”වසරක් පාසා පැවැත්වෙන මෙම ෆොටෝමයික්‍රොග‍්‍රැෆි තරඟයෙන් අපට ලෝකයේ මෙතෙක් නුදුටු දසන් දැක ගන්න අවස්ථාව සැලසෙනවා” නිකොන් කැමරා උපකරණ නිෂ්පාදන ආයතනයේ සන්නිවේදන කළමනාකරු එරික් ෆ්ලෙම් කියනවා.

(1 ඡායාරූපය)
මේ තරගයෙන් ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේ එමිරේටි ඡායාරූප ශිල්පියකු වූ යූසුෆ් අල් හැබ්ෂි ය. ඔහු ඡායාරූපයට නගා තිබුණේ ආසියානු රතු තල් කුරුමිණි විශේෂයක සංයුක්ත ඇසක්.

(2 ඡායාරූපය)
දෙවැනි ස්ථානය හිමි වූයේ පැනමා රාජ්‍යයේ රෝජෙලියෝ මොරිනෝටයි. ඔහු ඉදිරිපත් කර තිබුණේ මීවන ශාකයක බීජාණුවක නිකරය හෙවත් සෝරසයක ඡායාරූපයක්.
(3 ඡායාරූපය)
තුන්වන තැන දිනා ගත්තේ ඇමරිකාවේ ඉලිනොඉස්හී නෙපර්විල් ඡායාරූප ශිල්පියකු වූ සෝලියස් ගජිස් ගේ ගෙඹිමකුණු ශිශුවකුගේ ඡායාරූපයක්.

(4 ඡායාරූපය)
සිව් වැනි දිනා ගත්තේ තුර්තියේ කැන් ටැන්සර් ඉදිරිපත් කළ මොණර පිලක රටාවක්.

(5 ඡායාරූපය)
පස් වන තැන දිනා ගත්තේ හාවඞ්හී ආචාර්ය ටෙසා මොන්ටේගුගේ මකුළුවකුගේ කලලයක ඡායාරූපයයි.
0 Comments