HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඩයිනොසෝරයන්ගේ රජා හමුවෙයි! අපේ අලියකු මෙන් තුන් ගුණයක් ලොකුයි.

ඩයිනොසෝරයන් අතරින් දරුණුම සත්වයා ලෙස සැලකෙන ටයිරනොසෝරස් රෙක්ස් හෙවත් ටී. රෙක්ස් සතා අප මෙතෙක් සිතුවාට වඩා විශාල යැයි දැන් සොයා ගෙන තියෙනවා. අලුත් පොසිල සාක්ෂිවලට අනුව ලොව ලොකු ම ටී. රෙක්ස්, බරෙන් කිලෝමීටර් 15,000ක් (රාත්තල් 33,000ක්) පමණ වෙනවා. දැනට හමු වී ඇති විශාලතම ටී. රෙක්ස් තට්ටු දෙකේ බස්රථයක් තරම් බර ඇතැයි අලුත්ම අධ්‍යයනයකින් කියැවෙනවා. එය මෙතෙක් දැන සිටියාට වඩා සියයට 70 ගුණයකින් විශාලයි. 

ආහාර බුදින ටී. රෙක්ස් 
ඩයිනොසෝරයකුගේ චිත්‍රයක්.

ඉතා ඈත අතීතයේදී මේ සතුන් බිලියන 2.5ක් සිටි බව අපි දන්නවා. එයින් වැඩිහිටි සතුන් 32ක පොසිල අස්ථි විතරයි, අපට හමුවෙලා තියෙන්නේ. ටී. රෙක්ස් සතුන් අතරින් විශාලතම සත්වයන් මීට වසර මිලියන 68-66කට පමණ පෙර උතුරු ඇමරිකාවේ බටහිර කොටසේ ජීවත් වූ බව දැන් සොයා ගෙන තියෙනවා. කෙසේ වුවත්, පර්යේෂකයන් කියන විදියට තවමත් ප්‍රමාණවත් තරමට නිදර්ශක සොයා ගෙන නැති නිසා මේ සත්ව විශේෂය ගැන නිවැරදි නියෝජනයක් සිදුකරන්න පුලුවන්කමක් නැහැ. සමහර විට සොයා නොගත් සතුන් අතර අති දැවැන්තයන් සිටිය හැකියි. 

සිත්තරකු දුටු ටී. රෙක්ස් ඩයිනොසෝරයෙක්; ගැහැනු සතා 
පිරිමි සතාට වඩා කුඩායි.

කැනඩාවේ ඔටාවා නුවර ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ පර්යේෂණයේ නියුතු පොසිල (පාෂාණිධාතු) විද්‍යාඥයන් වන ආචාර්ය ජෝර්ඩන් මැලන් හා ආචාර්ය ඩේව් හෝන් යන දෙදෙනා මුලින් ම කළේ ටී. රෙක්ස් ගහනය, ඔවුන්ගේ විවිධ සිරුරු ප්‍රමාණයන් ගැන දත්ත මෙන් ම ජීවිතාපේක්ෂාව ආදිය ‍ ගැන සංඛ්‍යා රැස් කිරීමයි. ඔවුන් මේ දත්ත ඇසුරු කර ගෙන ජීවිතාපේක්ෂ කාලය තුළ වර්ධනය වන ආකාරය දැක්වෙන ආකෘති දෙකක් ගොඩනැඟුවා. මෙහි එක් ආකෘතියක් නිර්මාණය කර ඇත්තේ සතුන්ගේ සිරුරු ගැහැනු පිරිමි වශයෙන් ලිංගික ද්විරූපිකතාව (sexual dimorphism) දැක්වෙන ආකාරයටයි. 

“ටී රෙක්ස් ද්විරූපික නම් අපි හිතුවා ඒ පිරිමි සතා බරින් කිලෝග්‍රෑම් 24,000ක් (රා. 53,000ක්) විතර ඇති කියලා. එහෙම හිතලා හදපු ඒ ආකෘතිය අපි ප්‍රතික්ෂේප කළා, එහෙම වුණා නම් මේ වන විට ඊට වඩා විශාල ප්‍රමාණයේ සතුන් අපට හමු වී තියෙන්න ඕනෑ.” යයි ආචාර්ය මැලන් කියනවා. 

මේ වසර තුළ කෙරුණු වෙනත් අධ්‍යයනයකින් කියැවුණේ ටී. රෙක්ස්ට ඇත්ත‍ෙන් තවත් සත්ව විශේෂ දෙකක් ඇතැයි කියායි. ඒවා නම් ටී. රෙජිනා හෙවත් ‘ඩයනොසෝර රැජින’ හා ටී. ඉම්පරේටර් යන දෙවර්ගයයි. මේ ආකාරයේ බෙදීමක් කිරීමට තරම් සාක්ෂි නැතැයි තවත් පිරිසක් තර්ක කරනවා. 

මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම ඩයිනොසෝර නිදර්ශකය මෙයයි. බර කි.ග්‍රෑම් 8,800ක් හා දිග මීටර් 13ක් වුණා ජීවත්ව සිටියදී.

මේ පර්යේෂකයන් පිරිස ඔවුන්ගේ ආකෘතිය හා නිගමනය පෘෂ්ඨවංශික පොසිල විද්‍යා සම්මේලනයට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ආචාර්ය මැලන් ඔහුගේ අවසන් නිබන්ධය ටිවිටර් ඔස්සේ ඔවුන්ට යැව්වා. “අපේ නිබන්ධයේ කවරයෙහි දක්වා ඇති පරිදි කි.ග්‍රෑම් 15,000ක් බර සත්වයකුට සිය සිරුර හැසිරවීම යාන්ත්‍රිකව කෙසේ කළ හැකිදැයි යන්න ගැන තවදුරටත් වෙහෙස වී පර්යේෂණ කරන්න ඕනෑවේවි.” ආචාර්ය මැලන් ඒ පණිවිඩයෙන් කියා යැව්වා. 

“ඒත් අප අතර අඩි 6 අඟල් 9ක් උස මිනිසුන් ජීවත්ව ඉන්නා බවද මෙහිදී අපි අමතක නොකළ යුතුයි.” කියමින් ආචාර්ය ඩේව් හෝන් ද ට්විටර් පණිවිඩයක් ඊට එක් කළා. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments