Skip to main content

Posts

Showing posts from October, 2012

‘මල් කැකුළු’ අද පළමු වසර සපුරයි. ඔබේ මනදොළ සපුරාලන්නට තවත් නව වසරකට පා තබයි!

අප ‘මල් කැකුළු’ ආරම්භ කරමින් එදා, 2011 ඔක්තෝබර් 31 වැනිදා, ඔබට මෙහෙම කීවා මතක ඇතුවා නිසැකය. ”පුවත්පත් කලාවේ පනස් වසරක අත්දැකීම් ඇතිව නව මාධ්‍යයක් ඔස්සේ ඔබ වෙත සමීප වන්නට අප අදහස් කළේ නවලොවට සරිලන සන්නිවේදන අත්දැකීමක් බෙදාහදා ගන්නටය. කවදත් ළමා පරපුර වෙනුවෙන් ඇප කැප වුණු අප ඉදිරියටත් ඒ මඟ ම යන අදහසින් ආරම්භ කළ මෙම අඩවිය ලොව කොතැනක සිටියත් ළමා ඔබේ රස වින්දනය උසස් මට්ටමකට ගෙන යන්නටත් ඔබේ බුද්ධියේ නිම්වළලූ පුළුල් කරන්නටත්, ඉවහල් වන අයුරින් සම්පාදනය කිරීමට අප බලාපොරොත්තු වෙමු.”

අනාගතයේ ඔබේ උදවුවට මිනිසාට සමාන රොබොට්ටන් එනවා! ඔවුන්ට භාෂා 20ක් කතා කරන්න පුළුවන් !

දැන් එංගලන්තයේ බි‍්‍රස්ටල් හා එසෙක්ස් පර්යේෂණාගාරවල නව පරම්පරාවක මානවරූපී රොබොවන් තනා ගෙන යනවා. ඒ සමහරකුට නටන්න පුළුවන්. භාෂා 20ක් විතර කතා කරන්න පුළුවන්.

එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය මිනිසුන් මෙන් මුහුණෙන් හැඟීම් පළ කරන්න පුළුවන්. ලෝකයේ ඕනෑම තැනක සිට ඔවුන් මෙහෙය විය හැකියි. ඔවුන්ගෙන් ඔබට අවශ්‍ය ඕනෑ වැඩක් ගත හැකියි.

ශල්‍ය වෛද්‍යවරයකු වෙනුවට සැත්කම් කිරීමටත් යොදා ගත්තෑකි. තවත් අයකුට උමඟක හිර වුණු අය සොයා ගත්තෑකි. කසළ අපවහන පද්ධති ශුද්ධ කිරීමට යොදා ගත්තෑකි.

මේ වර්ගයේ රොබොට්ටන් නුදුරු අනාගතයේ දී අප සමග ජීවත් වීමට ඒවි, අපේ මිතුරන් ලෙසින්.

මේ අයි කියුබ් රොබෝ අවුරුදු තුනක ළමයකු විදියටයි සකසා තියෙන්නෙ. මිනිස් කි‍්‍රයාකාරකම් වැනි සංකීර්ණ දැ කළ හැකි මේ නව පරපුරේ අලූත් රොබෝ තනා ඇත්තේ බි‍්‍රස්ටල් හා එසෙක්ස් යන ආයතනවලයි.

‘නිකොන් ක්ෂුද්‍ර ලෝකය’ නම් ඡායාරූප තරගයට ආ අමුතු ඡායාරූප! නොපෙනෙන ලෝකයට පිවිසෙන්න තවත් අවස්ථාවක්!

අමුතු විදියේ ජාත්‍යන්තර ඡායාරූප තරගයක් හා ප‍්‍රදර්ශනයක් නිකොන් මගින් පැවැත්වෙනවා. 38 වැනි වසරටත් පවත්වන මෙම ඡායාරූප දැක්මට හා තරගයට මෙවරත් තේමාව කර ගෙන ඇත්තේ අපේ ඇසට නෙපෙනෙන විස්මිත ලෝකයයි.

ක්ෂුද්‍ර ලෝකයේ සූක්ෂම ඡායාරූපකරණයෙහි යෙදෙන ශිල්පීන්ට ඇරයුම් කර තිබුණා, මේ සඳහා සූක්ෂම ඡායාරූප එවන්නට කියා. ඡායාරූප කලාකරුවන් වගේම විද්‍යාඥයන්ද ඔවුන් පර්යේෂණවල යෙදෙද්දී ගත් විස්මිත ඡායාරූප මේ තරගයට එවා තියෙනවා.

නිකොන් මේ සඳහා ඡායාරූප ඉල්ලා තිබුණේ අණ්වීක්ෂවලින් ඡායාරූප ගත හැකි හා ගන්නා අයගෙන්. ඒ නිසා තමයි ඔබට මෙවර අවස්ථාව ලැබිලා තියෙන්නේ නොපෙනෙන ලෝකයට එබෙන්න.

කා දිහාද මේ බලන්නේ? මේ පරපෝෂිත බමර විශේෂයක් අණ්වීක්ෂයක කාචයක් තුළට එබී බැලූ අවස්ථාවක්. මේ ඡායාරූපය හන්ගේරියාවේ බුඩාපේස්ට් අගනුවර නිකෝලා රාහ්මේ ගත් එකක්.

ජපානයෙන් අමුතු වුල්වරීන් දිය මැඬියෙක් හමුවෙයි! මනෝලෝකයේ ලක්ෂණයක් හැබෑ ලෝකයට ආ අවස්ථාවක්!

චිත‍්‍රකතා වීරයන් ළමා වියේ අය අතර පමණක් නොව වැඩිහිටි අය අතර ද එකසේ ජනපි‍්‍රයයි. ඒ චරිත මනඃකල්පිත ලෝකයට අයත් වුවත් සැබෑ ලෝකයේ ඒවා මෙන් තමයි කුඩා කල අපට දැනුණේ. ඒවා ඊළඟට සැබෑ ඒවා ලෙසින් පෙනුණා සිනමාවට නැඟීම නිසා.

ඔබට මතකද? මෙය වඩාත් සුවිශේෂයි, එක්ස්-මෙන් (X-Men) කොමික්වල ආ වූල්වරින් චරිතවලට. ඒ වුල්වරීන් සටනට බට විට ඇඟිලිවලට පිටින් යකඩ කොකු වලින් සැදි අතක් එළියට පනිනවා. එක්ස්-මෙන් චිත‍්‍රපට මාලාවේ දී මේ වුල්වරින් සැබෑ චරිත වුණේ සිනමා උපක‍්‍රම නිසා.

ඒත් සැබෑ ලෝකයේත් මේ වගේ උපක‍්‍රම යොදන සතුන් ඉන්නවා කීවොත් ඔබ වුල්වරීන් දුටුවාටත් වඩා මවිත වෙනවා සිකුරුයි.

ජපාන පර්යේෂකයන් පිරිසක් එවැනි හැකියාවක් ඇති සතෙක් සොයා ගෙන තියෙනවා. ඒ දුලබ ගනයේ ගෙම්බෙක්. හරියටම කියනවා නම් දිය මැඬියෙක්. නම ඔටොන් දියමැඬියා (Otton frog). සත්ව විද්‍යානුකූලව හැඳින්වෙන්නේ බාබිනා සබස්පෙරා (Babina subaspera) කියලයි. මේ සතා සටනේදීත් එක්වීමේදීත් අතේ ඇඟිලිවලට පිටින් තියුණු උල් පිටතට දමනවා.

ගැහැනු පිරිමි දෙපක්ෂයටම මේවා තිබුණත් ප‍්‍රයෝජනය ගන්නේ පිරිමි සතා විතරයි. එක්වීමේදී ගැහැනු සතාගේ සිරුරට ඇලී සිටීමට මේවා පාවිච්චි කරනවා.

රහසක…

මෙන්න! හමුවන්න! මිස්ටර් බෲස් ලීප් (Mr. Bruce Leap) - කුන්ග් ෆූ සටන්කාර උභයජීවියා!

මේ තමා ඇස් රතු කර ගත් ගස් ගෙම්බා! මධ්‍යම ඇමෙරිකාවේ වැසිවනාන්තරවල වෙසෙන මේ මැඬි විශේෂය ගස් මත දෙපා විහිදුවා සිටින්නේ හරියටම ලෝක ප‍්‍රකට ආත්මාරක්ෂක සටන්කාර බෲස් ලී අනුකරණය කරන්නාක් වගෙයි.

මේ පින්තූරයේ ඉන්නා මැඬියාගේ ඉරියව්වයි බෲස් ලීගේ පියාසර පහරයි සන්සන්දනය කර බලන්න. ආධුනික කැමරාශිල්පීයකු වූ ෂිකෙයි ගෝ (Shikhei Goh) පින්තූර ගන්න හදපු ගමන්ම දුන්නු ඉරියව්වයි මේ.

බෲස් ලීගේ සටන් ඉරියව්වක් නිරූපණය කරන ඇස් රතු ගස් ගෙම්බා.

‘ෆියර්ලස් ෆීලික්ස්’ගේ උඩුගුවන් පිම්මේ සම්පූර්ණ කතාව! මරණයේ දොරකඩට ගිහින් ආපු හැටි!

මරණයේ දොරකඩට ගිහින් ආපු හැටි ෆියර්ලස් ෆීලික්ස් කියයි. ගුවන්කරණම්කරුගේ සුපර්සොනික් වේගය ගනිද්දී ලත් අත්දැකීම්.

‘ඒක හරිම භයානක අත්දැකීමක්! අපායට ගියා වගෙයි දැනුනෙ’ සුපර්සොනික් ගුවන්කරණම්කරු ෆියර්ලස් ෆීලික්ස් බේරුණේ නූලෙන්! ඔහු ‘මරණීය භ‍්‍රමණය’ට අසු වුණා. ඒ බව ඔහුගේ ශීර්ෂාවරණයේ සවිකළ කැමරාවෙන් බිම පාලක මැදිරියේ සිටි අයටත් අන්තර්ජාලය හරහා ඒ දුටු මිලියන සංඛ්‍යාත නරඹන්නන්ටත් දැක ගත හැකි වුණා.

උඩුගුවනේ සිට නිදහසේ බිමට ඇද වැටෙද්දී එක්වරම ඔහු ‘මරණීය භ‍්‍රමණය’ට ලක් වුණා. ඔහුට තත්පර කීපයක් විතර ඒ තත්වය පාලනය කර ගත නොහැකි වුණා. ඒ සිදුවුණේ ඔහු පැයට කිලෝමීටර් 834ක සුපර්සොනික් වේගය ලබා ගන්නට ආසන්නව තිබියදීයි.

බිග්ෆුට් සොයන්න අහසින් යන්නයි හදන්නේ! අමුතු විදියේ බැලූන ගුවන් යානයකුත් හදලා!

ඇමරිකානු පර්යේෂකයන් කණ්ඩායමක් අමුතු සැලැස්මක් සකස් කරල තියෙනව ‘බිග් ෆුට්’ නම් යෝධ සත්වයා කැමරාවට හසු කර ගන්න. කැලිෆේනියාවේ කඳුකර වානාන්තරවල වෙසෙතැයි සැලකෙන මේ යෝධ සත්වයා යම්තම් හෙලිකොප්ටරයක හෝ ඈතින් එන ගුවන් යානා හඬක් ඇසුණොත් සැඟවී යනවා. ඒ නිසා උගේ පරිසරයට යම්තම්වත් නොදැනෙන උපක‍්‍රමයක් යොදන්නයි, ඔවුන් හදන්නෙ.

අතීතයේ දී වරින්වර මේ සතාගේ පින්තූරයක් දෙකක් පුවත් පත්වල පළ වුනත් හරියට ඌව දැකපු කෙනෙක් නැහැ. හැබැයි උගේ ලොකු අඩි නම් හමුවෙලා තියෙනවා. ඒ අද්භූත සත්වයාට බිග්ෆුට් කියන්න පටන් ගත්තේ මේ යෝධ පා සටහන් අනුව යමිනුයි.

ෆෝල්කන් ව්‍යාපෘතියට අයත් ඔරෝරා ‘බැලූන’ යානය සිත්තරකුට පෙනෙන අයුරු. මේ ක‍්‍රමයෙන් ‘බිග්ෆුට්’ සොයා යන්නයි, ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ.

වීර මලාලාගේ හඬ ලොවපුරා රැව් දෙයි! තලේබාන් ප‍්‍රහාරයට ලක් පාසල් දැරිය සුවපත් කරන්නට බි‍්‍රතාන්‍යය බාර ගනියි!

වීර මලාලාගේ හඬ ලොවපුරා රැව් දෙයි! තලේබාන් ප‍්‍රහාරයට ලක් පාසල් දැරිය සුවපත් කරන්නට බි‍්‍රතාන්‍යය බාර ගනියි. විශේෂ ගුවන්යානයකින් එංගලන්තයට ගෙන යයි!

බ්ලොග් එකක් තුළින් පකිස්තානයේ දරුවන් හා ඔවුන්ගේ අධ්‍යාපනය ගැනත් තලේබාන්වරුන් කි‍්‍රයාකලාපය නිසා ඔවුන්ට ඉගෙනීමට ඇති වූ බාධක ගැනත් ලොවට හෙළි කළ නිසා තලේබාන් අවිදැරූවකුගේ වෙඩි පහරට ලක් වූ මලාලාගේ ශෝචනීය කතාව ‘මල්කැකුළු’ තුළින් කියෙව්වා ඔබට මතක ඇති.

ඇමරිකන් හමුදාවේ බිහිසුණු ලේසර් ට‍්‍රක් රථයට මිසයිල විතරක් නෙවෙයි ඕනෑම දෙයක් ඇසිල්ලකින් විනාශ කර දැමිය හැකියි!

මහ පොළොවේ යුද බිම්වල ගැටුම්වලට අලූත් තාක්ෂණයෙන් විවිධ දේ නිපදවෙනවා. ඒ අනුව එක්සත් ජනපද ආරක්ෂක අවි නිෂ්පාදන සමාගමක් නව අවියක් සහිත ගොඩබිම් රථයක් තනා තියෙනවා.

බෝයිං සමාගම කියන විදියට රෝද අටක් ඇති අශ්ව බල 500ක් ජවයක් සහිත මේ ට‍්‍රක් රථයේ සවි කර ඇති කිලෝවොට් 10ක විශේෂ ලේසර් මෙවලම මගින් ආලෝකයේ වේගයෙන් ප‍්‍රහාර එල්ල කරන්න පුළුවන්. සාමාන්‍ය හමුදා කණ්ඩයක් සමග ගෙන යා හැකි මෙම ට‍්‍රක් රිය අසාමාන්‍ය බලයක් ඇති එකක්.

සාමාන්‍ය වාහනයක් ලෙස පෙනුනත් මෙහි සවිකර ඇත්තේ මෙතෙක් අත්හදා බලා පවා නැති අධි බලැති ලේසරයක්. මේ ට‍්‍රක් රථය හඳුන්වා ඇත්තේ අධි බලැති ලේසර ජංගම නිදර්ශකය (The High Energy Laser Mobile Demonstrator - HEL MD) කියායි. එය දැන් ක්ෂේත‍්‍රයේ අත්හදා බැලීම්වලට සූදානම් කරලයි තියෙන්නෙ. ඒ ප‍්‍රහාරක අවිය කෙතරම් ප‍්‍රබල ද කියා අපට එවිට දැන ගත හැකිවේවි.

මේ නවීන ලේසර් යුද්ධ රථය අනාගතයේ යුද පිටිය භීතියෙන් පුරවාවි.

අලූත්ම ඉ-පොත ළඟදීම එනවා! පුංචි බැටරි දෙකකින් කි‍්‍රයා කරන එයින් වරකට පොත් 12ක් 15ක් කියවන්න පුළුවන්!

දැනටමත් ඉ-පොත් (E-books) ගැන ඔබ දන්නවා ඇති. ඒ අංශයෙන් ඇති අලූත්ම ආරංචිය රුපියල් 2000ක් වගේ අඩු මිලකට (පවුම් 10කට) ඉ-පොතක් ඔබ අතට පත් කිරීමට ජර්මන් සමාගමක් දැන් සූදානම් වෙනවා.

‘ටීඑක්ස්ටීආර් බීගල්’ (txtr beagle) යන නමින් වෙළෙඳපොළට එන ඩිජිටල් පොත් කියවන්නට කැමති අයට ඉ-පාඨකයන්ට මෙය සුබ ආරංචියක් වෙනවාට සැකයක් නැහැ.

වියදම් අඩු කරන්නට හැම උපක‍්‍රමයක්ම මේ සඳහා යොදා තියෙනවා. මේ මෙවලමට කිසිම විද්යුත් සම්බන්ධතාවක් අවශය නැහැ.

‘ටීඑක්ස්ටීආර් බීගල්’ ඉ-පොත ලබන මාසයේ ලෝකයේ වෙළෙඳපොළට එයි. ඒ මගින් පොත් කියවන්නට ලබා ගන්නට ඔබට අවශ්‍ය වන්නේ බ්ලූ ටූත් එකක් තියෙන ජංගම දුරකතනයක් විතරයි.

11 හැවිරිදි ළමයෙක් කළ විස්මිත සොයා ගැනීමක්! වසර 30,000ක් පැරණි ලෝම මැතයකුගේ සම්පූර්ණ සිරුරක්!

11 හැවිරිදි ළමයෙක් කළ විස්මිත සොයා ගැනීමක්! වසර 30,000ක් පැරණි ලෝම මැතයකුගේ සම්පූර්ණ සිරුරක්! ඒ සතා නම් කර ඇත්තේ නම් කර ඇත්තේ ‘ශේන්යා’ කියලයි.

තරුණ ළමයින් ඔවුන් ජීවත්වන පරිසරයේ ගවේෂණයේ යෙදීම සාමාන්‍ය දෙයක්. මොකක් හරි අමුතු දෙයක් සොයා ගැනීම ඔවුන්ගේ අරමුණයි. ඒත් එවැනි දෙයක් හරියන්නේ ඉතාමත් කලාතුරකින්. 1940 සැප්තැම්බර් මාසයේ 12 වැනිදා ප‍්‍රංශයේ ළමුන් හතර දෙනෙක් ඔවුන්ගේ බලූ සුරතලාත් සමග වසර 40,000ක් පැරණි ලෙන් චිත‍්‍ර ඇතුළත් ලැස්කූස් ගුහා සොයා ගත් කතාව ඔබ අහලා ඇති. මෙසේ ළමයින් පුරාවිද්‍යාඥයන්ට වඩා දස්කම් පෑ අවස්ථා විරලයි.

ඒ වගේ දෙයක් ආයිත් රුසියාවේදී සිදු වුණා, පසුගිය අගෝස්තුවේදි. 11 හැවිරිදි රුසියානු ළමයෙක් තමා අවට පරිසරයෙන් ඒවගේ විස්මිත දෙයක් සොයා ගත්තා. අවුරුදු 100කින් මෙපිට කිසිවකු නුදුටු දසුනක් ඔහු එහි දී දුටුවා. වැළලී තිබූ එය ඔහු ටිකෙන් ටික පාදා ගත්තා. ඒ වසර 30,000කට පෙර විසූ ලෝම මැතයකුගේ (Wooly Mammoth) සම්පූර්ණ සිරුරක් - මස්, ඇට, ලොම් හා මේද ස්තර සමග මුළුමනින්ම දිරා නොගිය එකක්!

ඔස්ටි‍්‍රයානු ජාතික ෆීලික්ස්ගෙන් ගුවනින් පැන ලෝක වාර්තාවක්! ශබ්දයේ වේගය අබිබවා ගිය ප‍්‍රථම මිනිසා වෙයි!

ගගන කැප්සියුලයක නැග, බැලූනයක ආධාරයෙන් උඩුගුවනට ගොස්, ලෝකයේ ඉහළම තැන සිට පහළට පැන ශබ්දයේ වේගය අබිබවා යමින් නිරුපද්‍රිතව පොළොවට ළඟා වූ ප‍්‍රථම මිනිසා ලෙස ලෝක වාර්තාවක් තැබීමට ඔස්ටි‍්‍රයානු ජාතික ගුවන් කරණම් ශිල්පියෙක් පෙරේදා (14) සමත් විය.

ඉතා අනතුරුදායක එම ලෝක වාර්තාව පිහිටුවූයේ 43 හැවිරිදි ෆීලික්ස් බෝම්ගාට්නර්ය. අත්දැකීම් බහුල ගුවන් කරණම් ශිල්පියකු වන ෆීලික්ස්, මෙම වික‍්‍රමය කළේ වසර හතක් පුහුණු වීමෙන් ද පසුවය.

බ්ලොගයක් නිසා තලේබාන් වෙඞ් පහරට ලක්ව මරුවා සමග සටන් කරන 11 හැවිරිදි වීරවරිය - මලලා යූසෆ්සා

”සමහරු හොල්මන්වලට බයයි. සමහරු මකුළුවන්ට බයයි. තවත් සමහරු සර්පයන්ට බයයි. ඒත් ස්වාත් මිටියාවතේ ජීවත් වන අප වඩාත් බය අප වගේම මනුෂ්‍යයන්ට. ඒත් එයාලා අප වගේ නොවේ. එයාලා මනුෂ්‍යයන් නොවේ. එයාලා ලේ පිපාසයෙන් පෙළෙන තිරිසන්නු.”

තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන්ගේ දළදඬු ෂරියා නීතියට එරෙහි වෙමින්, පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ දැරියනට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් හඬක් නැඟූ 14 හැවිරිදි පාකිස්තාන දැරියක වන මලලා යූසෆ්සායි. මේ වන විට ඇය පාකිස්තානයේ පෙෂවෝර් නුවර හමුදා රෝහලක ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටී. ඒ, ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වීමෙනි.

දිලිසෙන දියමන්තිවලින් පිරුණු ග‍්‍රහයෙක් සොයා ගනියි! අපේ පොළොව මෙන් දෙගුණයක් විශාලයි. පියවි ඇහැටත් පේනවා!

අහසේ දියමන්තියක් සේ දිදුලන නව ග‍්‍රහ ලොව විද්‍යාඥයන් විසින් හඳුන්වා ඇත්තේ ‘55 කැන්කි‍්‍ර ඊ’ (55 Cancri e) කියායි. එහි ඇති ග‍්‍රහ ලොව මතුපිට වටිනා මැණික්වලින් පිරී ඇතැයි විද්‍යාඥයන් කියනවා. එහි විශ්කම්භය පෘථිවියෙහි මෙන් දෙගුණයක් වන අතර බර පෘථිවිය මෙන් අට ගුණයක් වෙතැයි සඳහන්.

අපේ පොළොව ජලය හා ග්රැනයිට් පාෂාණවලින් වැසී ඇතුවා සේ මේ නව ග‍්‍රහ ලෝකය වසා ඇත්තේ දියමන්ති හා මිනිරන්වලින් යැයි විශ්වාස කෙරෙනවා.

පොළොව මෙන් දෙගුණයක් වූ ඒ ‘දියමන්ති ග‍්‍රහ ලොව’ සිත්තරකුට පෙනෙන හැටි.

ලෝක ඉතිහාසයේ මෙතෙක් හොඳම කී‍්‍රඩා කණ්ඩායම් 10 අතරට ශී‍්‍ර ලංකාවත්!

එක්සත් රාජධානියේ ඬේලි මේල් පුවත්පත විසින් කී‍්‍රඩාවට අදාළ ව ලෝක ඉතිහාසයේ වඩාත් ආකර්ශනීය වූත් විනෝදාස්වාදය සැපයූ කී‍්‍රඩක කණ්ඩායම් 50  (2010 වන තෙක්) තෝරා ප‍්‍රකාශයට පත් කළා.

ඔවුන් විශේෂඥ කී‍්‍රඩා විචාරකයා වූ ටොම් බෙල්වුඞ් තමයි, හඳුන්වා දීමේ අදහස් දැක්වීම් සමග ඒවා ඔවුන්ගේ වෙබ් අඩවියට එක් කළේ. ”මෙම තෝරා ගැනීමේ දී වඩාත් වැදගත් වුණේ ඔවුන් තරඟ කළ ආකර්ශනීය විලාසයත් කෙසේ හෝ ජයග‍්‍රහණය අත්පත් කර ගත් ආකාරයත්ය.” ටොම් බෙල්වුඞ් කියනවා. ඔහු තේරූ ඒ විශිෂ්ට කණ්ඩායම් 50 අතුරින් පළමු ස්ථාන 10ට ඇතුළත් වන කණ්ඩායම් අතරට ශී‍්‍ර ලංකාවත් අයත් වෙනවා. එහි දී ශී‍්‍ර ලංකාවට හිමි වී ඇත්තේ තුන්වැනි ස්ථානයයි.

අඟහරු ග‍්‍රහයාගේ පස් පොළොවට ගෙනෙන හැටි! කියුරියෝසිටි යානා පොකුරක් යවා පස් ගේන යෝජනාවක්!

මුලින් යැවූ කියුරියෝසිටි යානය හෙවත් ‘කුතුහලයා’ දැනටමත් පින්තූර විස්තර ඉතා සංකීර්ණ ලෙස එක් රැස්කළත් ඒවා සියල්ල එවන්න තවමත් හැකියාවක් ලැබී නැහැ. ඒ වගේම රතු ග‍්‍රහයාගේ පස් සාම්පල ගෙන්වා ගන්න විදියක් ගැනත් දැන් නාසා ආයතනය විමසමින් ඉන්නවා.

ඒ අතර ‘කුතුහලයා’ අපට තවත් අලූත් පින්තූර එවා තියෙනවා.

අපට අඟහරු ග‍්‍රහයාට යන්න හැකියාවක් ළඟදී ලැබෙන්නේ නැහැ. ඒකට තවත් අවුරුදු 10ක් 20ක් වයාවි එතෙක් ඒ පස් ගෙන්වා ගෙන එහි ජීවීන් කවදා හෝ සිටියාදැයි පරීක්ෂණ පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

අඟහරු වැඩසටහන සැලසුම් කරපු කණ්ඩායම මීළඟ වසර 20 තුළ එහි පස් ගෙන්වා ගන්න බලන් ඉන්නවා. ඒ සඳහා විවිධ යෝජනා තියෙනවා. ඒවායින් වඩාත් හොඳ යෝජනාව ලබන වසරේ පෙබරවාරියේ දී කි‍්‍රයාත්මක කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

අඟහරුගේ පස් එහි යැවෙන යානයකින් උඩු ගුවනේ රැඳෙන සේ විදින අයුරු (සිත්තමක්)

තද සුළං නිසා ෆීයර්ලස් ෆීලික්ස් මාරක පිම්ම අවලංගු කරයි!

ෆීයර්ලස් ෆීලික්ස් හෙවත් ෆීලික්ස් බොම්ගාට්නර් උඩුගුවනේ සිට පනින්නට සැලසුම් කළ පිම්ම දැඩි සුළං තත්වය නිසා අතහැර දැමුවා. ඔහු ගුවන් කරණම් පිළිබඳව වාර්තා පිහිටු වූ අයෙක්. වායුගෝලයේ අද්දර සිට එනම් සැතැපුම් 23ක් (කි.මී 36ක්) ඉහළ සිට, ඔහු පනින්නට බලාපොරොත්තු වුණේ මැක්සිකානු කාන්තාරයටයි. ඔහුගේ බලාපොරොත්තුව ඉටු වූයේ නම් ලෝක වාර්තා පහක්ද ඉබේම පිහිටුවෙනවා. ඒවා නම්: නිදහස් පියසැරියකදී ශබ්දයේ වේගය ඉක්මවූ ප‍්‍රථම මිනිසා (පැ.හැ. 690), බැලූනයකින් වැඩිම උසකට ගිය මිනිසා (අඩි 120,000), වැඩිම වේලාවක් අහසේ නිදහස් පියසැරියක යෙදුණු ගුවන්කරණම් කරුවා (මිනිත්තු 5 තත්පර 35), නිදහස් පියසැරිකදී වැඩිම උසක සිට බිමට පැන්න පුද්ගලයා (අඩි 120,000), ඉතිහාසයේ මෙතෙක් ඉහළ ගිය ලොකුම බැලූනය (අඩි 550ක් උස, පරිමාව ඝන අඩි මිලියන 3ක්) ආදියයි.
එහෙත් ෆීලික්ස්ට මේ ගමන යන්නට අවශ්‍ය වුණේ.

ෆියර්ලස් ෆීලික්ස් සිය මාරක පිම්ම අවලංගු කරයි.

අත්ලාන්තික් සාගර පත්ලෙන් අලූත් මුහුදු පණුවෙක් සොයා ගෙන!

රතු-දම් පැහැති සාගර ජීවියකු සොයා ගන්නට සාගර විද්‍යාඥයන් සමත් වුණා. ඇකෝන් පණු වර්ගයට මේ පණු විශේෂය මින් පෙර වාර්තා නොවූ එකක්. අත්ලාන්තික් සාගරයේ කිලෝමීටර් 2.5ක් (සැතැපුම් 1.5ක්) ගැඹුරු මුහුදු පත්ලේ ජීවත්වන මෙම සතාගේ හිස දෙපැත්තේ විශාල අධර (තොල්) දෙකක් තිබීම නිසා ඒ සොයා ගත් විද්‍යාඥයන්ට ඌ දුටු විගස සිහිපත් වී ඇත්තේ ‘ස්ටාර් වෝස්’ චිත‍්‍රපටයේ ලොකු කන් ඇති ‘යෝඩා’ චරිතයයි. ඒ අනුව ඔවුන් මේ අලූත් සොයා ගැනීම ‘පර්පල් යෝඩා’ කියා නම් කර තියෙනවා. උගේ සම්පූර්ණ විද්‍යාත්මක නාමය ‘යෝඩා පර්පුරාටා’ (Yoda purpurata) යන්නයි.

සැතැපුම් 23ක් උඩුගුවනේ සිට පහළ පනින්න යන ‘ෆියර්ලස් ෆීලික්ස්'!

පුංචි වැරැද්දක් වුනොත් ඇෙඟ් ලේ නටනවා! මොළේ පුපුරනවා! උඩුගුවන අද්දර සිට පනින්නේ ඔක්. 9 වැනි අඟහරුවාදා (සුළෙඟ් වෙනසක් වුණොත් කල් යාවි). වසර පහක් තිස්සේ මේ යස්ස පිම්මට පුහුණු වුණා.

මේ විස්මිත හපන්කම කරන්න යන්නේ ඕස්ටි‍්‍රයානු ජාතික ෆීලික්ස් බෝම්ගාට්නර් (Felix Baumgartner). ඔහු මේ පිම්ම පනින්න කලින් සිතා සිටියේ මේ සඳුදායි. ඒත් හදිසියේ ඇති වූ ශීතල කාලගුණ තත්වයත්, සුළං අධික තත්වයත් නිසා මේ විස්මිත ගුවන් කරණම අඟහරුවාදට කල් දැම්මා. මේ පැනීම කළ හැක්කේ බිම් මට්ටමේ සුළං තත්වය පැ.හැ. 2කකට අඩු වුණොත් පමණයි.

ෆීලික්ස් ලබන බදාදා පෘථිවි වායුගෝලයේ අද්දර උඩුගුවනේ සිට බිමට පනින්නයි හදන්නේ මේ විදියටයි.

මොනා ලිසාගේ සිනහව ගොඩ ගන්නට ඇගේ සිරුර සොයා කැණීම් කරද්දී තවත් මොනා ලිසා සිත්තමක් මතුවේ!

මොනා ලිසාගේ සිරුර සොයා කැණීම් දැන් පටන් අරන්. පුරාවිද්‍යාඥයන්ගේ බලාපොරොත්තුව මොනා ලිසාගේ හිස් කබල සොයා ගන්නයි. ඒ විතරක් නොවෙයි ඒ හිස් කබල සොයා ගත්තොත් ඒ මුහුණත් එහි ඇති ගුප්තාකර්ෂණීය සිනහවත් ප‍්‍රතිනිර්මාණය කරන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ ෆ්ලොරන්ස්වල ගොඩගැනීමට බලාපොරොත්තු වන ඇටසැකිල්ල ලියනාඩෝ ඩා වින්චි ඔහුගේ ඒ ලෝක ප‍්‍රකට චිත‍්‍රය ඇන්දා යැයි කියන කාන්තාවගේ කියායි.

සාන්ත උර්සුලා කන්‍යාරාමයේ පැරණි ගොඩනැගිලි අතර කැණීම් කරන පුරාවිද්‍යාඥයන් දැන් ඒ සොහොනෙන් එවැනි කාන්තා ඇටසැකිලි දෙකක් මතු කර ගෙන තියෙනවා. එකක් සිරුර සම්පූර්ණයෙන්ම තියෙනවා. එකක විසිරුණු කැබලියි තියෙන්නෙ.

ෆ්ලොරන්ස්වල කැණීම් කරන පර්යේෂකයන් දැන් ඒ සොහොනෙන් මොනා ලිසාගේ යැයි සැක කරන ඇටසැකිලි දෙකක් මතු කර ගෙන තියෙනවා.

අභ්‍යවකාශයේ වුවත් දිවි රැකගත හැකි සුපිරි සතෙක්! හමුවන්න, සුපිරි කීඩෑවන්!

ගැඹුරු අභ්‍යවකාශයේ විනාශකාරී පරිසරයක වුනත් දිවි රැකගත හැකි එකම එක සතයි, මුළු ලෝකයෙන් ම ඉන්නේ. ඒ තමයි දිය වලසා (water bear). ‘මන්දගාමී කීඩෑවා’ යන අරුතින් ඌව ‘ටාඩිග්රේඞ්’ (tardigrade) කියලයි නිල වශයෙන් හඳුන්වන්නෙ. ඌ දිග ප‍්‍රමාණයෙන් මිලිමීටරයෙන් පංගුවක් තරම් කුඩා වුනත් පොකුණු ජලාශ ආදියෙහි ඉතා අලස ජීවිතයක් ගත කරතත් ඌ කෙසේවත් විනාශ කළ නොහැකි සතෙක්. අසීමිත දිවි රැක ගැනීමේ ශක්තියක් ඌට තියෙනවා.

උගේ පරිසරය නිරපේක්ෂ උෂ්ණත්වයට පහත් කළත්, එනම් සෙල්සියස් -275 දක්වා අඩු කළත්, උෂ්ණත්වය සෙල්සියස් අංශක 151 ටත් වැඩි ප‍්‍රමාණයකට වැඩි කළත්, එහෙමත් නැත්නම් එහි ජලය නොමැතිව අවුරුදු දහයක් පහළොවක් තරම් කාලයක් තිබුවත්, මොන ආකාරයක හෝ පීඩනයකට ලක් කළත් මේ සතා විනාශ කරන්න ඔබට හැකියාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ සතා විකිරණ පිරි රික්තක අවකාශයක් තුළ තැබුවත් ඌට දින දහයක් කිසිම හානියක් නොවී දිවි රැක ගන්න පුළුවන්.

ඌ අපේ ගෙවත්තේ, අප ජීවත්වන පරිසරයේ, සමහර විට අපේ සිරුරේ ජීවත්වන ඉතා කුඩා කීඩෑවන් අතරින් එකෙක් විතරයි.

මේ තමා ‘දිය වලසා’ කීඩෑවන්ගේ ලෝකයේ ‘ආනෝල්ඞ් ෂ්වාසෙනෙගර්’ (ශක්තිවන්තයා)

පර්යේෂණ නෞකාවක් අලූත් සත්ව විශේෂ ලක්ෂ 15ක් සොයා ගනියි! සාගරයේ ‘සුවදුක් සොයන්න’ ගිය ගමනක ප‍්‍රතිඵලයක්!

තාරා නම් මෙම පර්යේෂණ නෞකාව විසින් මිලියනයකටත් වැඩි මේ සත්ව විශේෂ සොයා ගෙන ඇත්තේ අත්ලාන්තික්, පැසිපික්, දකුණු හා ඉන්දියන් සාගරවලිනුයි.

තාරා නෞකාව මෙම ගවේෂණයෙහි යෙදුනේ මාස 36ක් තිස්සේයි. සැතැපුම් 70,000ක දීර්ඝ සංචාරයකින් පවයි. මෙසේ ගවේෂණයෙහි යෙදුනේ ප‍්‍රංශය මූලික කර ගත් ගවේෂණ කණ්ඩායමකි. එහිදී ඔවුන් සොයා ගත් එක් වැදගත් දෙයක් වන්නේ අපේ පණ නළ රැක දෙන මෙම වායුගෝලයේ ඇති ඔක්සිජන් ප‍්‍රමාණයෙන් වැඩි ප‍්‍රතිශතයක් සැපයෙන්නේ සාගරවල බිලියන ගණනින් ඇති කුඩා ප්ලවාංග (plankton) වලින් බවයි.

මේ සත්වයා ප්ලැටිනේරියස් ඩුමේරි (Platynereis Dumerei) අයත් වන්නේ ඉතා කුඩා පණු වර්ගයකටයි. මේ සතුන් බොහෝ විට ජීවත්වන්නේ කුඩා නාල තුළ වුවත් ඉඳහිට මුහුදේ පිහිනමින් සිටිනු දැකිය හැකියි.

මෙන්න යක්ෂ කුරුමිණියාගේ අලූත් ම පින්තූර! මේ කුරුමිණියාගේ නෑයෙක් දැන් ඇමරිකාවත් බියවද්දලා!

බැලූ බැල්මට පෙනෙන්නේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක එන භයංකර සතෙක් වගෙයි. ඒත් මේ සතා ඩොමිනිකන් ජනරජයේ වෙසෙන දිග අං ඇති කුරුමිණි (Longhorned beetle) විශේෂයක්.

කැමරා කාචයෙන් බලද්දී මේ කුරුමිණියාගේ බිහිසුණුකම හොඳින් පෙනෙනවා. ඇමරිකා එක්සත් ජනපදය මේ කුරුමිණියා අංක එකේ මහජන සතුරා ලෙස නම් කර ඇති අතර දුටු තැන විනාශ කර දමන ලෙසත් ඌ ගැන සෝදිසියෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දී තියෙනවා.

කෙතරම් බිහිසුණු සතුරකු වුනත් මේ කුරුමිණියා ප‍්‍රමාණයෙන් ඉතා කුඩායි. හිස ඉදිරියෙන් ඇති ඇන්ටෙනාව සෙන්ටිමීටර හතරකට වඩා නැහැ. සිරුර ඇන්ටෙනා තරම් දිග නැහැ. උගේ ඇස් දෙක තමයි බය හිතෙන තරම් රතුපාට පෙනෙන්නේ.

‘ලෝන්ග්හෝන්ඞ් බීට්ල්’ නම් යක්ෂ කුරුමිණියා ඩොමිනිකන් ජනරජයේදී කැමරාවට මුහුණ දුන් හැටි.

බෲස්ලීගේ ‘අඟල් එකේ’ මුෂ්ටි ප‍්‍රහාරයේ රහස සොයයි! මොළයේ ස්කෑන් පරීක්ෂණයකින් හෙළිවෙයි!

කරාතේ පුහුණුව ලබන ඕනෑම කෙනෙකුට මතක ඇති බෲස්ලීගේ ලෝක ප‍්‍රකට අඟල් එකේ ප‍්‍රහාරය කොයි වගේද කියලා. ඔහුට ඒ ඉතා ළඟ ඉඳලා ගහන ඒ මුෂ්ටි ප‍්‍රහාරයෙන් පුළුවන් පහර ලබන තැනැත්තා අහසින් විසි කරන්න.

ඒ කාලයේ බෲස්ලී ඔහුගේ උපරිම කායික ශක්තියෙන් සිටින්න ඇති. ඒ ගැන සැකයක් නැහැ. ඒත් දැන් පර්යේෂණයකින් සොයා ගෙන තියෙනවා, ඉතාම ආසන්න දුරක සිට ඒ තරම් තදින් පහරක් දෙන්න ඔහුට හැකියාව ලැබී ඇත්තේ කායික ශක්තියෙන් ම පමණක් නොවෙයි, මොළයේ ඇති වන වෙනසක් නිසා බව.

මොළයේ ස්කෑන් පරීක්ෂණයකින් (පරිලෝකනයකින්) හෙළි වී තියෙනවා, ස්නායුක ව්‍යුහයේ ඇති කර ගන්නා වෙනස්කම් නිසා මෙය සිදු වන බව. අඟල් එකේ මුෂ්ටි ප‍්‍රහාරය එල්ල කරන ප‍්‍රවීණ සටන්කරුවකු ආධුනික සටන්කරුවකුට වඩා වෙනස් ආකාරයකට ප‍්‍රබලව එය එල්ල කරන්නේ මොළයේ සිදු කෙරෙන විශේෂ ඉසියුම් සුසර කිරීමක් මගින් බවයි.

බෲස්ලී රඟපෑ ‘එන්ටර් ද ඩ‍්‍රැගන්’ චිත‍්‍රපටයෙන්. නව පර්යේෂණයකින් හෙළි වී තියෙනවා, ඔහුගේ අඟල් එකේ මුෂ්ටි ප‍්‍රහාරය කායික ශක්තියෙන් මොළයෙන් කරන වැඩක් කියල.

අලූත් අත්දැකීමකට එකතු වන්න! ගිනි කන්දක් ඇතුළට බහින්න එන්න!

ගිනි කන්දක් ඇතුළට බසිමින් එහි දැඩි උණුසුම අත් වින්ද ජ්‍යොෆ් මැක්ලේ (Geoff Mackley) නවසිලන්තයේ සිටයි, මේ ඉල්ලීම කරන්නේ. ඔහු වික‍්‍රමාන්විත කි‍්‍රයාවල යෙදෙන්නෙක්. යමහල් පිළිබඳ විශේෂඥවරයෙක්.

ඔහු පසුගිය දා තමා ජීවිතකාලය පුරාම ලත් සිහිනයක් සැබෑ කර ගත්තා. ඒ ගිනිකන්දක් එහෙමත් නැත්නම් යමහලක් ඇතුළට බැහැලා එහි රස්නය විඳින එකයි.

ඒකට ඔහුට උදවුකාර කණ්ඩායමක් හවුල් වුණා. ඔහුගේ බලවත් ඉල්ලීම මත ඔවුන් ඔහු සමග ඕස්ටේ‍්‍රලියාවේ වයඹදිග වෙරළේ සිට සැතැපුම් 1,500 පමණ දුරින් පිහිටි වනවාටු රාජ්‍යයට අයත්, සැතැපුම් 30ක් පමණ දිග ඇම්බි‍්‍රම් දූපතට ගියා. ඒ කුඩා දූපතේ පිහිටි සකි‍්‍රය යමහල් දෙකෙන් එකක් වූ මාරුම් යමහලේ ලාවා ගැලීම් බලන්නටයි. ඔහුගේ ඒ ගමන ගැන දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.

හිරු බසින විට රත්පැහැ ගැන්වුණු අහස බඳු දසුනක්. ඒත් ඞ්රූ බි‍්‍රස්ටෝගේ පසුබිමින් ඇත්තේ ගිනි ගෙන දැවෙන ලාවායි.

වසර 1000කට වඩා පැරණි, මිල කළ නොහැකි, බුදු පිළිමයක් ජර්මනියෙන් හමුවෙයි!

වසර 1000කට වඩා පැරණි, මිල කළ නොහැකි, බුදු පිළිමයක් ජර්මනියෙන් හමුවෙයි! මෙතෙක් සොයා ගෙන ඇති උල්කාපාතයකින් නෙළූ එකම පිළිමය මෙයයි!

මෙය මුලින්ම සොයා ගෙන තියෙන්නෙ හිට්ලර්ගේ සමයේ නාසින් විසින් 1938 දියි. මෙහි කෙළවරක ස්වස්තිකයක් කොටා ඇති නිසා ඔවුන් මෙය ජර්මනියට ගෙන ගොස් තියෙනවා.

ඉතා දුර්ලභ ගණයේ උල්කාපාතමය ලෝහ පාෂාණයකින් නෙළා ඇති මෙහි වටිනාකම මෙතෙකැයි කියා නිම කරන්න බැහැ කියලයි, මෙය මෑතදී පරික්ෂා කර බැලූ පර්යේෂකයන් පිරිස කියන්නේ.

මේ පිළිබඳ විස්තරයක් උල්කාපාත වේදය හා ග‍්‍රහලෝක විද්‍යාවට අදාළ අන්තර් ජාල සඟරාවක් වූ ‘මීටියෝරයිටික්ස් ඇන්ඞ් ප්ලැනටරි සයනස් (Meteoritics and Planetary Science) නම් ජර්නලයේ තිබෙනවා.

නාසින් විසින් සොයා ගෙන ඇති මේ බුදු පිළිමය උල්කාපාතයකින් නෙළූ එකක් ලෙස එය විශ්ලේෂණය කළ අය විසින් හඳුන්වා තියෙනවා.

ලබන වසරේ දීප්තිමත් වල්ගා තරුවක් (ධූමකේතුවක්) පායනවා. එය හඳටත් වැඩිය 15 ගුණයක් දීප්තිමත්!

පසුගිය සියවස තුළ පෑයූ සියලූම වල්ගාතරුවලට වඩා එය දීප්තියෙන් යුක්තයි. ‘කොමට් අයිඑස් ඕඑන්’ කියා හැඳින්වෙන මෙම වල්ගාතරුව හොඳින්ම දර්ශනය වන්නේ උතුරු අර්ධ ගෝලයටයි.

සූර්යයා දෙස බලා යන ගමනේදී මෙය අපට දැක ගත හැකි වන්නේ 2013 නොවැම්බර්-දෙසැම්බර් කාලයේදියි. දහවල් කාලයේදී වුවත් මෙය හොඳින් දැක ගත හැකි වේවි.

දැනට තාරකා විද්‍යාඥයන් විසින් නිර්ණය කර ඇති පරිදි මේ වල්ගාතරුවේ ගමන් මාර්ගයට අනුව මෙය අපට දකින්නට ලැබෙන එකම හා අන්තිම වතාවද වෙනවා. එසේ වීමට හේතුව මෙහි ගමන් පථය විහිදෙන්නේ සූර්යයා දෙසට වීමයි. ගමන අවසානයේදී මෙය සූර්යයා වෙතට ඇදී ගොස් විනාශ වී යනු ඇති.

දැනට මේ වල්ගාතරුව බ‍්‍රහස්පතී ග‍්‍රහයා පසු කරමින් පෘථිවිය දෙස එමින් තිබෙනවා. පොළොවට ළං වෙත්ම මෙහි දීප්තිය වැඩි වෙනවා. හඳේ දීප්තිය පරදවන මෙය දහවල් කාලයේදිත් හොඳින් දැක ගන්න පුළුවන්.

මේ 1997 දී පෑයූ හේලි-බොප් වල්ගාතරුවයි. මීටත් වඩා දීප්තිමත්ව ලබන වසරේදී ‘කොමට් අයිඑස් ඕඑන්’ (ISON) ඔබට දැක ගත හැකි වේවි.