බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්ෂුවක් විය. මේ භික්ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක් දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.
එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක් කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක් උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.
"ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?"
බුදුන් වහන්සේ කිසිවක් නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක් පසුබා සිටි භික්ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක් පසුබා සිටි භික්ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.
"රාත්‍රී කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹිනග භික්ෂුන් වහන්සේ නැවත වතාවක් බුදුන් වහන්සේ වෙත ගොස් දෙපා නැමද තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.
භික්ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස් ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ.
"ඇවැත්නි, දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?"
"ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ"
එවිට බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ.
"ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක් ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක් එතැන නැත. ආලෝකය පමණක් චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥාව පමණක් ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක් කිරීමට ඒවාට හැකියාවක් නැත. කෙනකුට වැඩක් කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ.
- සප්ත සූර්යෝද්ගමන සූත්‍රය -
"සවෙනි සූර්යයාගේ පහළ වීමත් සමගින් මුළු මහත් පෘථිවි තලයද, මහාමේරු පර්වතයද හාත්පස පැතිර ගිය මහා දුමාරයකින් වැසී පවතී. සත්වෙනි හිරුගේ පහළ වීම සිදු වන විට ලෝකය සිය ගමන් මඟේ අවසන් කඩයිමට පැමිණ සිටී. දුම් පිට වෙමින් පැවති ලෝකය දැන් ගිනි ගෙන ඇවිලෙමින් පවතී. මහාමේරුවද දැවී සුනුවිසුනු වී යයි. මහමෙර ගින්නෙන් වැනසෙන කළ යොදුන් ගණන් ප්‍රමාණයට බිඳී වෙන් වෙන එහි පර්වත කැබලි අහසෙහිම දැවෙමින් සුනු විසුනු වී යන්නේය. පෘථිවිය, මහමෙර පමණක් නොව, යුගන්ධර පර්වතය ආදී කොට ඇති සත්කුළු පවුවද, චාතුම්මහාරාජිකය ඇතුළු සදිව්ය ලෝකද, බ්‍රහ්මපාරිසජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම යන බ්‍රහ්ම ලෝකද දැවී වැනසී යන්නේය. දෑඟීල්ලෙන් අසුකර ගන්නා තරම් අළු හෝ දැලි අඟුරු නැතිව ආභස්සර බඹ ලොව දක්වා ඒකකුහරව පැතිරෙන අන්ධකාරයක් යළිත් අන්තඃ කල්ප විස්සක් පමණ ගත වන තුරු පවතී"
--සම්බන්ධිත පුවත් --
- මායා කැලැන්ඩරය, අවසාන දිනය 12/21/12 දා ද?
- මායා කැලැන්ඩරයට අනුව 2012 දෙසැම්බර් 21 වැනිදා ‘අවසාන දිනය’ ලෝකයේ අවසාන දිනය ද? ඒ ගැන සඳහන් තවත් සෙල්ලිපියක් හමුවෙයි!
- විශ්වයේ අපි ඉන්නේ තනිවම ද? මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප්‍රශ්න දහයට පිළිතුරු!
- හෙට ලෝක අවසානය ද? නැතහොත් තව වසර බිලියන පහකින්ද? - නාසා ආයතනය අනාවැකි කියයි
- අද ලෝක විනාශය සිදු වෙයි ද? තව දුරටත් සොයා බලමු...
12 Comments
This is a good article. I'm trying to veryfy the sources. Really useful.
ReplyDeleteවිද්‍යාවට හසු වූ දෑත් හසු නොවූ දෑත් බුදුරජාණන් වහන්සේ දැක තිබේ.
ReplyDeleteශා..... මෙන්න අපේ ආගම. මෙන්න අපේ බුදුන් වහන්සේ.... උන්වහන්සේ වසර 2600 කට පෙර මෙම දේවල් නුවනින් දැක තිබෙනවා. අද බටහිර විද්‍යාඥයින් පුළුල් පර්යේෂණ කරමින් තම ජීවිත කාලයම එම පර්යේෂණ වෙනුවෙන් කැප කරමින් හොයාගන්නේ අලුත් දේවල් නොවැ අපේ බුදු පියාණන් විසින් දේශනා කල දර්මයේ අති නිරවද්‍ය තාවයයි.
ReplyDeleteකෝරලේ වලව්ව
අනේ සාදු. අපේ ගෞතම බුදුරජානණ වහන්සේ සෑම දෙයක් ගැනම දන්නවා. අපේ විද්‍යාඥයන්ට තවම බැරි වුනා හරියට මෙලෝ දෙයක්වත් කරගන්න.
ReplyDeleteනමෝ බුද්ධාය
ReplyDeleteමුලාශ්‍රයක් තිබුනා නම් වටිනාකම කියල නිම කරන්න බැහැ
ReplyDeleteසූත්‍ර පිටකයට අයත්අං ගුත්තර නිකායේ චතුෂ්ක භාගයේ මහා වග්ගයෙහි දෙවැනි සූත්‍රය
Deleteමෙච්චර හොද articale එකකට මුලාශ්‍ර වඩාත් පැහැදිලිව දක්වන්න පුලුවන්නම් හොදයි
ReplyDeleteGood post..... Namo budhdaya...!
ReplyDeleteසඳුන්, මේ ලෝක විනාශය ගැන හා කාරකා ගැන බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ දීඝ නිකායේ අග්ගන්න සූත‍්‍රයෙයි.
ReplyDeleteත්‍රිපිටකය හි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වග්ගය ...
ReplyDelete
ReplyDelete"ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක් ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක් එතැන නැත. ආලෝකය පමණක් චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥාව පමණක් ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක් කිරීමට ඒවාට හැකියාවක් නැත. කෙනකුට වැඩක් කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ. meya kohenda uputaa gaththe?