HOT

5/recent/ticker-posts

promo-container

නස්රුදින් ජීවිතේ දකින හැටි!



දවසක් නස්රුදින් ගමනක් යන අතර අවන්හලකට ගොඩ වෙලා තේ එකක් බොන කොට ඒ පළාතෙ තරුණයෙක් එයාව අඳුනාගෙන ඔහු සමග කතාවට ආවා. 

‘නස්රුදින්!’ අමුත්තා කතා කළා. 

නස්රුදින් හැරිලා බැලුවා. 

‘මම ඔබතුමාගේ කල්පනාවට බාධා කළා නෙමෙයි. මට පොඩි දෙයක් තියෙනවා දැනගන්න.‘ අමුත්තා කීවා. 

‘ඕනැ දෙයක් අහන්න. මං ඉන්නෙ ඔහෙල වගේ අයට උත්තර දෙන්න තමයි.‘ කියලා නස්රුදින් හිනා වුණා. 

‘ගුරුතුමනි මේ ජීවිතයේ අරුත කුමක් ද?‘ අමුත්තා ඇහුවා. 

නස්රුදින් නිහඬව කල්පනා කරමින් මඳක් වේලා ගත කළා. 

අමුත්තාත් සිනාමුසු මුහුණෙන් ඒ දෙස බලා ගෙන හිටියා. 

එකපාරට ම නස්රුදින් අමුත්තා දිහාට හැරිලා මෙහෙම කිව්වා. 

‘ජීවිතේ හරියට තේ කෝප්පයක් වගෙයි!‘

අදහසක් පළ කරන්න

1 Comments