එදා අපි ‘මල් කැකුළු’ ආරම්භ කළේත්, තවමත් පවත්වා ගෙන යන්නේත්, නොමිලයේ කෙරෙන ප‍්‍රජා සත්කාරයක් හැටියටයි. අපට අවශ්‍ය වූයේ ලොව පුරා සිටින සිංහල කියවන ඔබට, ලොව නන්දෙසින් අසන්නට ලැබෙන නව සිදුවීම්, නව සොයා ගැනීම්, නව නිපැයුම්, නව නිර්මාණ, ආදිය පිළිබඳව සිංහලෙන් එසැණින් කියවීමට සැලැස්වීමටයි. එදා පොරොන්දු වූවාක් මෙන් අපි ඒ වෙනුවෙන් දිවා රෑ අන්තර් ජාලය ඔස්සේ නිරන්තරයෙන් ම සැරිසැරීමු. ඔබට ප‍්‍රයෝජනවත් දෑ සොයමින් විවිධ පොතපත කෙරෙහි ඇස සිත ෙයෙදව්වෙමු. එසේ සොයා ගන්නා දේ රසවත්ව, අලූත් ආරකින් ඔබ වෙත ගෙන එන්නට උත්සුක වීමුග හැම දෙයක් දෙස ම නව ඇසකින් බලන්නට ඔබව පොලඹවන්නට හැම විට ම උත්සාහ ෙකළෙමු. අපේ ව්‍යායාමය තරමක් දුරට හෝ සාර්ථකයැයි අපට හැෙඟන්නේ අපව බලපු ඔබේ සංඛ්‍යාව අද වන විට 5,60,000 ඉක්මවා තිබීම නිසාය.
‘නුවණ, දැනුම හා විනෝදය’ අපේ තේමා පාඨයයි. ඒ අනුව විශේෂාංග රැසක් ද අපි පසුගිය කාලය තුළ ඔබ වෙත ඉදිරිපත් කෙළෙමු. අපේ අත්තන්ගෙ විත්ති, අන්දරේගේ කතා, නස්රුදින්ගේ කතා, සූෆී උපමා කතා, සෙන් බොදු කතා, ජාතක කතා, ජනකතා, විද්‍යාඥයන් පිළිබඳ විස්මිත කතා ආදී විවිධ රසමුසු කතා පමණක් නොව, ගණිත විනෝදය, දුක දිනා ජයගත් හපන්නු, නව කවිසරණිය, නව සොයා ගැනීම්, නව දේශාටන, ලොව පුරාවිද්‍යා ගවේෂණ, සත්ව ලෝකයේ නවතම සොයා ගැනීම්, සක්වළ ගවේෂණ, ආදිය ගැන අපි ඔබ වෙත කරුණු ගෙන ආවෙමු. ලෝකයේ නොවිසඳුණු අබිරහස්, විස්මිත අත්දැකීම්, අද්භූත ලෝකයේ විස්මිත පුවත් පිළිබඳ කතා ආදිය ඉදිරිපත් කෙළෙමු. එතැනින් නොනැවතී පියවි ඇසට නොපෙනෙන සූක්ෂම ලෝකය ඔබේ පෙනෙන මානයට ගෙනාවෙමු.
අපේ වර්ගීකරණය දිහා විමසිල්ලෙන් බැලූවොත් ඔබට එහි ඇති විවිධත්වය කෙබඳුදැයි එක්වරම ප‍්‍රත්‍යක්ෂ වනු ඇති. අප මෙතෙක් ඉදිරිපත් කළ දෑ එකින්එක ගෙන හැර බැලූවොත් තවත් කොතෙක් දෑ ඉදිරිපත් කිරීමට ඉතිරිව ඇද්දැයි ඔබටම සිතා ගත හැකියි. ඒවා අනාගතයේ ඉඩ ලැබෙන පරිද්දෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.
ඒ අතර ලොව අලූත්ම විස්මිත සිදූවීම් එසැණම ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි යුහුසුලූ වීමු. ඒ සෑම අවස්ථාවකදී අනෙක් සෑම සන්නිවේදන මාධ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටීමට අපි වග බලා ගත්තෙමු.
ඔබට වඩාත් ප‍්‍රයෝජනවත් වන පරිදි ‘මල් කැකුළු’ සම්පාදනය කිරීම අපේ ඒකායන අරමුණ බැවින් ඔබේ අදහස් උදහස් අපට දන්වන්න. ඒ අනුව වඩාත් රසවත්, ඔබේ බුද්ධි ප‍්‍රබෝධනයට ඉවහල් වන ආකාරයේ විශේෂාංග ‘මල් කැකුළු’වලට අනාගතයේ දී එක් කිරීමට බලාපොරොත්තු වෙමු.
‘මල් කැකුළු’ මෙතෙක් දුර ආයේ පාඨක ඔබේ අදහස් දැක්වීම් හා දිරිගැන්වීම් මතිනි. ඔබේ කමෙන්ටු අපට ආශිර්වාදයකි. ගත වූ වසර තුළ ‘මල් කැකුළු’ සාර්ථක කර ගැනීමට නොයෙක් ආකාරයෙන් අදහස් දැක්වීමෙන් හා විවිධ අයුරින් උදවු උපකාර කළ අය බොහෝය.
15 Comments
මම හිතාගෙන හිටියේ මල් කැකුළු එක්ක අවුරුදු ගාණක් හිටියා කියලා.
ReplyDeleteමල් කැකුලු නිසා මා ලබා ගත් දැණුම බොහොමයි. ඒ ගැන අනේක වාරයක් තුති. දිනපතා අවම වශයෙන් එක් ලිපියක් වත් පල කරගෙන යන එක ලේසි වැඩක් නෙමේ කියලා මම දන්නවා.
තවත් කාලයක් අපට නුවණ, දැනුම හා විනෝදය ලබා දෙන්න "මල් කැකුළු පිරිස"ට හැකිවේවා!
Well done. ඔහොම යං.
ReplyDeleteelakiri...........makakulu hamadamath supiri
ReplyDeleteසුබ පැතුම් ! මාත් හිතන් හිටියෙ මල් කැකුළු ගොඩක් පරණ එකක් කියලා.. මේ සමාජ සත්කාරය අති විශිෂ්ටයි !
ReplyDeleteතව තවත් හොඳ රසවත්, වැදගත් තොරතුරු හා දැනුම අපට ලබා දීමට ශක්තිය පතමි !
ජය !!
දිගටම ඉදිරියට යන්ට මගෙත් සුබපැතුම්,,,
ReplyDeleteහ්ම්ම්ම් මගෙත් උණුසුම් සුභ පැතුම් පිළිගන්න නිතර කොමෙන්ට් නොකලත් ඒක ලිපියක්වත් මිස් කරන්නේ නැතිව කියෙව්වා මගේ බ්ලොග් ඒක පටන්ගන්නත් කලින් ඉඳල තමයි මම මල් කැකුළු බලන්න එන්නේ චිරාත් කාලයක් අපිට අලුත් යමක් නිතර එකතු කරන්න වාසනාව ලැබේවා!!!! ඔන්න මම කෝරලේ මහත්තයා
ReplyDeleteමමත් හිතන් උන්නේ මේක ගොඩාක් පරන එකක් කියලනේ
ReplyDeleteඔන්න මගේනුත් සුබම සුබ පැතුම්..
මගෙත් උණුසුම් සුභපැතුම්...
ReplyDeleteසුභ පැතුම්. ඉදිරි වසර තුළ ඔබෙන් අපට තවත් බොහෝ දේ ලැබේවා.
ReplyDeleteජය වේවා.
උනුසුම් සුබ පැතුම් මගෙනුත්. අපි ආ ගිය සොඳුරු අඩවියක් මේක.
ReplyDeleteMama browser aka on karapu gamanma yanne mal kakulu walata. ada monawada aluth thoraturu kiyala balanna. Oba etha wishala sewawak karanawa. Labana wasaredi meetath wada honda me karya karanna puluwan shakthiya obata labewa kiyala ape sawoma prarthana karanawa......Ape samada mal kakulu samagai............Sada jaya........
ReplyDeleteapi kawadath malkekulu ekkai
ReplyDeleteWeldone malkekulu
සුභ පැතුම්.. මල් කැකුළු නිසා දැනුමට එකතු කර ගත්ත දේ බොහොමයි.. ඉස්සරහටත් මේ වටින ලිපි කියවන අපි එනවා..
ReplyDeleteසුබ පැතුම් මල් කැකුළු . . .
ReplyDeletegood luck
ReplyDelete