HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

චෙස් රොබෝට ‘තරහ ගිහින්’ ළමයකුගේ ඇඟිල්ලක් කඩලා!

මේ කතාව ආරංචි වෙන්නේ රුසියාවේ අගනුවර මොස්කොව් නුවරින්. පසුගියදා එහි පැවැත් වූ චෙස් තරඟාවලියකදියි, මේ විස්මයජනක සිදුවීම වෙලා තියෙන්නේ. ඒ පසුගිය ජූලි 19 වැනිදා මොස්කොව් විවෘත චෙස් තරඟාවලියෙදියි. ඒ තරඟවලිය සඳහා කුලී පදනම මත ලබා ගත් චෙස් රොබෝවරයකු නිසයි මේ සිද්ධිය ඇති වී තියෙන්නේ. 

ළමයා ඊළඟ පියවර අදින්න සැරසෙනවා. රොබෝ චෙස් ඉත්තෙකු සේ වරදවාගෙන 
ළමයාගේ ඇඟිල්ල ඇල්ලුවේ ඒ අවස්ථාවේදියි.

සාමාන්‍යයෙන් රෝබෝලාට තරහ යන්නේ නෑ. කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාකරන රොබෝලාට හැඟීම් ඇති වන්නේ නෑ. ඒ නිසා තරහ යන්න විධියක් නැහැ. ඉසාක් ඇසිමෝව් ලේඛකයාගේ නීති මාලාවට අනුව මිනිසාට එරෙහිව යන, මිනිසාට සතුරුකම් කරන රොබෝලා නිපදවීම ඒ නීති මගින් තහනම් කරලයි තියෙන්නේ. ඒ නිසා එවැනි අනතුරක් සිදුවෙන්න විධියක් නැහැ. 

එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ. මේ අත්දැකීමට මුහුණ දුන්නේ හත් හැවිරිදි පාසල් දරුවෙක්. සීසීටීවී කැමරාවල ඇති දසුන්වලින් වුණු දේ පැහැදිලිව පේනවා. රොබෝ එයාගේ අතේ ඇඟිලිවලින් එකවරම ළමයාගේ ඇඟිල්ල හිර කරලා අල්ලා ගන්නවා. එතකොට ම රොබෝ ගල් වෙනවා. ළමයා මහ හයියෙන් කෑ ගහනවා. කිසිත් කර ගත නොහැකිව ළමයා ඇඟිල්ල රොබෝගෙන් ඉවතට ගන්න අදිනවා. ඒ නිසා තමයි ළමයාට තුවාල වෙන්නේ. ළඟ බලන් හිටපු අය පැනලා ළමයාව බේරා ගන්නවා. 

ළමයාගේ ඇඟිල්ල ඇල්ලූ රොබෝගේ ඇඟිලි එසැණ ගල්වී ගිය අතර ළමයා බිය වී කෑගැසුවා. 
අවට බලා සිට අය ඉදිරිපත් වී දරුවා ඉන් බේරා ගත්තා.

මොස්කොව් චෙස් ෆෙඩරේෂණයේ සභාපතිවරයා වූ සර්ගේ ලැසරොෆ් ටාස් ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ ළමයා අතින් සිදුවූ අත්වැරැද්දක් නිසා මෙය සිදුවන්නට ඇති බවයි. “අපි මේ රොබෝ මීට කලින් අපගේ චෙස් තරඟවලට බොහෝ වාර ගණනක් යොදා ගෙන තියෙනවා. කිසිදාක මෙවැන්නක් සිදුවෙලා නැහැ. මේ චෙස් රොබෝ ළමයකුගෙ ඇඟිල්ලක් කඩපු එක නරකයි. මේ චෙස් රොබෝලා සමග විශේෂඥයන් පිරිසකුත් එනවා. ඔවුන්ගේ අධීක්ෂණය යටතේ තමයි, මෙය සිදුවන්නේ. අවාසනාවකට හදිසියේ ඇති වූ මේ සිදුවීම ඔවුන් දැක නැහැ” ලැසරොෆ් කියනවා. 

මේ සම්බන්ධ වීඩියෝව බාශා ටෙලිග්‍රෑම් චැනලයෙන් විකාශය කෙරුණා. එහිදි, මේ ළමයාගේ නම ක්‍රිස්ටෝෆර් බවත්, ඔහු අවුරුදු 9ට අඩු කාණ්ඩය වෙනුවෙන් තරඟ කළ මොස්කොව් නගරයේ ඉන්නා දක්ෂතම චෙස් ක්‍රීඩකයන් 30 දෙනා අතරින් කෙනකු බවත් කියවුණා. 

ඒ විඩියෝව පහතින් නරඹන්න! 

මේ පුවත එංගලන්තයේ ගාඩියන් පුවත්පතේ පළ වෙද්දී ඒ ගැන අදහස් දක්වමින් කතා කළ රුසියන් චෙස් ෆෙඩරේෂණයේ උප සභාපති සර්ගේ සම්ජින් තරයේ කියා සිටියේ මෙය ළමයාගේ වරදින් සිදු වූවක් කියායි. “මේ තරඟවලදී ක්‍රියා කළයුතු ආකාරය ගැන නීති රීති තියෙනවා. නිසැකවම ඒ ළමයා වරදක් සිදු කරලා තියෙනවා. එයා තමාගේ චෙස් පියවරෙන් පසු මඳක් රැඳී ඉන්න ඕනෑ ඊළඟ ඉත්තා අදින්න පෙරාතුව. එහෙම නැතුව ඔහු කලබලෙන් ඊළඟ ඉත්තා අදින්න ගිහින්. රොබෝ චෙස් ඉත්තෙක් කියා රැවටී ළමයාගේ ඇඟිල්ල අල්ලන්න ඇති. මෙහෙම දෙයක් සිදුවුණේ මේ පළමුවන වතාවටයි.” ඔහු කියනවා. 

සාමාන්‍යයෙන් රොබෝවරයකු‍ අතින් එහි ක්‍රමලේඛයට පිටින් යමක් සිදු වුණොත් එහි ක්‍රියාකාරිත්වය එසැණ නවතිනවා. ඒ අනුව ළමයාගේ ඇඟිල්ල ඇල්ලූ වහාම ඒ අක්‍රියවීම සිදුවුණා. ඒ නිසා ළමයා ඇඟිල්ල ගලවා ගැනීමට ඇද්ද නිසයි ළමයාගේ ඇඟිල්ල බිඳුණේ. ළමයාගේ ඇඟිල්ල ගලවා ගැනීමට තත්පර කීපයක් ගත වුණා. 

පසුව ලැසරොෆ් නිකුත් කළ ප්‍රකාශයකින් කියැවුණේ ළමයා පසුවදා අවුත් ඒ ක්‍රීඩාවාරයේ ඉතිරි කොටසට සහභාගි වූ බවයි. 

කෙසේවෙතත් ළමයාගේ දෙමව්පියන් මේ සිදුවීම පිළිබඳව රාජ්‍යචෝදකට පැමිණිලි කළා. ඒ අනුව රුසියානු අගනුවර පිහිටි ක්‍රීඩා දෙපාර්තමේන්තුව වූ මොස්කොම්ස්පෝට් වෙත දන්වන ලදුව ඔවුන් ඒ වැරදීම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම දෙයක් ඉටුකර දෙන බවට පොරොන්දු වෙමින් රොබෝ නිපදවූ අයට ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේ දී මෙවැන්නක් සිදු නොවීමට වගබලා ගන්නා ලෙසට අවවාද කරනු ලැබුවා.  ‍

"මේ රොබෝට එකවර තරඟකරුවන් කීප දෙනෙකු සමග තරඟ කළ හැකි අතර එවැනි අවස්ථා ගණනාවකම වරදක් සිදුවුණේ නෑ. මේ ගැන, රොබෝ සමග කටයුතු කරන ආකාරය ගැන ළමයින්ද දැනුවත් කළ යුතුවෙනවා.” සම්ජින් නොවොස්ති පුවත් සේවයට කියා තියෙනවා. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments