HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපරාධ තොරතුරු විශ්ලේෂණය කරන ති‍්‍රමාන රූප ගත හැකි කැමරාවක්!

ලෝකයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන 500ක් සංරක්ෂණය කොට අනාගත පරපුරට දැක බලා ගැනීමට සැලැස්වීමට යන පුවතක් ‘මල්කැකුළු’ තුළින් ඔබ ඉදිරියේ තැබුවා ඔබට මතක ඇති. ඒ පුවත කිය වූ අප මිතුරන් කීපදෙනෙකු ඒ 3D තාක්ෂණය භාවිතය කළ හැකි වෙනත් අවස්ථා ගැන විමසුමක් කළා. ඒ නිසා ඒ ගැන කෙටි සටහනක් ලියනවා.


ස්වීඩනයේ තාක්ෂණික විශේෂඥ සමාගමක් නිපදවා තියෙනවා, ලයිකා ජියෝසිස්ටම්ස් ස්කෑන් ස්ටේශන් සී 10 කියල උපකරණයක්, පහසුවෙන් 3D තාක්ෂණය යොදා ගෙන කි‍්‍රයා කළ හැකි. මේ ස්කෑනරය යොදා ගෙන ඕනෑම දර්ශනයක අංග සම්පූර්ණ ති‍්‍රමාන රූපයක් හිතන්න බැරි තරම් වේගයකින්, ඉතා නිවැරදිව විස්තර සහිත කැමරාවට නඟන්න පුළුවන්.

එසේ ගන්නා ති‍්‍රමාන රූපයක්, අපරාධ විද්‍යා කටයුත්තකට අවශ්‍ය නම් ඒ අවට තොරතුරු විශ්ලේෂණය කිරීම සඳහා රහස් පරීක්ෂකයන්ට හෝ නීතිවේදීන්ට හෝ විනිසුරුවන්ට හෝ ඕනෑම ආකාරයකින් විග‍්‍රහ කිරීම සඳහා යොදා හැකියි. අපරාධයක් සිදු වූ තැනක නම් නඩුවක සාක්කි ඉතා නිවැරදිව මේ දර්ශනය අනුව පැහැදිලිව තේරුම් ගත හැකියි. මෘදුකාංගයක් මගින් රූපය තුළ මිනුම් ආදියත් සැණෙකින් ලබා ගත හැකියි. නඩුවක දී ජූරියටත් මේ දර්ශනය සිදු වූ තැනට නොගිහින් ඒ අවස්ථාව ගැන පහසුවෙන් අවබෝද කර ගත හැකියි.


මේ අවුරුද්දේ එංගලන්තයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල වෙනුවෙන් දැනටමත් මෙම ස්කෑනර බි‍්‍රතාන්‍ය පොලිස් දෙපාර්තමේන්තුව මිල දී ගෙන තියෙනවා. ඒ හදිසි අනතුරක දී මේ ස්කෑනරය මගින් ඒ දර්ශනය එසැණ කැමරාවට නඟා මිනිත්තු කීපයකින් අනතුර වූ තැන ඇති බාධක ඉවත් කොට ගමනාගමනයට ඉඩ සැලසිය හැකියි. ඒ ති‍්‍රමාන රූපය පසුව නීතිමය කටයුතුවලට භාවිත කළ හැකිය.

ඕනෑම මිනුම් කටයුත්තකටත් මේ උපකරණ භාවිත කරන්න පුළුවන්.ඒ කි‍්‍රයා කරන හැටි වීඩියෝවෙන් බලන්න.



Post a Comment

6 Comments

  1. නියම සොයාගැනීම

    ReplyDelete
  2. මේක ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ මිනින්දෝරු කටයුතු වලදි දැනටමත් භාවිතා වන දියුනු තාක්ෂනික උපකරනයක්.

    ReplyDelete
  3. අත්තටම මේක කැමරාවක් නෙමෙයි. මැනුම් උපකරනයක් (total Station). අනික මේකෙන් කරන්නෙ චායාරූප ගැනීමකුත් නෙමෙයි, මැනුම් කටයුත්තක්(Surveying).

    ReplyDelete
  4. අංජන, ඔබ හරි මේක එක විදියකට කැමරාවක් නෙවෙයි. ඩිජිටල් ස්කෑනරයක්. මැනුම් කටයුතුවලටත් මෙහි සරල මෙවලම යොදා ගත්තෑකි. ඒත් ඔබ මෙහි මුල් වීඩියෝ එක බැලූව නම්, එහි දර්ශනයක් ඩිජිටල් සේයා රුවක් ලෙස මේ ස්කෑනරය මගින් ගබාඩා කර ගන්න පුළුවන් කියල ඒ විස්තර විචාරකයා කියනවා. ඒ නිසයි අපි මෙය කැමරාවක් ලෙස හැඳින්නුවෙ. ඒ අසන්නාට ඒ ගැන තේරුම් ගන්න ලේසියි කියල හිතපු හින්ද අපි කැමතියි ඒකට හරියටම හරි සිංහල වදන දැන ගන්න. කරුණාකර ඉක්මනින් කියන්න ඒක අපි ඒ විදියට යොදනවා.
    - පර්සි

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. මේකට සිංහලෙන් යෙදෙන වචනයක් නෑ. මනුම් උපකරන ගැන වැඩි දෙනා ගෙ ලොකු අවභෝදයක් නැති නිසා කමරාවක් ලෙස තමයි තෙරුම් ගන්න වෙන්නෙ. නමුත් මේකෙන් කරන්නෙ කැමරාවකින් කරනව වගේ ඡායාරූප ගැනීමක් නෙවෙයි. අවකාෂයේ තියෙන වස්තු දෛශික ස්වරූපයකටයි සටහන් කරගන්නෙ. මෘදුකාංග අසුරෙන් චායාරූප ලෙස ඉදිරිපත් කරන්න පුලුවන්. මෙහි වැදගත් කම චායාරූප ලෙස ඉදිරිපත් කිරීමම නෙමෙයි.

    ReplyDelete