HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මන්දාකිනියේ මැදින් අමුතු සංඥා නිකුත් වීමක් සිදු වෙනවා!

දැන් හදිසියේ ම ක්ෂීරපථයේ හෙවත් මන්දාකිනියේ මැද සිට නැවත නැවතත් අමුතු සංඥා නිකුත් වෙන්නට පටන් අරන් තියෙනවා. ඒවා පිටසක්වළ ජීවීන්ගෙන් ලැබෙන ඒවා විය හැකියැයි, විද්‍යාඥයන් පිරිසක් ඔවුන්ගේ අධ්‍යයනයකින් කියනවා. ඔවුන් එයින් කියන්නේ මෙය සක්වළ ජීවීන්ගෙන් අපට ලැබෙන ‘ආයුබෝවන්’ පණිවිඩයක් විය හැකි බවයි. අපේ මන්දාකිනියේ කේන්ද්‍රය දෙසට මෙසේ අපේ විද්‍යාඥයන් යොමු වුණේ ඉන් හදිසියේ ම නිකුත් වෙන්නට පටන් ගත් විස්මිත සංඥා පෙළක් නිසයි. 

ඈත එපිට සක්වළ මන්දාකිනියේ මැදින් නිකුත් වන්නේ යැයි කියන සංසිද්ධියක් 
නිසා විද්‍යාඥයන් ඒ ගැන විශාල උනන්දුවකින් විපරම් කරමින් සිටිනවා. 
ඒ සංඥා එවන සක්වළ යානය සිත්තරකුගේ ඇසින්.

ක්ෂීරපථයේ හදවතේ බුද්ධිමත් පිටසක්වල ජීවීන් සැඟවී සිටිය හැකිද? 

අපේ මන්දාකිනියේ මැද සිට නිකුත් කෙරෙන රේඩියෝ ස්පන්දනවලට සවන් දීමෙන් පිටසක්වළ ජීවීන් ගැන විපරම් කිරීමේ නව සෙවුම් ක්‍රමවේදයක් යොදා ගන්නට විද්‍යාඥයන් අදහස් කර තියෙනවා. ඒ පටු-සංඛ්‍යාත රේඩියෝ ස්පන්දන යොදා ගෙනයි. ඒවා සාමාන්‍යයෙන් ස්වභාවිකවම විමෝචනය වන්නේ පල්සර් නම් තාරකා මගිනුයි. ඒත් ඒවා දැන් රේඩාර් තාක්‍ෂණයේදී මිනිසා විසින් හිතාමතා ම භාවිතා කෙරෙනවා. එයට හේතුව මෙම ස්පන්දන අභ්‍යවකාශයේ ඇති පසුබිම් රේඩියෝ ඝෝෂාවට එරෙහිව කැපී පෙනෙන නිසයි, ඒ වගේ ම ඒවා දිගු දුරක් හරහා සන්නිවේදනය කිරීමේදී ඵලදායී ක්‍රමයක් ද වෙනවා. මෙය පිටසක්වළ ශිෂ්ටාචාරයන් සෙවීමේදී සවන් දීමට යොදා ගත හැකි සිත් ඇදගන්නා ඉලක්කයක් ලෙසයි, විද්‍යාඥයන් දකින්නේ. 

විද්‍යාඥයින් විසින් නව අධ්‍යයනයක් මගින් පිටසක්වළ ජීවීන් සොයා යාමේ නව ක්‍රමෝපායයන් ගැන පසුගිය දා විස්තර කරනු ලැබුවා, එය 2023 මැයි 30 වන දින ‘ඇස්ට්‍රොනොමිකල් ජර්නලය (The Astronomical Journal) මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ඇමෙරිකාවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයකු වන අක්ෂේ සුරේෂ් (Akshay Suresh) ප්‍රමුඛ පර්යේෂකයන් විසින් මෙම පුනරාවර්තී සංඛ්‍යාත රටා හඳුනා ගැනීම සඳහා මෘදුකාංගයක් නිපදවා තියෙනවා. ඊළඟට එය පටු සංඛ්‍යාත ලබා ගත හැකි බවට සහතික කර ගැනීම සඳහා දන්නා පල්සර් මත යොදා ඒවා පරීක්ෂා කරනු ලැබුවා. මෙම සංඛ්‍යාත පරාසයන් ඉතා කුඩා වන අතර සාමාන්‍ය FM ගුවන් විදුලි මධ්‍යස්ථානයක් භාවිතා කරන සංඛ්‍යාතවල පළල මෙන් දහයෙන් පංගුවක් පමණ වෙනවා. ඉන් පසුව මේ ක්‍රමය භාවිතා කරමින් ඒ පර්යේෂකයන් බටහිර වර්ජිනියාවේ ග්‍රීන් බෑන්ක් දුරේක්ෂයෙන් ලබා ගත් දත්ත ගවේෂණය කළා. 

"මේ වන තෙක්, රේඩියෝ SETI මූලික වශයෙන් කැප වී සිටියේ විශ්වයෙන් එන අඛණ්ඩ සංඥා සෙවීම සඳහායි.” විශාල් ගජ්ජාර් (Vishal Gajjar) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් සෙවීම සඳහා කැප වූ ලාභ නොලබන ස්වේච්ඡා ආයතනයක් වන SETI ආයතනය නියෝජනය කරමින් සම කර්තෘ ලෙසින් මෙම අධ්‍යයන‍යට එක් වූයේ ඔහුයි. ඔහු තවදුරටත් කියන්නේ, "අපගේ අධ්‍යයනය මගින් සොයා ගනු ලැබුවා, දිගු දුරක් හරහා අන්තර් තාරකා සන්නිවේදන මාධ්‍යයක් ලෙස ස්පන්දන පෙළක කැපී පෙනෙන බලශක්ති කාර්යක්ෂමතාවක් ඇති බව. ඒ සංඥා සඳහා ගැඹුරින් සෙවීම් සිදුකිරීමේ පළමු පුළුල් උත්සාහය මෙය සැලකිය හැකි යැයි” මේ අධ්‍යයනය මගින් හෙළි වූ බවයි. 

මෙම පර්යේෂකයන් ක්ෂීරපථයේ මැදට සවන් දෙන්නේ එය තාරකාවලින් ගහන, ජීවීන් වාසය කළ හැකි බාහිර ග්‍රහලෝකවලින් පිරුණු තැනක් වන නිසයි. ඒ විතරක් නොවෙයි, ක්ෂීරපථයේ මැද පිහිටි ග්‍රහලෝකවල බුද්ධිමත් පිටසක්වළ ජීවීන් ඇත්නම්, ඔවුන්ට මන්දාකිනියේ සෙසු ප්‍රදේශවලට ළඟා වීමට අවශ්‍ය නම්, මන්දාකිනියේ මැද ඇති ඔවුන් ඉන්නා ග්‍රහලෝක අනුව ඔවුන්ට පුළුල් ලෙස වෙනත් ග්‍රහලෝක රාශියක් හරහා පහසුවෙන් සංඥා යැවීමට හැකි වීම යැයි ඔවුන් මෙම අධ්‍යයනයෙන් දක්වා තියෙනවා. “මේ තරංගවල පටු කලාප පළලත්, පුනරාවර්තී සංඥා රටාත් භාවිතා කිරීමෙන් පිටසක්වළ ජීවීන් තමන්ව හෙළිදරවු කිරීමට එය ප්‍රධාන මාර්ගයක් ලෙස යොදා ගත හැකියි. එහෙත් එවැනි සංයෝජනයක් ස්වභාවිකව සිදුවීමට කිසිසේත්ම ඉඩක් නැති බව අධ්‍යයනයේ සම කර්තෘ, ‘බ්‍රේක්ත්රූ ලිස්න්’ (Breakthrough Listen) වැඩසටහනේ ව්‍යාපෘති විද්‍යාඥ ස්ටීව් ක්‍රොෆ්ට් (Steve Croft) වෙනම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

මෙම ක්‍රමය සඳහා ඔවුන් මිනිත්තු 30 කු තුළ දුරේක්ෂ දත්ත සාම්පල මිලියන 1.5 ක් හරහා සෙවීම් කළ හැකි ඇල්ගොරිතමයක් භාවිතා කරනවා. පර්යේෂකයන්ට ඔවුන්ගේ පළමු සෙවුමේදී කිසිදු විස්තරාත්මක සලකුණු හමු නොවූවත්, ඔවුන් පවසන්නේ ඇල්ගොරිතමයේ වේගය අනාගතයේදී සෙවීම් වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇති බවයි. 

“දැන් ‘බ්‍රේක්ත්රූ ලිස්න්’ වැඩ සටහන මගින් අතිවිශාල දත්ත ප්‍රමාණයක් ග්‍රහණය කර ගන්නා අතර, අක්ෂේගේ තාක්‍ෂණය මගින් අනාගතයේ දී දියුණු පිටසක්වල ජීවී ස්වරූපයන් පිළිබඳ විස්මිත සාක්ෂි සපයාගත හැකි වේවි. මේ නව ක්‍රමයෙන් අපට අප සොයන ඉදිකටු හඳුනා ගැනීම සඳහා මුලින් ම ඒ ‘පිදුරු ගොඩ’ සොයා ගැනීමට උදව්වක් වේවි.” යැයි ක්‍රොෆ්ට් අවසාන වශයෙන් කියනවා. 

Post a Comment

0 Comments