HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හිරුගෙන් කෑල්ලක් කැඩී යන විස්මිත දසුනක්!

පසුගියදා හිරුගෙන් කෑල්ලක් කැඩිලා වෙන්වුණා. ඒක දැකලා තියෙන්නේ අහම්බෙන් කැමරාවට නැඟුනු රූප අතර තිබිලයි. ඒ වීඩියෝවෙන් පේනවා ඒ කැඩිලා වෙන්වුණු කොටස පලාස්මා රැහැනක් වගේ සූර්යයාගේ උත්තර ධ්‍රැවයට ඉහලින් ටෝනේඩෝවක හැඩයෙන් දැන් කැරකෙමින් තියෙනවා. නාසා ආයතනයේ විද්‍යාඥයන් විස්මයටත්, ව්‍යාකූලත්වයටත් පත්වෙලා තියෙනවා, ‍ඒ පින්තූර දැකලා. 

සූර්යයාගෙන් කොටසක් කැඩී ඉහළ අවකාශයේ රැ‍‍ඳ‍ෙමින් පුනීලයක 
ආකාරයෙන් කැරකෙනවා.

අභ්‍යවකාශ කාලගුණ විද්‍යාඥවරියක වන ටමිතා ස්කෝව් කියන්නේ මේ වීඩියෝ රූගත කිරීම කරලා තියෙන්නේ නාසා ආයතනයේ සූර්ය ගතික නිරීක්ෂණාගාරයේ කැමරා දුරේක්ෂයක් මගින්. 

‘සූර්යයාගේ උත්තර ධ්‍රැවයේ එක්වරම නෙරුමක් ලෙස පිටතට සුර්යය ගිනි ජාලා විහිදුණා. එයින් වලාවක් මෙන් විහිදුණේ ආරෝපිත අංශුයි. අක්‍රමවත් රැහැන් ආකාරයට විහිදුණු ඒවා කොටසක් එක්වරම සූර්යයාගෙන් වෙන් වී ඉහළ අවකාශයේ රැ‍‍ඳ‍ෙමින් පුනීලයක ආකාරයෙන් කැරකෙන්න පටන් ගත්තා. 

මේ වගේ සංසිද්ධියක් සැලසුම් කර කැමරාවට ගන්න බැහැ. අනික් අතට මේතාක් කිසිවකුත් මෙවැන්නක් දැක නැහැ. සුර්ය ගිනිදැල් ඈතට විහිදුනත් කිසිම අවස්ථාවක මේ කෑල්ලක් කැඩී යන ආකාරයක් කිසිම තාරකා නිරීක්ෂකයෙකු දැකලා නැහැ. 

ස්කෝව් කියන්නේ සුර්යයාගේ මෙවැනි පිටතට නෙරායෑම් සෑම වසර 11කට වරක් සූර්ය ධ්‍රැව ආශ්‍රිතව අක්ෂාංශක 55 දී සිදුවෙන බවයි. 

නාසා ආයතනය පැහැදිලි කරන්නේ මෙසේ විහිදෙන පේනුවල ඇති වායු අංශු ආරෝපිත වූ ඒවා විතරක් නෙවෙ යි, අධික තාපයෙන්ද යුක්ත බවයි. සුර්යයාගේ චුම්බක ශක්තිය නිසා මේ ආරෝපිත කොටස් සූර්යයා කෙරෙන් ඈතට පාවී යන්නේ නැහැ. දිගටි හැඩයක් ඇති මේ රැහැන් එක් එක් ප්‍රමාණයෙන් යුක්තයි. 

ඇමරිකාවේ කොලරාඩෝ ජනපදයේ බෝල්ඩර්වල පිහිටුවා ඇති ජාතික වායුගෝලීය පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්කොට් මැකින්ටෝෂ් කියන්නේ, “සූර්යයා සිය අක්ෂය වටා යන සෑම වාරයක දීම අක්ෂාංශක 55 දී ඇති වන නෙරුම ඊළඟට උත්තර ධ්‍රැවය දෙසට ගමන් කරනවා. ඊට පස්සේ නැතුව යනවා. වසර තුන හතරකට පසු හරියටම ඒ කලාපෙන් ම ඒක ආයිත් මතුවෙනවා, හදිසියෙන් ම. හරිම පුදුම දෙයක් සිදුවන්නේ. මෙයට හේතුව කියන්න අප දන්නේ නැහැ.” කියායි. 

සූර්යයාගෙන් කැල්ලක් කැඩී යන හැටි මේ වීඩියෝවෙන් නරඹන්න 


තාරකා විද්‍යාඥයන් මීට කලින් දැකලා තියෙනවා සූර්යයාගෙන් විහිදෙන සූත්‍රිකා බඳු රැහැන් කැඩී වෙන් වී යනවා. මේ විදියට 2015 දී මතුවුණු සූර්ය ජාලා රැහැන් දෙකක් කැඩී ගියා. ඒවා අවකාශයට එක් වී නොපෙනී ගියා. ඒත් ඒවා වෙන් වෙලා ප්ලාස්මා වලාවක් මෙන් මෙහෙම සුළියක් වගේ සූර්යයා ඉහළ රැඳ‍ෙමින් තිබෙනු කිසි දිනෙක දැක නැහැ. ඒ නිසයි විද්‍යාඥයන් මවිතයට පත්වෙලා තියෙන්නෙ. 

 - පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments