අප ඔබට ඉදිරිපත් කල ගණිත විනෝදය ගැටලුවට හොද ප්‍රතිචාරයක් ලැබීම ගැන සන්තෝස වෙමු. Anonymous 1, Anonymous 2, fantaUP, Sithuvam නිවැරදි පිලිතුරු ලබා දුන්නා. Comments වලින් සහය දැක්වු සියලු දෙනාට අපගේ ස්තුතිය...!


ගැටලුව නැවත බලමු...
ළමයෙක් එක්තරා ගණිතඥයකුගෙන් ”ඔබේ වයස කීයද?” කියල ඇහුවා. ඔහු දුන්නේ පුදුම උත්තරයක්.
”තව අවුරුදු තුනකට පස්සෙ මගේ වයසින් තුන් ගුණයක් ගන්න. එයින්, අවුරුදු තුනකට පෙර වයසේ තුන් ගුණයක් අඩු කරන්න. එවිට ඔබට ලැබෙන්නේ මගේ වයසයි” ගණිතඥයා කීවා.
ඔහුගේ දැන් වයස කීයදැයි කියන්න ඔබට පුලූවන්ද?

විසඳුම...
මෙය අංක ගණිමය ලෙස විසඳීම පැටලිලි සහිතයි. ඒ නිසා වීජගණිතමය සමීකරණයක් මගින් විසඳීම හරිම පහසුයි. සොයන්නට තියෙන ඔහුගේ වයස ප‍්‍රමාණය X කියා හිතමු. එවිට අවුරුදු තුනකට පසු ඔහුගේ වයස X + 3 කි. අවුරුදු තුනකට පෙර වයස X-3 කි. එවිට අපට මෙහෙම සමීකරණයක් ලැබෙනවා.

3(X+3) - 3(X-3) = X
3X + 9 - 3X + 9 = X
18 = X


මේ අනුව ගණිත පණ්ඩිතයාගේ දැන් වයස අවුරුදු 18 යි.

දැන් මේකෙ හරි වැරදි බලමු. අවුරුදු 3කට පසු ඔහුගේ වයස අවුරුදු 21කි. අවුරුදු තුනකට පෙර වයස අවුරුදු 15කි.

(3×21) - (3×15) = 63 - 45 = 18