HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 42,000ක් පැරණි මිනිස් ගතිගුණ දෙවියන්ට ආරූඪ කළ ප්‍රතිමා

මිනිස් ගතිගුණ දෙවියන්ට ආරෝපණය කිරීම හැඳින්වෙන, මානවත්වාරෝපණය හෙවත් මානවාරෝපණය යන්නට භාවිත ඉංග්‍රීසි වදන වූ ‘ඇන්ත්‍රොපෝමෝෆිසම්’ (Anthropomorphism) යන්න බිඳී ආවේ ග්‍රීක බසිනුයි. ග්‍රීක බසෙහි ‘මානව’ අරුතැති, ‘අන්ත්‍රොපෝස්’ (Anthropos) හා ‘ස්වරූප’ යන අරුතැති ‘මෝෆ්’ (morphe) යන වදන් දෙක එක් වීමෙන් තමයි, මේ වදන හදා ගෙන ඇත්තේ. මෙයින් හැඳින්වෙන්නේ අති පුරාණයේදී මිනිසා ඇරඹූ චාරිත්‍රයක්. මේ අනුව මිනිසා‍‍‍ගේ ගති ලක්ෂණ, නො මිනිසකුට, එනම්, දෙවියකුට, සතකුට, ගහකට‍‍, ආරූඪ කොට දේවත්වයෙන් සැලකීම හා වන්දනාමාන කිරීම ආරම්භ වුණා. එය ආරම්භ වූයේ මීට වසර 42,000කට පමණ ඉස්සරයි. 

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති නරසිංහ මැමත් දළ කැටයම.

එහි මෙතෙක් හමු වී පැරණි ම නිදර්ශනය ලෙස ‘නරසිංහයා’ දැක්විය හැකියි. මෙය හමු වී ඇත්තේ ජර්මනියේ ඔලින්ස්ටයින් ස්ටාඩල් (Hohlenstein Stadel) ලෙන්වලිනුයි. අපේ සාම්ප්‍රදායික චිත්‍රවල‍, මෝස්තරවල හා කැටයම්වලත් මේ නරසිංහ රූපය අපට දක්නට ලැබෙනවා. ඒත් ජර්මනියෙන් හමු වී ඇත්තේ මැමත් දළයෙන් කැටයම් කළ ‘නරසිංහයා’ (Lion man) ගේ රූපයයි. අතීතයේ විසූ අලි ඇතුන් විශේෂයක් වූ මැමත් දළයෙන් ඉතා සීරුවෙන් මේවා කැටයම් කර තියෙනවා. 

ශැමනිස්ටික් (Shamanistic) සාම්ප්‍රදායට අයත් මේ මූර්තිය නිර්මාණය කළ අය මේ වර්ගයේ කලා නිර්මාණ කරන්නට පෙලඹුණා. සෑම දෙයක් තුළ භූතාත්මයක් ඇතැයි ඔවුන් විශ්වාස කළා. නිදසුනක් ලෙස ගස්වලට අරක්ගෙන සිටින වෘක්ෂ දේවතාවුන් (dryads) දැක්විය හැකියි. ඔවුන් ඇදහුවේ මිනිසා තුළ ඇති භූතාත්මය වගේ ම ගස තුළ ඇති භූතාත්මය එහි වැඩීමට උපකාර කරනවා කියායි. ඒ ආත්ම වාදය සොබාදහමේ ඇති හැම දෙයකට ම ආරෝපණය කරන්නට එකල මිනිසා පසුබට වුණේ නැහැ. 

ජර්මනියේ ඔලින්ස්ටයින් ස්ටාඩල් ලෙන්වලින් 
හමු වූ වසර 42,000ක් පැරණි මැමත් දළ කැටයමක්.

මානවත්වාරෝපණයේ උපවර්ගයක් ද තියෙනවා. එය මානව දේවවාදය හෙවත් ඇන්ත්‍රොපෝතිසම් (Anthropotheism) කියා හැඳින්වෙනවා. එයට මිනිසුන් නොවන, එහෙත් උසස් තත්වයක දේවාරෝපණයක් අයත් වෙනවා. ප්ලේටෝ (ක්‍රි. පූ. 424-348) එකල ග්‍රීක කවීන්ට චෝදනා කළා, ඔවුන් දෙවියන් ගැන බොරු කියනවා කියා. ඔවුන් පෙන්වා දුන්නා, සියුස් වැනි දෙවිවරුන් මිනිසුන් මෙන් ම බොළඳ ක්‍රියා කරන බව. එසේ ම බයිබලයේ එන සමහර කොටස්වල දී ‘දෙවියන්ගේ දකුණු අත’ වැනි යෙදුම්වලින් මානව දේවවාදය ඉස්මතු කර පෙන්වනවා. 

මනෝවිද්‍යාත්මක කෝණයෙන් බලන විට මානව දේවවාදයේ පැති කීපයක් දැකිය හැකියි. නො මිනිස් දෙවියකු තුළ ඇති මානව ලක්ෂණ, ඒ දෙවියන් පිළිබඳ අප තුළ ඇති දැක්ම හා හැඟීම වෙනස් කිරීමට හේතු වෙනවා. එසේ ම සදාචාරාත්මක අතින් අප තුළ වර්ධනීය තත්වයක් ඇති කරනවා. මානවාරෝපණය යන ක්‍රියාවලිය තුළින් අපට නො පෙනෙන සංකීර්ණ බලවේග සරල කර අපට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන ආකාරයට සකසා දෙනවා කියාත් කියන්න පුලුවන්. අද මානවාරෝපණය තවදුරටත් ටාඕවාදය හා ෂින්ටෝ වැනි ශැමනිස්ටික් ආගම්වල වැදගත් අදහසක් බවට පත් වී ති යෙනවා. ඒ වගේ ම එය බග්ස් බනී වැනි කාටුන් චරිතවලත්, සම්භාවනාවට පාත්‍ර වූ සාහිත්‍ය කෘතියක් වූ ජෝර්ජ් ඕවෙල්ගේ ‘ඇනිමල් ෆාම්’ (1945) වැනි නාට්‍ය නිර්මාණ තුළිනුත් ජනප්‍රිය සංස්කෘතිය තුළටත් එක් වී තියෙනවා. මේ ජෝර්ජ් ඕවල්ගේ ඇනිමල් ෆාම් නාට්‍යය ‘හොටබරි යුද්දේ’ යන නමින් කලකට ඉස්සර සිංහලෙන් වේදිකාවට ආවා. 

ජර්මනියේ ඔලින්ස්ටයින් ස්ටාඩල් ලෙන


Post a Comment

0 Comments