මෙය ලියැවෙන්නේ කලාතුරකින් හමු වන ඡායාරූපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි. අන්තර් ජාලය පුරා මේ වන විටත් වැඩි දෙනකුගේ අවධානය දිනා ගෙන තියෙනවා.

මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ මිනීමරු සුදු මෝරකුගේ ඉරණම දැක්වෙන කතාවක්. නවසීලන්තයේ මුහුදේදි ගත්තු එකක්.


නවසීලන්තයෙන් මාළු අල්ලන්න මූදු ගිය බෝට්ටුක හිටි ධීවරයකුගෙ කැමරාවට තමයි මේ පින්තූරය අහුවුණේ. ඔහුට අහුවුණු මාළුවා අත අරින්න සිද්ධ වුණා. ඒත් ඔහු අල්ල ගත්තු ‘ගොදුර’ නරක නෑනේද? ඒ ගොදුරට මිනීමරු සුදු මෝරුන් දෙදෙනකුම අහුවෙලා!

මේ පින්තූරය ලෝක ප‍්‍රකට විද්‍යාඥ චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ එන උචිතෝන්නති නියමය, ඒ කියන්නේ සත්ව ලෝකයේ දී ශක්තිවන්තයා ඉතිරි වෙනවා (survival of the fittest) යන න්‍යාය ඔප්පු කළ අවස්ථාවක් හැටියට දක්වන්න පුළුවන්.

නවසීලන්තයේ කයිටෙරිටෙරී අසල මුහුදේ දී අල්ලන ලද සෑහෙන පමණ විශාල මේ මෝරා ඒ මොහොතේම එහි ආ තවත් ඊට වඩා විශාල මෝරකු විසින් ඩැහැ ගත් ආකාරය ඔහු විසින් කැමරාවට නගා තිබුණා.

පරිගණක කී‍්‍රඩාවක එන රාක්ෂයකු වූ මැන්කියුබස් (Mancubus) නමින් තමයි, මේ ඡායාරූපය අන්තර්ජාලයට මුදා හැර තියෙන්නෙ.

ඒ ධීවරයාට තමා ඇල්ලූ මෝරා බෝට්ටුව මතට ඇද ගන්න වෙලාවක් තිබුණෙ නෑ, දැවැන්තයා ඇවිත් ඌව උදුරා ගන්න කොට.

මෝරෙක් තවත් මෝරෙක් ගිලගන්න එක අලූත් දෙයක් නොවෙයි. ඒත් එය මේ ආකාරයට ඡායාරූපයට නැඟීමයි, මෙහිදී වැදගත් වන්නේ.

 
වසීලන්ත ධිවරයා විසින් අන්තර් ජාලයට මුදා හැරි පින්තූරය.

 
මේ අපූරු ඡායාරූපය ගන්නා ලද්දේ මේ වෙරළේදියි.