HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න ඔබට තවත් අභි‍යෝගයක්! ඇගේ වයස කියන්න පුලුවන් ද?


සීතා පාසල් මිතුරියක් බලන්න කන්ද උඩරට පැරණි වලව්වකට ගියාය. මිතුරියන් දෙන්නා සුහද කතාබහක යෙදී සිටිය දී විශාල රන්වන් රාමුවක් මැද පින්තාරු කරන ලද අභිරූපිකාවකගේ චිත්‍රයක් සීතාගේ ඇස ගැටුණේය. 

“හරි ලස්සන සිතුවමක් නේ! ඒ ඉන්නේ ඔයාගේ නංගීද?” කියා සීතා මිතුරියගෙන් ඇසුවාය. 

“නෑ සීතා, ඔයාට මතක නැද්ද මට නංගිලා කොයින්ද? මං අපේ පවුලේ එකම දරුවනෙ” මිතුරිය දඟකාර සිනාවක් පාමින් කීවාය. ඇය එතැනින් නැවතුනේ නැත. දිගටම කථා කළාය. 

“මේ කෙල්ල උපදිනකොට ඇගේ අම්මාගේ වයස අවුරුදු 22 යි. ඈ මගේ අම්මාගේ දුව. මීට අවුරුදු 15කට ඉස්සරින් අමරසේකර මුදලිතුමා ඕක අඳින දවස්වල ඇගේ වයස අවුරුදු 25 යි.” සීතා සිනාසෙමින් කීවාය. 

මේ කතා කරන තැනැත්තියගේ දැන් වයස ඔබට කියන්න පුලුවන්ද? 

(එස්.පී. පෙරේරා මහතාගේ 'අභියෝගය' ග්‍රන්ථය ඇසුරෙනි.) 

පිළිතුර හෙට ‘මල් කැකුළු’ තුළින්.

Post a Comment

0 Comments