HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ පාර්ලිමේන්තුවෙන් ඇහෙන බයියන්, ටොයියන් ගැන කතා

පසුගියදා පාර්ලිමේතුවෙන් බයියන් ගැන කතාවක් ඇහුණා. ඒ බයි කතාව කිව්වේ අපේ අයි ආර් සී පට්ටම්ධාරී පාර්ලිමේන්තුවේ බයියෙකි. එයා කියන විදියට පොහොට්ටුවෙ අයටලු බයියො කියන්නෙ. සජබ අයට කියන්නෙ ටොයියො කියලලු. බයියොයි ටොයියොයි එකතුවෙලා සරුව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න යන එක කොච්චර හොඳද කියලා අපෙන් ඇහුවා. එහෙම අහලා විතරක් නතර වුණේ නෑ. ජෙප්පන්ටත් එකතු වෙන්න කියල කිව්වා. කියලා එයාට හොඳ පුරුදු නමකුත් ජෙප්පන්ට දැම්මා, ‘ගෝපයියො’ කියලා. ඒ වචනෙ කිව්වට සමාව ඉල්ලුවා. ගෝපයියා කියන්නේ නරක වචනයක් නොමෙයි, ඒ මිනිසුන්ගේ ලේ උරා බොන කීඩෑවකුට කියන නම කියලත් කිව්වා. 

ඉස්සර පෘතුගීසින් කූලී හේවායන්ට කිව්වෙ ‘සිපයි’ නැත්නම් සිපෝයි කියලයි. ‘ලපයි’ සිපයි කියන පද යුගලය හැදුණේ හරිස්චන්ද්‍ර විජයතුංග මහත්තයාගේ මහා ශබ්දකෝෂයේ බයියා කියන වදනට තේරුම දීලා තියෙන්නේ, ‘කුඩා දරුවා, අඳ බාලයා, නොදියුණු මිනිහා, පහත් පංතියේ පුද්ගලයා, පිටිසරයා’ ආදි වශයෙනුයි.‍ ඔක්ෆර්ඩ් ශබ්දකෝෂය ‘සිපයි’ හෙත් සිපෝයි (sepoy) යන වදනට අරුත් දී ඇත්තේ ඉන්දියානු සොල්දාදුවා කියලයි. මේ වදන් කීපය අතරින් වඩාත් ජනප්‍රිය වදන ‘බයියා’ යන්නයි. අන්තර්ජාලයේ සැරිසරණ විට හමු වූ මේ ‘බයියා’ ගැන පොඩි බයි ආතල් එකක්! කියා ලියූ මේ ලිපිය මට හිතවතකු විසින් එවා තිබුණා. මේ ලිපිය රචනා කළේ සෑම් පියඹලාගොඩ කියලයි, ඔහු සඳහන් කර තිබුණේ. ලිපිය රසවත් නිර්මාණයක් වූ නිසා මෙහි පළ කරන්නට සිතුවෙමි. - පර්සි 


පොඩි බයි ආතල් එකක්..!! 

බයියන් තම ආහාර වේල රසවත් කිරීමට බයිරහ චිකන් යොදා ගනී. බොහෝ බයියන් විභාග ෆේල් වන බැවින්, විභාගයක් පාස් වන බයියන් බයිපාස් ලෙස හඳුන්වන අතර, ඔවුන්ට බයියන් අතර විශේෂ තැනක් හිමි වේ. බයියන් කියන සිංදු බයිලා වන අතර ඔවුන් බයිලා කියන විට බයිලැන්ඩෝ ගීතය රසවත් ලෙස ගයයි. බයියන් යන මාවත බයි ද වේ ලෙස හඳුන්වන අතර ඔවුන් එම මාවතෙහි ගමන් කිරීමට බයියන්ගේ කැමතිම වාහනය වන බයිසිකලය උපයෝගී කර ගනියි. බයියන් නරඹන චිත්‍රපටි බයිස්කොප්ය. බයියන්ගේ දරුණුතම ආයුධය බයිනෙත්තුව වන අතර, අනිත් උන් සමග වාද කොට නෝන්ඩි වූකල අනේ තොගේ මවු පාර්ශ්වයට...කියා වලියට එන්නේ මෙම බයිනෙත්තුව උලුක්කු කරගෙනයි. බයියන්ගෙන් බොහෝ බයියන් බයිසෙක්ෂුවල් ය. උපතින් සියලු සිංහලයින් බයියන් වන අතර ඔවුන්ගේ මවුවරු "බයි බයි බයි බයිය පුතා" කියා ඔවුන් නලවන්නේ ඒ නිසාවෙනි. බයියන් නිදා ගන්නේ නැත, ඔවුන් බයියනවාය. බයියන් භාවිතා කරන ගම් වර්ගය ඇල‍ෙව්වොත් ඇලෙව්වා නම් බයින්ඩර් ගම්ය. බයියන් මත්පැන් පානයේදී බයිට් ලෙස වැඩිපුරම කාබයිට් කන්නට ප්‍රිය කරති. ඔබට බයියන් ගැන වැඩිදුර හැදෑරීමට අවශ්‍ය නම් ඔවුන් ගැනම ලියවුණු බයෝ සයන්ස් පොත පත පරිශීලනය මැනවි. බයියන්ට සාමාන්‍ය රටේ පවතින නීතිය ඇලජික් වන අතර ඔවුන් තමන් වෙනුවෙන්ම නිර්මාණය කරගත් නීති මාලාව බයිලෝ නම් වේ. බයියන් එදිනෙදා බඩු බාහිරාදිය රෙදි පෙරෙදි මිලදී ගන්නේ ලාබයි ලාබයි කියා හෝ බයි වන් ගෙට් වන් ෆ්රී කියා ගසා ඇති කඩවලින් පමණයි. හැඩි දැඩි බයියන්ගෙන් සැදුම් ලත් බයි හමුදාව බයිෆෝස් නම් වන අතර එම හමුදාව ගේමට බැස්ස කල ත්‍රීෆෝසස් කැලේය. බයියාගේ පුතා බයිසන් නම් වන අතර කපටි බයියන් බයිනරි නම් වේ. 

     - සෑම් සියඹලාගොඩ.

Post a Comment

0 Comments