Skip to main content

Posts

Showing posts from October, 2018

නස්රුදින්ගේ බූරුවා

නස්රුදින් එයාගෙ බූරුවාව දක්කා ගෙන වෙන්දේසි පොළකට ගියා. ගිහින් එහෙ වෙළෙන්දකුට රුපියල් 300කට බුරුවා ව වෙන්දේසිකරුවකුට වික්කා.

බූරුවා මිලට ගත්තු වෙන්දේසිකරු එවේලේ ම ඒ බූරුවා වෙන්දේසි කරන්න පටන් ගත්තා.


”බලන්න! මේ අපූරු සතා දිහා. මේ වගේ සතෙක් ලෝකෙ වෙන කොහේවත් සොයා ගන්න නෑ. බලන්න! මේ ඉතාමත් හොඳ වර්ගයේ බූරුවෙක්. බලන්න! මේ ශරීරය දිහා. කෙච්චර ශක්තිවන්තද කියා.” වෙන්දේසිකරු බූරුවාගේ විශේෂ ලක්ෂණ ලැයිස්තුවක් කියා ගෙන ගියා. ඔහු බූරුවාගේ විශේෂත්වය ගැන වර්ණනා කළේ අහගෙන ඉන්න අයගෙ සිත් ඇද ගන්නා විදියටයි. ”ලංසුවක් තියන්න බලන්න! මේ වගේ බූරුවෙක් කෝටි ගණනකින්වත් හොයා ගන්න බැහැ.”

ඇසට නොපෙනෙන ලෝකයේ විස්මිත තැන්

පසුගියදා පැවැත්වුණු විස්මිත ඡායාරූප තරගයක ප‍්‍රතිඵල අනුව ඔබට පියවි ඇසට නොපෙනෙන ලෝකයේ විස්මිත තැන්වලට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. 2018 වසර වෙනුවෙන් පැවැත්වුණු මෙම අමුතු ඡායාරූප තරඟය සංවිධානය කරන ලද්දේ නිකොන් (Nikon) කැමරා උපකරණ නිෂ්පාදකයන් විසිනුයි. නිකොන් ක්ෂුද්‍රලෝක මයික්‍රො ඡායාරූප තරඟය (Nikon Small World Photomicrography Competition) මෙවර පැවැත් වුණේ 44 වැනි වතාවටයි.

”වසරක් පාසා පැවැත්වෙන මෙම ෆොටෝමයික්‍රොග‍්‍රැෆි තරඟයෙන් අපට ලෝකයේ මෙතෙක් නුදුටු දසන් දැක ගන්න අවස්ථාව සැලසෙනවා” නිකොන් කැමරා උපකරණ නිෂ්පාදන ආයතනයේ සන්නිවේදන කළමනාකරු එරික් ෆ්ලෙම් කියනවා.


(1 ඡායාරූපය) මේ තරගයෙන් ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේ එමිරේටි ඡායාරූප ශිල්පියකු වූ යූසුෆ් අල් හැබ්ෂි ය. ඔහු ඡායාරූපයට නගා තිබුණේ ආසියානු රතු තල් කුරුමිණි විශේෂයක සංයුක්ත ඇසක්.