HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නව වසර මුලින් ම පිළිගන්න විස්මිත රට කිරිබස් මෙන්න!

තවත් නව වසරක් උදා විය. සෑම විටම, නව වසර පළමුවෙන් ම පිළි ගන්නේ ලෝකයේ තියෙන පුංචි, ඒ වගේ ම විස්මිත රටක්. ඒ තමා ‘කිරිබස්’ ජනරජය. උදා වන නව වසර පිළිගැනීමට වාසනාව හිමි කර ගත්තේ ඒ කිරිබස් ජනරජයයි; එහි ජීවත්වන ජනතාවයි. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දෙසැම්බර් 31 වැනිදා 3.30 වන විට ලොව අනික් කිසිම රටකට වඩා ඉදිරියෙන් ඉන්නේ ‘කිරිබස්’ ජනරජයයි. එසේ වන්නේ මුලින්ම හිරු උදාව සිදුවන්නේ ‘කිරිබස්’ ජන රජයට වීම නිසාය. ‘කිරිබස්’ යනු මධ්‍යම ඝර්ම කලාපීය, පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් සමූහයකි. සමකය හෙවත් නිරක්ෂ රේඛාව තවත් විධියකින් කීවොත් දේශාංශක බින්දුවේ රේඛාව වැටී ඇත්තේ මේ දූපත් සමූහය මැදිනි. එපමණක් නොවෙයි, මේ දූපත් සමූහය, පෘථිවිය බෙදන අනෙක් රේඛාව වූ අක්ෂාංක බින්දුවේ රේඛාවෙනුත් දෙකට බෙදෙයි. ඒ නිසා ‘කිරිබස්’ යනු මුළු පෘථිවි ගෝලයේ ම ඇති මේ විස්මිත තත්වය හිමි කර ගෙන ඇති එක ම රාජ්‍යයයි. මෙවන් රාජ්‍යයක් ලෝකයේ තවත් කොහේවත් ඇත්තේ ම නැත. 

‘කිරිබස්’ ජනරජයට අයත් කුඩා දූපත් රැසක් පැසිපික් සාගරයේ වර්ග කිලෝ මීටර් මිලියන 3.5 ක් පුරා විසිරී පවතී. කලින් ගිල්බට් දූපත් ලෙස හඳුන්වනු ලැබූ මෙය කොරල්පරවලින් සමන්විත කුඩා දූපත් 32 ක් සහ බනාබා නමින් හැඳින්වෙන, පසුව මතු වූ එක් කොරල් දූපතක් ද ඊට ඇතුළත් වෙයි. අතීතයේදී ‘කිරිබස්’ බ්‍රිතාන්‍යයට අයත් ජනපදයක් වූ නිසා එරට වැසියන්ගේ නිල භාෂාව ඉංග්‍රීසි ය. දේශීය භාෂාව ගිල්බටීස් ය. පසුව එහි ඇතැම් දූපත් ඇමරිකා එක්සත් ජනපදය සතුවිය. 1979 දී ‘කිරිබස්’ දූපත් එක්සත් ජනපදයෙන් හා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවේ ය. අද එය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. ‘කිරිබස්’ අද පොදු රාජ්‍ය මණ්ඩලයේ පමණක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ද සාමාජික රාජ්‍යයකි. ‘කිරිබස්’ ජනරජය 1999 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය හිමිකර ගත්තේය. ලෝකයේ ළාබාලතම ස්වෛරී රාජ්‍යයන්ගෙන් එකක් ලෙස ද ‘කිරිබති’ ජනරජය හැඳින්විය හැකිය. 

2020 සංගණනයට අනුව කිරිබස් ජනරජයේ ජනගනය 119,000 කි. ලෝක බැංකුවේ වාර්තා අනුව 2021 ජනගහනය 128,874කි. එයින් අඩකට වඩා ජීවත්වන්නේ එහි අගනුවර වූ තරාවා හිය. විසිර ඇති දූපත්වල මුළු භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර 811.2කි. එයට අයත් සාගර ප්‍රදේශය වර්ග කිලෝමීටර් මිලියන 3.4කි. මේ කොදෙව් සමූහය වර්තමානයේ ඕෂේනියා මහාද්විපයට අයත්ය. 

බොහෝ දෙනා ‘කිරිබති’ යනුවෙන් හැඳින්වුවත්, එහි වැසියන් ඔවුන්ගේ රටේ නම උච්චාරණය කරන්නේ ‘කිරිබස්’ කියාය. හේතුව, එරට වැසියන් භාවිත කරන ගිල්බර්ටීස් භාෂාවට අනුව, ‘ති’ යන්න ශබ්ද වන්නේ ‘ස්’ යනුවෙනි. එහෙයින්, කිරිබති යන වදන නිවැරදිව උච්චාරණය කරන්නේ නම්, එය ‘කිරිබති’ නොව, ‘කිරිබස්’ ය. ගිල්බර්ටීස් බසින්, නත්තල හැඳින්වෙන්නේ ‘කිරිතිමතී’ Kiritimati ලෙසය. බ්‍රිතාන්‍ය දේශ ගවේෂක ජේම්ස් කුක්, 1777 වසරේ, නත්තල් සැන්දෑවේ ‘කිරිබස්’ දූපත් සමූහයට මුල් වරට ආ නිසා මේ දූපත් නිල නොවන ලෙස තවත් නමකින් හැඳින්වෙයි. ඒ, ‘ක්‍රිස්මස් අයිලන්ඩ්’ Christmas Island යනුවෙනි. ඒත් අද ‘ක්‍රිස්මස් අයිලන්ඩ්’ Christmas Island යන නිල නාමයෙන් හැඳින්වෙන දූපත් සමූහයක් ඉන්දීය සාගරයේ ඇත. ඒ දූපත් ඔස්ට්‍රේලියාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ. 

ක්‍රි.ව. 1250 තරම් ඈත කාලයේ, පොලිනීසියානු ජනයා, ‘කිරිතිමතී’, පැමිණ එහි පදිංචි වූ බව, පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරු වී ඇත. කෙසේ නමුත් දූපත්වල ස්ථිර ජනාවාස 1882 දක්වා ආරම්භ වූයේ නැත. එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ හමුදා විසින් ‘කිරිතිමතී’ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කිරීමට සුදුසු ස්ථානයක් ලෙස භාවිත කරන ලදී. ඒ, 1950 සහ 1960 ගණන්වලය. න්‍යෂ්ටික විකිරණවලට දූපත් වැසියන් ලක් කරමින්, ඔවුන් යොදාගෙන පර්යේෂණ සිදු කරන්න විය. ඇමරිකන් සැමෝවා සහ බේකර් අයිලන්ඩ් යන දූපත් ගණනාවක් ‘කිරිබස්’ දූපත් රාජ්‍යයට බටහිර දෙසින් පිහිටා ඇත. එහෙත්, ජාත්‍යන්තර දින රේඛාවේ පිහිටීම අනුව, මෙම දූපත්වලට අවුරුදු උදාව සිදුවන්නේ, ‘කිරිබස්’ දූපත් රාජ්‍යයට අවුරුදු උදා වී පැය 24-26 කට පසුවය.

Post a Comment

0 Comments