HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මවගේ නමට උපහාර ලෙස පිදෙන ග්‍රේෂන් සාහිත්‍ය සම්මානය

ඔහු මයිකල් ඔන්ඩච්චි, ශ්‍රී ලංකාවේ උපන් කැනේඩියානු කවියෙකි‍;‍ ලේඛකයෙකි; සාහිත්‍ය නිර්මාණකරුවෙකි; නවකතාකරුවෙකි; සංස්කාරකවරයෙකි; චිත්‍රපට නිෂ්පාදකයෙකි. ඔහු සිය ධනය කැප කර ග්‍රේෂන් සාහිත්‍ය සම්මානය ආරම්භ කළේ, ඉංග්‍රීසි බසින් නිර්මාණ කරණයේ යෙදෙන ශ්‍රී ලාංකික කතුවරයින් හඳුනා ගැනීමටයි. වසරේ හොඳම සාහිත්‍ය නිර්මාණය සඳහා පැවැත්වෙන ග්‍රේෂන් සම්මානය පිරිනැමෙන්නේ, 1992 වසරේදී මයිකල් ඔන්ඩච්චි විසින් ආරම්භ කරන ලද The Gratiaen Trust භාරය මගිනුයි‍.

මයිකල් ඔන්ඩච්චි

ඔහු  රචනා කළ The English Patient නවකතාව වෙනුවෙන් බුකර් සම්මානය සමග හිමිවූ මුදල් ත්‍යාගය භාවිත කරමින් ඔහු The Gratiaen Trust 1993 වසරේදී ආරම්භ කළා. එයට ග්‍රේෂන් සම්මාන කියා නම් තැබුවේ සිය මව වූ ඩොරිස් ග්‍රේෂියන් සිහිවීම පිණිසයි. එතැන් සිට අඛණ්ඩව වසරක් පාසා පිරිනැමුණු මෙම ත්‍යාගය මෙවර පිරිනැමෙන්නේ 30 වන වරටයි. 

මයිකල් ඔන්ඩච්චි හා ග්‍රේෂන් භාරයේ ලකුණ

1993 වසරේ සිට ග්‍රේෂන් සම්මානය හිමි කර ගත් කතුවරයින් සහ ඔවුන්ගේ නිර්මාණ ලැයිස්තුව පහත දැක්වෙනවා. 

1993 - කාර්ල් මුලර් (Jam Fruit Tree) - නවකතා; ලලිතා විතානච්චි (Wind Blows over the Hills) - කෙටිකතා. 

1994 - පුණ්‍යකාන්ති විජේනායක (Amulet) - නවකතා‍.

1995 - සිබිල් වෙත්තසිංහ (The Child in Me) - විත්ති කතා; රජීව විජේසිංහ (Servants) - කෙටිකතා. 

1996 - තිස්ස අබේසේකර (Bringing Tony Home) - නවකතා. 

1997 - ගාමිණී අක්මීමන (The Mirage) - නවකතා. 

1998 - ජියෑන් ත්වයිට්ස් (It’s a Sunny Day on the Moon) - කෙටිකතා. 

1999 - විසාකේස චන්ද්‍රසේකරම් (Forbidden Area) - නාට්‍ය; නීල් ප්‍රනාන්දුපුල්ලේ (Shrapnel) - කෙටිකතා‍ 

2000 - රුවන්ති ඩි චිකේරා (Middle of Silence) - නාට්‍ය; ලක්ෂ්මී ද සිල්වා (Kuveni - හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍යයේ පරිවර්තනය) - නාට්‍ය. 

2001 - එල්මෝ ජයවර්ධන (Sam’s Story) - නවකතා‍; සුමති සිවමෝහන් (In the Shadow of the Gun/The Wicked Witch) - නාට්‍ය. 

2002 - විජිතා ප්‍රනාන්දු (Out of the Darkness - ගුණදාස අමරසේකරගේ අසත්‍ය කතාව නවකතාවේ පරිවර්තනය) - නවකතා. 

2003 - නිහාල් සිල්වා (Road from Elephant Pass) - නවකතා. 

2004 - ජගත් කුමාරසිංහ (Kider Chetty Street) - නවකතා. 

2005 - ඩිලන් වීරසිංහ (Thicker Than Blood) - නාට්‍ය. 

2006 - සේනක අබේරත්න (3 Star K) - නාට්‍ය; ඉසංක්‍යා කොඩිතුවක්කු (The Banana Tree Crisis) - කෙටිකතා. 

2007 - විවිමාරී වැන්ඩර්පූටන් (Nothing Prepares You) - පද්‍ය. 

2008 - ෂෙහාන් කරුණාතිලක (Chinaman – the Legend of Pradeep Mathew) - නවකතා. 

2009 - ප්‍රශානි රඹුක්වැල්ල (Mythil’s Secret) - නවකතා. 

2010 - සකුන්තලා සචිතනාදන් (On the Streets and Other Revelations) - පද්‍ය. 

2011 - මධුභාෂිණී දිසානායක (There's Something I Have to Tell You) - නවකතා. 

2012 - ලාල් මැදවත්තේගෙදර (Playing PiIlow Politics at MGK) - නවකතා. 

2013 - මලින්ද සෙනෙවිරත්න (Edges) - පද්‍ය. 

2014 - විහඟ පෙරේරා (Love & Protest) - පද්‍ය. 

2015 - ත්‍යාගරාජා අරසනායගම් (White Lanterns – Wesak 2011) - පද්‍ය. 

2016 - චාරුලතා අබේසේකර (Stories) - නවකතා. 

2017 - ජීන් අරසනායගම් (The Life of the Poet) - පද්‍ය. 

2018 - අරුන් ප්‍රේමතිලක (The One who Loves You So) - නාට්‍ය. 

2019 - ඇන්ඩෲ ෆිඩෙල් ප්‍රනාන්දු (Upon a Sleepless Isle) - විත්ති කතා. 

2020 - කාර්මල් මිරැන්ඩා (Crossmatch) - නවකතා. 

2021 - අශෝක් ෆෙරී (The Unmarriageable Man) - නවකතා. 


Post a Comment

0 Comments