HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇමරිකාව සුපිරි න්‍යෂ්ටික බෝම්බයක් තනන්න යයි

පසුගියදා චීනය සිය න්‍යෂ්ටික යුද අවි තැන්පතුව විශාල කරන්නට අදහස් කර සිටින පළ කිරීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපදයත් මෙතෙක් සැලසුම් කර ඇති සුපිරි න්‍යෂ්ටික බෝම්බයක් තනන බව පෙන්ටගනය ප්‍රකාශ කර ඇත. ඔවුන් තනන්නට යන න්‍යෂ්ටික බෝම්බය ජපානයේ හිරෝෂිමට දැමූ පරමාණු බෝම්බය මෙන් 24 ගුණයක් බලවත් එකක් බවයි, ඔවුන් කියන්නේ. 

නව බෝම්බය තැනෙන්නේ B61-7 යුදශීර්ෂයට B6-12 බෝම්බයේ 
නව ආරක්ෂක වැස්මක් යොදවමිනි.

මේ න්‍යෂ්ටික බෝම්බය නම් කර ඇත්තේ B61-13 කියායි. එයට මෙහෙයවීමක් අවශ්‍ය නැහැ. එයට කෙළින් ම ඉලක්කයට යාමේ හැකියාව තියෙනවා. එය ‘ගුරුත්ව බෝම්බ’ (gravity bombs) ලෙස හඳුන්වනු ලබන බෝම්බ B61 පවුලේ 13 විශේෂය ලෙසයි සැලකෙන්නේ. 

නිරවි යුද සමයේ දී ඇමරිකාව මුලින් තැනූ B61-7 නම් න්‍යෂ්ටික බෝම්බයට භාවිත කළ ටොන් 360,000ක පිපුරුම් බලයක් ඇති පිපුරුම් ද්‍රව්‍ය තමයි මේ නව බෝම්බයටත් යොදා ගෙන ඇත්තේ. එයට අඩි 190,000ක අරයක වපසරියක් පුපුරවා හරින්න පුළුවන්. මේ නව බෝම්බය B61-7 බෝම්බයට නව ආවරණයක් යෙදූ එකක් ලෙසයි ඔවුන් හඳුන්වන්නේ. කලින් බෝම්බයට වඩා මේ බෝම්බයට නව ආරක්ෂණ හා පාලක පද්ධතියක් සමඟම යවත් කාලීන කළ වල්ගා කට්ටලයක් සවි කරලා තියෙනවා. ඒ ඇත නිසා ඒ වල්ගා කට්ටලය උදවු වෙනවා ඉලක්කය සොයා ගිහින් කෙළින් අතට ම ඒ මතට පතිත වන්නට. 

මේ B61-13 බෝම්බය හිරෝෂිමාවට දැමූ බෝම්බය සමඟ සැසඳුවොත්! 

1945 දී හිරෝෂිමාවට හෙළුෑ ‘ලිට්ල් බෝයි’ නම් පරමාණු බෝම්බය හා 
දැන් නිපදවන්නට යන එමෙන් 24 ගුණයක් බලවත් නව න්‍යෂ්ටික 
බෝම්බය අතර සැසඳීමක් ඉහත රූප සටහනෙහි දැක්වේ.

‘ලිට්ල් බෝයි’ කියා නම් කළ හිරෝෂිමාවට දැම්ම බෝම්බය යුරේනියම් යොදා ගත් එකක්. 1945 දී ඒ බෝම්බය දමන කොට එහි ජනගහනය 320,000ක් සිටියා. එය බරින් රාත්තල් 9,700ක්. එහි විශ්කම්භය අඟල් 28ක්. ඊට යුරේනියම් 141ක් යොදා ගෙන තියෙනවා. ඒ අතර මේ නව බෝම්බය ප්ලෝටෝනියම් යොදා ගත් එකක්. එය පිපිරීමේ දී TNT කිලෝ ටොන් 15ක විනාශකාරී බලයක් මුදා හරිනවා. මේ පිපිරීමේ දී බිම් මට්ටමේ සිට සැතැපුමක් ඉහළට විහිදෙන විනාශකාරී සුළිකුණාටුවක් මවන සුපර්සොනික් කම්පනයක් නිකුත් කරනවා. දෙවනුව ඊට සමාන විනාශයක් ඇති කරන සුළි සුළඟක් ඇති වෙනවා. එයින් සැතැපුම් ගණනාවක් දුරට පිහිටි නිවෙස් හා ගොඩනැගිලි සියල්ල බිමට සමතලා කරනවා. 
යුරේනියම් පරමාණු භාවිත ‘ලිට්ල් බෝයි’ බෝම්බයේ අනුරුවක්.

හිරෝෂිමා බෝම්බයෙන් නිකුත් වූ අධික තාපය (ෆැරන්හයිට් 12,000ක) නිසා සැතැපුමක් ඇතුළත සිටි සියලු මිනිසුන්ගේ සම් මස් පිළිස්සී ගියා; දැවෙනසුලු සියල්ල මොහොතකින් පිළිස්සී ගියා. හිරෝෂිමා බෝම්බයෙන් සිදු වූ මරණ බොහොමයක් සිදු වූයේ ඉන් නිකුත් වූ මූලික තාප තරංගයෙන් සිදු වූ පිළිස්සීම්වලින්. 
නව න්‍යෂ්ටික බෝම්බය පිපිරුවහොත් සුපර්සොනික් කම්පන තරංගයක් 
සමග සැතැපුමක් උසට සුළිකුණාටුවක් ඇතිවී 
ඊට හසුවන සියල්ල විනාශ කරනු ඇත.

ඇමරිකානු යුද දෙපාර්තමේන්තුව කියන විධියට ඔවුන් යෝජනා කරන නව බෝම්බයෙන් කිලෝටොන් 360ක විනාශකාරී බලයක් නිපදවෙනවා. පුපුරවා හරිද්දී සැතැපුම් හතරකට වැඩි අරයක් සහිත ප්‍රදේශයක් පුරා මහා ගිනිජාලාවක් ඇති වෙනවා.එයින් ෆැරන්හයිට් 220කට වැඩි තාපයක් සහිත සුළිකුණාටුුවක් ඇති කරනවා. 

විශේෂඥයන් කියන්නේ එයින් ඇති වන ගිනි ජාලාව පැය හයක් පමණ පවතින අතර එය වර්ග සැතැපුම් 65ක පමණ ප්‍රදේශයක් පුරා මාරක පරිසරයක් මවන බවයි. වැජින් පීස් නම් මානව හිමිකම් සංවිධානයට අනුව මේ තත්වය හිරෝෂිමාවේ ඇති වූ පිළිස්සීම මෙන් 10 – 15 ගුණයක් වැඩි විනාශයක් ඇති කරන බවයි.” 

ඔබාමා පරිපාලනය අනුමත කළ 2021 නොවැම්බරයේ 
තැනූ B61-12 න්‍යෂ්ටික බෝම්බය.

“මේක හිරෝෂිමා බෝම්බයට වඩා විශාල එකක්. මේක නිව් යෝක් නගරයට දැම්මොත් ජර්සි නගරයත්, මෑන්හැට්න් කලාපයත් විනාශ වෙනවා. මිලියනයකට මරු කැඳවනවා විතරක් නෙවෙයි, තුවාලකරුවන් මිලියන දෙකක් පමණ ඇති විය හැකියි.” ඇමරිකානු ආරක්ෂක තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජ්‍යොෆ්‍රි විල්සන් කියනවා. 

අද ඉලක්කයට එල්ල කිරීමේ දී බෝම්බවලින් උපරිම ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ B61-13 බෝම්බයට විශේෂිත වල්ගා කට්ටලයක් නිර්මාණය කරලා තියෙනවා, හරියටම එය අවශ්‍ය ඉලක්කයට එය රැගෙන යා හැකි වන පරිදි. 

මේ B61-13 බෝම්බය නිපදවන්නේ කුමක් නිසා ද? 

නිරවි යුද සමය අවසන් වන විට ඇමරිකන් යුද අවි එකතුවේ තිබූ ප්‍රධාන යුද ශීර්ෂය (warhead) B61-7 නම් වූ ‘ගුරුත්ව බෝම්බ’ විශේෂයයි. රාත්තල් 1,000කට වැඩි බරක් ඇති එහි විනාශකාරී බලය කිලෝටොන් 360ක්. ඒවා 1980 ගණන්වල සිට නිපදවීම ආරම්භ කර ඇති අතර 1990 දශකය මුලදී ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් පරිපාලනය විසින් ඒවා තැනීම නවතා දමා තිබුණා. 

තවත් B61-7 බෝම්බ කීපයක් ඇමරිකන් න්‍යෂ්ටික බෝම්බ තොග ගබඩාවෙහි තිබෙනවා. මේවායේ තැන්පත් කර තිබිය හැකි ආයු කාලය වසර 12ක් කියනවා. මේවාට යොදා ඇති මූලද්‍රව්‍යවල විකිරණ ශක්තිය කාලයත් සමග ක්ෂයවී යන නිසා බලය හා කාර්යක්ෂමතාව අඩු වෙනවා. 

ඔබාමා පරිපාලනය අනුමැතිය දුන්නා, 2021 නොවැම්බරයේ දී B61-12 නම් මේ බෝම්බයේ නව ප්‍රභේදයක් නිපදවන්නට. මේ B61-12 බෝම්බ වැඩසටහන විවාදාත්මක වූයේ ඒ සඳහා වැය වන අධික වියදම නිසයි. 2010 දී එක් බෝම්බයක් තැනීම සඳහා ඩොලර් බිලියන 4ක් ඇස්තමේන්තු කර තිබුණා. ඒත් 2012 දී ජාතික න්‍යෂ්ටික ආරක්ෂක අධිකාරිය එයට වැය වන මුදල ලෙස ඩොලර් බිලියන 8ක් ලෙස දක්වා තිබුණා. ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව 2013 දී එහි වියදම ඩොලර් බිලියන 10.4ක්. 

මෙහි මග පෙන්වන නව වල්ගා කට්ටලය සඳහා තවත් ඩොලර් බිලියන 1.8ක් අතිරේකව වැය කරන්න සිදු වෙනවා. ඒ විතරක් නොවෙයි, මෙය අවශ්‍ය තැනට අහසින් ගෙන ගොස් අත හරින්නට යොදා ගන්නා ගුවන්යානා වර්ග පහ අනුව තවත් අතිරේක මුදලක්, ඩොලර් මිලියන සිය ගණනක්, වැය කිරීමට සිදු වෙනවා. 

මේ B61-12 බෝම්බ වැඩසටහන සමහර විට ඇමරිකන් ඉතිහාසයේ වැඩිම මිලක් වැය කෙරෙන න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදන වැඩ පිළිවෙළ විය හැකියි. ඒ පිළිබඳ වාර්තා කියන විධියට B61-12 බෝම්බයකට එය රනින් කළ එකක මිලට සමාන වෙනවා. 

කෙසේවෙතත්, මේ නව බෝම්බය ඉලක්කයට පහත් කිරීම සඳහා පැරචූටයක් වෙනුවට මග පෙන්වන විශේෂ වල්ගා කට්ටලයක් නිර්මාණය කිරීම නිසා එය ඉතාම නිවැරදිව පතිත කළ හැකි වන නිසා එයින් ඈත්ව සිටීමේ දුරත් කල් තියා කියන්න පුළුවන්. මේ න්‍යෂ්ටික බෝම්බය පොළොව මත දී පමණක් නොව ගුවනේදීත් පුපුරුවා හරින්න පුළුවන්. 

B61-12 බෝම්බය නව න්‍යෂ්ටික බෝම්බය තරම් බලවත් නැහැ. එහි ප්‍රතිඵලය ටොන් 0.3ක් අඩුයි. දැනට ඇමරිකාව සතුව ඇති B61-12 බෝම්බ ‘ගුරුත්ව බෝම්බ’ විශේෂය ප්‍රබල ඒවා වුනත් නව නිෂ්පාදනය තරම් ප්‍රබල ප්‍රතිඵල ගේන්නේ නැතැයි කියලයි ලෝක පරමාණු විද්‍යාඥයන් නිකුත් කළ නිවේදනයකින් කියැවෙන්නේ. 

ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ නව සුපිරි න්‍යෂ්ටික බෝම්බය නිපදවීම පිළිබඳ තොරතුරු මුල්වරට හෙළි කළේ 2023 ඔක්තෝබර් 27 යි. ඔවුන්ගේ වාර්තාව අනුමැතිය හා අවසරය ලබා දීම සඳහා ඇමරිකන් කොංග්‍රසයට ඉදිරිපත් කර තියෙනවා. 

ඇමරිකාවේ සතුරු පාර්ශ්වයන් ඇමරිකාවට එරෙහි වීම වැළැක්වීමටත්, මිතුරු පාර්ශ්ව අතර ඇති සම්බන්ධතා තර කර ගැනීමටත් මේ නව න්‍යෂ්ටික බෝම්බය ඇමරිකාව සතුව තිබීම හේතුවේවි. විරුද්ධ පාර්ශ්ව ඇමරිකාවට එරෙහිව යුද වැදීමට බිය වනු නිසැකයි. ඇමරිකානු ජනාධිපතිවරයාට බරපතල තර්ජන හමුවේ ක්‍රියාකිරීමේ දී විශාල ප්‍රදේශයක හමුදා ඉලක්කවලට පහර දීමට සිදුවුවහොත් තේරීම් විශාල පරාසයක් මේ බෝම්බය නිසා උදාවෙනවා. එසේ නොවුවහොත් පහර දීමට භාවිත නොකර ඇමරිකාවේ බලය ලොව පුරා පැතිරවීමට මෙය ඉවහල් වේවි. 

හාන්ස් ක්‍රිස්ටෙන්සන් හා මැට් කෝඩා ඇතුළු ඇමරිකානු ෆ‍ෙඩරේෂණයේ විද්‍යාඥයන් කියන්නේ මේ B61-13 න්‍යෂ්ටික බෝම්බය කරළියට ගෙන එන්නේ දැනට තනා ඇති කිලෝ ටොන් 1,200ක දැවැන්ත B83-1 බෝම්බය වෙනුවට යොදා ගත හැකි B61-12 බෝම්බයට වඩා ලොකු එකක් තනන්න කියලයි. 

ඇමරිකානු ආරක්ෂක තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජ්‍යොෆ්‍රි විල්සන් කියන්නේ “මේ B61-13 බෝම්බය වොෂිංටන් යුද ශීර්ෂයක්, දේශපාලන අවියක්.” කියායි. “මේක පාවිච්චි කළත් නොකළත් මෙයින් සැබෑ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැහැ” 

කොංග්‍රසයේ ඇතැම් අය සිතන්නේ බයිඩන් ජනාධිපතිවරයා බෝම්බය තැනීම නවතා දැමීමේ අදහසින් මේ නව න්‍යෂ්ටික බෝම්බය තැනීම පෙරට ගෙන එන්නට ඇත කියායි. 

- පර්සි ජයමාන්න  

 

Post a Comment

0 Comments