HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සැමන් මසුන්ට ජීවය දෙන්න අවුරුදු 100ක් පැරණි වේල්ලක් බිඳ හෙළයි!

පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ අවසාන භාගයේ දී ඇමරිකාවේ වොෂින්ටන් ජනපදයේ වසර 100කට පෙර පටන් ඉදි කර තිබූ වේල්ලක් කඩා දමා වයිට් සැමන් ගංගාව යළි පණ ගන්වන්න බලධාරීන් කටයුතු කළා. ‘කොන්ඩිට් ඩෑම්’ නමින් හැඳින්වෙන මේ වේල්ල බිඳ දැමූ පසු වයිට් සැමන් ගංගාව වසර සීයකට පෙර තිබූ විදියට ම ආපසු මුහුදට ගලා ගෙන යාවි. මේ මට්ටමේ වේල්ලක් බිඳ ගංගාවක් යළි ගලන්නට සැලැස්වීමක් මීට පෙර කවදාවත් වෙලා නෑ. මේ වේල්ල බිඳ දමද්දී ගංගාව යළි උපදින හැටි ඔබටත් දැන් දැක ගන්න පුළුවන්.



මේ කටයුත්ත මේ අයුරින් ඉටු කෙරුණේ පරිසරය සුරැකීමේ නව පියවරක් වශයෙනුයි. සැමන් මසුන් පැසිපික් සාගරයේ සිට සිය වර්ගයා බෝ කිරීම සඳහා ගංගාවලට පැමිණීම සිරිතක්. මේ වේල්ල බැඳීම නිසා සැමන් මසුන්ගේ ඒ ප‍්‍රජනන කි‍්‍රයාවලියට බාධා සිදු වුණා. කලක් තිස්සේ පරිසරවේදීන්ගේ උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් වයිට් සැමන් ගඟ දිගේ යන සැමන් මසුන්ට යළිත් නව ජීවයක් ලැබෙනවා.

වයිට් සැමන් ගංගාවේ ඉහළට ගොස් බිත්තර දමන සැමන් මසුන්ට ඒ උඩුගං බලා යන ගමන සිදු කරන්නේ මාර්තු මාසයේදියි. මේ මාර්තු මාසයේ සිට ඔවුන්ට ඒ අවස්ථාව යළි උදාවෙලා තියෙනවා.


සැමන් මසුන්ට මේ සැමන් යන නම ලැබුණේ සැමෝ salmo යන ලතින් වදනින්. එහි අරුත ‘පනින්නා’ යන්නයි. මුහුදේ සිට ගංගා දිගේ ඉහළට යද්දී මේ සැමන් මසුන්ට ගල්පරවලින්, පුංචි ගැටිතිවලින්, ගංගාවල දිය ගලා බස්නා බැවුම්වලින් ඉහළට පනින්න සිදු වෙනවා, මේ ගමන සම්පූර්ණ කරන්නට. ඒ නිසයි, මේ නම ඔවුන්ට ලැබිලා තියෙන්නේ.

ලොව පුරා මේ විදියට මුහුදේ කරදියේ ජීවත් වෙමින් හිඳ සැතැපුම් දහස් ගණනක් දුර ගෙවා පැටවුන් බිහි කරන්නට කරදියේ බිත්තර දමන්නට යන සැමන් මසුන් වර්ග ගණනාවක් ම ඉන්නවා. සැමන් මසුන් විතරක් නෙවෙයි, මේ විදියට බිත්තර දමන්නේ. ස්ටෲජන් හා ට්රවුට් මසුන් පමණක් නොව ආඳුන් වර්ගත්, සමහර මෝර වර්ගත් ඉන්නවා.



සැමන් මසුන් බිත්තර දමන හැටි:





-සම්බන්ධිත ලිපි-
වේලි බිඳිමින් නැවත උපන් ගංගාව : කිසි දිනෙක නොදුටු දසුනක් මවමින් ජලාශය හිස් කරන අයුරු!

Post a Comment

3 Comments