භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයත් ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් 1895 දී ලියූ සිය අන්තිම කැමති පත්‍රයේ සඳහන් කළ සම්මානයක්. ඔහුගේ කාලයේ, එනම් 19 වන සියවස අගභාගයේ දී, විද්‍යාවන් අතර ඉදිරියෙන් ම තිබූ විෂයයක්. ඒ වගේ ම ඔහු පර්යේෂණය කළ ක්ෂේත්‍රයත් භෞතික විද්‍යාවට අයත් එකක්. ඒ නිසා ඔහු මුලින් ම භෞතික විද්‍යාව තෝරා ගන්නට ඇත්තේ ඒ නිසා වෙන්නට ඇති. එදා ඔහු සිය අන්තිම කැමති පත්‍රයෙන් විෂයයන් හතරක් නම් කළා. ඒ භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව යනුවෙන් විෂයයන් නම් කොට ඔහුගේ මරණයෙන් පසු වසරක් පාසා ඒ අංශවලින් ලෝකයට විශාල මෙහෙයක් කළ විශිෂ්ටයන් තෝරා රන්පදක්කමක් හා ස්වීෂ් ක්‍රෝනා මිලියනයක් පිරිනමන්නට යැයි එහි සඳහන් කර තිබුණා. ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම භාර වූයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පිහිටි රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමියටයි. ඒ අනුව භෞතික විද්‍යාව සඳහා ප්‍රථම රන්පදක්කම ප්‍රදානය කරනු ලැබුවේ එක්ස් කිරණ සොයා ගත් විල්හෙල්ම් රොන්ජන්ට් නම් භෞතික විද්‍යාඥයාටයි.
මේ වනතෙක් භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය 116 වතාවක් පිරිනමා තියෙනවා එයින් සම්මානලාභීන් 222 දෙනකු ගෞරව ලබා ඇති අතර ඒ කාන්තාවන් 4 දෙනකු සිටිනවා. එයින් වැඩි ම වයස්ගතලාභියාගේ අවුරුදු 96ක්. අඩු වයසින් නොබෙල්ලාභීන් වූ අය 25 දෙනෙක්
2022 දී භෞතික විද්‍යාව වෙනුවෙන් සම්මානය විද්‍යාඥයන් තුන් දෙනකුට හිමි වන බව රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව නොබෙල් රන් පදක්කම් තුනක් පිරි නැමෙනවා. ඒ සඳහා වූ නොබෙල් ත්‍යාග මුදල ඔවුන් අතරේ සමසමව බෙදෙනවා. මෙවර සම්මානලාභීන් වන්නේ ප්‍රංශයේ අලාන් ඇස්පෙක්ට්, ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. ක්ලෝසර්, ජර්මනියේ ඇන්ටන් සැලින්ගර් යන විද්‍යාඥයන් තිදෙනායි.’
අලාන් ඇස්පෙක්ට් (Alain Aspect) 1947 ජූනි 15 දා ප්‍රංශයේ ඇජන් ලොඉටි ගොරාන් හිදී උපන් ඔහු පැලේසූ ඉකොලේ තාක්ෂණික විදුහලෙන් අධ්‍යාපනය ලබා පැරිස්-සැකිලේ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධිය ලබා ප්‍රංශයේ ඉහළම විද්‍යායතන කීපයක සේවය කළා. අනිවාර්ය යුද සේවය වෙනුවෙන් ප්‍රංශ යටත්විජිතයක් වූ කැමරුන්වල ඉගැන්වීම් කටයුතුවල නිරත වුණා. හොංකොං විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචර්යවරයකු ලෙස සේවය කළා. ඉන්පසු ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධ පර්යේෂණ කටයුතුවල නිරත වුණා. ඒ පර්යේෂණ නිසයි, ඔහුට ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. ක්ලෝසර්, ජර්මනියේ ඇන්ටන් සැලින්ගර් සමග නොබෙල් භෞතික විද්‍යා සම්මානයට හිමිකම් පෑමට අවස්ථාව සැලසුණේ.
ජෝන් එෆ්. ක්ලෝසර් (John F. Clauser) උපන්නේ කැලිෆෝනියාවේ පසදේනා හිදී 1942 දෙසැම්බර් 1 දායි. ඔහුගේ පියා ජෝ හොප්කින් විශ්ව විද්‍යාලයේ ගගන විද්‍යා අංශය පිහිටුවා එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ගගන ගත්තා. මහාචාර්ය වරයායි. ඔහුගේ මව කැතරින් මැක්මිලන් කැලිෆෝනියා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පුස්තකාලයාධිපතිනිය වූ අතර ඇගේ නැඟණිය වූ එඩ්වින් මැක්මිලන් 1951 දි රසායන විද්‍යාව සඳහා නොබෙල් සම්මාන දිනාගත් විද්‍යාඥ වරියක්. ජෝන් 1964 දී කැලිෆෝනියා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ උගෙන උපාධිය ලබා ගත්තා. ඔහු භෞතික විද්‍යා ආචාර්ය උපාධිය ලබා ගත්තේ 1969 දී කොලම්බියා විශ්ව විද්‍යාලයෙන්. න්‍යායාත්මක හා පර්යේෂණාත්මක කටයුතුවල යෙදුණු ඔහු මෙවර සම්මානය ලබන්නේ ක්වොන්ටම් හෞතික විද්‍යාව පිළිබඳව කළ පර්යේෂණ කටයුතුවලටයි.
මෙවර නොබෙල් භෞතික විද්‍යාව සම්මානය හිමි කර ගත් අනෙක් විද්‍යාඥයා ඔස්ට්‍රියාවේ වියානා විශ්ව විද්‍යාලයේ ජාතික ඇන්ටන් සැලින්ජර් (Anton Zeilinger) වන අතර ඔහු ඔස්ට්‍රියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ක්වොන්ටම් භෞතික විද්‍යාඥයෙක්. ඔහු උපන්නේ 1945 මැයි 20 වැනිදා ඉහළ ඔස්ට්‍රියාවේ රීඩ් ඉන්කාරෙස්හිදියි. වියානා සරසවියෙන් ගණිතය හා භෞතික විද්‍යාව හැදෑරූ ඔහු 1971 දී භෞතික විද්‍යා ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා. 2007 දි ඔහුට ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් කළ පර්යේෂණ සඳහා ලන්ඩනයේ භෞතික විද්‍යා ආයතනයෙන් පිරිනැමුණු ප්‍රථම අයිසැක් නිවුටන් පදක්කම දිනා ගත්‍තා. මෙවර ඔහුත් සම්මාන ලබන්නේ ක්වොන්ටම් හෞතික විද්‍යාව පිළිබඳව කළ පර්යේෂණ කටයුතු නිසයි.
“ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි එන බෙල් අසමානතා උල්ලංඝනය කිරීමත්, ක්වොන්ටම් දත්ත රැස්කිරීමත් සඳහා එකිනෙක පැටළුණු ෆෝටෝන සමඟ කළ අත්හදා බැලීම් වෙනුවෙන් කළ පුරෝගාමී පර්යේෂණවල දායකත්වය උදෙසා” ඔවුන් තිදෙනාටම සම සමව නොබෙල් සම්මානය බෙදෙන බව නොබෙල් භෞතික විද්‍යා සම්මාන කමිටුව ප්‍රකාශ කළා.
0 Comments