HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

නිදාගෙන පියාසර කරන යෝධ කුරුල්ලා!

ඇල්බට්‍රොස් Albatrosses යනු ලෝකයේ විශාලතම පියාපත් සහිත මුහුදු කුරුලු විශේෂය ය. මේ යෝධ කුරුල්ලා ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්නේ සාගරයට ඉහළින් පියාසර කරමිනි. ඇල්බට්‍රොස්ගේ විශේෂත්වය වසර ගණනාවක් එක දිගට ගොඩබිමට නොපැමිණ සිටීමේ හැකියාව ය. සාමාන්‍ය යෙන් වැඩුණු ඇල්බට්‍රොස් කුරුල්ලකු පියාපත් විදාහළ විට අඩි 11ක් පමණ දිගය. 

පුදුමය නම්, ඇල්බට්‍රොස් කුරුල්ලන්ට, පියාසර කරන ගමන්ම නිදාගන්න පුළුවන් වීමය. විද්‍යාඥයන් කියන්නේ ඔවුන් ඒ සඳහා භාවිතයට ගන්නේ ගතික පියාසරණය (Dynamic Soaring) නම් ක්‍රමය බවයි. ගතික පියාසරණය යනු සුළං ධාරා උපයෝගී කරගෙන, කිසිම ශක්තියක් වැය නොකර, ඉහළට සහ පහළට පා වෙමින් යාමේ හැකියාවය. මේ ක්‍රමයෙන්, ඇල්බට්රොස් කුරුල්ලන්ට ආයාසයකින් තොරව, සුළං ධාරා මතින් ලිස්සා යා හැකිය. ඇස් පියවී තිබුණත්, ඔවුන්ගේ ගමන නොනවත්වාම ඉදිරියට යෑම සිදුවෙයි. මෙය සොබාදහම ඇල්බට්‍රොස්ට දුන් පුදුමාකාර හැකියාවකි. ඇල්බට්‍රොස් ඇල්බට්‍රොස් කුරුල්ලන් අවුරුදු 50 ක් හෝ ඊට වැඩි කාලයක් ජීවත්වන බව ද පැවැසෙයි. 

 මේ කුරුල්ලන් වැඩි වශයෙන් වාසය කරන්නේ ඇන්ටාක්ටික් සාගරයේ හා උතුරු පැසිපික් සාගරයේය. ඒ කලාපයේ හුදෙකලා දූපත්වල කැදලි තනා පැටවුන් බිහිකරන බව සඳහන්ය.

අදහසක් පළ කරන්න

0 Comments