HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පෙරල්මාන්ගේ විස්මිත අංක ගණිත ඇස්බැන්දුම - පිළිතුර.


මේ වතාවේ ඔබට ඉදිරිපත් කළේ වයි. පෙරල්මාන්ගේ ‘ගණිත විනෝදය’ පොතෙන් එන ගැටළුවක්. මේ වාගේ ගැටළු කීපයක් අපි කලිනුත් ඉදිරිපත් කළ ඔබට මතක ඇති. මෙවර ඉදිරිපත් කළේ අදහස් කළ සංඛ්‍යාව සොයා යාමේ ගැටළුවයි. 

ප්‍රථමයෙන් ම තෝරාගත් අංක තුනේ සංඛ්‍යාවට එම සංඛ්‍යාව නැවතත් ලියන ලදී. තෝරාගත් සංඛ්‍යාවට බිංදු තුනක් ලියා නැවත එයට එම සංඛ්‍යාව එකතු කිරීමට සමානය. නිදර්ශනයක්; 

8,72,872 = 8,72,000 + 872 

සංඛ්‍යාවට කුමක් කළේදැයි අපට දැන් පැහැදිලිය. එය 1000න් ගුණ කර නැවතත් එම සංඛ්‍යාවම එකතු කරන ලදී. එනම් එම සංඛ්‍යාව 1,001න් ගුණකර ඇත. 

ඊට පසු එම ගුණ කිරීමට කුමක් කළේ ද? එය අනුක්‍රමයෙන් 7න්, 11න්, හා 13න් බෙදන ලදී. එනම් අවසාන වශයෙන් එම සංඛ්‍යාව 7x11x13 1001න් බෙදන ලදී. 

ඒ අනුව එම සංඛ්‍යාව 1,001න් ගුණකර නැවත 1,001න් බෙදන ලදී. මේ නිසා අදහස් කරන ලද සංඛ්‍යාවම පිළිතුරු ලෙස ලැබීම පුදුමයක් නොවේ.

Post a Comment

0 Comments