Skip to main content

Posts

Showing posts from September, 2012

හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් පසු විශ්වයට හෙළන අලූත් ඇස මෙන්න!

වසර විසි එකක් තිස්සේ හබ්ල් දුරේක්ෂය අපට විශ්වයේ විස්මිත දේ සොයා වාර්තා කළා. විශ්වයේ ගැඹුරු අහුමුලූ ඇස් යවමින් විස්මිත පින්තූර හා දසුන් අප වෙත ගෙනාවා. මේ කාලය තිස්සේ අප විශ්වය දුටු තෙවන ඇස ඒ හබ්ල් දුරේක්ෂයයි. හබ්ල් දුරේක්ෂයට දැන් ආයුබෝවන් කියන කාලය ළඟ ළඟම එනවා. 2018 දී හබ්ල් දුරේක්ෂය වෙනුවට සවි කරන දර්පණ දුරේක්ෂය දැන් තනා නිම වෙන්න ආසන්නයි. එය හැඳින්වෙන්නේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) කියායි. දැන් එහි දර්පණ ඔප දමනවා. ළඟදීම එය නාසා ආයතනය බලා නැව් ගත කරනවා ඇති.

එහි විශේෂයෙන් ඉතා දුර ගැලැක්සිවලින් එන ආලෝක තරංග හඳුනා ගැනීමට හැකි ප‍්‍රබලත්වයක් ඇති ප‍්‍රධාන දර්පණ කීපයක් ද තියෙනවා.

දර්පණ 18කින් යුත් නව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය තනා නිම වීමට ආසන්නයි. මෙය 2018 දී උඩු ගුවනට යවනු ඇති.

‘කුතුහලයා’ රතු ග‍්‍රහයා මත සිට චන්ද්‍ර ග‍්‍රහණයක් දකියි! එහි පැහැදිලි පින්තූර පොළොවට එවයි!

රතු ග‍්‍රහයා මතුපිට සරණ නාසා ආයතනයේ කියුරියෝසිටි හෙවත් ‘කුතුහලයා’ දැන් දැන් අපූරු පින්තූර එවන්න පටන් අරන්. එසේ එවා ඇති අලූත්ම පින්තූර රතු ග‍්‍රහයාගේ චන්ද්‍රයන් දෙදෙනාගෙන් කුඩාම චන්ද්‍රයා වූ ‘ඞීමෝස්’ගෙයි. ඞීමෝස් සූර්යයා හරහා යමින් රතු ග‍්‍රහයා මතට පෙනෙන ආකාරයේ අර්ධ සූර්ය ග‍්‍රහණයක් මැවූ ආකාරය දැක්වෙන මේ රූපය මිහිමත සිටින අපි කවදාවත් දැක නැති එකක්.

පසුගිය සැප්තැම්බර් 17 වැනිදා ඞීමෝස් චන්ද්‍රයා සූර්යයා හරහා ගිය ආකාරය රතු ග‍්‍රහයා මතට පෙනුන හැටි.

අඟහරු වෙත ගිය කියුරියෝසිටි යානය අඟහරු මත වායුව ආඝ‍්‍රාණය කර බලයි!

කියුරියෝසිටි යානය අඟහරු මත වායුව ආඝ‍්‍රාණය කර බලයි. 1970 ගණන්වල යැවූ වයිකිං යානයෙන් පසු එහි වායුගෝලය පිළිබඳ විමර්ශනය කෙරුණු පළමු වතාව මෙයයි. ඒ සමගම ඉංජිනේරුවන් විසින් එහි ඇති උපකරණ එකින්එක කි‍්‍රයාවට නැංවීම පටන් ගනු ලැබුවා.

අඟහරු වායුගෝලයේ ඇති වායුව එහි ඇති ‘සෑම්’(SAM) නම් රෝබෝ මගින් ආඝ‍්‍රාණය කර පරීක්ෂාවට ලක් කෙරුණා. අඟහරු සාම්පල විශ්ලේෂණ උපකරණය (Sample Analysis at Mars) තමයි කාර්යය ඉටු කළේ. එයින් විමසා බැලූණේ වායුගෝලයේ ඇති වායු සංයුතියයි. වායුගෝලයේ ඉතා කෙටි කලක් පැවතී පසුව නැතිවී යන මීතේන් වායුව එහි සුළු වශයෙන් හෝ ඇතැයි යන්න සොයා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

කියුරියෝසිටි යානයෙහි රොබෝ අත කෙතරම් සංකීර්ණ එකක්දැයි ඔබට මේ පින්තූරයෙන් වටහා ගත හැකි වේවි.

මොහොතකින් ගොඩනැගිල්ලක් පොළොව තුළට ගිලා බැස්සවිය හැකි 'බංකර් නාශක බෝම්බ'!

දෙවන ලෝක යුද සමයේ දී බි‍්‍රතාන්‍ය සැලසුම්කරුවකු වූ බාන්ස් විලිස් අමුතු ම විදියේ බෝම්බ දෙකක් නිෂ්පාදනය කළේය. අද බංකර් නාශක බෝම්බ ලෙස හැඳින්වෙන බෝම්බයේ ආරම්භය එයයි. එකක් ‘ටෝල් බෝයි’ හෙවත් ‘උස ළමයා’ නම් විය. එය බරින් ටොන් 5ක් විය. අනෙක ‘ග්රෑන්ඞ් ස්ලෑම්’ නම් විය. එහි බර ටොන් 10ක් විය. මේවායේ බඳ තනා ඇත්තේ සවිමත් වානේවලිනි. මේවා වායුගති විද්‍යානුකූලව වල්ගයක් ද සහිතව සැලසුම් කර ඇති බැවින් ගුවන් යානයකින් ගෙන ගොස් මීටර 6700(අඩි 22,000)ක් ඉහළ අහසේ සිට හෙළූ විට කැරකෙමින් පහළට එන්නේ ශබ්දයේ වේගය ද ඉක්මවන වේගයකිනි. මේවා මුලින් ම තනන ලද්දේ යුද සබ්මැරීන ගාල් කර තිබූ දැවැන්ත කොන්කී‍්‍රට් ආවරණ විනාශ කිරීමටය.

අලූත් සත්ව විශේෂයක් අපි‍්‍රකාවෙන් සොයා ගනියි! මෙතෙක් හඳුනා නොගත් වඳුරෙක්!

මේ අලූත් වඳුරු විශේෂයේ පස්ස පැත්ත නිල්පාටයි. කොන්ගෝ ජනරජයේදියි හමුවෙලා තියෙන්නෙ. මේ සතා කුඩා කාලෙදි බකුසු මුහුණැති වඳුරාට බොහෝ සෙයින් සමානයි. බකුසු මුහුණැති සත්වයා විද්‍යාත්මකව හැඳින්වෙන්නේ සර්කොපිතිකස් හැම්ලිනි (Cercopithecus hamlyni) කියලයි. මේ අලූතින් සොයා ගෙන ඇති මේ සත්වයා දේශීය වශයෙන් ඇඳින්වෙන්නේ ලෙසුලා කියලයි. සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ සර්කෝපිතිකස් ලෝමාමියැන්සිස් (Cercopithecus lomamiensis) කියලයි.

ලෙසුලා නම් මේ වඳුරු වර්ගය මින් පෙර හඳුනා නොගත් සත්ව විශේෂයක්

මෙන්න අනාගතයේ වැඩට යන්න ඔබට ලැබෙන වාහනය! මෙය ගමන් බිමන්වල විප්ලවයක් ඇති කරාවිද?

බැලූබැල්මට මේක සාමාන්‍යයෙන් ලිස්සා යන පුවරුවක් වාගෙයි. ඒත් මේක විදුලි බලයෙන් කි‍්‍රයා කරන පුංචි යානයක්. නිෂ්පාදකයන් හඳුන්වන්නේ මේක ලෝකයේ සැහැල්ලූතම විදුලි යානය කියලයි. මෙයට පැයට හැතැප්ම 20ක් වේගයෙන් යන්න පුළුවන්.

මේ නිර්මාණය පසුපස ඉන්නා ස්ටැන්ෆ්ර්ඞ් සිසු පිරිස කියන්නේ මෙය අනාගතයේ දී එදිනෙදා ගමන් බිමන්වල යෙදෙන අයට හා සංචාරකයන්ට නැතිව බැරි යානයක් වන බවයි.

මේ බූස්ටර් පුවරුව මතින් සාමාන්‍යයෙන් ලිස්සා යන පුවරුවකින් ගමන් කරන්න පුළුවන්.

දැන් ඔබේ මොළේටත් රිංගන්න විද්‍යාඥයන්ට පුළුවන්! හිතේ තියෙන රහස් සියල්ල එළි කර ගන්නත් ඒ අයට පුළුවන්ද?

ඔබේ පින් අංකය කුමක්ද? ඔබේ වාසය කොහේද? කියා දැන ගන්න. අවශ්‍ය වෙන්නේ වන්නේ සාමාන්‍ය හෙඞ්සෙට් එකක් විතරයි.

ඒක හරියට අනාගතයේ එන විද්‍යා ප‍්‍රබන්ධයක කොටසක් වාගෙයි. සිංදු අහන්න, කී‍්‍රඩා කරන්න යොදා ගන්නා හෙඞ්සෙට් එකක් මගින් මෙය කරන හැටි පෙන්වා දෙන්න විද්‍යාඥයන් පසුගිය දා සමත් වුණා.

මේ හපන්කම කළේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ, ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ හා ජිනීවා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්. ඔවුන් ඒ සඳහා භාවිත කළේ පරිගණක කී‍්‍රඩාවලදී පැලඳ ගන්නා හෙඞ්සෙට් එකක්. එය හැඳින්වෙන්නේ ඊමෝටිව් බ්රේන්-කොමිපියුටර් අතුරුමුණතක් කියලයි. එය හිසෙහි පලඳවා ගෙන සිටි අයකුගේ බැංකු ගිණුමේ පින් අංකය ඇතුළු රහස්‍ය තොරතුරු රැසක් විද්‍යාඥයන්ට හෙළිදරවු කර ගත්තෑකි.

මේ ඉමෝටිව් නම් හෙඞ්සෙට් වර්ගය පැලඳ ගෙන ඒ පරීක්ෂණයට සහභාගි වන කාන්තාවක්.

උඩුගුවන් නැවතුම්පොළේ දී සුනීතා කළ හපන්කම! බල සැපයුම් ඒකකය සකි‍්‍රය කරයි!

පසුගියදා උඩු ගුවනේ සිටින අජටාකාශගාමීන් ලොකු හපන්කමක් කළා. ඒ අභ්‍යවකාශයේ රඳවා ඇති නැවතුම් පොළේ අකි‍්‍රය වූ කොටසක් අලූත්වැඩියා කිරීමයි. මේ කටයුත්තේ දී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේ කාන්තාවක්. ඒ සුනීතා විලියම්ස්. ඇය එය කළේ දත් බුරුසුවකින් තනාගත් නව මෙවලමක් උදවු කර ගෙනයි.

අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළක් පිහිටුවා ඇති බව ඔබ දන්නවා ඇතුවාට සැකයක් නැහැ. ඒ නැවතුම්පොළට රුසියාවෙන්, ඇමරිකාවෙන්, යුරෝපයෙන් හා ජපානයෙන් වරින්වර අජටාකාශගාමීන් යනවා, අත්හදා බැලීම් පර්යේෂණ ආදිය කරන්න.

අලූත්වැඩියාවට යොදා ගත් දත් බුරුසුවෙන් තැනූ උපකරණය

කොළඹ මහ පොත් දැක්ම - පාඨක ගඟ නගරයට ගලන දෙසතිය ඇරඹේ!

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ගත්තා. ශී‍්‍ර ලංකාවේ පොත් ලෝලීන්ගේ පොත් ප‍්‍රකාශකයන්ගේ වාර්ෂික මංගල්‍යය එයයි.

එහි අපූරු විශේෂාංගයක් තියෙනවා. ඒ තමා ‘කැටපත් පවුර’.

සීගිරියෙ කටපත් පවුර සිහි ගන්වන මේ විශේෂාංගයට අනුව ප‍්‍රදර්ශන භූමියේ තැනක් වෙන්කරල තියෙනවා, ප‍්‍රදර්ශනය බලන්න එන අයට කවි ලියන්න.

පිට පිට පරාද වුනත් සටන අත් නොහැර ඉදිරියට ගිය මිනිසා ලින්කන්!

ලෝකය පුරාම දිරිය මිනිසුන් දකින්න පුළුවන්. පරාජය බාර නොගෙන ධෛර්යවන්තව සිය සටන අත් නොහැර දිගටම කර ගෙන ගොස් අවසානයේ ජයගත් අය ගැන කතා ලෝකයේ හැම තැනකින් ම අසන්න ලැබෙනවා. මේ ඇමරිකාවෙන් ඇහෙන එවැනි කතාවක්.

විනෝදයට පුංචි ගැටලූ - නිවැරදි පිළිතුර : හරි මේස් ජෝඩුව

ආනන්ද විද්‍යාලයේ සේවය කළ සී. එම්. වීරරත්න මහතා පන්තියේ දී විනෝදයෙන් ගැටලූ විසඳීමට ළමයින්ගේ උනන්දුව ඇවිස්සූ කෙනෙකි. මේ එතුමා ඉදිරිපත් කළ එක් ගැටලූවකි.

අඟහරු යානය දැන් බරට වැඩ! පස් පුළුස්සා තොරතුරු එවයි!

අඟහරු වෙත ගිය කියුරියෝසිටි හෙවත් ‘කුතුහලය’ යානය දැන් කරන්නේ මොනවාදැයි දැන ගන්න ඔබ කුතුහලයෙන් ඇති.

පෘථිවි පාලක මධ්‍යස්ථානයෙන් මෙහෙයවන එය දැන් එහි ගොස් මාසයක් වෙනවා. මේ කාලය තුළ පරීක්ෂණ, නිරීක්ෂණ හා අත්හදාබැලීම් ගණනාවක් ම කළා. මේ පරීක්ෂණ කටයුතු මෙහෙයවන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වල පිහිටි ජෙට් ප‍්‍රචාලන පර්යේෂණාගාරය තමයි, ඒ පිළිබඳ තොරතුරු නිකුත් කරන්නේ.

‘කුතුහලය’ යානය එහි ඇති රොබොටික විද්‍යාගරය අඟහරු මත ඇති පාෂාණවල ඛනිජ සංයුතිය විමර්ශනය කරන්නට පටන් ගත්තා. මුලින් ම මිටිගුළියක් තරම් ගල් කැබැල්ලක් ඉලක්ක කර ගෙන ලේසර් දහරාවක් යැව්වා. තත්පර 10ක් පුරා ලේසර් ප‍්‍රහාර 30ක් එල්ල කළා. එක් තත්පරයකින් බිලියනයකින් පංගු පහක කාලයක් තුළ යවන ලද ඒ එක ලේසර් ප‍්‍රහාරයකදී බලශක්තිය වොට් මිලියනයකට වැඩි බලශක්තියක් ඒ සඳහා යෙදෙව්වා. එසේ කළේ අල්පෙනෙත්ති තුඩක් තරම් කුඩා ගල් කැබැල්ලක් පුළුස්සා දැමීමටයි. එයින් නැඟුණු ගිනිපුළිඟු එහි සවි කර ඇති කුඩා දුරේක්ෂයකින් නිරීක්ෂණය කර විශ්ලේෂණය කර බැලූවා.

අඟහරු මත මෙහෙයුම් කටයුතු කරන ‘කුතුහලය’ යානය මේ පාෂණය තමයි මුලින්ම පිරික්සුවේ.

විනෝදයට පුංචි ගැටලූ : හරි මේස් ජෝඩුව

ආනන්ද විද්‍යාලයේ සේවය කළ සී. එම්. වීරරත්න මහතා පන්තියේ දී විනෝදයෙන් ගැටලූ විසඳීමට ළමයින්ගේ උනන්දුව ඇවිස්සූ කෙනෙකි. මේ එතුමා ඉදිරිපත් කළ එක් ගැටලූවකි.

විසිතුරු වෙසින් එන මිනීමරුවෝ! ඇන්ත්රැක්ස්වල සිට කළු වසංගතය දක්වා මරුවන්ගේ ඔබ මින් පෙර නුදුටු සුන්දර දසුන්!

මේවා බැලූ බැල්මට නූතන කලාවට අයත් සිත්තම් වගෙයි. මේ හැම එකක් ම මරු කැඳවන රෝග කාරකයන්. මිනිස් සිරුරට ඇතුළු වුවහොත් නියත මරණය ලබා දෙන ඒවායි. ඒවගේ ම ඕනෑම මොහොතක වසංගතයක් ලෙස පැතිරිය හැකි සංක‍්‍රාමික රෝගවලට අයත් ඒවායි.

බැක්ටීරියා, වයිරස ආදියට අයත් මේවා පියවි ඇසට පෙනෙන්නේ නැහැ. දැක ගන්නට පුළුවන් අන්වීක්ෂයකින් පුළුවන්. මේ ඔබ ප‍්‍රථම වරට දකින්නේ ඒවායේ අති විශාලනය කරන ලද ඒවායි.

මේක හරියට කලාගාරයක ප‍්‍රදර්ශනයට තබා තියෙන චිත‍්‍රයක් වගෙයි. වර්ණ ප‍්‍රක්ෂේපණය කරන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයකින් 12,500 ගුණයක් විශාලනය කළ විටයි, මෙහෙම පෙනෙන්නේ.

ලොව දිග ම නිය පොතු වැවූ කාන්තාව

ලෝකයේ දිගම ඇඟිලි නිය ඇති කාන්තාව කවුරුන්දැයි ඔබ දන්නවා ද? ඇය ඇමරිකා එක්සත් ජනපදයේ සෝල්ට් ලේක් සිටිහී ලී රෙඞ්මන්ඞ් ය. ඇය සිය ඇඟිලිවල නියපොතු වවන්න පටන් ගත්තේ 1979 දීය.

විනෝදයට ගැටලු - ඉතිරි රුපියලට මක්වුනා ද? : නිවැරදි පිළිතුර

ඉතිරි රුපියලට මක්වුනා ද?

මේ ගැටලූව හැත්තෑව දශකයේ මිරිස් පොලූ හාල් පොලූ පැවති කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ප‍්‍රදර්ශනයක දී එහි ඇදී ආ නරඹන්නට ඉදිරිපත් කළ එකකි. ආනන්ද විද්‍යාලයේ සේවය කළ සුප‍්‍රකට ගණිත ගුරුවරයකු වූ සී. එම්. වීරරත්ත මහතා විසින් ඉදිරිපත් කළ මේ ගැටලූව ඔහුගේ ගණිත විනෝදය ග‍්‍රන්ථයට ද ඇතුළත් කර තිබුණි. එකල පැවති ආහාර හිඟය නිසා මිරිස් රාත්තලක මිල අධික ලෙස ඉහළ ගිය අතර ඒවා අනවසරයෙන් වැඩිපුර ළඟ තබා ගැනීම ද තහනම් විය. ඒ නිසා වැඩිපුර ගෙන යන අල්ලන්නට පොලූ (මාර්ග බාධක) පවා යොදා තිබුණේය. මෙම ගැටලූව විසඳන්නාට තෑග්ග වශයෙන් දෙන්නට මිරිස් රාත්තලක් ද ඒ ප‍්‍රදර්ශන කුටියේ එල්ලා තිබුණි. එය එහි එන නරඹන්නන්ට අපූරු විනෝදයක් සැපයූ අංගයක් විය.
මෙන්න ඒ ගැටලූව! ඔබටත් විසඳන්න පුළුවන් ද බලන්න!

විනෝදයට ගැටලූ : ඉතිරි රුපියලට මක්වුනා ද?

ඉතිරි රුපියලට මක්වුනා ද?

මේ ගැටලූව හැත්තෑව දශකයේ මිරිස් පොලූ හාල් පොලූ පැවති කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ප‍්‍රදර්ශනයක දී එහි ඇදී ආ නරඹන්නට ඉදිරිපත් කළ එකකි. ආනන්ද විද්‍යාලයේ සේවය කළ සුප‍්‍රකට ගණිත ගුරුවරයකු වූ සී. එම්. වීරරත්ත මහතා විසින් ඉදිරිපත් කළ මේ ගැටලූව ඔහුගේ ගණිත විනෝදය ග‍්‍රන්ථයට ද ඇතුළත් කර තිබුණි. එකල පැවති ආහාර හිඟය නිසා මිරිස් රාත්තලක මිල අධික ලෙස ඉහළ ගිය අතර ඒවා අනවසරයෙන් වැඩිපුර ළඟ තබා ගැනීම ද තහනම් විය. ඒ නිසා වැඩිපුර ගෙන යන අල්ලන්නට පොලූ (මාර්ග බාධක) පවා යොදා තිබුණේය. මෙම ගැටලූව විසඳන්නාට තෑග්ග වශයෙන් දෙන්නට මිරිස් රාත්තලක් ද ඒ ප‍්‍රදර්ශන කුටියේ එල්ලා තිබුණි. එය එහි එන නරඹන්නන්ට අපූරු විනෝදයක් සැපයූ අංගයක් විය.
මෙන්න ඒ ගැටලූව! ඔබටත් විසඳන්න පුළුවන් ද බලන්න!

ලොව පුරා සාගරවල අණසක පතුරුවන සබ්මැරීන!

දිය යටට යන්නට මිනිසා ආසා කළේ අහස ජය ගන්නත් පෙර සිටය. දැන් මිනිසා දිය යට ලෝකයත් අනාරක්ෂිත තැනක් කර තිබේ. ඒ මුහුදු පත්ලේත් බිම්බෝම්බ ඇතිරීමෙනි. ඒ හැරෙන්නට බලවත් රටවල් මුහුදේ සෑම තැනකම සිය අණසක පතුරුවා ඇත. ඒ සබ්මැරීන යොදා ගනිමිනි. ඞීසල් මගින්, විදුලි බලයෙන්, න්‍යෂ්ටික ශක්තියෙන් කි‍්‍රයා කරන මෙම සබ්මැරීන ලොව පුරා සාගරවල දිය යටින් යමින් ඕනෑම ප‍්‍රහාරයකට සූදානම්ව සිටිති. ඇමෙරිකාව, රුසියාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය, ජපානය, ජර්මනිය එහි පෙරමුණ ගෙන සිටිති. ඒ රටවල යුද බලය පෙන්වන ප‍්‍රධාන අංගයක් වී ඇත්තේ සබ්මැරීන හමුදාවයි. දැන් මේ සබ්මැරීන අතර මුහුද යටින් ලෝකයේ ඕනෑම තැනකට ගොස්, ඕනෑම ඉලක්කයකට බැලස්ටික මිසයිලයක් යැවීමට හැකියාව ඇති සබ්මැරීන ද තිබේ.

ඇමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයෙන් ‘බිග්ෆුට්’ හමුවුණාද? බිග්ෆුට් ගැන අලූත් තොරතුරු...

ඇමෙරිකාවේ ඔහියෝ ජනපදයේ වයඹ දෙසින් පිහිටි ඔහියෝ මහා වනාන්තරයේ ග‍්‍රැන්ඞ් රිවර් ගංගාව අසලදී, සංචාරයකන් පිරිසක් රූගත කළ දසුන් පෙළක් පසුගියදා අන්තර්ජාලයට මුදා හැරුණේ මහත් ආන්දෝලනයක් ද සමඟිනුයි. එය ඇමෙරිකාවේ පුවත් නාළිකාවලින් පවා විනාශය වුණා. ලොකු ප‍්‍රසිද්ධියකුත් ලැබුණා. එම වීඩියෝ දසුන් පෙළින් දකින්න ලැබුණේ කළු පැහැති වානරයකු වැනි විශාල සත්ත්වයෙක් වනාන්තරය මැදින් ඇවිද යන අයුරුයි. මේ වීඩියෝ දසුන් පෙළ අන්තර් ජාලයේත් ප‍්‍රවෘත්ති නාළිකා ඔස්සේත් විකාශය වුණේ ඇමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයෙන් ‘බිග්ෆුට්’ හමුවුණා කියලයි.

කළු පැහැ ලොම්වලින් සත්ත්වයාගේ සිරුර වැසී තිබෙනවා. වීඩියෝ දසුන් පෙළ මේ වනවිට විද්‍යාඥයන්ගේ අවදානයට ලක් වී අවසන්. මේ ගැන විශේෂයෙන් උන්නදුවක් දක්වන්නේ ගුප්ත සත්ත්ව විද්‍යාඥයන්. ඔවුන් නොයෙක් නොයෙක් ක‍්‍රමවලින් දසුන් පෙළ පරීක්ෂාවට ලක් කරනවා. මෙය ඇත්තක්ද? නැත්නම් කාගේ හරි බොරුවක්දැයි සැක හැර දැන ගන්න.

අනාගතයේ එන චිත‍්‍රපට නාසයෙන් බලා රස විඳින්න පුළුවන්!

චිත‍්‍රපට පටිගත කර තියන්න පුළුවන් ක‍්‍රම ගණනාවක් තියෙනවා. සිනමා රීල්වල, ඞීවීඞීවල, එහෙත් නැත්නම් ටේප්වල. නමුත් දැන් විද්‍යාඥයන් තවත් අලූත් ක‍්‍රමයක් සොයා ගෙන තියෙනවා. ඒ අනුව වීඩියෝවක් ගෑස්වල ආචයනය කර, එනම් ගබඩා කර, තබන්න පුළුවන්.

ඒත් දැන්ම ඔබේ නිවසේ පාවිච්චියට මේ ක‍්‍රමය බලාපොරොත්තු වෙන්න එපා! තවමත් විද්‍යාඥයන්ට හැකි වී ඇත්තේ සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේ මේ ක‍්‍රමයට ‘ගබඩා’ කර තබා ගත හැක්කේ රූප රාමු දෙකක ආලෝක සංඥා විතරයි.

ඒත් මේ ආකාරයට ඝන නොවන ද්‍රව්‍යයක් තුළ පිළිබිඹුවක් ගබඩා කර තබා ගැනීම හා ප‍්‍රතිවාදනය කිරීම සිදු වන්නේ ඉතිහාසයේ ප‍්‍රථම වරටයි. මේ අපූරු පර්යේෂණය පිළිබඳව කළ නිබන්ධය හඳුන්වා ඇත්තේ ‘අනුක‍්‍රමණ ප‍්‍රතිධ්වනි මතකයක් තුළ ප‍්‍රතිබිම්බ කාලිකව බහුප‍්‍රතීක ක‍්‍රමයකින් ගබඩා කිරීම’ (Temporally Multiplexed Storage of Images in a Gradient Echo Memory) කියලයි.

ඉතිහාසයේ ප‍්‍රථම වරට ඝන නොවන ද්‍රව්‍යයක් තුළ රූප ගබඩා කර තබා ගෙන ප‍්‍රතිවාදනය කළ අවස්ථාව.

අනාගත යුද නැවේ හැඩරුව මෙන්න! බි‍්‍රතාන්‍ය නාවික හමුදාවට එක්වන අලූත්ම යුද නැව මෙයයි!

2021 දී සේවයට එක් වීමට නියමිත මේ අලූත් ම යුද්ධ නෞකාවට. සතුරාට නොපෙනී ලොව ඕනෑම තැනකට යා හැකියි.

ඒ වගේ මේ නැවට හැකියාව තියෙනවා, හෙලිකොප්ටර, ස්වයංගාමී කෲස් මිසයිල, අධිවේගී බෝට්ටු ආදිය රැගෙන ලෝකයේ ඕනෑම සාගරයකට යන්න. එහි 185ක නැවියන් පිරිසකුත් ඉන්නවා.

මේ නැව ටොන් 5,400ක්. දිග මීටර් 148ක්. හරියට තට්ටු දෙකේ බස් රථ 15ක් එක දිග එකට තිබ්බාම වගෙයි. මේ යුද්ධ නෞකාව හැඳින්වෙන්නේ ‘ග්ලෝබල් කම්බැට් ෂිප් ටයිප් 26’ (Type 26 Global Combat Ship) කියායි. ඒත් මේක රේඩාර්වල පෙන්නුම් කරන්නේ කුඩා ධීවර බෝට්ටුවක් හැටියටයි.

අලූත්ම යුද්ධ නෞකාව ‘ග්ලෝබල් කම්බැට් ෂිප් ටයිප් 26’ සටනට සහන සේවා කටයුතුවලට එකසේ යොදා ගන්න පුළුවන්.

අඟහරු ගිය නාසා යානයට පෙනුණු ‘අබිරහස් ආලෝකය’ සහ ‘සපත්තුව’!

අඟහරු ග‍්‍රහයාගේ ගේල් ආවාටයට පතිත කරනු ලැබූ ඇමෙරිකා නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ (කුතුහලය) රොබෝ යානය නැතිනම් රෝවරය, මේ වනවිට එම ආවාටයේ එහෙ මෙහෙ යමින් පස් සාම්පල පරීක්ෂා කරමින් දත්ත ලබා ගනිමින් සිටිනවා. දත්ත ලබා ගන්නා අතරතුරේ ඡායාරූප ගැනීමත් සිදුවෙන බව වාර්තා වෙනවා. මෙසේ ගත් ඡායාරූප කිහිපයක දකින්න ලැබුණු ‘අබිරහස් ආලෝකයක්’ සහ ‘සපත්තුවක්’ නිසා යළිත් වරක් මහා ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.