සාමාන්‍යයෙන් රවුම් රෝද වෙනුවට හතරැස් රෝද තියෙන බයිසිකලයකින් රවුමක් යමුද? ඒත් දැන් නව නිපැයුමක් තනා තියෙනවා, ඒ බයිසිකලයේ රෝද හරි හතරැස්! මේ වගේ අමුතු විධියේ බයිසිකල් ගණනාවක් පසුගිය වසරවල නිපදවනු ලැබුවා. රෝද වෙනුවට සපත්තු යෙදූ බයිසිකලයක් විදුලිය භාවිතයෙන් ජලය මතින් ගිය හැකි නව නිපැයුමත් එයින් එකක්. ඒ අතරින් විස්මිත නිපැයුම තමයි, මේ හතරැස් රෝද ඇති බයිසිකලය.
‘ද කිව්’ විශේෂඥයන්ගේ හතරැස් රෝද බයිසිකල නිර්මාණය.
මේ බයිසිකලයේ අනෙක් හැම දේම සාමාන්‍යයි. රෝද විතරයි හතරැස්. ඒ වීඩියෝවේ දැක් වෙනවා, ඒ බයිසිකලයේ හතරැස් රෝද හදන හැටි. වටකුරු රෝද වෙනුවට ලෝහකූරු එක්කර හතරැස් හැඩයක් ලැබෙන සේ පාස්සනවා. ඉන්පසු ස්පෝක්ස් ඒ හැඩයට අනුව සවි කරනවා.
“අපි කොහොමත් කරන්නේ අමුතු විධියේ නිර්මාණයි. මේ බයිසිකලය අපි මෙතෙක් කළ අමුතුම අමුතු ආකාරයේ නිර්මාණයක්.” යයි ඒ ගැන විස්තර කරමින් කිව් විශේෂඥයෙක් කීවා.
මේක නිර්මාණශීලී අදහසක් අපූරු ආකාරයට ක්‍රියාවට නැඟීමක්
මේ වීඩියෝව යූටියුබ් නාලිකාවේ පළ වූ මුල් දින කීපය තුළම ලක්ෂ 11ක් දෙනා නරඹා විස්මය දනවන කොමෙන්ටු පළ කළා. ‘මේ හතරැස් රෝද තියෙන බයිසිකලය නිර්මාණශීලීත්වයේ හා නවෝත්පාදන හැකියාවේ ඇති විස්මිත බලය පෙන්වන හොඳ අවස්ථාවක්.’ යයි එක් අයෙක් සිය අත්දැකීම පළ කළා.
“ජනාකීර්ණ වීදියක මේ බයිසිකලය පැද ගෙන විටයි මට මේකෙ විස්මයජනක බව වගේ ම ප්‍රේක්ෂකයන් මේකට දක්වන ප්‍රතිචාරය කොයි වගේ ද කියල දැන ගන්නට ලැබුණේ.” කියා එක් අයෙක් සටහන් කර තිබුණා.
0 Comments