තාරකා භෞතික විද්‍යාඥ මහාචාර්ය ඒවි ලියෝබ්, එසේ මෙසේ චරිතයක් නොවෙයි. ඔහු පිටසක්වළ ජීවීන් සිටිනවා යැයි විශ්වාස කරන විද්‍යාඥයන් කිහිප දෙනකුගෙන් කෙනෙකි. සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන්, විශ්වයේ ඈත, මනුෂ්‍ය අපට වඩා බුද්ධිමත් පිටසක්වළ ජීවීන් සිටින බවත්, එම ජීවින් ඔවුන්ගේ දියුණු අභ්‍යවකාශ යානාවලින් පෘථිවියට පැමිණෙන බවත් විශ්වාස කරන විද්වතෙකි. පසුගිය දා මහාචාර්ය ඒවි ලියෝබ් මාධ්‍ය හමුවේ අනාවරණයක් කළේය. ඒ, පැසිෆික් සාගර පතුළෙන්, සොයා ගත් කුඩා ගෝලාකාර ලෝහමය කැබලි 700 ක් සම්බන්ධයෙනි.
මේ ලෝහමය ගෝලාකාර කැබලිවලින්, කැබලි 57 ක් නිර්මාණය වී ඇත්තේ මොනවායින්දැයි මහාචාර්යවරයා දන්නේ නැත. එසේ නම්, මහාචාර්යවරයාට හමුවුණු ලෝහමය ගෝලාකාර කැබලි මොනවාද? පිටසක්වළ යානයකට අයත් කොටසක්ද? එය එසේ නම්, පිටසක්වළ යානා සැබෑවක්ද? අපට වඩා බුද්ධිමත් පිටසක්වළ ජීවීන් විශ්වයේ ඈත කොතැනක හෝ සිටිනවාද? මහාචාර්ය ඒවි ලියෝබ්, පිටසක්වළ ලෝහමය ගෝලාකාර කැබලි ගැන ලොවට අනාවරණය කළේ පසුගියදාය. ඒත්, ඒ පසුපස ඇති කතාව ආරම්භ වන්නේ වසර 9 කට පෙරය.
අභ්‍යවකාශයේ සැරිසරණ ග්‍රහ වස්තූන් රාශියක් තිබේ. ඒවා අතරින් පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී දහනයට ලක්වෙමින් ආලෝකයක් නිකුත් කරන කුඩා පාෂාණ කැබලි උල්කා (Meteor) යනුවෙන් හැඳින්වෙයි. පෘථිවි වායු ගෝලයට ඇතුළු වෙද්දී සම්පූර්ණයෙන් ම දහනය නොවී, ශේෂයන් ලෙස පහළට ඇදී එන ඒවා උල්කාපාත (Meteoroid) නම් වෙයි. පෘථිවි වායුගෝලය පසාරු කරමින් පැමිණ, දහනයෙන් පසුකැබලි වශයෙන් පොළොවට පතිත වන ඒවා උල්කාශ්ම (Meteoroids) ලෙස හැඳින්වෙයි.
2014 වසරේ, ජනවාරි 8 වැනිදා, ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත්, පෘථිවිය අසලට පැමිණෙන ග්‍රහ වස්තූන් පිළිබඳ සොයා බලන Nasa's Centre for Near Earth Object Studies (CNEOS) ආයතනයේ විද්‍යාඥයන් පරිගණක තිර දෙස දෑස් දල්වා ගනිමින් සිටියේ, මීට පෙර දකින්න නොලැබුණු අභ්‍යවකාශ වස්තුවක් දකින්න ලැබුණු බැවිනි. මෙම අභ්‍යවකාශ වස්තුව, පෘථිවිය දෙසට ඇදී ආවේ අසාමාන්‍ය වේගයකිනි. බැලූ බැල්මට එය උල්කාවකි. එහි විෂ්කම්භය අඩි එක හමාරක් බව පෙනුණි. පෘථිවිය දෙසට එම උල්කාව ඇදී ආවේ අසාමාන්‍ය වේගයකිනි. සාමාන්‍යයෙන් උල්කා එතරම් වේගයකින් ඇදී එන්නේ නැත. පෘථිවි වායුගෝලයට ඇතුළු වුණු එම උල්කාව ගිනි ගෙන දැවෙන්නට වූයේ ද අසාමාන්‍ය ආකාරයටය. පෘථිවි දුරේක්ෂ ආධාරයෙන් මේ සියලු දේ ඡායාරූපයට නැගුණි. සුපිරි පරිගණක ආධාරයෙන් උල්කාවේ ගමන් මඟ ආපස්සට ගණනය කර බලද්දී, එය අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් එකක් නොව, එය පැමිණෙන්නට ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයටඑපිට සිට බව ද පෙනුණි. පෘථිවි වායුගෝලයට ඇතුළු වීමෙන් පසු දැවි නොගිය කොටස් පැපුවා නිව් ගිනියාවට වයඹ දෙසින් මුහුදට වැටුණි.
තාරකා භෞතික විද්‍යාඥ ඒවි ලියෝබ් මෙම උල්කාව ගැන උනන්දුවක් දක්වන්නට පටන් ගත්තේ එම අවස්ථාවේ දීය. ඒවි ලියෝබ් ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ භෞතික මහාචාර්යවරයෙකි. ඔහු උල්කාව සම්බන්ධයෙන් සියලු දත්ත ලබා ගත්තේ ‘ඇමෙරිකා අභ්‍යවකාශ බලඇණිය’ United States Space Command හරහාය. ‘ඇමෙරිකා අභ්‍යවකාශ බලඇණිය’ යනු ඇමෙරිකන් හමුදාව යටතේ ඇති ආයතනයකිනි. අභ්‍යවකාශයේ හමුදා කටයුතු කිරීමේ අරමුණින් මෙය පිහිටුවා තිබේ. උල්කාව නිල වශයෙන් නම් කෙරුණේ CNEOS 2014-01-08 - IM1 යනුවෙනි. IM1 යනු අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් විශ්වයේ ඈතින් ආ උල්කාව යන්නය. 2017 ජනවාරි 8 වැනිදා මුහුදට වැටුණු උල්කාවේ කැබලි සොයා ගැනීමේ වැදගත් බව මහාචාර්ය ඒවි ලියෝබ්ට පෙනී ගියේය. ඒ අනුව, හාවඩ් විශ්ව විද්‍යාලයේ සෙසු සහෝදර විද්‍යාඥයන්ගේ එකමුතුවෙන් ‘ගැලීලියෝ ව්‍යාපෘතිය’ ඇරැඹිණි. ඒවි ලියෝබ් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් ඇමෙරිකන් නාවික හමුදාවේ සහාය ඇතිව 2019 වසරේ සිට උල්කාව වැටුණු ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට වෙහෙසුණේය.
කෙසේ හෝ අවසානයේ උල්කාව මුහුදට වැටුණු තැන සොයා ගැනුණි. පැසිෆික් සාගරයේ මානුස් නමැති කුඩා දූපත ආසන්නයේ, කිලෝ මීටර් 2 ක් ගැඹුරේ, වර්ග කිලෝ මීටර් 16 ක් සාගර පතුළේ උල්කා කැබලි විසිරී තිබුණි. ගැලීලියෝ ව්‍යාපෘතියට අවශ්‍ය ප්‍රතිපාදන සියල්ල ලැබුණි. ඒවි ලියෝබ් ප්‍රමුඛ කණ්ඩායම, ‘සිල්වර් ස්ටාර්’ නමැති නැවෙන් ගොස් උල්කාවේ කැබලි එක් රැස් කර ගැනීම සිදුවූයේ ප්‍රබල කාන්දමක් යොදා ගනිමිනි. ඒ පසුගිය 2022 වසර අවසානයේය. මුහුදු පතුලේ තිබී සොයා ගත්තේ කුඩා ගෝලාකාර ලෝහමය කැබලි 700 යි. එසේනම්, CNEOS 2014-01-08 - IM1 උල්කාවක් නොවන බව පෙනී ගියේය. හමුවුණු කැබලි වැඩි දුර පරීක්ෂණවලට යොමු කෙරුණේ හවාඩ් විශ්ව විද්‍යාලයේ අන්තරීක්ෂ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටේන් ජේකොබ්සන් සහ ඔහුගේ කණ්ඩායමේ සහාය ලබා ගනිමිනි. කැබලි 700 න් කැබලි 70 ක තිබුණේ අප දන්නා මූලද්‍රව්‍යයන්ය. බෙරිලියම්, ලැන්තනම් සහ යුරේනියම්වලින් එම කැබලි පිරී තිබුණි. පෘථිවියේ ඇති දුර්ලභ මූලද්‍රව්‍යවලින් එකක් වන යකඩවලට සමාන රීනියම් ද ඒවායේ තිබුණි. අනෙක් මූලද්‍රව්‍ය අපට ආගන්තුක ඒවාය. පෘථිවියේ හෝ අප සෞරග්‍රහ මණ්ඩලයේ හෝ කොතැනකවත් එම මූලද්‍රව්‍ය නොමැති බව අවසානයේ දී පැහැදිලි විය.
සාගර පතුළෙන් සොයා ගත් ලෝහමය කැබලි මොනවාද? මෙය ඇත්තටම ප්‍රහේළිකාවකි. ඒවා පිටසක්වළ යානයක කැබැල්ලක කොටසක් යැයි ඒවි ලියෝබ් පැවැසුවත්, එය සියයට 100 ක් තහවුරු කිරීමට තමන්ට හැකියාව නැතැයි මහාචාර්යවරයා පවසයි. කෙසේ නමුත් ඔහු දායක වූයේ ඉතා වැදගත් සොයා ගැනීමකටය. එය පුවත් මැවීමට ද හේතුවක් විය.
අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින්, ඈත විශ්වයෙන්, ආ අසාමාන්‍ය ආකාරයේ අභ්‍යවකාශ වස්තුවක් ගැන 2017 වසරේ දී ද අසන්න ලැබුණි. 2017 වසරේ ඔක්තෝබර් 19 වැනිදා, අසාමාන්‍ය දිගටි හැඩයකින් යුත් අභ්‍යවකාශ වස්තුවක් පෘථිවිය අසලින් ගමන් කළේය. බැලූ බැල්මට එය යෝධ සුරුට්ටුවක් වැනිය. මේ වස්තුව ග්‍රහකයක් බව මූලික නිරීක්ෂණවලින් පෙනුණි. අසාමාන්‍ය හැඩය පමණක් නොව, මෙම වස්තුව සුවිශේෂී එකක් වීමට තවත් හේතුවක් තිබුණි. පිටසක්වළ ජීවීන් සහ පිටසක්වළ යානා ගැන විමසිල්ලෙන් පසුවන ඒවි ලියෝබ් එදා පැවැසුවේ මෙම ග්‍රහකය, ග්‍රහකයක් නොව, වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකින් අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ පිටසක්වළ යානයක් කියාය.
එම යානය පෘථිවිය අසලින් ගමන් කළේ පෘථිවිය ගැන ඔත්තු බලමින් යැයි මහාචාර්යවරයා කී කතාව, බොහෝ විද්වතුන්ට විහිළුවක් වූ බව රහසක් නොවෙයි. එම අද්භූත වස්තුව ගැන පුළුල් පරීක්ෂණයක් සිදු කෙරුණි. අසාමාන්‍ය වස්තුව මුලින්ම දකින්න ලැබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායිහී තාරකා විද්‍යාඥයන්ටය. ඒ අනුව ඔවුන් එය නම් කළේ ‘ඔමුවාමුවා’ යන නමිනි. ඒ, හවායි බසිනි. හවායි බසින් ‘ඔමවාමුවා’ යන්නෙහි අර්ථය ‘දුර ඈතින් ආ පළමු පණිවුඩකරුවා’ යන්නය. ‘ඔමුවාමුවා’ ග්‍රහ වස්තුවේ ගමන් මඟ සොයා බලා ගණනය කරද්දී ඒවි ලියෝබ් කී දේ තහවුරු විය. මීටර් 400 ක් දිගින් යුක්ත ‘ඔමුවාමුවා’ අප සෞරග්‍රහ මණ්ඩලයට පැමිණ ඇත්තේ විශ්වයේ ඈත සිටය. ඒ කොතැන සිටදැයි කීමට මහාචාර්ය ඒවි ලියෝබ් දන්නේ නැත. එහෙත් පිටසක්වළ ජීවීන් සහ පිටසක්වළ යානාවල ඇත්ත නැත්ත තහවුරු කිරීමට සිටින එකම තැනැත්තා ඒවි ලියෝබ්ය. පිටසක්වළ ජීවීන්ගේ ඇත්ත නැත්ත ලොවට හෙළිකරන තුරු තමන් දිගටම තම පර්යේෂණවල නියැළෙන බව ඔහු පවසා ඇත. මේ ‘ඔමුවාමුවා’ සුවිශේෂ ග්‍රහ වස්තුව ගැන ‘මල් කැකුළු’ මගින් හෙළිදරවු කළා ඔබට මතක ඇති.
- ලුසිත ජයමාන්න
0 Comments