HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පෙරල්මාන්ගේ විස්මිත අංක ගණිත ඇස්බැන්දුම

මේ වතාවේ ඔබට ඉදිරිපත් කරන්නේ වයි. පෙරල්මාන්ගේ ‘ගණිත විනෝදය’ පොතෙන් එන ගැටළුවක්. මේ වාගේ ගැටළු කීපයක් අපි කලිනුත් ඉදිරිපත් කළ ඔබට මතක ඇති. 


අංක ගණිත ඇස්බැන්දුම 

“මට අන්තිමට ගැටළු ඉදිරිපත් කරන්න සිදු වී තිබෙනවා. මම වෙනස් විදියේ අංක ගණිතමය ඇස්බැන්දුමක් ඉදිරිපත් කරන්නම්. එහි රහස හැකි නම් සොයා ගන්න. ඔබලාගෙන් කවුරු හෝ නැතිනම් සභාපති තුමා මට නොපෙනෙන ලෙස ඉලක්කම් තුනක සංඛ්‍යාවක් ලියන්න.” 

“බිංදුවේ අංකය තිබිය හැකිද?” 

“කිසිම බාධාවක් නැහැ. කැමතිම ඉලක්කම් තුනක සංඛ්‍යාවක් ලියන්න.” 

“ලිව්වා! දැන් මොකද කරන්න ඕනෑ?” 

"එම සංඛ්‍යාවම එය ළඟින් එක පේළියට ලියන්න. දැන් ඉලක්කම් හයක සංඛ්‍යාවක් ඔබට ලැබෙනවා.” 

“ඉලක්කම් හයක සංඛ්‍යාවක් ලැබෙනවා.” 

"දැන් ඒ කඩදාසිය ඔබේ අසල වාඩි වී සිටින්නාට දෙන්න. එයා එම සංඛ්‍යාව හතෙන් බෙදපුදෙන්.” 

“කියන්න නම් අමාරුවක් නැහැ. සමහර විට එම සංඛ්‍යාව නොබෙදෙනවා නොවන්න පුළුවනි.” 

“කරදරවෙන්න එපා! එම සංඛ්‍යාව ඉතිරි නැතිව හතෙන් බෙදෙනව‍ා." 

“ලියපු සංඛ්‍යාව දන්නෙත් නැහැ. එහෙත් බෙදෙන බව කියනවා.” 

“ඉස්සරවෙලා බෙදන්න. ඊට පස්සේ කථා කරමු”

"ඔබේ වාසනාවට ඉතිරි නැතිව බෙදෙනවා,” 

“උත්තරයට මට දන්වන්නේ නැතිව ඔබ අසල සිටින තැනැත්තාට දෙන්න. ඔහු එය 11න් බෙදපුදෙන්.” 

“නැවතත් ඉතිරි නැතිව බෙදෙයි කියලා හිතනවාද?” 

“බෙදන්න! ඉතිරි වෙන්නේ නැහැ.” 

“ඇත්තට ම ඉතිරි නැතුව බෙදුණා. දැන් මොකද කරන්න ඕනෑ.” 

“ප්‍රතිඵලය ඊළඟ අයට දෙන්න! දැන් අපි එය 13න් බෙදමු” 

“තෝරා ගන්නා හැටි හොඳ මදි. සංඛ්‍යා සුළු ගණනයි 13 න් ඉතිරි නැතිව බෙදෙන්නේ. ආහ්! ඉතිරි නැතිව බෙදුණා. ඔබේ වාසනාව!” 

“දැන් උත්තරයත් සමග කඩදාසිය මා අතට දෙන්න! සංඛ්‍යාව මට නොපෙනෙන්න කඩදාසිය නමන්න!” 

කඩදාසිය දිග නොහැරම ‘ඇස්බැන්දුම් කරුවා’ එය සභාපති අතට දුන්නේ ය. 

“ඔබ හිතපු සංඛ්‍යාව ලබා ගන්න අවසර දෙන්න. හරිද?” 

“හරියටම හරි!” කඩදාසිය දෙස බැලූ ඔහු පුදුමයෙන් උත්තර දුන්නේ ය. 

“ඔබ හිතපු සංඛ්‍යාව තමා මේ. මීට වඩා තේරවිලි නැති නිසා අපේ රැස්වීම අවසාන කරන්න මට අවසර දෙන්න. පිළිතුරු අද රාත්‍රි කෑමෙන් පසු සාකච්ඡා කරමු. පිළිතුරු මා වෙත ලැබෙන්න සලස්වන්න.” 

පිළිතුර මීළඟට

Post a Comment

0 Comments