශේෂයට දැන් නමක් දීලා තියෙනවා. ලෝක සෙෳඛ්‍ය සංවිධානය විසින් එයට දී ඇති නම ‘කොවිඩ් -19’ (COVID-19) යන්නයි. CO යන කොටසින් කොරෝනා යන්නත් VI යන කොටසින් වෛරස යන්නත් D යන අකුරෙන් රෝගයක් යන්නත් 19 න් එය මුලින්ම හමුවූ වසරත් දැක්වෙනවා. මෙසේ නම් කරන්නට හේතුව මෙතෙක් එවැනි වෛරස හමුවූ ප්‍රදේශ හා ඒවාට ඈඳුණු සතුන්ගේ නම් යොදා ගැනීම නිසා ඇතිවන අගතිය දුරු කර ලන්නටයි.


‘කොවිඩ් -19’ වෛරසය දැන් සෙෳඛ්‍ය ප්‍රශ්නයකට වඩා දේශපාලන හා ආර්ථික ප්‍රශ්නයක් වෙලා ඉවරයි. චීනය තුළ පමණක් නොව ලොව පුරා රටවලට සංචාරක කටයුතුවලට ඉන් බාධා පැමුණුණා පමණක් නොව වෙළෙඳ ගනුදෙනුවලට, භාණ්ඩ හුවමාරුවට පවා තහංචි පැනවීමට හේතු වුණා. මහජනයා විශාල වශයෙන් සහභාගිවන අන්තර් ජාතික උත්සව හා ක්‍රීඩා කරග සියල්ලම නවතා දමා ඉවරයි. ඇමරිකාව ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් චීනයෙන් එන ගුවන් ගමන්, නැව් ගමන් පැමිණීම සම්පූර්ණයෙන් ම තහනම් කරලා. තවමත් එහි ඇති අනතුරුදායක බව පහව ගිහින් නැහැ. ලොව අංක එකේ මාරයා ලෙස හැඳින්වෙන මේ වෛරසය වැළැක්වීමට එන්නතක් තවමත් නිපදවා නැහැ. දැනට සොයා ගෙන ඇති එම එන්නත එන්නට තවත් මාස 18ක් පමණ ගත වන …

දැනුම දෙන විස්මිත එක්ටැම් ගෙයක් මහ මඟ දුටිමි!

නවසීලන්තයේ අප නැවතී සිටි නිවහනේ සිට ෂැපර්රොක් මාවතේ ඇවිද ගෙන යන විට මට අපූරු එක් ටැම් ගෙයක් දක්නට ලැබුණා. එය දැනුම දෙන එක් ටැම්ගෙයක්. තවත් විදියකින් කීවොත් ලී කණුවක් මත පිහිටි කුඩා පුස්තකාලයක්. ‘ෆ්‍රී ලිට්ල් ලයිබ්‍රරි’ කියා ලියා තිබු එය පිහිටියේ කුඩා උද්‍යානයක් අසල දැව කණුවක් මතයි. ඒ තුළ පොත් 50ක විතර එකතුවක් තිබුණා. එය මෙහි දක්නට ලැබෙන ප්‍රජා සත්කාර සේවයක්. එය එහි ඇති පොත් ගෙන ගොස් කියවා නැවත තබන ලෙසත් කැමති නම් තවත් පොත් එකතු කරන ලෙසත් එහි ඉල්ලීමක් කර තිබුණා. එහි වූ කුඩා නාම පුවරුවෙහි සඳහන් වූයේ එය හේමා ජයසූරියගේ පොදු සේවාවක් ලෙස කළ පරිත්‍යාගයක් කියායි. ‘ජයසූරිය’ යන නම සිංහල අපට නුහුරු එකක් නොවෙයි.

‍මේ ගැන මම, ඕක්ලන්ඩ් පුස්තකාල සේවයේ නියුතු මගේ ඥාති දියණියක වූ සුරනී සමග කී විට ඇය කීවේ පරිත්‍යාගශීලී පුද්ගලයන් විසින් තමන්ගේ රුචි පරිදි එවැනි එක්ටැම් ගේ පුස්තකාල මහ මඟ සිටුවා ඇති බවයි. නගරාධිකාරියේ අවසරය ඇතිව ඉදිකර ඇති ඒවා නිදහස් පුස්තකාල ලෙසයි සැලකෙන්නේ. ඒවාට අගුල් නැහැ. මහ මඟ යන ඕනෑම කෙනෙකුට එයින් පොතක් රැගෙන ගොස් කියවා ආපසු ගෙනවුත් තැබිය හැකියි.


මේ එක් ටැම් ගේ පුස්තකාලය නිසා මට නවසී…

ලොව වෙනත් කොහේවත් නැති ජපානයේ ඇති අරුම පුදුම දේ!

ලිපි ගණනාවකින් කිව හැකි දේ එක ඡායාරූපයකින් තත්පරයකින් කියන්න පුළුවන්. ඒ වගේ ඡායාරූප 30ක් තමා මේ සමඟ පළවෙන්නෙ. ජපානයේ සංචාරයක යෙදෙන්න මේ ඡායාරූපවලින් ඔබට පුළුවන්. මේ ඡායාරූප චාරිකාවේ දී ලෝකයේ වෙනත් කොහේවත් නැති අරුම පුදුම දේවල් ජපානයේ දී ඔබට දැක ගත හැකියි. මේවා දකින විට ඔබට හිතෙන්න බැරිකමක් නෑ මේ වෙනත් ග්‍රහ ලෝකයක ඇති රටක ඒවාය කියා.


1. ජපානයේ බීම කෑන්වල මුදුණේ අන්ධ අයට කියවිය හැකි වන පරිදි බ්‍රේල්වලින් එහි විස්තර දක්වා තියෙන බව.

2. පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ දී ජපානය තරඟ වැදුණු දා තරඟය අවසානයේ දී ක්‍රීඩා ලෝලීන් තරඟයෙන් පසු පිටියේ ‍රැ‍ඳී සිටිමින් එය සම්පූර්ණයෙන් පිරිසිදු කළ අයුරු.

3. ජපානයේ බොහෝ වැසිකිළිවල බිත්තියේ ‘බේබි සීට්’ ඇති බව.

4. ඔබ දෑත් සෝදන ජලය ඊළඟ වතාවේ වැසිකිළිය සෝදා හැරීමට යොදා ගත හැකි වැසිකිළි ඇති බව.

5. ජපානයේ ජලාපවාහන කානු පද්ධති කොයි තරම් පිරිසිදු යත් ඒවායේ කොයි මසුන් ජීවත් වන බව.

6. ජපානයේ කුඩා දරුවන් පවා කෘතගුණ දැක්වීම අරමුණු කර ගෙන තම පාසල පිරිසිදු කර ගැනීමට වෙහෙසෙන බව.

7. ජපානයේ ටොරියු සුබාෂා දුම්රිය තුළ විනෝද ගමන් යද්දී දෙපා දෝවනය කළ හැකි ජල ටැංකි තබා ඇති බව.

8. ර…

නිදි නැති රැයක කළ පැතුමකින් මතු වූ අපේ ජාතික ගීය

අපේ ජාතික ගීය ලියුවේ කවුද? එහි තනුව කාගේ ද? වර්තමාන බුද්ධිමය දේපළ පනතට අනුව එහි හිමිකම කවුරුන් සතු ද? කොටින් ම කියතොත් එය කාගේ නිර්මාණයක් ද? මේ ප්‍රශ්න සියල්ලටම උත්තරය එක ම නමකි. ඒ ආනන්ද සමරකෝන් ය. එහෙත් ඒ නම එසේ නොවන්නට තරම් හේතු කාරණා සිදු වූ බව එහි අතීත කථාව විමසා බලන විට පෙනේ.
ජාතික ගීය සමග එසවෙන ජාතික ධජය
ලෝකයේ රටවල් හැම එකකට ම පාහේ ජාතික ගී තිබේ. ඒ ජාතික ගී හැම එකකට ම රසවත් පසුබිම් කථාවක් තිබේ. එයින් ඉන් ඉන්දියාවේ ජාතික ගීයත් බංග්ලාදේශයේ ජාතික ගීයත් සුවිශේෂීය. එය ගයන්නේ එකම බසකිනි. එනම් බෙංගාලි බසෙනි. එරට අනෙක් භාෂා කතා කරන අය ඊට විරෝධය පාන්නේ නැත. ඒ දෙකෙහිම රචනය, තනුව හා මුල් ගායනය එකම අයකුගේය. ඒ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ගේය. රටවල් දෙකකටම ජාතික ගී සම්පාදනය කරන්නට තරම් එතුමා භාග්‍යවන්ත විය. ඒ වාගේ ම මාලදිවයින් ජාතික ගීයත් අපට සුවිශේෂය. ඒ එහි තනුව ආචාර්ය ඩබ්ලිව්. ඞී. අමරදේවගේ නිසාය. මාලදිවයින් ජාතික ගීයේ වදන්පෙළ එරට ප්‍රකට කවියකු හා දේශපාලනඥයකු වූ මුහමද් ජමීල් ඩිඩී ගේය.

මෙක්සිකෝවේ ජාතික ගීය වෙනුවෙන් තරගයක් පවත්වනු ලැබීය. ෆ්‍රැන්සිස්කෝ ගොන්සාලිස් බොකනෙග්‍රා නම් කවියා ගේ ද…

නැති වූ අම්මා සොයන කුඩා දරුවා!

සියවස් ගණනක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සතුව තිබූ නිදහස නැති වී ගිය විට ජනතාව තුළ හට ගත් කම්පනය, ඉතා ව්‍යක්ත ලෙස පළ කෙරෙන කතාවක් වෙයි.

මේ කතාව ඉන්දියාවේ මුල්ක්රාජ් ආනන්ද් නම් නිර්මාණකරුවාගේ කෘතියකි.

ඒ මෙසේය.

මවක් සිය දරුවා සමග සැණකෙළි බිමකට යන්නීය. විශාල ජනකාය මැද්දේ ගමන් කරන කුඩා දරුවා, සිය මාතාවගේ අත තදින් අල්ලා ගෙන සිටී.

මෙසේ සැණකෙළි බිමේ අසිරිය බලමින් යන කුඩා දරුවා වර්ණවත් බැලුම් බෝල දකී. ‘අම්මේ මට බැලුම් බෝල ඕනෑ’ යැයි දරුවා කියන්නේය. ‘නෑ පුතා අපි යමු’ යැයි කියමින් මව දරුවා ඇද ගෙන යන්නීය.

දරුවා ඉනික්බිතිව දකින්නේ රසකැවිලි සල්පිලකි. ‘නෑ පුතා අපි යමු’ යැයි කියා මාතාව දරුවා ගෙන යන්නීය.


දරුවා වරින් වර, සෙල්ලම් බඩු, වෛවර්ණ ඇඳුම් පැලඳුම් ඉල්ලා සිටී. මව ඒ කිසිත් නොතකා දරුවා පෙරට ගෙන යන්නීය.

මෙසේ යන අතර දරුවාට සිය මාතාවගේ ග්‍රහණය අත හැරේ.

අම්මාගේ ඇඟිලි තුඩුවල ග්‍රහණය නැති වී යන දරුවා, මහ හඬින් කෑ ගසන්නට වෙයි.

දරුවා අඬන විට සැණකෙළියේ සංවිධායකයෝ ඔහු වෙත එති. ‘දරුවා, ඔබට බැලුම් බෝල ඕනෑද?’

‘නෑ මට, අම්මා ඕනෑ’

‘දරුවා, රසකැවිලි ඕනෑද?’

‘නෑ මට ඕනෑ මගේ අම්මා’

අම්මාගේ අතේ එල්ලී යන විට ඉල්ලූ කිසිම දෙයක් දැ…

නවසීලන්තයේ විස්මිත රුක්දෙවියා සොයා ගියෙමි

නවසීලන්තයට අයත් උතුරුලන්තයේ වයිපෝවා කව්රි වනාන්තරයේදී මේ යෝධ රුක්දෙවියා දැක ගත හැකිය. වසර දෙදහසක් තිස්සේ මෙහි වජඹෙන මේ යෝධයා මුලින්ම ඉර පායන රටට වූ මේ උත්තර දේශය දෙස නිහඬව බලා සිටියේය. ඔහුට කතා කළ හැකි නම් ඒ දිගු කතාව අපට පවසනු ඇත. ඔහුගේ දරුවන් ලෙස සිටි මහා වෘක්ෂ සමුදායත්, කුරුල්ලන් ඇතුළු අතීතයේ සිටි සියල්ලක් ම දැන් නැත. දැන් ඉතිරිව ඇත්තේ ඒ අතරින් සුවිශේෂ වූ කිවි පක්ෂියා පමණය. ඒ පක්ෂියා සංකේතවත් කර ගෙන මෑත යුගයේ ඔහුගේ දරුවන් බවට පත් වූ නවසීලන්ත වැසියෝ මේ යෝධයාව මහත් වූ පරිශ්‍රමයක් දරමින් ඔහුට මිය යා නොදී රැක බලා ගනිති.

නවසීලන්තයේ වනස්පති
පසුගියදා මෙම යෝධයා ඇතුළු කව්රි ගස් රාශියට දරුණු රෝගයක් වැලඳීමේ අවදානමක් ඇති විය. කව්රි ඩයි බෑක් ඩිසීස් කියා හැඳින්වුණු ඒ රෝගය නිසා කව්රි වනාන්තරයේ බොහෝ ගස් දිරා යන්නට විය. දැන් ඒ අනතුරෙන් ඒ වනසම්පත රැක ගැනීමට විශේෂ පියවර ගෙන තිබේ. එහි එන සංචාරකයන්ට ඒ මං පෙතට ඇතුළු විය හැක්කේ දෙපා (සපත්තු පිටින්) සෝදා ගැනීමෙන් අනතුරුවය. වනපෙතෙහි ඇවිද යන අයට ඒ රක්ෂිත වෘක්ෂවලට ළං වීමට නොහැකි වන සේ ආරක්ෂිත වැට ද යොදා ඇත.

ඒ ‍යෝධ වෘක්ෂය ඉදිරිපිට සවි කර ඇති පුවරුවක එහි අතීත ක…

වඳවී ඇතැයි සිතූ කළු කොටියා සිරිපා අඩවියෙන් මතු වේ!

ඉතා දුර්ලභ සතකු ‍ලෙස සැලකෙන කළු කොටි පවුලක් ම කැමරාවට හසුකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් දෙපළක් පසුගියදා සමත් වී තිබේ. පිරිමි සතකු, ගැහැනු සතකු හා පැටවුන් දෙදෙනකු මෙම පවුලට අයත්ය. මේ සතුන් හසු වූයේ වන රක්ෂිතයේ අටවන ලද විශේෂ ස්වයංක්‍රීය කැමරාවකටය. ගැමියන්ගෙන් ලද ඔත්තුවක් මත මෙම විශේෂ චලන සංවේදී විමර්ශන කැමරා සවි කරන ලද්දේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන සහ මනෝජ් අකලංක පිනිදිය යන දෙපළ විසිනි. වසර කීපයකට පෙර උගුල්වලට හසුව මරණයට පත් ව හමු වූ මෙම සතකුගේ මළ සිරුරක් හැරෙන්නට උන් ජීවත්ව සිටින බවට කිසිදු ආරංචියක් මේ වන තෙක් ලැබී තිබුණේ නැත.

කළු කොටියා යළි උපදියි!
‘ශ්‍රී ලංකාවේ කළු කොටියාට මේ සුවිශේෂ ලක්ෂණය ඇති වී තියෙන්නේ සිරුරේ වර්ණවල ඇති වූ විකෘතියක් නිසයි. ලෝකයේ වෙසෙන කළු දිවි විශේෂ අට අතරට නොවැටෙන  විශේෂයක් ලෙස මේ කළු කොටියා දුර්ලභ සතකු ලෙස සැලකෙන්නේ ඔවුන්ගේ ගහනයෙහි ඇති සීමිත බව හේතුවෙන්.’ ශ්‍රී ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෂිනි සරච්චන්ද්‍ර කියයි.

අපේ සාමාන්‍ය කොටියාගේ හැඩයෙන් යුතු වුවද  කහ දුඹුරු මුසු සමෙහි ඇති කළු පුල්ලි වෙනුවට කළු පැහැය මුළු සිරුර පුරා ම විහිදී ඇ…

මෙලොව සිටින හැම මිනිහකු ම ප්‍රකෝටිපතියකු කළ හැකි ග්‍රහකයකට යන්න ලෑස්තියි!

මෑතකදී පුවතක් ආවා, ඇමරිකාවේ නාසා ආයතනය, ඩොලර් දස ක්වින්ටිලියනයක් වටිනා රන් හා ලෝහවලින් යුත් ග්‍රහකයක් වෙත ගොස් එහි ඇති වටිනා මූල ද්‍රව්‍ය පෘථිවියට ගෙන ඒමට වැඩ පිළිවෙළක් සැකසීම ගැන ඇමෙරිකාවේ සමාගම් කීපයක් සමග කළ සාකච්ඡා කළ බව කියැවෙන. ග්‍රහක වළල්ලේ ඇති විශාලතම ග්‍රහක දහයෙන් එකක් වන මේ සයිකීස් 16 (psyche 16) කියන මේ ග්‍රහකයේ ඇති රන් පොළොවට රැගෙන ආවොත් මෙහි වෙසෙන හැම මිනිහෙක්ම බිලියන පතියකු කළ හැකියි කියලයි කියන්නේ.



ක්වින්ටිලියනයක් යනු කුමක්ද?


ක්වොඩ්‍රිලියනයක් දහසකින් වැඩි කළ විට ලැබෙන සංඛ්‍යාව ක්වින්ටිලියනයක්. එනම් ත්‍රිලියනය මිලියනයකින් වැඩි කළ විට ලැබෙන සංඛ්‍යාවයි. මොකක්ද ක්වොඩ්‍රිලිනයක් කියන්නේ ? කෙ‍ා‍යි වගේ සංඛ්‍යාවක්ද? ඒක ලියන්නේ කොහොමද? මුලින් මෙය තේරුම් ගැනීම පහසුවෙන්න මිලියනය කියන්නේ කීයද කියා බලමු. මිලියනයට කලක් අපි කීවේ දශ ලක්ෂය කියලයි. ඒ කියන්නේ එකයි බින්දු හයකින් ලියන සංඛ්‍යාවකටයි. ලක්ෂය කියන්නේ එකයි බින්දු පහකටයි. ලොකු සංඛ්‍යාවලට එන කොට ලක්ෂවලින් කියන එක අමාරුයි. ඒ නිසා අපි දශ ලක්ෂයට මිලියනය (million) කියනවා. ඊළඟට ඇති ලොකුම සංඛ්‍යාවට අපි බිලියනය (billion) කියලත්, ඒ අනුව ඊළඟ…

පෙරළුණු කාසියෙන් මතු වූ විස්කම් අදහස!

මීට වසර 190කට ඉස්සර දවසක ස්කොට්ලන්තයේ කම්මල්කරුවෙක් කම්මලේ වැඩ කර වෙහෙස මහන්සි වී හවස් ජාමේ අවන්හලකට ගොඩ වැදී බීම වීදුරුවක් තොලගාමින් සිටියා. ඔහු සිය අතෙහි ඇඟිලි අතර රුවා ගත් පැන්සයේ කාසියක් මේසය මත එහා මෙහා කරමින් හුදෙකලාව විනෝද වෙමින් සිටියා. හිටිහැටියේ ම කාසිය මේසයෙන් ඉවතට විසිවී බිම වැටී පෙරළී ගියා. ඔහු එය අතට ගැනීමට නැඟිටියද වැටුණු කාසිය දිගටම පෙරළුණා. ඔහු නැඟිට ඒ දෙස බලා සිටියා. කාසිය පෙරළීම නතර කර පැත්ත වැටුණේ අවන්හලේ බිම සෑහෙන දුරක් ගිහින්. ඔහුට වුණු අකරතැබ්බය දැන අවට සිටි පිරිස් හිනා වුණා. ඔහු හෙමින් හෙමින් එය අහුලා ගත්තා. ආපසු ඇවිත් කාසිය යළිත් වරක් ‍මේසය මත පෙරළන්න තැත් කළා. කාසිය කලින් විදියටම පෙරළී ගියා. අවට සිටි පිරිස් පොඩි ළමයකු මෙන් සෙල්ලම් කරමින් සිටි මිනිසාට හිනා වුණා මිස ඔහු ගැන තැකීමක් කළේ නැහැ.

බයිසිකලයෙන් අනතුරු- ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පත්‍රයේ කාටූනයක්
ඔහු තමයි, ස්කොට්ලන්ත ජාතික කර්ක්පැට්රික් මැක්මිලන්. කලින් දා පෙරළුණු කාසිය ඔහුගේ ඔළුවට ඇතුළු කළ අදහස ක්‍රියාවට නංවන්න පහුවදාම ඔහු වැඩ පටන් ගත්තා. ඔහු පරණ අශ්ව කරත්තයක ඉදිරි රෝදයක් හා පසුපස රෝදයක් එකක් පසු එකක්…

වසර 2,700 ක් පැරණි අපස්මාර යක්ෂයෙක් සොයා ගනියි!

ඉරාකයෙන් සොයා ගත් වසර 2700ක් පැරණි මැටි පුවරුවකින් තමයි, අපස්මාරය ඇති කරන යක්ෂයාගේ රූපය සොයා ගෙන තියෙන්නේ. ඒ අනුව පුරාණ ඇසිරියානුවන් අපස්මාරය නමැති රෝගයට හේතුව මේ යක්ෂයාගේ බැල්ම වැටීම නිසා බව විශ්වාස කර ඇති බවයි, එයින් පෙනෙන්නේ. මෙය ඒ කාලයේ ඇසිරියානු වෛද්‍යවරුන්ට, රෝගවලට හේතු හා ඒවා හඳුනා ගැනීමටත්, ඒවාට ප්‍රතිකාර කිරීමට ඔවුන් පුහුණු කිරීමේදී යොදා ගත් සටහන් බවයි කියැවෙන්නේ.

වසර දශක දෙකකට පෙර, වර්තමාන ඉරාකයෙන් සොයා ගන්නා ලද ඇසිරියානු කීලාකාර අක්ෂර සඳහන් මැටි පුවරුවක තිබී මේ අපූරු යක්ෂ රූපය මතුකර ගැනීමට පුරාවිද්‍යා පර්යේෂකයකු වූ ආචාර්ය ටොරියල්ස් ප්‍රෑන්ක් ආබෝල් (Troels Prank Arboll) සමත් වී තියෙන්නේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේදියි. මේ විස්මිත සොයා ගැනීම කර ඇත්තේ ඔහු ඒ කීලාකාර අක්ෂර කියවීමට කළ උත්සාහයකදීයි. එහි ඇතුළත් කරුණුවලට අදාළ රූපයක් තමා මෙසේ මතුවී ඇත්තේ.

මේ විස්මිත සිදු වීම සොයාගත් පර්යේෂක ආචාර්ය ආබෝල්

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අතීතයේ භූත විද්‍යාවලින් රෝග සුවකිරීම බහුලව පැවතියත් මේ මැටි පුවරුවල සඳහන්ව ඇති දේ අනුව වෛද්‍ය විද්‍යාත්මක අතිනුත් කරුණු දක්වා ඇති බවයි.

මෙවැනි …

අද අවසන් ගමන් යන අපේ කලා ලොවේ යුග පුරුෂයා - ජයලත් මනෝරත්න

සමාජය පිළිගත් ජනප්‍රිය පුද්ගලයන්ට ආචාර්ය උපාධි පිරිනැමීම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක විශ්ව විද්‍යාලවල සිරිතක්. එසේ නොවී තමා ම උපයා ගත් ආචාර්ය උපාධියක් ඇති කීර්තිමත් කලාකරුවෙක් අප අතර ඉන්නවා. ඒ අන්කිසිවකු නොව පසුගියදා අප අතරින් වයෝ වූ අපේ අසම සම කලාකරු, කලාසූරී, කලාකීර්ති ජයලත් මනෝරත්නයි. මනෝරත්නට කලින් දිවංගත මහගම සේකරත් ඒ හපන්කම කර තිබුණා. ආචාර්ය උපාධිය සඳහා සේකර නිබන්ධයක් කර අනුමත වී තිබුණත් ඔහුට මිය යනතුරුම ආචාර්ය උපාධිය පිරිනැමුණේ නැහැ. ඒ විතරක් නොවෙයි ඔහුට ඒ ආචාර්ය උපාධිය පිරිනැමුණේ ඔහුගේ මරණයෙන් වසර විසිපහකට පසුවයි. මා හිතන්නේ ඒකත් ලෝක වාර්තාවක්. ඒ අතින් අපේ අසම සම කලාකරුවා වාසනාවන්තයි. ඔහු මිය යනවිට එසේ ලබා ගත් ආචාර්ය උපාධි දෙකක් ම තිබුණා. ඒ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.



මනෝ රංගනයට පිවිසියේ පාසල් වියේ දීමයි. ඒ පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා වූ සුනිල් ශ්‍රියානන්දගේ මග පෙන්වීම යටතේයි.’අස්ස ගුඩුං’ නම් වූ ළමා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපා ඇරඹූ ඒ ගමන වේදිකා නාට්‍ය අසූවකටත් වැඩි ගණනක් දක්වා විහිදුණා. එයින් වේදිකා නාට්‍ය අටක් ඔහු විසින්ම රච…

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක් දෙකඩ කළ මල් ගසක්!

මෙතෙක් වඳ වී ගිය ශාකයක් ලෙස සලකනු ලැබූ ශාකයක් හදිසියේ මතු වීම හේතුවෙන් මහනුවර අධිවේගී මාර්ගය දෙකඩ වී යන ලකුණු පහළ වී තියෙනවා. මේ තත්වය ඇති වි තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පරිසරවේදියකු වූ හිමේෂ් ඩිල්රුවන් ජයසිංහගේ හපන්කමක් නිසයි. මා මෙය හපන්කමක් ලෙස දකින්නේ අධිවේගී මාර්ගය තැනීමට අවසර දීමට පෙර මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ ප්‍රදේශයේ පූර්ණ පරීක්ෂණයක් කර මේ මාර්ගය තැනීමෙන් පාරිසරික හානි කිසිවක් නැතැයි නිගමනය කර තිබූ නිසයි.

ඩිල්රුවන් වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක්. ඒත් අද පරිසර විද්‍යාඥයෙක්. තරුණ සත්වවේදීන්ගේ සංගමයට බැඳී එයින් ලත් දැකීම්වලින් පසුව ඔහු තේරුම් ගත්තා ඔහුගේ ඉදිරි ගමන් මග මේ අතට යොමු කළ යුතු බව. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අස්වෙලා ඔහු පරිසරවේදියකු වීම නිසා තමයි මේ සොයා ගැනීම කළ හැකි වුණේ.

පරිසර විද්‍යඥ ඩිල්රුවන් ජයසිංහ
ඩිල්රුවන් තම සොයා ගැනීම ගැන බීබීසී සිංහල සේවයට අදහස් පළ තිබුණේ මෙයෙමයි.

‘දැනට තනා ගෙන යන මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත ඉඳන් මීරිගමට යන කොටසේ දාරළුව ප්‍රදේශයේ දී තමයි, අපට මේ ශාකය මුණ ගැහුණේ. මේ ප්‍රදේශය ගැන කලින් තත්ව වාර්තාවක් කර බලා මාර්ගය තැනීමට මධ්‍යම පරිසර අධිකාරිය…

අතක් නැතිව උපන් පාසල් දැරියකට විස්මිත අතක්!

එංගලන්තයේ ස්ටැපර්ඩ්ෂයර්වල ස්ටෝක් ඔන් ට්‍රෙන්ට්වල උපන් හොලී ලෝන්ඩ්ස්ට උපදින කොට සුරතක් තිබුනෙ නෑ. ඇය උපන්නෙ දකුණු අත නැතිවයි. අවුරුදු 11ක් වෙනකම්ම ඇයට වැඩ කර ගන්න සිදුවුනේ වම් අතින් විතරයි. ඇයට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒත් ඇය ගැන කනගාටු වුනේ නැහැ. තමාට පුළුවන් විදියට වම් අතින් ඔක්කොම වැඩ කර ගත්තා. ලියන්න ඉගෙන ගත්තා. පොතේ පතේ වැඩ කළා. දෑතින් කළයුතු වැඩට දකුණු අතේ අත්ල නැති කොටසත් සම්බන්ධ කරන ගෙන පාසලේ කටයුතු කොහොම හරි කර ගත්තා. පාසලේදී අත් තියෙන ළමයින්ගේ ඇස්වලට මේක ප්‍රශ්නයක් වුණා. ඔවුන් හිනා වුණා. ඇනුම්පද කිව්වා. පුංචි ඇගේ හිතට ඒ නිසා වේදනාවක් ඇති වුණා.

හොලී ඇගේ පියා වූ ස්ටීවන් ලෝන්ඩ්ස් සමඟ ‘හීරෝ ආම්’ අත සවි කළ පසු.
ඒත් දැන් ඒ ප්‍රශ්නය විසඳිලා. එකොළොස් හැවිරිදි වියේදි දැන් ඇයට බයොනික් අතක් ලැබිලා. පසුගිය අවුරුද්දේ සැප්තැම්බරයේදි තමයි, මේ විස්මිත අත සවි කළේ. ඇය තාමත් ඒ කෘත්‍රිම අතට හුරුවෙන්න හදනවා.

හැම එකකටම වම් අත පාවිච්චි කරලා වැඩ කර ගෙන ඉඳලා දකුණු අතින් වැඩ කරන එක මුලදි හොලීට ටිකක් අමාරු වුණා. ඒත් දැන් ඇයට ස්කිප් කරන්නට, බයිසිකලය හොඳින් පදින්නට, පිහියක් හෝ ගෑරුප්පුවක් පාවිච්චි කරන්…