රතු-දම් පැහැති සාගර ජීවියකු සොයා ගන්නට සාගර විද්‍යාඥයන් සමත් වුණා. ඇකෝන් පණු වර්ගයට මේ පණු විශේෂය මින් පෙර වාර්තා නොවූ එකක්. අත්ලාන්තික් සාගරයේ කිලෝමීටර් 2.5ක් (සැතැපුම් 1.5ක්) ගැඹුරු මුහුදු පත්ලේ ජීවත්වන මෙම සතාගේ හිස දෙපැත්තේ විශාල අධර (තොල්) දෙකක් තිබීම නිසා ඒ සොයා ගත් විද්‍යාඥයන්ට ඌ දුටු විගස සිහිපත් වී ඇත්තේ ‘ස්ටාර් වෝස්’ චිත‍්‍රපටයේ ලොකු කන් ඇති ‘යෝඩා’ චරිතයයි. ඒ අනුව ඔවුන් මේ අලූත් සොයා ගැනීම ‘පර්පල් යෝඩා’ කියා නම් කර තියෙනවා. උගේ සම්පූර්ණ විද්‍යාත්මක නාමය ‘යෝඩා පර්පුරාටා’ (Yoda purpurata) යන්නයි.
සාගර පත්ලේ පරිසරය පිරික්සන්නට යොදා ගෙන ඇති ‘ඉකෝමාර්’ නම් පර්යේෂණ වැඩසටහන යටතේ දුරස්ථව පාලනය කරන කුමුදුවක් යොදා කළ පිරික්සුම්වලදී තමයි, මේ අපූරු සත්වයා හමු වී තියෙන්නෙ. අත්ලාන්තික් සාගරයේ අයිස්ලන්තයත්, ඇසෝරස් දූපතත් අතර පිහිටි මධ්‍ය අත්ලාන්තික වැටිය (Mid-Atlantic Ridge) අසල මුහුදු පතුලේ දි තමයි මේ අලූත් සත්වයා සොයා ගෙන තියෙන්නෙ.
1 Comments
Photoshop ගැන දන්නේ මොනවද? දන්නේ ටිකයිද ගොඩයිද? තව ඉගෙන ගන්න ආසයිද? එහෙනම් එකතු වෙන්න PS Lanka එක්ක දැනුම බෙදා හදා ගන්න. ගැටළු නිරාකරණය කර ගන්න වැඩ පෙන්නන්න. http://www.pslanka.tk
ReplyDelete