Skip to main content

Posts

Showing posts from 2013

යාන්ත‍්‍රික රෙබෝ සතුන් දස්කම් විස්කම් පෑ ‘රොබොට් සෆාරි’ දක්මක්!

පසුගියදා ලන්ඩනයේ ‘රොබට් සෆාරි’ නමින් සන්දර්ශනයක් පැවැත් වුණා. ඒ සඳහා විවිධ රටවලින් අපූරු නිර්මාණ ඉදිරිපත් කර තිබුණා. ස්වයංකී‍්‍රයව කි‍්‍රයාකරන යාන්ත‍්‍රික රෙබෝ සතුන් තමයි මේ විස්මිත ප‍්‍රදර්ශනයට ඇතුළත් වුණේ.

මේ දැක්මේ සුවිශේෂත්වය වූයේ, විශාල පරිශ‍්‍රමයක් දරා රොබෝ විශේෂඥයන් විසින් නිර්මාණය කර තිබූ මේ අපූරු සතුන් දැක බලාගෙන, ඒ සතුන් සමග කි‍්‍රයාකාරම්වලට එක්වී පසුව තමාගේ රෝබෝවන් තනා ගෙන අත්දැකීම් ලැබිය හැකි ආකාරය ගැන කියා දීමට පවා කාලය වෙන් කර තිබීමයි.

ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේ දී දින තුනක් තිස්සේ නොමිලයේ පැවැත් වුණු මේ රොබෝ දැක්මට යුරෝපය පුරා රටවල් කීපයකින් විස්මිත නිර්මාණ 13ක් ද ඇතුළත් වුණා. එයින් ඇතැම් නිර්මාණ ලන්ඩනයේ ප‍්‍රදර්ශනය කෙරුණේ ප‍්‍රථම වතාවටයි.

සොබාදහම අනුකරණය කරන ආකාරයටයි, මේ රොබෝලා තනා තිබුණේ. සැබෑ වවුලකු මෙන් අත්තටු ගසා පියාඹන රොබෝ වවුලෙක්, දියගොඩ දෙකෙහිම යා හැකි සැලමැන්දරාවෙක්, බළල් පාද චලනයන් අනුකරණය කළ වේගයෙන් දුවන රොබෝ චීටාවෙක් ඒ අතර කැපී පෙනුණා.

මේ වවුල් රොබොට්ටාට උගේ කෘති‍්‍රම අත් හා පියාපත් වවුලෙකු මෙන් හසුරුවා ගෙන රාති‍්‍ර කාලයේ දී වුවත් හොඳින් පියාසර කළ හැකිය…

ඌරකු වැනි සතකු පසුපස ගොස් සොයා ගත් වසර 10,000ක් පැරණි ලෙන් චිත‍්‍ර

මිනිසුන්ව වස්තුව තියෙන තැන්වලට රැගෙන යාම ගැන ඌරන් හරිම ප‍්‍රසිද්ධයි. සමහර අවස්ථාවල ආහාරයට ගන්නා සුවඳ හතු විශේෂයක් සොයා ගන්න ඔවුන් උදවු කරනවා. පොළොව යට වැඩෙන මේ හතු ඔවුන්ගේ පි‍්‍රයතම ආහාරයක් නිසා මේ සතුන් පසුපස ගිහින් මිනිසාටත් ඒ හතු කෑමට ගන්න නම් ඌරන්ගේ සහය අවශ්‍ය වෙනවා.

මේ හතු සොයන්න ඌරන්ට වඩා දක්ෂ සත්ව විශේෂයක් දකුණු ඇමරිකාවේ ඉන්නවා. ඒ තමා පෙනුමෙන් ඌරකුට සමාන පෙකරියන්. සුදු පැහැති හොම්බක් ඇති පෙකරියා (peccary) ‘මැක්සිකානු ඌරා‘ කියාත් ව්‍යවහාර වෙනවා. මේ පෙකරියකු මෑත දී ඊට වඩා විස්මිත හපන්කමක් කළා. ඒ විද්‍යාඥ පිරිසකට වසර 10,000ක් පැරණි චිත‍්‍ර ඇති ලෙනක් සොයා දීමයි. මේ පෙකරියන් පසුපසින් හතු සොයා ගිය විද්‍යාඥ පිරිසකට තමයි, බ‍්‍රසීලයේ සෙරාඩෝ (Cerrado) සානුවේ දී මේ අපූරු ගුහා චිත‍්‍ර හමු වුණේ.

ලෝක වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් පිරිසක් ඉන්ස්ටිට්යුටෝ ක්වින්ටා ඩි සොල් නම් රාජ්‍ය නොවන දේශීය සංවිධානය හා එක්ව තමයි, මේ ඉපැරණි ලෙන් චිත‍්‍ර සොයා ගත්තේ. ඔවුන් එසේ ගියේ බ‍්‍රසීලයේ දී හමුවන සුදු හොම්බක් ඇති පෙකරියන් පිළිබඳ තොරතුරු සොයන්නයි. මෙහි චිත‍්‍රයෙන් දැක්වෙන්නේ විශාල බිළාලයකු ගොදුරකට ළං වන …

පරිණාමයේ අබිරහස් හෙළි කරන ආදීම මිනිස් ජාන (DNA) !

විද්‍යාඥයන් විසින් මේවා සොයා ගෙන ඇත්තේ මීට වසර හාරලක්ෂයකට පෙර මිහිමත ඇවිද ගෙන ගිය මිනිසකුගේ ජංඝාස්ථියකින්. වෙනත් විධියකින් කීවොත් කලවා ඇටයකින්.

ඒක අයිතිකරුවා පැරණි මානවයෙක්. එයා හැඳින්වුණේ හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් (Homo heidelbergensis) කියලයි. මිනිස් පරිණාමය පිළිබඳ කතාවේ අලූත් පරිච්ෙඡ්දයක් මේ නිසා ලියැවෙනවා.

දරුණු ලෙස ක්ෂය වීමට ලක් වූ, අති පැරණි ඞීඑන්ඒ, නව තාක්ෂණික ක‍්‍රම යොදා ගෙන යළි ප‍්‍රකෘති තත්වයට පත් කොට ඒ පිළිබඳ දත්ත එක් රැස් කර ගැනීමට විද්‍යාඥයන් සමත් වී තියෙනවා. මෙවැනි අස්ථි කුඩු ග්?ම් දෙකක ප‍්‍රමාණයකින් සජීවීව තිබියදී එහි අන්තර්ගතව තිබූ සම්පූර්ණ මයිටොකොන්ඞී‍්‍රය ජිනෝමියක් යළි සකසන්න මේ විද්‍යාඥයන් සමත් වීම මේ සියවසේ සුවිශේෂ දක්ෂකමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

වසර හාර ලක්ෂයකට පෙර මිහිමත ඇවිද ගෙන ගිය ආදි මානවකයකුගේ ජංඝාස්ථියකින් මිනිස් ඞීඑන්ඒ ජාන මතු කර ගැනීමට විද්‍යාඥයන් සමත් වී තියෙනවා.

බයිසිකලයට එක් වූ අපූරු යාළුවෙක්! ඕනෑම බයිසිකලයකට සවි කළ හැකියි!

සයිකල් පැදීම හොඳ ව්‍යායාමයක් වගේ ම මේ කාලෙ නම් අඩු මුදලකින් ගමන් බිමන් යා හැකි ක‍්‍රමයක්. ලොව පුරා මිනිසා තවමත් වැඩිපුර භාවිත කරන වාහනය බයිසිකලයයි.

සවස් යාමයේ විවේකී ව පිටිසර බද පාරක සයිකලයෙන් යන්න හිතුනොත් එයින් ලැබෙන සතුට, සැනසිල්ල ඉමහත් එකක්. ඒත් ඒ ගමනෙදි ලොකු බෑවුමක් සහිත කන්දක් නඟින්න සිදු වුණොත් ඒ සතුට සැනසිල්ල නැති වෙනවා.

ඒ ගැන හිතල දැන් නව නිපැයුමක් තනා තියෙනවා. ඒ තමා කෝපන්හේගන් වීල් (Copenhagen Wheel). ඒකත් බයිසිකල් රෝදයක්. ඔබ සයිකලය පදිද්දිම ඒ රෝදයට දැනෙනවා, ඔබට පාගන්න අසීරු බව. ඒ එක්ක ම එහි ඇති විදුලි මෝටරයක් කි‍්‍රයාත්මක වෙනවා. ඔබට අවශ්‍ය තල්ලූව ඉබේ ම ලැබෙනවා.

මේ කෝපන්හේගන් වීල් (රෝදය) ඕනෑම බයිසිකලයකට සවි කළ හැකියි, කියලයි, එය නිර්මාණය කළ පර්යේෂකයන් කියන්නෙ. ඒ රෝදය ඇතුළේ පරිගණකයක්, නැවත විදුලිය ආරෝපණය කළ බැටරි හා පැදිකරු කොයිතරම් අසීරුවෙන් පදිනවාද යන්නත් දැන ගත හැකි සංවේදකත් තියෙනවා.

මේ රෝදයට පුළුවන් බ්ලූ ටූත් එක හරහා ඔබේ ස්මාට් ෆෝනයට සම්බන්ධ වී යායුතු දුර හා ඔබ නඟින මෙඟහි ආනතිය, නැඟිය යුතු කන්දේ ස්වභාවය, ආදිය දැන ගන්න. ඉන්පසු ඒ මාර්ගයට ගැළපෙන විධියට විදුලි මෝටරය මෙහෙය…

සාගර පත්ලට යටින් අති විශාල මිරිදිය තැන්පතුවක්? ජල හිඟයට පිළියම් යෙදිය හැකිද?

ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා, සාගර පත්ලට යටින් ඇති අති විශාල මිරිදිය තැන්පතුවක්! ඔවුන් විශ්වාස කරන විධියට එය අනාගත පරම්පරාවල පානීය ජල අවශ්‍යතා සපුරා ලන්නට යොදා ගත හැකියි.

ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති ආකාරයට අනුව මේ මිරිදිය තැන්පතුව ඝන කිලෝමීටර් 500,000ක් (ඝන සැතැපුම් 120,000ක්) පමණ වෙනවා. මෙය පිහිටා ඇත්තේ ඕස්ටේ‍්‍රලියාව, චීනය, උතුරු ඇමරිකාව හා දකුණු අපි‍්‍රකාව යන කලාපවලට අයත් සාගර පත්ලේ ඇති මහාද්වීප තටකවලට යටිනුයි.

මෙම සොයා ගැනීම සිදු කෙරුණේ එක්සත් ජාතීන් විසින් කරන ලද ඇස්තමේන්තුවලට අනුව සමස්ත ලෝකයේ ජල පරිභෝජනය ජනගහන වර්ධනය වේගයට ගිය සියවසේ පැවතියාට වඩා දෙගුණයකටත් වැඩි වේගයකින් ඉහළ යන්නේ යැයි ප‍්‍රකාශ කිරීමත් සමගයි.

මහාද්වීප තටකයට යටින් දැවැන්ත මිරිදිය ජල තට්ටුවක් ඇතැයි ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා.

ජීවිතය විඳින්න පාවෙන නිවසක් තෝරා ගන්න! විස්මිත නිවාස සංකල්පයක්!

අනාදිමත් කාලයක සිට මිනිසා දිය මත පාවෙන බෝට්ටුවල ජීවත්වුණා. ආසියාවේ බොහෝ රටවල ජලාශි‍්‍රත ජන ජීවිතය තියෙනවා. ඒත් මේ අද කියන්න යන්නේ ඒ ජීවිත ගැන නෙමෙයි.

නවීන පන්නයේ පාවෙන නිවසක් ගැනයි. මෙය නිසල විලක හෝ වරායක ගොඩබිම අසල මුහුදේ නිස්කලංක තැන දිය මත නවතා තැබිය හැකියි. ඉදි කළායින් පසු එහි හිමිකරු කැමති තැනකට පහසුවෙන් ඇද ගෙන යා හැකියි.

ඒ වගේ ම තමන් කැමති දසුනක් ඇති තැනකට ගැළපෙන ලෙසට මෙවැනි නිවසක් ඉදි කරවා දීමටත් ඔවුන් සූදානම්.

දිමිත‍්‍ර මැල්කෙව්ගේ මේ පාවෙන නිවස නිසංසල ජලය ඇති විලක හෝ වරායක හෝ නවතා තැබිය හැකියි.

විස්මිත දසුනක්! කැස්බෑ මවක් සිඟිති කැස්බෑ පැංචෙකුට පිහිනන්ට ඉගැන් වූ හැටි!

දියට බසින්නට කලින් කැස්බෑ මව පැටියාත් පිට උඩ තියාගෙන ගොඩැල්ලක් මතට වී මඳ වේලාවක් බලා සිටියා.

මව පසුපාදවලට බර දී ඉදිරි පාද නිදහසේ දෙපසට විහිදෙව්ව පිහිනුම් ඉරියව්වක දී වගේ. ඒ දෙස බලා ගෙන සිඟිති කැස්බෑ පැංචාත් මවගේ පිට උඩ ඉඳන් ඉස්සරහ ගාත් දෙක දෙපසට විහිදෙව්වා හරියට ළය ආර පිහිනුම් ඉසව්වට තරඟ කරනවා වගේ.

ආදරබර මොහොතක්: පුංචි කැස්බෑවා අම්මා අත් චලනය කරන ආකාරය අනුකරණය කරමින් ගොඩ සිට පිහිනන්නට ඉගෙන ගත හැටි! ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ කිස්සිමීහි ශින්ගල් කී‍්‍රක් උද්‍යානයේ දී දුටු දසුනකි.

අපේ රස්සාවලට රොබෝලාගෙන් තර්ජනයක්! ඉක්මනට ම නැති වී යන රස්සාවල් මොනවාද?

අප බොහෝ දෙනකු දැනටමත් එදිනෙදා කටයුතුවලට තාක්ෂණය උදවු කර ගැනීම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇති බව දක්නට ලැබෙනවා. නමුත් අපට උදවු වෙන ඒ තාක්ෂණයම ළඟදීම අපේ රැකියාවලටත් තට්ටු කිරීමට ඉඩ තියෙන බව දැන් පැහැදිලියි. ඒක අප මෙතෙක් හිතුවාටත් වඩා ඉක්මනට සිදුවෙන බවයි, පෙනෙන්නෙ. විද්‍යාඥයන් කියන්නේ මේ පෙරළිය 2018 වන විට සිදු වන බවයි.

කෘති‍්‍රම බුද්ධිය, හෙවත් පරිගණක බුද්ධිය පිළිබඳ විශේෂඥයන් දැන් අනාවැකි පළ කරනවා, තවත් අවුරුදු පහක් යන්නට පෙර නිසැකව ම මේ තත්වය උදාවෙන බවට. මුලින් ම මෙය සිදුවන්නේ කාර්යාලවල කටයුතුවලට මිනිසුන් වෙනුවට රොබෝලා යොදා ගැනීමෙන් අපේ කන්තෝරුවලයි.

වැඩි පුහුණුවක් අවශ්‍ය නැති වැඩ කිරීමට රොබෝලා යොදා ගැනීම අනාගතයේ සිදු විය හැකක් ලෙස කවුරුනුත් පාහේ දැන සිටියත් එක්සත් රාජධානියේ රොබෝ නිෂ්පාදන ආයතනයක ප‍්‍රධාන විධායක නිලධාරි ඇන්ඩෲ ඇන්ඩර්සන් නම් කියන්නේ මේ තරම් ඉක්මනට ඒ අවස්ථාව උදා වෙතැයි කිසි විටෙක නොසිතූ බවයි.

කෘති‍්‍රම බුද්ධි විශේෂඥයකු වූ ඇන්ඩෲ ඇන්ඩර්සන් නම් කියන්නේ දැනටමත් ස්වයංකී‍්‍රය යන්ත‍්‍ර මිනිසා වෙනුවෙන් වැඩ කිරීමට යොදවාගෙන ඇති බවයි. ඔබට දිවා රෑ මුදල් ගෙවන ‘ඒටීඑම්’ යන්ත‍්‍ර බැංකු කැෂිය…

මේ සියවසේ විසූ මහා විශ්ව පුරුෂයාගේ නික්ම යාම! නෙල්සන් මැන්ඩෙලාට අපේ උපහාරය!

ඔහු විමුක්ති සටන්කාමියෙකි; සිරකරුවෙකි; ජනපතිවරයෙකි; මානව කි‍්‍රයාකාරියෙකි; මානව හිතවාදියෙකි; මහා යුග පුරුෂයෙකි; අසමසම චරිතයකි. ඔහු දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන් ම එරට ප‍්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ද වෙයි. වර්ණ භේද වාදය තුරන් කිරීමෙහිලා තම ජීවිතය කැප කළ මහා පුරුෂයකු ලෙසත්, සංහිදියාව ඇති කර ගැනීම සම්බන්ධයෙන් ලොවට විශේෂ දැක්මක් සහ නව මාවතක් හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨයකු ලෙසත් මුළු ලෝකයේ ම ගෞරවයටත් ආදරයටත් පත් වූ නෙල්සන් මැන්ඩෙලා පෙරේදා (6) මෙලොවින් සමුගත්තේය.

සත්ව ලෝකයේ අලූත් ම සොයා ගැනීමක්! සත්වයෙක්ද? ශාකයක් ද? ගොදුරක් ද? දඩයක්කාරයෙක් ද?

බැලූ බැල්මට මෙයා අහිංසක උඩවැඩියා මලක් වගෙයි! ඒත් මේ ඉන්නේ සතෙක්! සතෙක් විතරක් නොවෙයි, විලෝපිකයෙක්! ඒ කියන්නේ දරුණු දඩයක්කාරයෙක්!

මල් පෙති වගේ සිනිඳු අත් පා තියෙනවා. හැඩයයි, පෙනුමයි, පාටයි හරියට ම ඕකිඞ් හෙවත් උඩවැඩියා මලක් වගේමයි!

ඌ මේ විදියට ව්‍යාජ වෙස් ගන්නේ ගොදුරු කර ගන්නා සතුන් අල්ලා ගන්නටයි. දැන් මේ බව විද්‍යාඥයන් විසින් තහවුරු කරල තියෙනවා.

මේ ගැන විමසුම් කළ ඕස්ටේ‍්‍රලියානු පර්යේෂකයන් කියන විධියට සෑබෑ මලට වඩා මේ වෙස් වළා ගත් සතා කෘමීන්ට වඩාත් ආකර්ෂණීයයි.

හරිම අපූරු සතෙක්. මල් පෙති වගේ දෙපා ඇති ඕකිඞ් මලේ හැඩය හා වර්ණය අනුකරණය කරන්න හරිම දක්ෂයි.

කනෙන් රෝද පුටුවක් හැසිරවිය හැකි නව මෙවලමක්!

මේ නව මෙවලම අලූත් ම තාලේ චිපයක්. එයට පුළුවන්, භාවිත කොට ආබාධිත පුද්ගලයන්ට ඔවුන්ගේ කන්වලින් හසුරුවා ගෙන රෝද පුටුවෙන් ගමන් බිමන් යා හැකියි.

ආබාධිතයන්ට මේ චිප සවි කළා ම ඒ චිප මගින් මිනිස් කනෙහි මාංශ පේශීවල චලනයන් නිසා ඇති වන ස්පන්දන හඳුනා ගන්නවා. මේ අති සියුම් සම්පේ‍්‍රෂණයන් සංඥා බවට පත් කොට රෝද පුටුවේ ඇති එය කි‍්‍රයා කරවන පරිගණකයට යවනවා. පරිගණකය එය හඳුනා ගෙන ඒ අනුව රෝද පුටුව අවශ්‍ය තැනට ගෙනි යනවා.

ඉහළ පෙළේ ජර්මන් විශ්ව විද්‍යාල තුනකින් ආ පර්යේෂණ කණ්ඩායමෙහි නායකත්වය දැරුවේ ඬේවිඞ් ලයිබෙටන්ස් (David Liebetanz) නම් විද්‍යාඥයායි. ”මේ ක‍්‍රමයට තමන්ගේ රෝද පුටුව දෙස බලන්නවත් ඊට කතා කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ හුස්ම ගැනීම අනුව හෝ කනේ චලනය අනුව එය ඉබේම හැසිර වෙනවා.” ඔහු කියනවා.

ජර්මන් විශ්ව විද්‍යාල තුනක විද්‍යාඥයන් එක්වෙලා නවතම චිපයක් නිර්මාණය කරල තියෙනවා, කෙනකුගේ කනේ පේශීවල චලනයන්ගෙන් රෝද පුටුවක් හැසිරවිය හැකි.

සිදුහත් කුමරු උපන් තැන පැරණි පන්සල මතුවෙයි! එය ගසක් වටා තැනූ විහාරයක්!

බුදුරජාණන් වහන්සේගේ උපත සිදුවූයේ තැනත්, එය සිදුවූ කාලයත් තහවුරු කර ගත හැකි සාක්ෂි පසුගියදා ලූම්බිනියේ කළ කැණීම්වලින් මතු වී තියෙනවා.

බුදු උපත සිදු වූයේ මෙතෙක් පිළිගෙන ඇති පරිදි කි‍්‍රස්තු පූර්ව 4 වන සියවසේදී නොව කි‍්‍රස්තු පූර්ව 6 වන සියවසේදී බැව් මේ පිළිබඳව නේපාලයේ කැණීම් කළ බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් පසුගියදා හෙළිදරවු කර ගෙන තියෙනවා.

මේ සොයා ගැනීම කර ඇත්තේ එංගලන්තයේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබින් කනින්හැම් ප‍්‍රමුඛ 15 දෙනකුගෙන් යුත් පුරාවිද්‍යාඥයන්ගේ කණ්ඩායමක් විසිනුයි. නේපාලයේ ලූම්බිනිහී පිහිටි මායා දේවි පන්සල් භූමියෙහි කළ කැණීම්වලදියි, මේ විස්මිත සොයා ගැනීම කරන්නට ඒ විද්‍යාඥ පිරිස සමත් වූයේ. මෙම පන්සල් භූමිය මේ නමින් හැඳින්වෙන්නේ සිද්ධාර්ථ කුමාරයන්ගේ මෑණියන් වූ මහා මායා දේවිය සිහිපත් කරනු පිණිසයි.

රතු තැපැල් කණුව ලොවට දායාද කළ සුප‍්‍රකට බි‍්‍රතාන්‍ය නවකතාකරුවා සමරන්න මුද්දර පෙළක්!

රතු තැපැල් කණුවේ නිර්මාතෘ ඇන්තනි ට්‍රොලොප්
ඇන්තනි ට්‍රොලොප් කියන ඉංගී‍්‍රසි සාහිත්‍යධරයාගේ දෙසිය වැනි ජන්මෝත්සවය මේ වසරේ දෙසැම්බර් මාසයට යෙදී තියෙනවා. ඔහු හඳුන්වා දුන් රතු තැපැල් කණුව ලංකාවේ අපටත් හොඳට හුරුපුරුදු දෙයක්.

ඬේලි මේල් පුවත්පත බි‍්‍රතාන්‍ය තැපැල් සේවය වූ ‘රෝයල් මේල්’ වෙතින් විමසුමක් කළා තොරතුරු දැන ගැනීමේ නිදහස වෙනුවෙන් තැපැල් මුද්දරයක් නිකුත් කරන්නට අදහස් කරන්නේ දැයි කියා. එහෙම දෙයක් ගැන තීරණයක් ගෙන නැතැයි කී ඔවුන් ඊළඟ යෝජනාවට කැමති වුණා. ඒ තමයි ඇන්තනි ට්‍රොලොප් සමරා මුද්දර නිකුත් කරන්න.

වසර 50කට පෙර කෙනඩි ඝතනය දුටු අපූරු පුවත්පත් කලාවේදියාගේ ඇසින් දුටු කතාව!

මීට පනස් වසරකට පෙර, 1963 නොවැම්බර් 22 වැනිදා, ඇමෙරිකාවට අඳුරු දිනයක් විය. ඇමෙරිකන් ජනපති ජෝන් එෆ් කෙනඩි, ටෙක්සාස් ජනපදයේ ඩලාස් නුවර සංචාරයක යෙදී සිටිද්දී ඝාතනයට ලක් වූයේ එදාය.

එම සිදුවීම් පෙළ සියැසින් දැක, එය වාර්තා කිරීමට අවස්ථාව උදා වූයේ ලොව එකම එක මාධ්‍යවේදියකුට පමණි. ඔහු හියු අයින්ස්වර්ත්ය. අහම්බෙන් සිදුවුවත් එය තමා ලැබූ වාසනාවක් යැයි අයින්ස්වර්ත්ගේ විශ්වාසයයි. එහෙත් සිදු වීම ඔහු වවාගෙන කෑවේ නැත. එදා ඔහු සේවය කළ පුවත්පතට ඒ වාර්තාව සැපයුවා හැරෙන්නට ඔහු ඒ පිළිබඳ පොතක් ලියන්නැයි ඉල්ලීම් කළ ලෝක ප‍්‍රකට ප‍්‍රකාශකයන්ට බැහැයි කීවේ විශාල මුදලක් හම්බ කර ගන්න පෑදුණු ඉල්ලමට පයින් ගසමිනි.

කෙසෙල් ගෙඩියේ මැවෙන විස්මිත රූ!

තැළුණු කෙසෙල් ගෙඩියක් දැක්කාම ඔබට අප්පිරියාවක් ඇතිවෙනවා සිකුරුයි! ඒත් මේ ජපන් සිත්තරාගේ අතින් පිරිනැමෙන මේ කෙසෙල් ගෙඩි දැක්කා ම ඔබට සුන්දර හැඟීම් ඇති වෙනවා නොඅනුමානයි.

ජපන් ජාතික සිත්තරා කෙසෙල් ගෙඩිය මත අල්පෙනෙත්තෙන් මවන රූ ඇත්තෙන් ම විස්මිතයි! ඔහු නමින් දයිසුකේ ස්කාගාමි (Daisuke Skagami) වුනත් මේ කෙහෙල් ගෙඩි කලාව ඉදිරිපත් කරන්නේ එන්ඞ් කේප් (End Cape) කියන නමින්.

බනානා ලෙල්ලේ මේ මොනා ලිසාගේ රුව නම් කර ඇත්තේ ‘නනා ලිසා‘ කියලයි. මේ විදියට ඒ සුන්දර රුව ඔබ කවදාවත් දැකල නැතුව ඇති.

සාගර රහස් සොයන විස්මිත ගවේෂණ යානයක්! හරියට අභ්‍යවකාශ ගවේෂණ යානායක් වගෙයි!

මේක අමුතුම තාලේ යානයක්. නම් කර තියෙන්නෙ ‘සී ඕබිටර්’ (SeaOrbiter) කියලයි. අමුතුම විදියෙ සාගර ගවේෂණ යානයක්. යාත‍්‍රාවක් කිව්වත් කමක් නැහැ. හරියටම කීවොත් මේක සාගර ගවේෂණ පර්යේෂණ විද්‍යාගාරයක්.

මෙය සැලසුම් කර ඇත්තේ ප‍්‍රංශ ජාතික වාස්තු විද්‍යාඥයෙක්. නම යාකුස් රොජර් (Jacques Rougerie) මෙහි ඉදිකිරීම් ඇරඹෙන්නේ 2014 මැයි මාසයෙදියි.

මේ යාත‍්‍රාවෙහි උස අඩි 170ක්. එයින් තුනෙන් දෙකක් ජලය යටයි තියෙන්නෙ. මේ විදියට මෙය සැලසුම් කරලා තියෙන්නෙ, සාගරය මතුපිට පරිසරයයි, දිය යට පරිසරය ගැන එක විට පර්යේෂණ හා නිරීක්ෂණ කළ හැකි වෙන්නයි. සාගරයේ ගැඹුරු තැන් ගැන සොයන්නත් මෙය යොදා ගත හැකියි.


මෙන්න! ඔබේ ගෙදර ඔබේ අසල ම රැඳෙන අදිසි ආගන්තුකයන් දැක හඳුනා ගන්න!

මේ අය බැලූ බැල්මට පිට සක්වළින් ආ ජීවීන් පිරිසක් වගෙයි. ඒත් වෙනසකට ඇත්තේ ඒ අය දැනටමත් ඔබේ නිවස ආක‍්‍රමණය කර තිබීමයි. අපේ පියවි ඇසට ඒ අය නොපෙනෙන නිසා අප ඔවුන් ගැන සොයන්න වද වෙන්නෙ කිසියම් ආකාරයක රෝගී තත්වයක් ඇතිවුණොත් විතරයි.

මේ අය ගැන අපට පෙන්නා දෙන්න වීඩියෝවක් තනා තියෙනවා, ජර්මන් ජාතික කණ්ඩායමක්. සීප්‍රෝ සයන්ස් ප්‍රොඩක්ෂන්ස් (Sciepro Science Productions) නම් සමාගම තමයි, මේ සජීවීකරණ වීඩියෝව නිෂ්පාදනය කර ඇත්තේ. එයින් ඔබට දැක ගන්න පුළුවන් නිවසෙහි වෙසෙන දූවිලි කීඩෑවන් එහා මෙහා යමින් මිනිසාගෙන් පිටවෙන අප ද්‍රව්‍ය ආහාරයට ගෙන ජීවත්වෙන හැටි.

මේ කීඩෑවන් බොහෝ විට ජීවත් වන්නේ මිනිස් වාසස්ථානවල මිනිසා සමගයි. විශේෂයෙන් නිදන කාමරවල, කුස්සියේ වගේ තැන්වල තමයි ඔවුන්ට යැපෙන්නට අවශ්‍ය දේවල් තියෙන්නේ. ඔබ දන්නවා ද? සාමාන්‍ය මෙට්ටයක මෙවැනි කීඩෑවන් මිලියන දෙකක් හෝ තුනක් ඉන්නා බව.

මේ රූප රාමු සීප්‍රෝ සයන්ස් ප්‍රොඩක්ෂන්ස් නම් ජර්මන් ජාතික කණ්ඩායම නිපදවූ ඒ වීඩියෝ වෙන්. ඔවුන් එහා මෙහා යමින් මිනිසාගෙන් පිටවෙන අප ද්‍රව්‍ය ආහාරයට මෙයින් දැක ගත හැකියි.

අද ශී‍්‍ර ලංකාවේ දී 65 වැනි උපන්දිනය සමරන චාල්ස් කුමරුගේ අප නොදන්නා අප‍්‍රකට කරුණු 65ක්!

චාල්ස් කුමරු පොදු රද මඬුලූ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා අද (14 දා) ශී‍්‍ර ලංකාවට සැපත් වෙයි. ඔහු මෙසේ පැමිණෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා වූ දෙවැනි එලිසැබත් මහ රැජින ප‍්‍රථම වරට නියෝජනය කරමිනි. එපමණක් නොව, කුමරුන්ගේ 65 වැනි උපන් දිනය ද අදට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් කුමරුන්ගේ අප නොදන්නා අප‍්‍රකට කරුණු 65ක් ‘ඬේලි මේල්’ අන්තර් ජාල පුවත්පතේ සහ තවත් තැන්වල පළ කර තිබේ. මේ ඒවායින් සකසා ගත් තොරතුරුය.

ලෝක විනාශක ග‍්‍රහක නසන්න ‘කමිකාසි’ යානා පද්ධතියක්! එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්වෙයි!

පහුගිය කාලෙ ලෝකය පුරා ආන්දෝලනයක් ඇති වුණා, පෘථිවිය ඉලක්ක කර ගෙන ග‍්‍රහකයක් ආවොත් මොකද කරන්නෙ කියලා.

1000කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් පසුගිය පෙබරවාරියේ රුසියාවට කඩා වැටිච්ච ග‍්‍රහකයත් එක්ක තමයි, මේ ගැන ලෝකයේ කතාබහට ලක් වුණේ.

රුසියාවේ වැසියන් පමණක් නොවෙයි, ලෝකයේ ම වැසියන් භීතියට පත් කරමින් පොළොවට කඩා වැටුණු ඒ ග‍්‍රහකය ගැන කල්තියා දැනුම් දෙන්න කිසිම ආවේක්ෂණ පද්ධතියකට, නිරීක්ෂණ චන්ද්‍රිකාවකට බැරි වුණා. ඒ පිළිබඳ විස්තර හා වීඩියෝ දර්ශන ‘මල්කැකුළු’ තුළින් ගෙනාවා ඔබට මතක ඇති.

අනාගතයේ දී ඒ විධියට ඊට වඩා ලොකු ග‍්‍රහකයක් ආවොත් අපේ පෘථිවිය බේරා ගන්න දැන් මරාගෙන මැරෙන ‘කමිකාසි’ (kamikaze) අභ්‍යවකාශ යානා පෙළක් යවන්න වැඩ පිළිවෙළක් දැන් යෝජනා වෙලා තියෙනවා.

‘කමිකාසි’ කියන්නෙ ජපන් වචනයක්. එහි අරුත ‘දිව්‍යමය සුළඟ’ කියන එකයි. දෙවැනි මහා ලෝක යුද්ධයෙදි ජපන් ජාතිකයන් පුපුරන ද්‍රව්‍ය ඇසුරූ කුඩා ගුවන්යානා විශේෂයක් ගෙනාවා මේ නමින්. මරාගෙන මැරෙන ජපන් නියමුවකු තමයි, මේ යානය පදවා ගෙන සතුරු ඉලක්කය වෙත හඹා ගෙන ගිහින් පුපුරුවා හැරියේ. ඒ වගේ උපක‍්‍රමයක් තමයි, දැන් පෘථිවිය දෙසට එන ග‍්‍රාහකයකටත් පෘථිවියේ ආරක්ෂා…

අනාගතයේ දී අපට මාළුත් එක්ක නිදා ගන්න පුළුවන්! සාගර රළ අතර නවීන නිවහන්!

මුහුදේ ජීවත්වෙන්න නිවාස හදන්න දැන් සැලසුම් කරන්න පටන් අරන් තියෙනවා. නවීන ලෝකයේ ඉන්නා ඉදිකිරීම් ශිල්පියෙක් අනාගතය ගැන මැවූ සිහිනයක් ගැනයි, මේ කියන්නේ. මහ මුහුද යට නගරයක ජීවත්වෙන්න ඔහු දකින සිහිනය ළඟදිම සැබෑවෙයි, කියලයි ඔහු හිතන්නේ.

ෆිල් පෝලේ (Phil Pauley) කියන්නේ ඔහු මහ මුහුද යට නගරය ගැන මේ සිහිනය වසර 20ක් තිස්සේ දකින බවයි. දැන් ඔහු ඒ අනාගත සිහින නගරය ගැන පින්තූර කීපයක් නිකුත් කරල තියෙනවා.

සබ්-බයොස්ෆියර්-2 තනා නිම කළා ම කුඩා ජෛව ගෝල අටක් සමග අඩි 1105 පළල වටකුරු නිවාස පද්ධතියක් ලෙස පෙනේවි.

මේක විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක් නෙවෙයි. මේ තමා සබ්-බයොස්ෆියර්-2 කියන මුහුදු යට නිවහන. සැලසුම්කරු ෆිල් පෝලේ කියන්නේ මේ මහ මුහුද යට නගර සිහිනය ළඟදීම සැබෑවන බවයි.

ළමා ලොව එළිය කරන වසර 60කට පෙර පෑයූ පුංචි තරුව, සිබිල්ට 85යි! ‘මල් කැකුළු’ වෙතින් සුබාසිරි!

නවසිය පනස් හයේ දේශපාලනය හා සමාජීය වශයෙන් ලොකු පෙරළියක් අපේ රටේ සිද්ධ වුණා. ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා ප‍්‍රමුඛ සමාජවාදී රජයක් බලයට පත් වුණා. සිංහල රාජ්‍ය භාෂාව වුණා. පාසල්වල සිංහලෙන් ඉගැන්වීමට පටන් ගත්තා. සංස්කෘතික අමාත්‍යංශයක් පිහිටුවල රටේ සංස්කෘතික ප‍්‍රබෝධයක් ඇති කරන්න පොතපතට සම්මාන දීම වගේ වැඩ සටහන් ආරම්භ කළා.

ඒ සමග අපේ වේදිකාවෙත්, සිනමාවෙත්, ළමා ලෝකයෙත් ලොකු පෙරළියකට මඟ පෑදුණා. දීප්තිමත් තරු තුනක් පායලා ඒ අංශ තුනට අමුතු එළියක් වැටුණා. ‘මනමෙ’ වේදිකාවට ගෙන එමින් නාට්‍ය කලාව එළිය කළේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයා. ‘රේඛාව’ අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාව එළිය කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා. ‘කුඩ හොරා’ අමුතු ම ආකාරයේ ළමා චිත‍්‍ර හා කතා රටාවක් හඳුන්වා දෙමින් ළමා ලෝකය එළිය කළේ සිබිල් වෙත්තසිංහ නැන්දා. සරත්චන්ද්‍ර මහත්තයා දැන් අප අතරින් වියෝ වෙලා! ලෙස්ටර් මහත්තයා විශ‍්‍රාම අරන්. ඒත් සිබිල් නැන්දා තාමත් පින්සල, පෑන අත් ඇරලා නෑ. ඒ විතරක් නෙවෙයි, ගන්න සම්මාන අත් ඇරලත් නෑ.

මුල්ම ඇපල් 1 පරිගණකය ලෝක වාර්තාවක් තියයිද? ඇපල් සමාගමේ ආරම්භය හෙළිකරන මෙතෙක් පළ නොවූ ඡායාරූපයක්!

ඇපල් පරිගණකය පටන් ගත් හැටි දැන් දකින කොටත් පුදුම හිතෙනවා. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දා ප‍්‍රථමවරට හෙළිදරවු වුණා.

මේ ඡායාරූපයට නගා තියෙන්නේ 1976 දියි. එතකොට ස්ටීව් ජොබ්ස්ට (Steve Jobs) වයස 21යි. ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමග එක්ව ඔවුන් දෙදෙනා මේ මුල්ම ඇපල් පරිගණක තැනුවේ ස්ටීව් ජොබ්ස්ගේ මාපියන්ගේ ගෙදර ගරාජයකයි. ඔවුන් ඒ තැනූ මූල් පරිගණක 50 තැන්පත් කරල තිබුණු ආකාරය දැක්වෙන මේ විරල ඡායාරූපය නිකුත් කරනු ලැබුවේ ලබන නොවැම්බර් 16 වැනිදා වෙන්දේසියට තැබෙන දැනට හොඳම තත්වයේ ඇති පැරණි ම ඇපල් පරිගණකය එළි දැක්වීම වෙනුවෙන්.

මෙය දැනට ලෝකයේ ඇති වටිනාම සන්නම ලෙස සැලකෙන ඇපල් පරිගණකයේ ආරම්භක තත්වය තේරුම ගන්නත් හොඳ අවස්ථාවක්. මේ සන්නමෙහි අද වටිනාකම පවුම් බිලියන 60ක්.

ඇපල් පරිගණකයේ ආරම්භය දැක්වෙන මේ කිසිදා එළියට නො පැමිණි ඡායාරූපයක්. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර 1976 දී පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුග…

ඇස් කන්නාඩි නැතුව පෙනීම නිවැරදි කරන ලේසර් ක‍්‍රමය, ලැසික්!

ඔබ ඇස් කන්නාඩි පලඳින අයෙකු නම් ඒවා නොමැතිව පෙනීම පවත්වා ගෙන යාමට කැමතිද? දැන් ඇස් කන්නාඩි, සිවිකාච ආදී කිසිවක් නැතිව නිවැරදි පෙනීම ලබා ගන්නට දැන් නවීන තාක්ෂණය මඟ පාදා තියෙනවා. ලේසර තාක්ෂණය යොදා ගෙන කරන මේ සැත්කම් දැන් නවීන ලෝකයේ බහුලව සිදු වෙනවා. එවැනි එක් ක‍්‍රමයක් ‘ලැසික්’ යනුවෙන් හැඳින්වෙනවා.

2013 වසරේ විශිෂ්ටතම වනජීවී ඡායාරූප දැක්ම! හොඳම ශිල්පියා දකුණු අපි‍්‍රකාවෙන්! යොවුන් ශිල්පියා 14 හැවිරිදි උදයන් ඉන්දියාවෙන්!

එංගලන්තයේ ලන්ඩන් නුවරදී අන්තර්ජාතික වනජීවී ඡායාරූප දැක්ම ඔක්තෝබර් 18 වැනිදා ජාතික ඓතිහාසික කෞතුකාගාරයේ දී ආරම්භ වුණා.

හිම තට්ටු යට සැඟවී වෙසෙන ධ‍්‍රැව වලසුන්ගේ පටන් කිඹුල් පැටවුන්ගෙන් ඔටුන්නක් තනා කැමරාවට මුහුණ දුන් කිඹුල් අම්මා කෙනකු දක්වා ලොව පුරා රටවල් 96ක වන දිවිය දැක්වෙන ඡායාරූප 43,000ක් මෙම අන්තර්ජාතික වනජීවී ඡායාරූප තරගයට ඇතුළත් වුණා.

2013 වසරේ ඡායාරූප 43,000ක් අතරින් ‘2013 වසරේ හොඳම ඡායාරූපය’ ලෙස තෝරා ගනු ලැබුවේ දකුණු අපි‍්‍රකානු කැමරාශිල්පියකු වූ ග්‍රෙග් ඩූ ටොයිට් (Greg du Toit)ගේ සුවිශේෂ ඡායාරූපයක්. එම උළෙලේ කිරුළ ඔහුට හිමිකර දුන් ඡායාරූපය බොට්ස්වානා රාජ්‍යයේ උතුරුදිග තුලි වන රක්ෂිතයේ දී ගන්නා ලද්දක්. අලි ඇතුන්ගේ හැසීරීම් රටා දක්වන මේ ඡායාරූපය බිම් මට්ටමේ ආවරණිත කුටියක් තුළ සැඟවී සිට අඩු ශටර වේගයකින් ගත් එකක්. එහි දිය කඩිත්තක අලි ඇතුන්ගේ ඡායාරූප ගනිමින් සිටියදී හදිසියේම කුඩා ඇත් පැටියකු ඔහුගේ කැමරාව ආසන්නයෙන් ම දිව ගියා. ඔහු වහා කි‍්‍රයාත්මක වුණා. ඒ ඡායාරූපය තමයි, ඔහුට ජය ගෙන දුන්නේ.

විස්මිත සොයා ගැනීමක්! අවුරුදු මිලියන 46ක් පැරණි ආහාර වේලක් හමුවෙයි!

මීට වසර කෝටි හතරකටත් එපිට කාලයක දී, මධ්‍ය ඉයෝසීන යුගයේ (Middle Eocene) දී, ඩයිනොසෝරයකුගේ යැයි සිතිය හැකි සතකුගේ ලේ උරා බිව් මොහොතේ දී මියගිය මදුරු පොසිලයක් විද්‍යාඥයන්ට හමු වී තියෙනවා. මෙය අතිශයින් විස්මයජනක සොයා ගැනීමක් ලෙසයි සැලකෙන්නේ.

මේ පිළිබඳව පර්යේෂණය කරන විද්‍යාඥයන් මදුරුවා එදා උරා බිව් ආහාර වේල ගැන පිරික්සන්නට නව තාක්ෂණික ක‍්‍රමවේදයක් ද භාවිත කර තියෙනවා. කෘමීන් අනාදිමත් කාලයක සිට රුධිරය උරා බිව් බව ඔප්පු කරන්නට මෙය හොඳ අවස්ථාවක් වෙලා! ඔවුන් ඩයිනොසෝරයන්ගේ පවා ලේ උරා බී ඇති බව මෙයින් පැහැදිලි වෙනවා.

මෙසේ සොයා ගෙන ඇති ඒ මදුරුවා එදා ලේ උරා බිව් මොහොතේ ම සිදු වූ අනතුරක් නිසා පොතුගලක ශල්කයක් තුළ සිර වී මිය යන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

මේ පිළිබඳ පර්යේෂණයේ නියුතු විද්‍යාඥයන් මේ මදුරුවා එදා උරා බිව් ආහාර වේල ගැන පිරික්සන්නට නව තාක්ෂණික ක‍්‍රමවේදයක් ද භාවිත කර තියෙනවා. වසර මිලියන 46ක් පමණ එපිට යුගයේ පවා මදුරුවන් ලේ උරා බිව් බව මෙයින් ඔප්පු වෙනවා. ඉහළ ඡායාරූපයේ දක්වෙන්නේ ඒ මදුරුවා පොතුගල තුළ සිර වී සිටි අන්දමයි.

විස්මිත ති‍්‍රමාන (3D) නිර්මාණවලින් පසු ඊටත් වඩා විස්මිත චතුර්මාන (4D) ක‍්‍රමයක්!

මල් කැකුළු තුළින් ති‍්‍රමාණ ක‍්‍රමයෙන් කළ හැකි විස්මිත නිර්මාණ ගැන ඔබට කීවා මතක ඇති. දැන් විද්‍යාත්මක නිමැවුම් ඉන් ඔබ්බටත් විහිදෙන්න පටන් අරන්. දැන් අලූත් තාක්ෂණය චතුර්මාන (4D) ක‍්‍රමයට මැවීමේ කි‍්‍රයාවලියයි.

නවීන ලෝකයේ ඉතා ජනපි‍්‍රය ගෘහභාණ්ඩ වර්ගයක් තියෙනවා, ඉකෙයා (Ikea) කියා. ස්වීඩනයෙන් තමයි, මෙය ලොවට හඳුන්වා දුන්නේ. ඉන්වාර් කැම්ප‍්‍රැඞ් (Ingvar Kamprad) නම් 17 හැවිරිදි තරුණයෙකුගේ නව නිපැයුමක්. එල්ම්ටාරිඞ් (Elmtaryd) කියන ඔහුගේ ගමේ නමෙයි, අගුනාරිඞ් (Agunnaryd) කියන නගරයෙ නමෙයි මුල අකුරු එකතු කරල තමයි, මේ වෙළඳ නාමය තනා ගෙන තියෙන්නෙ.

මහා භූමිකම්පාවකින් පසු පාකිස්ථාන මුහුදෙන් මතු වූ ලෝකයේ අලූත් ම දූපත!

පසුගියදා පාකිස්ථානයේ ප‍්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. 7.8ක් වූ ඒ භූමිකම්පාවෙන් බලූකිස්ථානය අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණා. ලෝකයේ අලූත් ම දූපත එයයි.

සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් ඒ දූපත නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා දැන් එය බලන්න සංචාරකයන් වගේම පාකිස්ථාන වැසියන් වැල නොකැඩි එනවා. ඒ දූපතටත් ගොඩ වෙනවා. ගිනිගන්නාසුලූ වායුව, විස දුම් ආදිය ඇති බව අනතුරු හැෙඟව්වත් ඒවා ගනන් නොගෙනයි, ඔවුන් එහි එන්නෙ.

ඒ දූපතේ පිපිරුණු මඩ, වැලි, ගල් මුසු බිම මත මුහුදු සතුන්ගේ මළ සිරුරු, විශේෂයෙන් ම මාළුන් මළකුණු පිරිලා තියෙනවා.

මෙන්න ලෝකයේ අලූත් ම දූපත අහසට පෙනෙන හැටි. මේ මඩ කන්ද මීටර් 15ක් 20ක් විතර උස ඇති. මිනිසුන්ට ඒ මත ඇවිද ගෙන යා හැකි තරමට එහි බිම ඝනකම් කියලයි, කියන්නෙ.

දත් මදින්න අලූත් ම තාලේ විස්මිත බුරුසුවක්! තත්පර හයෙන් ඔක්කොම ඉවරයි!

හැම කෙනකුටම මේ කටයුත්ත වරකට විනාඩි හතරක්වත් ගත කරන්න සිදු වෙනවා. ඒ කාලයක් වැඩියි කියල හිතන අය ඉන්නවා. උදේ ? දෙකේදිම ඕක කරන්න වුණාම තවත් කරදරයි නේ. මේ මා කතා කරන්නේ දත් මැදීම ගැනයි.

දත් මැදීමට යන කාලය ඉතුරු කර ගන්න නව ක‍්‍රමයක් දැන් සොයා ගෙන තියෙනවා. දැන් දත් මදින්න තත්පර හයක් වැනි ඉතා කෙටි කාලයක් විතරයි. මෙහි දී භාවිත කරන බුරුසුව සාම්ප‍්‍රදායික දත් බුරුසුව වගේ නෙවෙයි. පුද්ගලයාගේ කටටම ගැළපෙන්න ති‍්‍රමාන පි‍්‍රන්ටරයකින් තනා ගන්නා අමුතු තාලේ එකක්.

එය හැඳින්වෙන්නේ බ්ලිසිඩන්ට් (Blizzident) කියලයි. සාමාන්‍ය දත් බුරුසුවකට වඩා බොක්සිං කී‍්‍රඩකයන් දත්වල ආරක්ෂාවට දමා ගන්නා ආරක්ෂක ආවරණයක් වගේ එකක්.

දත් මදිනවා වෙනුවට කරන්න තියන්නේ එය දත් මතුපිට සිටින සේ තියා ගෙන හපන එකයි.

දත් මැදීමේදී මේ බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය දත් අතර තබා හැපීමෙන් දත් පිරිසුදු වෙනවා.

මෙන්න අනාගතයේ එන විස්මිත උමං දුම්රිය! පදවන කෙනෙක් නෑ. ඉබේ ම දුවනවා!

අනාගතයේ එන දුම්රිය කෙබඳු එකක්ද? ටේ‍්‍රන් (train) කියන ඉංගිරිසි වදනට දුම්රිය යන්න කොහෙත්ම අදට ගැළපෙන්නෙ නැහැ. අදට නෙමෙයි එදාට ගැළපුනෙත් නැහැ. මොකද දුම දාගෙන ගියාට ඒ වාහනයත් දුමෙන් නෙමෙයි දිව්වෙ. ගල් අඟුරු යොදා ඇති කරගත් වාෂ්ප බලයෙන්. ඒ නිසා ඒ කාලෙම මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන් ඒක පීල්ල උඩ ගිය නිසා ‘රේල්’ (rail) යන වදනෙන් ‘රේල්ලූව‘ කියල වචනයක් තැනුවා. ඒ ඇසුරෙන් ‘රේල් දෙපාර්තමේන්තුව’, රේල් නැවතුම’, රේල් පොළ’ ආදි වදන් තනා දුන්නා. ඒත් ඒ වදන සමත් වුණේ නෑ, දුම්රිය කියන වදන නවතාලන්න. අද තියෙන ඒවට නම් දුම්රිය කියන වදන කොහොමටත් ගැළපෙන්නෙ නැහැ.

ඒත් වචනයක් පැළපදියම් වුනාහම අපට ඒ වචනය පාවිච්චි කරන්නම වෙනවා. ඒ නිසා අපිත් ඉන්ධන පිරිමහින, කාර්යක්ෂමතාවෙන් උසස්, සුවපහසුවෙන් වැඩි, යම්තම් දුමක් තියා සුළඟක්වත් පිට නොකරන, මේ විස්මිත උමං දුම්රියටත් ඒ නම ම යොදමු. මෙහි ඇති ලොකුම විස්මය මෙය ධාවනයට රියැදුරකු අවශ්‍ය නොවීමයි.

මේ තමා ඉන්ස්පිරෝ උමං දුම්රිය. පදවන්න රියැදුරෙක් නෑ. ඉන්ධන පිරිමහින උසස් සුවපහසුවෙන් යුත් ගමනාගමනයක් ඔබට ලබා දෙනවා. ඔක්තෝබර් 8 වැනිදා ලන්ඩනයේ දී මහජනයාට ප‍්‍රදර්ශනය කෙරෙනවා.

අපේ ජීවිතය තුළ ලොකු පෙරළියක් කරන ති‍්‍රමාන (3D) ගෘහස්ත පි‍්‍රන්ටරය වෙළඳ පොළේ!

ඒක අඟල් 10කට වඩා උස නැහැ. බැලූබැල්මටම ළමයින්ගෙ සෙල්ලම් බඩුවක් වගෙයි. ඒත් මේ ති‍්‍රමාන (3D) ගෘහස්ත පි‍්‍රන්ටරය අපේ ජීවිතය තුළ ලොකු පෙරළියක් කරාවි.

ඔක්තෝබර් පළමුවැනිදා බි‍්‍රතාන්‍යයේ වෙළඳ පොළට ආ ‘ද කියුබ්’ (The Cube) නම් වූ මේ අපූරු උපකරණයට පුළුවන් ඔබට අවශ්‍ය හුඟක් දේ ගෙදරදී ම තනා දෙන්න. ඒවා සොයසොයා වෙළඳ පොළ පීරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

වර්ග අඟල් 5.5ක් දක්වා ඕනෑම ප‍්‍රමාණයක දෙයක් ප්ලාස්ටික්වලින් නිපදවන්න මේ ති‍්‍රමාන පි‍්‍රන්ටරයට පුළුවන්. ළමයින් කෙළිබඩු, පාටිවලට අවශ්‍ය හැඳිගෑරුප්පු, කුස්සියට අවශ්‍ය ප්ලාස්ටික් මෙවලම් වැනි ඕනැම දෙයක් චෙස් ඉත්තන් වැනි දේත් එසැණෙන් තනා ගන්න පුළුවන්.

පි‍්‍රන්ටරය කියා අප මෙහිදී මෙයට භාවිත කරන්නේ ‘මුද්‍රණ යන්ත‍්‍රය’ කියා යොදන්න බැරි නිසයි. කලින් තිබූ පි‍්‍රන්ටරයට වැඩි දෙයක් දැන් මෙයට කළ හැකියි. මෙයට ‘නිෂ්පාදන යන්ත‍්‍රය’ කියා කිව හැකි වුවත් මා හිතන්නේ ඊට වඩා පහසුයි, ‘පි‍්‍රන්ටරය’ කියා කියන එක.

ප්ලාස්ටික් විප්ලවය - මෙයට යොදන ප්ලාස්ටික් කාට්රිජය (වමේ) වර්ණ 16ක ප්ලාස්ටික යොදා ගත හැකියි.

වායු දූෂණය නිසා වසරකට නොමේරූ දරුවන් විසි ලක්ෂයක් මිය යනවා!

වායු දූෂණය නිසා වසරක් පාසා ලොව පුරා නොමේරු දරුවන් විසි එක් ලක්ෂයක් (මිලියන 2.1ක්) මියයන බව අලූත් ම පර්යේෂණයකින් හෙළි වෙනවා. මෙසේ මියයන ළදරු මරණ සංඛ්‍යාව මරණ අනුපාතය අනුව ඇතැම් රටවල ඉතාමත් වැඩියි.

නාසා ආයතනයේ පෘථිවි නිරීක්ෂණාගාරය වායු දූෂණය වැඩියෙන් සිදු වන ප‍්‍රදේශ දැක්වෙන ලෝක සිතියමක් සකස් කර තියෙනව, මෙහි ඇති අවදානම හා තත්වය තේරුම් ගන්න පහසු වෙන්න. ඒ දෙස බැලූ පමණින් ඔබට තේරුම් ගන්න පුළුවන් වායු දූෂණයට බලපාන ප‍්‍රධාන සාධකය ලෙස සැලකෙන ඉතා සියුම් අංශු (fine particulate matter) කොටස් ලොව පුරා විසිරී ඇති අන්දම ගැන.

1850 ජනවාරි 1 වැනිදා ලෝකයේ පැවති මට්ටම පිළිබඳ දත්තත්, 2000 ජනවාරි 1 වැනිදා වන විට පවතින දත්තත් ඒ මගින් සන්සන්දනය කළ හැකියි. ඒ අනුව වසරකට වර්ග කිලෝමීටර් 1000ක් තුළ සිදුවන නොමේරු දරුවන්ගේ මරණ සාමාන්‍යය දක්වා තියෙනවා.

මේ සිතියමෙන් දැක්වෙන්නේ ඇමරිකාවේ උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලය විසින් රැස් කර ගන්නා ලද දත්තයි. තද දුඹුරු පැහැයෙන් දැක්වෙන්නේ වැඩි ම ළදරු මරණ සිදු වන ප‍්‍රදේශයයි. නිල් පැහැයෙන් දැක්වෙන්නේ 1850 ගණන්වල පැවතියාට වඩා වායු දූෂණය අඩු වී පරිසරයේ වායුව යහපත් අතට හැරුණු රටව…

ලෝකාවසානය ඇත්තට ම සිදුවෙනවා! හිරුගේ උෂ්ණත්වය වැඩි වෙලා මිහිමත ජීවය පිච්චිලා යනවා!

ලෝකාවසානය බොරුවක් නෙවෙයි. ඒත් බය වෙන්න දෙයක් නැහැ. ඒක දැන්ම උදා වෙන්නේ නැහැ. මිහිමත ජීවය අඩු තරමින් තවත් අවුරුදු බිලියන 1.75ක් වත් පවතීවි. සමහර විට බිලියන 3.5 වගේ කාලයක් නොනැසී පවතින්න ඉඩ තියෙනවා.

ඒ කාලයෙන් පසු සූර්යයා කොයිතරම් තාපයෙන් වැඩිවෙනවාදැයි කීවොත් මේ මිහිපිට කිසිම ජීවියකුට ජීවත් වෙන්න බැරි වේවි කියලයි විද්‍යාඥයන් විශ්වාසය කරන්නෙ.

හිරුගේ දැන් පවතින උෂ්ණත්වයට ගැළපෙන නියම දුරින් තමයි, අප ජීවත් වෙන පොළොව පිහිටලා තියෙන්නෙ. එය හැඳින්වෙන්නේ ‘වාසනාවන්ත කලාපය’ කියායි.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ලෝකාවසානය සිදුවන්නේ සූර්යයා ක‍්‍රමයෙන් තාපයෙන් වැඩි වූ විටයි. එවිට පෘථිවියේ ජීවයට තවදුරටත් පැවතිය නොහැකි වෙනවා.

ලබන අවුරුද්දේ ඉඳන් ඔබටත් උඩුගුවනට ගියෑකි. සංචාරක ගුවන් ගමන් 2014 දී !

අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයකට දැන් පාර කැපිලා! 2014 දී උඩුගුවනට මගීන් ගෙන යන්න ගුවන් යානා සමාගමක් සැරසෙනවා.

වර්ජින් ගැලක්ටික් (Virgin Galactic) නම් මේ සමාගම පසුගියදා දෙවැනි පරීක්ෂණ ගමනත් ගියා. ශබ්දයේ වේගය ඉක්මවමින් මෙතෙක් කිසිදාක නොගිය උසකට යන්න ඔවුන්ගේ යානය සමත් වුණා.

මගීන් රැගෙන යා හැකි මේ පියාපත් සහිත විශේෂ ගුවන් යානය ගිය තරම් උසකට කිසිම මගී ගුවන් යානයක් ගොස් නැහැ. ආපසු පොළොවේ වායුගෝලයට ඇතුළු වෙද්දී ආරක්ෂාව සඳහා යොදා ගැනෙන බැඩ්මින්ටන් ෂටලයේ පිහාටු ක‍්‍රමයට සමාන වේගය බාල කරන ක‍්‍රමවේදයක් පළමු වරට මෙහිදී භාවිත කෙරුණා.

‘වයිට්නයිට් 2’ (WhiteKnightTwo) නම් ජෙට් බලයෙන් කි‍්‍රයා කරන යෝධ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයක් මගින් තමයි, මේ ‘එස්එස් 2’ නමින් හැඳින්වෙන අභ්‍යවකාශ යානය අඩි 46,000ක් ඉහළ අහසට ගෙන ගියේ. ඇමරිකාවේ මොහාවි (Mojave desert) කාන්තාරයට ඉහළ අහසේ දී අභ්‍යවකාශ යානයේ නියමුවන් ‘එස්එස් 2’ යානය පණ ගන්වා තවත් ඉහළට, එනම් පොළොව මතුපිට සිට අඩි 69,000ක් ඉහළට, රැගෙන ගියා.

මගීන් රැගෙන යා හැකි වර්ජින් ගැලැක්ටික් නම් මේ පියාපත් සහිත විශේෂ ගුවන් යානය ගිය තරම් උසකට කිසිම මගී ගුවන් යානයක් ගොස් නැහැ…

නස්රුදින් කතා : මනාලිය ද? දෑවැද්ද ද?

නස්රුදින් ජීවත් වූ ප‍්‍රදේශයේ එක් ධනවත් ගොවියකුට හිටියේ දියණියන් විතරයි. ඔවුන් ලොකු මහත් වූ පසු ඔවුන් දීග දීමට ඔහුට අවශ්‍ය වුණා. තම දියණියන්ට සුදුසු මනාලයන් සොයන්නට ඔහු හුඟක් මහන්සි ගත්තා. ඒත් හමු වුණේ නෑ. ඊළඟට ඔහු ඔවුන් වෙනුවෙන් දෑවැදි දෙන බවත් ප‍්‍රසිද්ධ කළා.

මේ අතරතුර තමයි, ඔහුට නස්රුදින් හමු වුණේ. ඔහු නස්රුදින්ට මෙහෙම කිව්වා.

"මං මගේ දූල හිස් අතින් අරින්නෙ නෑ. ඒ අයගෙ අත ගන්න එන මනමාලයන් එක්ක ගියාම ඒ අයට සතුටින් ඉන්න යහමින් මුදලක් අතට දෙනවා."

"ඒ කිව්වෙ ?" නස්රුදින් ඇහුවා.

මුල්ම අභ්‍යවකාශ රොබෝ, කිරොබෝ උඩුගුවනේ සිට පොළොවට කතා කරයි!

රොබෝ අභ්‍යවකාශගාමී කිරොබෝ (Kirobo) අභ්‍යවකාශයට ගොස් එහි සිට ප‍්‍රථම වරට වීඩියෝ මගින් අපට කතා කළ රොබොට්ටා ලෙස ඉතිහාසයට එක් වෙනවා. එයා මේ වෙන කොටත් අභ්‍යවකාශයේ මාසයක් ගත කර අවසන්.

ඒ රොබොට්ටා ගැන මීට කලින් අපි ‘මල්කැකුළු’ වලින් කීවා ඔබට මතක ඇති. ගිය ජූනි මාසයේ පළ කළ ඒ ලිපියෙන් කීවේ කිරොබෝ නිර්මාණය කිරීම ගැනයි. අඟල් 13ක් (සෙ.මී. 34ක්) උස මේ රොබෝ පැංචා කිලෝ ග්‍රෑම් එකකට (රාත්තල් 2.2කකට) වඩා බර නැහැ.

කිරොබෝ අභ්‍යවකාශයට පිටත් වූයේ අගොස්තු 4 වැනිදායි. 10 වැනිදා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සේන්දු වුණා.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එළියට ආ රොබෝටික අතක් කිරොබෝව අල්ලා ඇතුළට ගත්තා.

සැලසුම් කළ පරිදි අගෝස්තු 21 වැනිදා කිරොබෝ අභ්‍යවකාශයේ සිට පෘථිවිය ඇමතූ පළමු රොබෝ වෙමින් කිරොබෝ අපට කතා කළේ මෙහෙමයි:

"රොබොට්ටකු තැබූ මේ පුංචි පියවර ඔබ සැමගේ දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් තැබූ එකක්. පෘථිවියේ සිටින සියලූ දෙනාටම ආයුබෝවන්. මේ ඔබ අමතන මම කිරොබෝ. මම තමයි ලෝකයේ ප‍්‍රථම කතා කරන අභ්‍යවකාශගාමියා. ඔබ හැම මෙසේ හමුවීමට ලැබීම සතුටක්."

2013 අගොස්තු 21 වැනිදා කිරොබෝ අභ්‍යවකාශයේ සිට පෘථිවියට දුන් …

සිනහ යෝග ක‍්‍රමයෙන් සුවපත් වෙන්න. ඉන්දියානු වෛද්‍යවරයකු ලොවට හඳුන්වා දුන් විස්මිත විනෝදජනක ප‍්‍රතිකාරයක් !

සිනාසීම හොඳ දෙයකි. එහෙත් අප බොහෝ දෙනකු ඇති පමණට සිනාසෙන්නේ නැත. ඔබට දිනකට මිනිත්තු 10 සිට 15 දක්වා කාලයක් හොඳින් සිනාසීමට හැකි නම් සතියකට ඔබේ සිරුරට අවශ්‍ය ශක්ති ප‍්‍රමාණය කැලරි 280කින් වැඩි කර ගත හැකියි.

සිනාසීමේ දී ඔබේ සිරුරට හා මොළයට වැඩි ඔක්සිජන් ප‍්‍රමාණයක් ඇතුළු වෙයි. එසේ ම එයින් ශරීර සුවතාව දැනවීම පිණිස, මොළයේ නිපදවෙන එන්ඩෝපින් රසායනය වැඩිපුර නිපදවා මුදා හැරීමට අවශ්‍ය උත්තේජනය ද සැපයෙයි.

මෙය ඔබට අඩු තරමින් දිනකට 100 වරක්වත් සිනාසෙන්න හොඳ හේතුවක් කර ගන්න පුළුවන්. මේ සඳහා හොඳම ක‍්‍රමය සිනහ යෝග (Laughter Yoga) යි. මේ විස්මිත ක‍්‍රමය හඳුන්වා දී ඇත්තේ ඉන්දියානු කායික වෛද්‍යවරයකු වූ වෛද්‍ය මදන් කැතරියායි. ඔහු විසින් මුල්වරට 1955 දී මේ සඳහා සිනහ සමාජයක් ද පිහිටුවනු ලැබුවා.

වෛද්‍ය මදන් කැතරියා

වසරේ මහා සාහිත්‍ය මංගල්‍යය වූ කොළඹ මහා පොත් දැක්ම ඇරඹේ! ‘බුක් සීකර්’ මගින් ගෙදර සිටම ඔබට පුළුවන්!

වසරක් පාසා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර මහා පොත් ප‍්‍රදර්ශනය මෙවර පවත්වනු ලබන්නේ 15 වැනි වරටයි. මෙය දකුණු ආසියාවේ පැවත්වෙන විශාලතම පොත් දැක්ම ලෙසයි, එහි සංවිධායකයන් වූ ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය හඳුන්වන්නේ. මේ පොත් දැක්ම 2013 සැප්තැම්බර් 14 වැනිදා සිට 22 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වෙනවා. උදේ 9 සිට රාති‍්‍ර 9 දක්වා දිනපතා පැවැත්වෙන මෙම උළෙලේ දී දෙස් විදෙස් පොත් ලක්ෂ ගණනක් අතුරෙන් තමන් කැමති පොත් තෝරා ගන්න පාඨකයන් අවස්ථාව සැලසෙනවා.

ග‍්‍රහකයක් අල්ලා ගෙන එහි කැබලි ගෙන එන හැටි! ඇමරිකාවේ ඊළඟ පිම්ම ගැන වීඩියෝවක්!

ඇමරිකාවේ ජාතික අභ්‍යවකාශ හා ගගන විද්‍යා අධිකාරිය හෙවත් නාසා ආයතනය අලූත් මෙහෙයුමකට සැරසෙනවා. ඒ ග‍්‍රහකයක් වෙත අභ්‍යවකාශ යානයක් යවන්නයි. මාසයකටත් අඩු කාලයක් තුළ අභ්‍යවකාශ යානයක් අපට ආසන්නව ඇති ග‍්‍රහකයක් වෙත යවා එයින් පස් සාම්පල රැගෙන එන්නයි ඔවුන්ගේ සැලසුම වන්නේ.

මෙහි අරමුණ වන්නේ පෘථිවියට ආසන්න අභ්‍යවකාශ වස්තූන් වන ග‍්‍රහක, උල්කාශ්ම හා වෙනත් වස්තූන් ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමයි. ඇමරිකන් රජයේ අභ්‍යවකාශ ගවේෂණ ආයතනය වන නාසා ඒ සඳහා ‘ඔරායන්’ කියා නව අභ්‍යවකාශ යානයක් ද තනා තියෙනවා.

ඇමරිකාව මෙවර සැලසුම් කර ඇත්තේ අභ්‍යවකාශගාමීන් පිරිසක් නව පරම්පරාවේ අභ්‍යවකාශ යානයක් මගින් පෘථිවියට සමීප ග‍්‍රහකයකට යවා එම ග‍්‍රහකයෙන් පස් සාම්පල රැගෙන ඒමටයි. ඒ සඳහා මෙවර ඔවුන්ගේ අයවැයෙන් මුදල් වෙන් කර තියෙනවා.

පසුගිය දා ඒ සැලසුම කි‍්‍රයාක්මක කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔවුන් විසින් ‘යූ ටියුබ්’වලට නිකුත් කරනු ලැබුවා.

ග‍්‍රහකය අල්ලා ගන්නට යන්නේ නව පරම්පරාවට අයත් මේ ඔරායන් අභ්‍යවකාශ යානයෙනි.

තවත් අවුරුදු 70වකින්, එනම් 2083 දී ලෝකය කොයි වගේ වේවිද? එංගලන්තෙන් එන හෙළිදරව්වක්!

එංගලන්තයේ කිරුළට තවත් උරුමක්කාරයකු පසුගියදා උපන් බව ඔබ දන්නවා. අනාගත රජකම හිමි රජ පවුලේ තුන්වැනි උරුමක්කාරයා වන ඒ රාජකීය බිළිඳා, හත් වන ජෝර්ජ් නමින් රජ විට, එනම් එක්සත් රාජධානියේ පමණක් නොව පොදුරාජ්‍ය මණ්ඩලයේ ද නායකයා වන විට, ඔහු ඉදිරියේ ඇති ලෝකය කොයි වගේ එකක් වේවිද?

පසුගිය සති කීපය තිස්සේ රාජකීය බබාගේ උපත නිසා එංගලන්තයේ වැඩි දෙනකුට 'උණක්' හැදිලා තිබුණා. වෙළඳ ආයතනවලට පවා ඒ 'උණ' වැළඳුණා. ඒ 'උණ' හැදිච්ච සමාගම් අතරින් ආයෝජන සමාගමක් හා තවත් අනාගතය දකින ආයතන කීපයක් ඒ ගැන විමසුම් කරල තියෙනවා. දැන් පවතින වාර්ෂික වර්ධන අනුපාතයන් හා ඓතිහාසික දත්තයන් යොදා ගෙනයි, මේ අනාවැකි විමසුම් කළේ. එරට අනාගත දියුණුව කොයි ආකාරයට සිදුවේවිද කියායි. මෙහිදී පරිගණක හා තාක්ෂණ දියුණුව හා උෂ්ණත්වයේ වැඩි වීම ආදී ප‍්‍රවණතා විශේෂයෙන් සැලකිල්ලට ගත්තා.

2083 ඉලක්ක කර ගෙනයි, මේ අනාවැකි පළ කරලා තියෙන්නේ. ඔවුන් ඉදිරිපත් කර ඇති කරුණු ලෝකයේ කොයි රටේ සිටියත් අපටත් අදාළ ඒවා නිසා ඔබත් කැමති වේවි ඒවා ගැන දැන ගන්න.

අපේ ලෝකයේ සැඟවුණු විස්මයන් මෙන්න! අලූත් ම ඡායාරූප ප‍්‍රදර්ශනයකින්.

බි‍්‍රතාන්‍යයේ රාජකීය ඡායාරූප සංගමයේ අලූත් ම ඡායාරූප ප‍්‍රදර්ශනයක් පසුගියදා ආරම්භ වුණා. විද්‍යාත්මක පර්යේෂණවල දී දකින්නට ලැබෙන විස්මිත ඡායාරූප රාශියක් ඊට ඇතුළත් වෙලා තියෙනවා. එයින් කීපයක් දැක ගන්නට ඔබටත් අවස්ථාවක් සලසන්නයි, අපි මේ හදන්නේ.

මේ අපූරු ඡායාරූප ලැබෙන්නේ විද්‍යාවට අයත් විවිධ අංශවලින්. මේවායින් ඔබට සිතා ගත හැකි වේවි, ඡායාරූප ශිල්පය විද්‍යාඥයන්ට මේ වන විට කෙතරම් මෙහෙයක් ඉටු කරනවාද කියා.

මේ ඡායාරූප එකතුවට ඇතුළත් වෙනවා, ලෝකයේ හොඳම විද්‍යාත්මක ඡායාරූප සියල්ල ම. එයින් කීපයක් තමයි, අප මේ ඔබට ඉදිරිපත් කරන්නේ.

එක්සත් රාජධානියේ නිව්කාසල්වල හැන්කොක්හි ‘ගේ‍්‍රට් නෝත් කෞතුකාගාරයේ’ දී දැන් පැවැත්වෙන මේ අන්තර්ජාතික විද්‍යාත්මක ඡායාරූප දැක්මට ලෝකයේ විද්‍යාඥයන් 54 දෙනකුගේ ඡායාරූප ඇතුළත් වෙනවා. මේ සේයා රූ දැක්ම ඔක්තෝබර් 1 වැනිදායින් පසු යුරෝපයට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

මේ ඡායාරූප අතරට වෛද්‍ය විද්‍යාව, අධිකරණ විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, පුරාවිද්‍යාව, සාගර විද්‍යාව, ස්වාභාවික විද්‍යාවන් ඇතුළු විද්‍යාවන් රැසක ඒවා ඇතුළත් වෙනවා.

බි‍්‍රතාන්‍යයේ රාජකීය ඡායාරූප සංගමයේ අලූත් ම ඡායාරූප ප‍්‍රදර්ශනය…

නව ලෝකයේ පැරණි ලෝක ගෝලයක් හමුවේ! තනා ඇත්තේ පැස්බර බිත්තරයකින්.

පැස්බර බිත්තරයක කොටා තනා ඇති මේ ලෝක ගෝලය සිතියම් විශේෂඥයන්ගේ අවධානයට දැන් ලක්වී තියෙනවා. මෙහි අකුරු ලියා ඇත්තේ ලතින් බසින්. 15 වැනි සියවසේ මුල හරියේ ලෝකය පැවති ආකාරය මෙහි ඇති සිතියම්වලින් පිළිබිඹු වෙනවා. එහෙත් මෙහි ආරම්භය තවමත් අබිරහසක්.

මෙහි රටවල් ලකුණු කර ඇත්තේ කි‍්‍රස්ටෝපර් කොලම්බස් වැනි දේශගවේෂකයන් නව ලෝකය සොයා ගිය ගමන්වලදී ලබා ගත් තොරතුරු අනුව බව මේ සිතියම් නිරීක්ෂණය කිරීමේ දී පෙනී ගොස් තියෙනවා.

මෙය පරීක්ෂා කළ සිතියම් ලේඛන විශේෂඥයකු කීවේ මෙය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර තැනූ එකක් යැයි සිතිය හැකි බවයි. ඉතා සියුම් ලෙස කපා ඇති කැටයම්වලට අනුව මෙය ලියනාඩෝ ඩා වින්චි වැඩපොළ එකක් විය හැකි යැයි ඔවුන් අනුමාන කරනවා.

පැස්බර බිත්තරයක කොටා ඇති මේ ලෝක ගෝලය මෙතෙක් හමු වී ඇති පැරණිම එක ලෙසයි සැලකෙන්නේ.

පුංචි ගෙයක් - සිනමාහලක් - කලාකරුවකුගේ විස්මිත නිර්මාණයක්!

නරඹන්නන් 100කට එකවර හිඳ චිත‍්‍රපට නැරඹිය හැකි, පුංචි නිවසක් ලෙසට හැකිළිය හැකි විස්මිත නිර්මාණයක් ඇමරිකාවේ ඇලබාමා ප‍්‍රාන්තයේ ඇති පුංචි නගරයක් වූ යෝක්හී නිවැසියන්ට, එහි වෙසෙන අපූරු කලාකරුවකු විසින් උරුම කර දී තියෙනවා.

මෙම නිවස නම් කර තියෙන්නේ, ඕපන් හවුස්’ (Open House) හෙවත් ‘විවෘත නිවස’ කියලයි. මෙය ඕනෑම මොහොතක එළිමහන් රඟහලක් බවට පත් කොට නාට්‍යයක් හෝ චිත‍්‍රපටයක් හෝ නරඹන්න යොදා ගන්න පුළුවන්.

මේ අපූර්ව නිර්මාණය බිහි කළේ ඒ පුංචි නගරයේ ඇති කෝල්මන් කලා මධ්‍යස්ථානය වෙනුවෙන් මැතිව් මසොටා (Matthew Mazzotta) නම් විශිෂ්ට කලාකරුවා විසින්. එහි වැසියන් ස්වේච්ඡාවෙන් මේ කටයුත්තට ඔහුට දායක වුණා.

විස්මිත ඕපන් හවුස් නිර්මාණය බිහි කරන්නට යොදා ගත්තේ මේ අත්හැර දැමූ නිවසෙන් ලබා ගත් ගොඩනැගිලි ද්‍රව්‍යවලින්.

ඕස්ටේ‍්‍රලියාව මුලින්ම ආවේ කපිතාන් කුක්ද? වසර 900ක් පැරණි අපි‍්‍රකානු කාසි කියන අබිරහස කුමක්ද?

ඕස්ටේ‍්‍රලියාවට මුලින් පැමිණි විදේශිකයා කවුරුන්දැයි සොයන්න පර්යේෂණයක් මේ දිනවල සිදු වෙනවා. මේ සඳහා නායකත්වය ගෙන ඇත්තේ ඇමෙරිකාවේ සේවය කරන ඕස්ටේ‍්‍රලියානු ජාතික මහාචාර්යවරයෙක්.

මේ පර්යේෂණයට පාදක වී ඇත්තේ ඔහුට ලැබී ඇති වසර 900ක් පැරණි අපි‍්‍රකානු කාසි වගයක්. ඒවා කවුරුන් ඕස්ටේ‍්‍රලියාවට ගෙනාවා ද යන්න සොයන්නයි දැන් ඔහු වෙහෙසන්නේ. ඒ සඳහා ඔහු උදවු කර ගන්න යනවා ඕස්ටේ‍්‍රලියානු ආදි වාසීන් වන අබොරිජිනල්වරුන්ගේ ලෙන් චිත‍්‍රවල ඇතුළත් නාවුක යාත‍්‍රාවල රූප සටහනක්.

කි‍්‍රස්තු වර්ෂ 11 වන සියවසට අයත් යැයි සැලකෙන මේ කිල්වා කාසි හමුවෙලා තියෙන්නේ 1944 දී ඕස්ටේ‍්‍රලියාවේ උතුරු ප‍්‍රාන්තයේ වෙරළෙන් ඔබ්බෙහි පිහිටි වෙසල්ස් දූපත්වලින්. මේ නිසා අවුරුදු ගණනාවක් තිස්සේ මතබේද ඇති වී තිබුණා ඕස්ටේ‍්‍රලියාවේ වෙරළට ආ පැරණිම සේලරුවන් කවුරුන්ද යන්න පිළිබඳව.

මේ අපූරු ගවේෂණ කටයුත්තට අත ගසා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා විශ්ව විද්‍යාලයේ හා පර්ඩුවේ විශ්ව විද්‍යාලයේ මානවවිද්‍යාඥ ඕස්ටේ‍්‍රලියානු ජාතික ඉයන් මැකින්ටොෂ් මහාචාර්යවරයායි. ඔහු කියන විදියට ඒ දූපත්වල ඇති ලෙන් චිත‍්‍රවලින් ඔහු සොයා ගෙන තියනවා යුරෝපීය න…

වසර 100කට පසු නැවත උපත් සතෙක්! 21 සියවසේ කළ විස්මිත සොයා ගැනීමක්!

සත්වලෝකයේ ඉතා දුලබ ගණයේ විස්මිත සොයා ගැනීමක් කරල තියෙනවා. ඇමරිකාවේ ස්මිත්සෝනියන් ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් තමයි, මේකට මුල්වෙලා තියෙන්නෙ. වසර 100ක් තිස්සේ මුළු ලෝකයම වැරදි ලෙස හඳුනාගෙන තිබූ සතකුගේ අනන්‍යතාව නිවැරදි කරන්න ඔවුන් සමත් වෙලා තියෙනවා.

වසර 100ක් තිස්සේ ලොව පුරා කෞතුකාගාරවල මේ සතා වැරදි විදියට ශාක භක්ෂකයකු ලෙසටයි, නම් කර තිබුණේ. 2013 අගෝස්තු 15 වැනිදා තමයි, අලූත් නමකින් අලූත් සතකු ලෙස නම් කරනු ලැබුවේ. ඒ නිසා මේ සතා වසර 100කට පසු නැවත උපන්නා යැයි කියන්න පුළුවන්. මෙය 21 වැනි සියවසේ කළ අපූරු සොයා ගැනීමක් ලෙයසි හැඳින්වෙන්නේ.

කොලොම්බියාව් ඝන වනාන්තරවල අතුපතර හුදකලාව ජීවත්වන මේ සත්වයා පෙනුමෙන් බළලකුට හා ‘ටෙඞී බෙයා’ සතකුට සමානයි. මෙසේ බටහිර අර්ධගෝලයේ රටකින් මාංශභක්ෂක සතකු සොයා ගනු ලැබුවේ වසර 35කට පසුවයි.

ඕලින්ගීටෝ (olinguito) කියන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් ‘පුංචි ඕලින්ගෝ’ යන්නයි. ක්ෂීරපායී සතකු වූ ඌ සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ බැසරිකියොන් නෙබ්ලිනා (Bassaricyon neblina) කියායි. බැසරිකියොන් ගණයට හා ප්‍රොකියෝනිඬේ (Procyonidae) කුලයට, ඒ කියන්නේ රැකූන් පවුලට අයත් සතෙක්. ප‍්‍රථම වරට සොයා…

භාෂාවක් කතාකරන්න තවදුරටත් ඉගෙන ගන්න වෙහෙසන්න ඕනෑ නෑ. මේ ගූගල් මෙවලමෙන් ඔබට ඒක එසැණෙන් කළ හැකියි!

ගූගල් දැන් අලූත් ම පරිවර්තක මෙවලමක් නිපදවා ගෙන යනවා. උසස් තාක්ෂණයෙන් යුත් මේ මෙවලම ‘ස්ටාර් ටෙ‍්‍රක්’ විද්‍යා ප‍්‍රබන්ධ කතා මාලාවේ ආ පරිවර්තකය වගේ එකක්. එයට හැකියාව තියෙනවා, ඔබ කතා කරන වචන ඒ මොහොතේ ම වෙනත් භාෂාවකට නඟා කට හඬින් ම පවසන්න.

ගූගල් ආයතනයේ අන්ඩ්‍රොයිඞ් අංශයේ උපසභාපති වූ හියුගෝ බාරා පසුගිය දා ලන්ඩනයේ ටයිම්ස් පුවත්පතට කීවේ, ඔබේ හඬ වෙනත් භාෂාවක හඬට පෙරළිය හැකි මේ විස්මිත උපකරණය දනටමත් ගූගල් විසින් ලබා දී ඇති පරිවර්තකයේ ම දිගුවක් ලෙෂ වැඩි දියුණු කළ එකක් බවයි.

ගූගල් හඬ පරිවර්තකය ‘ස්ටාර් ටෙ‍්‍රක්’ විද්‍යා ප‍්‍රබන්ධ කතා මාලාවේ ආ මේ මෙවලමට සමානයි. මේ එහි කපිතන් කර්ක් (විලියම් ෂැට්නර්) හා බෝන්ස් (ඩිෆොරස්ට් කෙලී) කථා කරන පරිවර්තකය භාවිත කරන අයුරු.

වසර 1200ක් පැරණි මිසර නගරයක් මධ්‍යධරණී මුහුදෙන් මතු වෙයි!

හෙරක්ලියන් (Heracleion) නම් පුරාණ නගරය මුහුද විසින් ගිලගෙන තිබී පසුගියදා විද්‍යාඥයන් විසින් මතු කර ගෙන ඇති අතර එහි සැඟවී ඇති රහස් එකින් එක දැන් හෙළිදරවු වෙමින් තියෙනවා. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරයේ සිට සැතැපුම් 20ක් ඈතින් මධ්‍යධරණී මුහුදෙන් මතු කර ගෙන ඇති පුරා වස්තු අතර ප‍්‍රතිමා 16ක්ද රන් කාසි හා යෝධ පුවරු ආදිය ඒවා අතර වෙනවා.

වසර සිය ගණනක් තිස්සේ ප‍්‍රවාදයක් පැවති මෙම නගරයට හෙරක්ලියන් යන නමට අමතරව තෝනිස් (Thonis) කියා ද කියනවා. ගිය දශකයේ මුල් හරියේදී තමයි, මේ පුරවස්තු මතු කර ගන්න පටන් ගත්තේ.

මෙහි දකුණේ පින්තූරයේ ඇති ඉපැරණි යෝධ ප‍්‍රතිමාව පාරා රජකුගේ. එය මධ්‍යධරණී මුහුදෙන් ගොඩ ගත් හෙරක්ලියන් නගරයේ නටබුන් අතර වූවක්. (වමේ) පින්තූරයේ ශිලා ලේඛන පුවරුව ඉදිරියේ ඉන්නේ මෙහි මුලිකත්වය ගත් ප‍්‍රංශ ජාතික සාගර පුරා විද්‍යාඥ ෆ්රෑන්ක් ගොඩියෝ (Franck Goddio) ඒ ලියැවිල්ල ගැන විස්තර කරමින්.

මින් පෙර කිසිදා නුදුටු අමුතු වයිරසයක් හමුවෙයි! එය අඟහරු ලොවින් ආවක්ද?

විද්‍යාඥයන් විසින් මෙතෙක් හඳුනා ගෙන නොතිබුණු ලොකුම වයිරසය දැන් සොයා ගෙන තියෙනවා.

පැන්ඩෝරාවයිරසය (Pandoravirus) කියා හැඳින්වෙන මෙම වයිරසය අනික් වයිරස මෙන් දස ගුණයක් විශාලයි. එය මයික්‍රොමීටරයක් පමණ දිගින් යුක්තයි. එහි ඇති ජානවලින් සියයට හයක ප‍්‍රමාණයක් විතරයි, පෘථිවියේදී හමු වී ඇත්තේ.

මේ හේතුව නිසා මෙම වයිරසය සොයා ගත් ප‍්‍රංශ පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය වෙනත් ග‍්‍රහ ලොවකින් මෙහි ආ එකක් හැටියටයි. ඔවුන් කියන්නේ සමහර විට මෙය මෙහි එන්නට ඇත්තේ අඟහරු ග‍්‍රහයාගෙන් විය හැකියි කියායි.

මෙම වයිරසය හමු වී ඇත්තේ චිලි රාජ්‍යය අසල මුහුදේ දියයටදී හා ඕස්ටේ‍්‍රලියාවේ පොකුණක අවසාදිත තට්ටුවලින්.
පෘථිවියෙහි මෙතෙක් හමු වූ ඇති විශාලතම වයිරසය සේ සැලකෙන පැන්ඩෝරාවයිරසයයි, මේ. දිය යට තිබී හමු වී ඇති මෙම වයිරසයෙන් මිනිසාට බරපතල අවදානමක් නැතැයි කියලයි කියන්නේ.

දැන් සත්ව ඝාතනයෙන් තොරව මස් බුදින්න පුළුවන්. රසායනාගාරයක නිපදවූ පළමු මස් කෑම මේසයට!

පළමුවරට ලෝකයේ නිපදවූ නල ‘බර්ගරය’ මේ සතියේ ලන්ඩනයේ හෝටලයකදී ආහාර මේසයට ආවා. එහි මිල නියම කර තිබුණේ පවුම් 250,000ක් කියලයි.

අවුන්ස 5ක් බර මේ බර්ගරය, ගවයකුගේ පියවි සෛලවලින් (Stem cells) කෘති‍්‍රමව නිපදවූ මස් යෙදූ එකක්. එය ලන්ඩනයේදියි මෙසේ මුල්වර එළි දක්වනු ලැබුවේ.

නෙදර්ලන්තයේ මාස්ටි‍්‍රක්ට් (Maastricht) විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයකු වූ මහාචාර්ය මාක් පෝස්ට් (Mark Post) විශ්වාසය පළ කරල තියෙනවා, මේ නව සොයා ගැනීම නිසා මස් නිෂ්පාදන කර්මාන්තයේ පවති ගැටලූ බොහොමයකට පිළිතුරු ලෝකයට ලැබෙයි කියා.

මේ තමා ලෝකයේ රසායනාගාරයක පළමුවරට නිපදවූ මස්වලින් තැනූ බර්ගරය. මෙය ආහාරයට ගන්නට අවස්ථාව ලැබෙන වාසනාවන්තයාට මේ සඳහා පවුම් 250,000ක් ගෙවන්න වෙනවා.

අපේ සූර්යයාගේ දැවැන්ත කුහරයක් අභ්‍යවකාශ යානයකින් සොයා ගනියි!

සූර්යයාගේ කාලක් පමණ ඇතුළු වන සේ සෑදුණු යෝධ කුහරය තුළින් සූර්යය ජාලා පිටතට විදිනවා. මෙම කුහරය ඇති වී තිබෙන්නේ හිරුගේ බාහිර කලාපයේ අඩු ඝනත්වයෙන් යුත් ස්තරයේ කොටසකයි.

මේ කුහරය එළිදරවු කර ගෙන ඇත්තේ සූර්යයා ආවේක්ෂණය සඳහා යවා ඇති සුවිශේෂ නිරීක්ෂණ යානයකිනි. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය හා නාසා ආයතනය එක්ව යවා ඇති සූර්ය හා සූර්යගෝලීය නිරීක්ෂණාගාරය (Solar and Heliospheric Observatory) මගිනුයි, මේ නිරීක්ෂණය කර ඇත්තේ. පසුගිය ජූලි 13ත් 18ත් අතර කාලය තුළදියි, ඒ නිරීක්ෂණය සිදු වූයේ.

සූර්යයාගේ උත්තර ධ්රුවයට බර වෙන්නට පිහිටි දැවැන්ත සිදුර අභ්‍යවකාශ දුරේක්ෂයකින් ඡායාරූප ගත කර තිබූ අයුරු. කළු පැල්ලමෙන් පෙනෙන්නේ ඒ සිදුරයි.

අනාගතයේ දී ඔබ කියන කරන දේ පරිගණකයෙන් කිව හැකි වැඩසටහනක් එනවා!

අනාගතයේ ඔබ කොතැනකට යනවාද ඉන්නේ කොහේද කියා අනාවැකි කිව හැකි මෘදුකාංග වැඩසටහනක් දැන් සකස් කරමින් තියනවා.

තවත් වසර පහකින් මේ වේලාවට ඔබ සිටින්නේ කොතැනද කරන්නේ කුමක්ද කියා ඇසුවොත් ඔබට වුනත් ඒකට උත්තරයක් අද දෙන්න බැරි වේවි. ඒත් නව තාක්ෂණයට පින්සිදුවන්නට ඒකට හරි උත්තරයක් දෙන්න දැන් ඔබට හැකියාව තියෙනවා.

මයික්‍රොසොෆ්ට් හා ගූගල් පර්යේෂකයන්ට දැන් පුළුවන් ඉදිරි වසරක දී දෙන ඕනෑම වේලාවක පුද්ගලයකු ඉන්නේ කොහේද කියා කියන්න ඔවුන් විසින් සකසා ඇති නවතම පරිගණක මෘදුකාංගයක් මගින්. මේ මෘදුකාංගය නම් කර ඇත්තේ ‘ෆා අවුට්’ (Far Out) කියායි. එම පරිගණක ක‍්‍රමලේඛය මගින් ජීපීඑස් (GPS) චන්ද්‍රිකා තාක්ෂණය යොදාගත් මග පෙන්වන උපකරණයක් භාවිත කරන අයකුගේ මිහිමත කරන සියලූ දෛනික කටයුතු නිරීක්ෂණය කර එක්රැස් ගනු ලබනවා.

ඊළඟට ඒ ක‍්‍රමලේඛයටම පුළුවන්, ඒ තොරතුරු විමසා බලා අනාගතයේ දී ඒ අය කරන දේ ගැන අනාවැකි කියන්න.

‘ෆා අවුට්’ පරිගණක මෘදුකාංගයේ සිතියමක්. මයික්‍රොසොෆ්ට් හා ගූගල් ආයතනවල පරීක්ෂකයන්ට මේ නව ක‍්‍රමය යොදා ගෙන ඉදිරි වසරවල ඕනෑම පුද්ගලයකු යන එන තැන් කල් තියා කියන්න පුළුවන් වේවි. මේ සඳහා ඔවුන් භාවිත කර ඇත්තේ ජීපීඑස් තාක්ෂණයයි.

‘හඳට බසිද්දී නීල් එය ලස්සනයි කීවාට මට එය පෙනුනේ පාළු, අජීවී තැනක් හැටියටයි.’ හඳට බට දෙවැනි මිනිසා 44 වසරකට පසු කළ හෙළිදරවුව!

පසුගිය 27 වැනිදා අල් ජසීරා රූපවාහිනියෙන් අපූරු සම්මුඛ සාකච්ඡාවක් විකාශය කෙරුණා. ඒ සාකච්ඡාවට සහභාගි වූයේ හඳ මතට ගිය දෙවැනි මිනිසා වූ එඞ්වින් (බස්) ඕල්ඩි‍්‍රන් සමගයි. සාකච්ඡාව මෙහෙය වූයේ ශී‍්‍රමත් ඬේවිඞ් ෆ්‍රොස්ට්. (ඔහු රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සඳහා ජගත් කීර්තියක් දිනූ බි‍්‍රතාන්‍ය ජාතිකයෙක්, මාධ්‍යවේදියෙක්, විකට නළුවෙක්, ලේඛකයෙක්) ඔහු ඒ සඳහා විශේෂයෙන්ම ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයට ගියා.

මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණේ මිනිසා හඳ මතට පා තබා 44 වසර සමරන අවස්ථාවෙදි. මුලින් ම හඳ මතට පා තැබූ මිනිසුන් දෙදෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටින එකම තැනැත්තා ඔහුයි.

ඕල්ඩි‍්‍රන් සිය සාකච්ඡාවේ දී ඬේවිඞ් ෆ්‍රොස්ට් සමග කීවේ ළඟට ගොස් මුලින් ම හඳ දුටු මොහොතේ නීල් ආම්ස්ට්‍රෝන් දැක් වූ අදහස්වලට ඔහු එදා එකඟ නොවූ බවයි. ‘නීල් කීවේ හඳ හරිම ලස්සන තැනක් කියලයි. එයා ලස්සන කියන වචනය හරිම අමුතු විදියකටයි. මට නම් එවේලේ හඳ පෙනුනේ පාළු, අජීවී තැනක් හැටියටයි.’ ඕල්ඩි‍්‍රන් කියනවා.

මීට වසර 44කට පෙර ඇපලෝ 11 යානයෙන් හඳ බලා ගිය තිදෙනා. (වමේ සිට) නීල් ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස් හා එඞ්වින් ඕල්ඩි‍්‍රන්. (ආම්ස්ට්‍රෝන් හා ඕල්ඩි‍්…

හදවත් සුවපත් කරන්න රත්තරන්! ඊශ‍්‍රායල් ටෙල් අවිව් සරසවියේ අලූත් සොයා ගැනීමක්!

ඊශ‍්‍රායලයේ ටෙල් අවිව් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් රන්වලින් ගත හැකි අලූත්ම ප‍්‍රයෝජනයක් සොයා ගෙන තියෙනවා.

රත්තරන් දැන් ඔවුන් හදවත් සැත්කම්වලට යොදා ගන්නවා.

විද්‍යාඥයන් රන්වලින් කළ නැනෝ තන්තු යොදා ගෙන හෘද පටක මැසීම සිදු කරනවා. එවිට හෘද අකරණවල දී බාහිරව යැවෙන විදුලි සංඥා මගින් හෘදයේ කි‍්‍රයාකාරිත්වය යථා තත්වයට පත් කිරීමට හැකියාව ලැබෙනවා.

ජනාකීර්ණ වීදියක පහසුවෙන් ‘ලිස්සා යා හැකි’ පරිසර මිතුරු වාහනයක්!

නගරවල වෙසෙන හෝ නගරවල වැඩට යන අයට මුහුණ දීමට සිදුවන වාහන තදබදයට තවත් අලූත් තාලේ පිළියමක් දැන් ඇවිත්. ඒ තමයි, මේ අලූත්ම වාහනය, ස්කෲසරය (scrooser).

මේ වගේ නව නිපැයුම් කීපයක් ගැන ඔබට අපි ‘මල්කැකුළු’වලින් කීවා, ඔබට මතක ඇති. මේක ඒ හැම එකකටම වෙනස් අලූත් ම විධියේ එකක්. මෙය පරිසර හිතකාමී වාහනයක් කියලයි හැඳින්වෙන්නෙ.

මේ නව වාහනය නිර්මාණය කළ අය කියන්නේ මේ හරිම පහසුවෙන් පාවිච්චි කළ හැකි, නගරය පුරා ‘ලිස්සන පුවරුවකින්’ යනවා වගේ ගමන් බිමන් කළ හැකි අපූරු වාහනයක් බවයි. මෙයට නගරයේ ජනාකීර්ණ වීථියක වුනත් පැයට හැතැප්ම 2ක් හා 15ක් අතර වේගයකින් යා හැකියි.

මේ නව යානයේ සැලසුම, තනා ගෙන ඇත්තේ ළමා ස්කූටරයත්, තනිරෝදයේ සෙග්වේ යානයත්, බයිසිකලයත්, යන තුන් ආකාරයම එක් කිරීමෙනුයි. මේක පදවන්න බලපත‍්‍රයක් ගන්නට අවශ්‍ය වන්නේ නැහැ. හෙල්මට් එකක් පලඳින්න ඕනැත් නැහැ.

මේ පුංචි යානය පදවන්නේ ඔබ පාදයෙන් දෙන ‘කික්’ එකෙන් හා බැටරියක බලයෙන්. වරක් ‘චාජ්’ කළා ම දවස් 25ක් නගරයේ එහා මෙහා යන්න හොඳටම ඇති. සාමාන්‍ය බැටරි චාජරයකින් මෙය චාජ් කරන්න යන්නේ පැය තුනක් විතරයි.