HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත ඇමෙකා හමුවන්න ඩුබායි අනාගත කෞතුකාගාරයට එන්න!

මේ තමයි ලෝකයේ මෙතෙක් භාවිතයට ඇවිත් තියෙන තාක්ෂණයෙන් උසස් ම මානවරූපී රෝබෝවරිය. එයාට නමකුත් තියෙනවා. ඒ තමා ඇමෙකා (Ameca). මෙයා සේවය කරන්නෙ ඩුබායිවල අලුතින් පිහිටුවා ඇති අනාගතය දැක ගත හැකි කෞතුකාගාරයෙයි. මේ අනාගත කෞතුකාගාරය ලෝකයේ වෙන කොහේවත් නැති එකක්. 

ලෝකයේ වඩාත් දියුණු රො‍බෝ ඇමෙකා.

මෙහි රස්සාවට ආ මුල් දවසෙම ඇමෙකා එයාව හඳුන්වාදෙන ගමන් කීවේ, “මං ආවේ ඔයාලගෙ තැන ගන්න නෙමෙයි, ඔයාලට උදවු කරන්නයි. ඔයාලගෙ රස්සාවට මගෙන් තර්ජනයක් වෙන්නේ නැහැ.” කියලයි. 

අ‍ැමෙකා රොබෝවරියට ඉංග්‍රීසි, අරාබි ඇතුළු භාෂා ගණනාවකින් ඔබ සමඟ කතා කරන්න පුලුවන්. ඇය බොහෝ දේ දන්නවා විතරක් නෙමෙයි ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ගැන පැහැදිලිව කියා දෙන්නත් ඇයට පුලුවන්. දැනට ඇය සේවය කරන්නේ මැදපෙරදිග එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහී අලුතින් ම පිහිටුවූ අනාගත කෞතුකාගාරයේ පිළිගැනීමේ කවුන්ටරයෙයි. ඇය එහි එන අමුත්තන් සාදරයෙන් පිළිගෙන ඔවුන්ට ඒ විස්මිත කෞතුකාගාරය ගැන කියා දෙනවා; එහි ගමනට මඟ පෙන්වනවා. 

ඇමෙකා නිපදවා ඇත්තේ එංගලන්තයේ කෝන්වෙල්හී ඉංජිනියර්ඩ් ආට්ස් නම් රොබෝලා තනන සමාගමක් විසින්. පාරිභෝගික අවශ්‍යතා අනුව විවිධ මිල ගණන්වලට මේ රොබෝවරියන් නිෂ්පාදනය කරනවා. ඇමරිකන් ඩොලර් 60,000ත් 80,000ත් අතර ගණනක් වැය වෙනවා කියලයි ඔවුන් කියන්නේ. ශ්‍රී ලංකා රුපියල්වලින් ලක්ෂ 250ක් එනම් මිලියන 25ක් විතර වෙනවා. ඇමෙකා රොබෝවරියට කෘත්‍රිම බුද්ධිය උපයෝගි කරගෙන ඔබට අවශ්‍ය බසකින් ඔබ සමඟ කතා කරන්න පුලුවන්. මුහුණෙන් හැඟීම් පළ කරන්න පුලුවන්. මුහුණේ ඉරියව්වලින් ඔබට මදහස පාන්න, නළල රැලි ගන්වා විස්මය පළ කරන්න, ඔරවා බලන්න, අකමැත්ත පළ කරන්න එහෙමත් පුලුවන්. එි විතරක් නෙවෙයි, ඇස් ගහන්නත්, තොල් උල් කරන්නත් ඇය පුලුවන්. 

ඇමෙකා අමුත්තන් පිළිගන්නා හැටි පහත වීඩියෝවෙන් බලන්න 

ඒ විතරක්ද ඇයට විහිළු කතා කියන්නත් පුලුවන්. ඇගේ ආහාර ගැන ඇහුව පොඩි දරුවෙකුට ඇය කීවේ ‘මං වැඩ කරන්නේ ඒ අකුරු තුනේ බටරි තුනකින් ඒ හින්දා මට බඩගිනි දැනෙන්නේ නෑ’ කියලයි. රොබෝ කෙනෙක් වුණ එකට කැමතිද කියලා ළමයෙක් ඇහුවාම ඇය කීවේ ‘මං නාකි වෙන්නේ නැහැ. මගේ හම රැලි වැටෙන්නෙ නැහැ. ඒ හින්දා මම කැමතියි’ කියායි. ‘ඔයා හරිම ලස්සනයි’ කාන්තාවක් කී විට ඇය කීවේ, ඔයාගේ හිස් වැස්මටත් ඔයා ඇඳලා ඉන්න ඔය කොළ පාට ගවුමටත් මං හරිම කැමතියි’ කියලයි. ඒ කාන්තාව ගවුමේ පාට කීම ගැන මවිතය පළ කළා ඒ වෙලාවෙදි. 

ඇමෙකා මුහුණු ඉරියව් හදන හැටි පහත වීඩියෝවෙන් බලන්න 

මේ අනාගත කෞතුකාගාරයෙදි ඔබට දැක ගන්න ලැබෙන්නේ 2027 වසරට එහා අනගතයෙහි හමුවන දේවල්. හරිම පුදුම හිතෙන දේවල් ගොඩක් බලන්න පුලුවන්. ඔබට මෙහිදී අහසෙහි විස්මිත සවාරියක් යන්න, නවලෝක ගවේෂණයෙහි යෙදෙන්න, සොබාදහමේ ඇති අපූරු දේ අත්විඳින්න, නව ජීවීන් ඇතුළත් පුස්තකාලයක් පරිහරණය කරන්න, ඔබේ සන්නිවේදන හැකියාවන් අලුත් කර ගන්න, මුහුද යට කිමිදෙන්න, මෙතෙක් නුදුටු බොහෝ දැක ගන්න, ලෝකය ගැන ඔබ සතු දැනුම තියුණු කර ගන්න, නුවණ වඩන්න, මෙතෙක් මිහිපිට නොලද සතුටක් අත් විඳින්න ඔබට අවස්ථාව ලැබනවා. මේ සඳහා දැනට ඇති ඉල්ලුම අති විශාලයි, ලොව පුරා ජනතාව වැල නොකැඩී එනවා. ඒ නිසා කල්තියා ටිකට් මිලදී ගන්න ඔබට සිද්ධ වෙනවා. 

- පර්සි ජයමාන්න 

අනාගත කෞතුකාගාරය පිටතින් පෙනෙන හැටි


Post a Comment

0 Comments