HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පෘථිවිය අභ්‍යන්තරයේ නව ද්‍රව පාෂාණ තට්ටුවක් සොයා ගනියි!

අපේ පොළොව යටින් අලුත් සොයා ගැනීමක් වාර්තා වෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන විධියට එය ද්‍රව ස්තරයක්. ද්‍රව බවට බත් වූ පාෂාණ ස්තරයක්. එය අඩු තරමින් කිලෝමීටර් 160ක් (සැතැපුම් 100ක්) තරම් පොළොව යටට වෙන්නයි පිහිටලා තියෙන්නේ. ඔවුන් කියනවා, මේ ද්‍රව පාෂාණ තට්ටුව අපේ පොළොවින් සියයට 44ක කොටසක් ආවරණය වෙනවා ඇති කියලා. ශිලාගෝලයෙන් පහළ පෘථිවියේ කබොල්ල වූ අධෝගෝලයේ (asthenosphere) කොටසක් වූ මෙය පිහිටා ඇත්තේ භූ කාරක තැටි (tectonic plates) වලට යටිනුයි. 

විද්‍යාඥයන් විසින් නව පෘථිවි ස්තරයක් හඳුනාගෙන ඇත.


මෙයට කලින් විද්‍යාඥයන් සිතා සිටියේ ද්‍රව පාෂාණ නිසා මේ අධෝගෝලයට බලපෑමක් ඇති වෙනවා කියලයි. මේ නව සොයා ගැනීමත් සමඟ ඒ න්‍යාය වෙනස් වෙනවා. ඇමරිකාවේ ඔස්ටින් නගරයේ පිහිටි ‍ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ ජුන්ලින් හුවා කියන්නේ: “අපි යමක් උණුවෙනවා කීවාම හිතන්නේ ඒ නිසා ඒ ද්‍රවයේ දුස්ස්‍රාවිතාවට ඉන් ලොකු බලපෑමක් ඇති වෙනවා කියලයි. නමුත් අපේ සොයා ගැනීමෙන් හෙළි වුණා, ද්‍රව වීම කෙතරම් වැඩි වුනත් පෘථිවි මැන්ටලයේ ගලා යාමට එයින් ඇති වන්නේ ඉතා සුළු බලපෑමක් බව”. 

කලින් පැවති න්‍යායන්ට අනුව කියැවුණේ භූ තලවල චලනය සිදු වන්නේ කබොලට යටින් ඇති පෘථිවි ආවරණයේ උණු වු පාෂාණවල ඇති සංවහන ධාරා නිසා විය හැකි බවයි. 

ද්‍රව පාෂාණවලින් යුක්ත මේ ප්‍රදේශය කලින් හඳුනාගෙන නොසිටි එකකි. මෙය ඝන පාෂාණ තට්ටු චලනය කිරීමට ඉඩ සලසන මෘදු මායිමක් සාදමින්, ඉහළ ආවරණයේ භූ තැටි යටතේ පිහිටා ඇති අධෝගෝලයේ කොටසකි. 

මෙම සොයා ගැනීම වැදගත් එකක් වන අතර, එය ද්‍රව පාෂාණ අධෝගෝලයේ දුස්ස්‍රාවීතාවට බලපාන බවට පැවති දිගුකාලීන න්‍යායන් බිඳ දමයි. 

ඝන පාෂාණ තට්ටුවලට යටින් බාධාවකින් තොරව එහා මෙහා යා හැකි ආකාරයට පිහිටා ඇති බව මෙම අදහසින් පැහැදිලි වෙනවා. 

කෙසේ වෙතත්, ඔස්ටින් හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් මෙම න්‍යාය නිෂේධනය කර තියෙනවා. 
අලුතින් සොයාගත් ද්‍රව පාෂාණවලින් යුත් නව ස්තරය කබොලෙන් 
කි.මි. 160ක් පහළින් පිහිටා ඇත.


එය එතෙක් පැවති විද්‍යාත්මක මතයට එරෙහි වූවක් සේ පෙනුනද, මේ අධ්‍යයනයේ සම කර්තෘ තෝර්ස්ටන් බෙකර් පැවසුවේ මෙය පෘථිවියේ පරිගණක ආකෘති සඳහා අඩු උපක්‍රමශීලී විචල්‍යයක් බවයි. 

ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භූභෞතික විද්‍යායතනයේ ජැක්සන් විදුහලේ පෘථිවියේ භූ ගතික ආකෘති නිර්මාණය කරන බෙකර් පැවසුවේ 'දේශීයව දියවීම වැදගත් නොවන බව අපට බැහැර කළ නොහැක. නමුත් මම හිතන්නේ එය අපව පොලඹවන්නේ මෙම දියවීම පෘථිවියේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ සලකුණක් ලෙස මිස කිසිම දෙයකට සක්‍රීය දායකත්වයක් නොවිය යුතු බවයි. 

පෘථිවි අභ්‍යන්තරයේ නව ස්තරයක් සෙවීමේ අදහස හුවා වෙත පැමිණියේ ඔහුගේ ආචාර්ය උපාධි පර්යේෂණ අතරතුර තුර්කියට යටින් ඇති මැන්ටලයේ භූ කම්පන රූප අධ්‍යයනය කරමින් සිටියදීයි. 

කබොල යට අර්ධ වශයෙන් උණු වූ පාෂාණවල සලකුණු ගැන කුතුහලයෙන් සිටි හුවා, අධෝගෝලයේ ගෝලීය සිතියමක් ලබා ගන්නා තෙක් වෙනත් භූ කම්පන මධ්‍යස්ථානවලින් සමාන රූප සම්පාදනය කළා. ඔහු සහ අනෙකුත් අය විෂමතාවක් ලෙස සැලකූ දෙය ලොව පුරා සාමාන්‍ය දෙයක් වූ අතර, අධෝගෝලයේ උණුසුම ඕනෑම තැනක භූ කියවීම් මත දිස් වුණා. ඊළඟට විස්මයට හේතු වූයේ ඔහු තම ද්‍රව වීමේ සිතියම භූ කම්පන චලිතයේ භූ කම්පන මිනුම් සමඟ සංසන්දනය කළ අතර උණු වූ ස්තරය පෘථිවියෙන් අඩක් පමණ ආවරණය කර තිබියදීත් ඊට ඇති සහසම්බන්ධයක් සොයා ගැනීමට නොහැකිවීමයි. 

භූ කම්පන විද්‍යාඥවරියක සහ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන සම කර්තෘ කැරන් ෆිෂර් කීවේ: “මේ කාර්යය වැදගත් වන්නේ අධෝගෝලයේ ගුණාංග සහ එය දුර්වල වීමට හේතුවේ මූලාරම්භය තේරුම් ගැනීම භූ කාරක තැටි අවබෝධ කර ගැනීම සඳහා මූලික වන බැවිනි.' 

මේ නව ස්තරයක් සොයා ගැනීම සිදු වූයේ පෘථිවියේ අභ්‍යන්තර හරය භ්‍රමණය වීම මන්දගාමී වන බව විද්‍යාඥයන් ප්‍රකාශ කර මාසයකටත් අඩු කාලයකදීයි. අපේ ග්‍රහලෝකයේ අභ්‍යන්තර හරයේ භ්‍රමණ වේගයේ වෙනස්වීම් නිසා පෘථිවියේ දින ගණන දිග වැඩි විය හැකි බව චීනයේ පීකිං විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් අනාවරණය කළා.  

- පර්සි ජයමාන්න
 

Post a Comment

0 Comments