HOT

5/recent/ticker-posts

promo-container

නස්රුදින් අලුත් රස්සාවක් සොයා ගෙන ගිහින් වුණු දේ!


නස්රුදින් අලුත් රස්සවකට ඉල්ලුම් කරලා සම්මුඛ පරීක්ෂණයකට ගියා. 

‘රෝහල් ගාස්තු සමාගමෙන් ගෙවනවද?’ නස්රුදින් ඒ සම්මුඛ පරීක්ෂණයෙදි පිරිස් පාලන නිලධාරියා ගෙන් ඇහුවා. 

‘නැහැ! ඔහෙ ලෙඩ වුණොත් රෝහල් ගාස්තු මාස්පතා ඔහෙගෙ පඩියෙන් අඩු කරනවා.’ පිරිස් පාලන නිලධාරියා කිව්වා. 

‘මං කලින් වැඩ කරපු සමාගමෙන් කෙළින් ම රෝහල් ගාස්තු ගෙව්වා. මගේ පඩියෙන් කැපුවේ නෑ’ නස්රුදින් කිව්වා. 

‘ඒක අසාමාන්‍ය දෙයක්!’ කී පිරිස් පාලන නිලධාරියා, ‘එතකොට ඔහෙට එහේදි විවේක නිවාඩු කීයක් දුන්න ද?’කියලා නස්රුදින්ගෙන් ඇහුවා. 

‘සති හයක් ලැබුණා!’ නස්රුදින් කිව්වා. 

‘බෝනස් එහෙමත් හම්බ වුණාද?’ පිරිස් පාලන නිලධාරියා ඇහුවා. 

‘අවුරුද්දෙ අවසානයෙදි බොනස් දුන්නා විතරක් නෙවෙයි, අලුත් අවුරුද්දට ලොකු බඩු මල්ලකුත් දුන්නා. යන්න එන්න වාහන පහසුකම් දුන්නා.’නස්රුදින් වැඩිදුරටත් කිව්වා. 

‘ඉතින් ඇයි ඔහෙ ඒ වගේ රස්සාවක් අත ඇරලා මෙහෙ ආවෙ?’ පිරිස් පාලන නිලධාරියා ඇහුවා. 

‘ඒ සමාගම බංකොලොත් වෙලා වැහුවා නෙ’. 

 - පර්සි ජයමාන්න

අදහසක් පළ කරන්න

0 Comments