HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

T20 ලෝක කුසලාන - ශ්‍රී ලංකාව මෙතෙක් තබා ඇති වාර්තා!

T20 ලෝක කුසලාන ක්‍රිකට් පිරිමි තරගාවලිය මේ දවස්වල ඇමෙරිකා‍ එක්සත් ජනපදයේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙන බව ඔබ දන්නවා. ලෝක ක්‍රිකට් කවුන්සිලය වතාවටයි, ‍ෙ තරගාවලියක් ඇමෙරිකාවේ පවත්වන්නේ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලට අමතරව ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි තරඟ පවත්වන රටවල් ගණනාවකුත් මේ තරඟාවලියට එක්වෙලා ඉන්නවා. ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ජනප්‍රිය අංගය වූ මේ T20 හෙවත් ‘විස්සයි විස්ස’ තරඟාවලිය මේ පැවැත්වෙන්නේ නව වන වරටයි. 2007 වසරේදී ආරම්භ වූ ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් පිරිමි තරගාවලිය මේ දක්වා අ  ට වතාවක් පවත්වා තියෙනවා. මේ අට වතාව තුළ ශ්‍රී ලංකාව එක් වතාවක් ලෝක ශූරයන් වුණා. දෙවතාවක් අනුශූරයන් වුණා. මේ කාලය තුළ ශ්‍රී ලංකාව වාර්තා 6ක් තබා තියෙනවා. ඒවා මොනවාදැයි ඔබ දන්නවාද? 

2007 දී සනත් ජයසූරිය පන්දු 44කදී ලකුණු 88ක් ලබා ගත්තා.

1. කණ්ඩායමක්මෙතෙක් වාර්තා කළ ඉහළ ම ලකුණු ප්‍රමාණය 

ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් පිරිමි තරගාවලි ඉතිහාසයේ දී කණ්ඩායමක් වාර්තා කළ වැඩි ම ලකුණු ප්‍රමාණය හා ලොකු ම ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. මේ වාර්තාව තබා ඇත්තේ 2007 සැප්තැම්බර් 14 වැනිදා කෙන්යාව සමග පැවති තරගයේදියි. ඒ තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 260ක් රැස් කිරීමට සමත් වුණා. එහි දී සනත් ජයසූරිය පන්දු 44කදී ලකුණු 88ක් ද, මහේල ජයවර්ධන පන්දු 27ක දී ලකුණු 65ක් ද ජෙහාන් මුබාරක් පන්දු 13ක දී ලකුණු 46ක් ද රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෙන්යා කණ්ඩායමට සියලු දෙනා ම දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 88ක් පමණයි. මෙතෙක් T20 ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළ ම ලකුණු පරතරය සහිත ජයග්‍රහණය ලෙස වාර්තා වී තියෙනවා. 

2014 දී ශ්‍රී ලංකා පිළ නෙදර්ලන්ත පිළ ලකුණු 39කට දවා ගත්තා.

2. ප්‍රතිවාදී කණ්ඩායම අඩු ම ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීම. 

ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් පිරිමි තරගාවලි ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් අඩු ම ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමේ වාර්තාව ද තවමත් තියෙන්නේ ශ්‍රී ලංකාවේ නමටයි. ඒ 2014 දී ශ්‍රී ලංකාව නෙදර්ලන්ත කණ්ඩායම දවාලූයේ ලකුණු 39කටයි. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වැය වූයේ පන්දු වාර 10කුත් පන්දු 3ක් විතරයි. ඒ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16කට කඩුලු 3ක් ද අජන්ත මෙන්ඩිස් ලකුණු 12කට කඩුලු 3ක් ද දවා ගන්නට සමත් වුණා. එහි දී ශ්‍රී ලංකාව ඒ තරගය ජය ගත්තේ පන්දු වාර 5කදී එක කඩුල්ලක් පමණක් කැප කරමිනුයි. මෙය ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් අඩු ම ලකුණු සංඛ්‍යාවකට දවාලූ අවස්ථාව ලෙස වාර්තා වෙනවා. 

3. පිතිකරණයේ දී තබා ඇති වාර්තා 

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ තරගාවලියක් තුළ වැඩි ම ලකුණු වාර්තා කළ පිතිකරුවන් අතරින් දෙවන ස්ථානයේ පසුවන්නේ තිලකරත්න ඩිල්ෂාන් වන අතර ඔහු දෙවැනි වූයේ ඉන්දියාවේ විරාත් කෝලිට පමණයි. ඩිල්ෂාන් 2009 වසරේ තරගාවලියේ දී තරග හතක් තුළ ලකුණු 317ක් රැස් කර තබා තිබූ වාර්තාව 2014 දී පැවති තරගාවලියේ දී තරග හයක් තුළ ලකුණු 319ක් රැස් කරමින් විරාත් කෝලි බිඳ හෙළුවා. T20 ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ මෙතෙක් වැඩි ම මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ ද විරාත් කෝලිය. ඒ තරග 27ක් තුළ ලකුණු 1141 ක් රැස් කරමිනුයි. එහි දී කෝලිට පසු පසින් ඉන්නේ අපේ මහේල ජයවර්ධනයි. ඔහු තරග 31ක් තුළ මුළු ලකුණු 1016ක් ලබා ගෙන තියෙනවා. මෙයින් කෝලි තවමත් ක්‍රීඩා කරන නිසා මේ වාර්තාව මේ වතාවේත් අලුත් වේවි. 

4. ඉනිමක හොඳම පන්දු යැවීම 

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ එක් ඉනිමක දී හොඳම පන්දු යැවීමේ වාර්තාව හිමි කර ගෙන ඇත්තේ අජන්ත මෙන්ඩිස් වන අතර එය ලකුණු 8කට කඩුලු 6ක් ලෙසයි. ඒ වාර්තාව පිහිටුවා ඇත්තේ 2012 සැප්තැම්බර් 8 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයේදියි. ඒ වගේ ම 2014 දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු යැවූ රංගන හේරත් ලකුණු 3කට කඩුලු 5ක් දවා ගත්තා. 

5. තරගාවලියක දී වැඩි ම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළුෑ පන්දු යැවීම. 

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ තරගාවලියක් තුළ වැඩි ම කඩුලු සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංගයි. (ඔහු මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයව නායකයායි.) 2021 පැවති තරගාවලියේ දී ඔහු තරග 8 දී පන්දු වාර 30ක් තුළ ලකුණු 180කට කඩුලු 16ක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ වගේ ම T20 ලෝක කුසලාන ඉතිහාසයේ තරගාවලියක් තුළ වැඩි ම කඩුලු සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයා ලෙස දෙවන තැන ගෙන සිටින්නේ ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්. ඒ තමා අජන්ත මෙන්ඩිස්. ඔහු 2012 වසරේ පැවති තරගාවලියේ දී තරග 6ක් තුළ පන්දු වාර 24ක් යවමින් 144කට කඩුලු 15ක් දවාලීමට සමත් වුණා. 

6. වැඩි ම උඩ පන්දු රැක ගැනීම. 

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ තරගාවලියක් තුළ වැඩි ම කඩුලු සංඛ්‍යාවක් රැක ගත් ක්‍රීඩකයා වන්නේ දසුන් ශානකයි. 2022 දී ඕස්ට්‍රේලියාවේ දී පැවති තරගාවලියේ දී ඔහු තරග 8ක් තුළ උඩ පන්දු 9ක් රැක ගත්තා. 

Post a Comment

1 Comments

  1. ලංකාවේ ක්‍රිකට් වල පල්ලට යැව්වේ පාලක මණ්ඩලයේ හිටපු බුකී කාරයෝ....

    ReplyDelete