HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අතුරුදන් වූ විස්මිත රාජධානිය ‘ඇට්ලෑන්ටිස්’ මතුවෙයි!

පසුගියදා ඩිස්කවරි නාලිකාවෙහි Blowing Up History නම් වැඩසටහන් මාලාව යටතේ පුරාණ ඇට්ලැන්ටිස් - අතුරුදන් වූ විස්මිත නගරය නමින් අපූරු වැඩසටහනක් විකාශය කෙරුණා. ඒ අනුව අතුරුදන් වූ විස්මිත නගරය වන ඇට්ලෑන්ටිස් පැවති බවට තොරතුරු, සැන්ටොරිනි (Santorini) නම් ග්‍රීක දූපත ඇසුරෙන් සොයා ගෙන තියෙනවා. 

මෙම ශාන්ත සැන්ටොරිනි දූපතේ අක්‍රොටිරි නම් ස්ථානයෙන් දූපතෙහි තමයි, ඇට්ලෑන්ටිස් ශිෂ්ටාචාරය තිබිලා තියෙන්නෙ.

යමහල් (ගිනිකඳු) පිපිරීමකින් නිකුත් වූ අඩි 200ක් පමණ ගැඹුරු අළු තට්ටුවකින් වැසී තිබී ඉතා වටිනා කලාත්මක භාණ්ඩ, මහාර්ඝ සම්පත් රැසක් මතුකර ගෙන තියෙනවා. මේවා මතුකර ගෙන ඇත්තේ සැන්ටොරිනි දූපතේ අක්‍රොටිරි (Akrotiri) නම්. එහි අනන්‍යතාව තහවුරු කර ගත හැකි සාධක හමුවෙලා තියෙනවා. 

ක්‍රිස්තු පූර්ව 1650 දී ස්ට්‍රෝන්හිලි (Stronghili) නමින් හැඳින්වුණු වටකුරු දූපතක තිබූ යමහලක් පුපුරා යාමෙන් ඒ දූපතේ තිබූ නගර රාජධානියක් හා එහි විසූ සමස්ත ජනතාව ම සහමුලින් ම විනාශයට පත්වෙලා තියෙනවා. පුරාවිද්‍යාඥයන් කියන්නේ මෙය මිනෝවන් ශිෂ්ටාචාරයේ කොටසක් කියලයි. දැනට හෙළිදරවු කර ගෙන ඇති දේ අනුව පුරාණ ඇට්ලැන්ටිස් නගරය පිහිටා තිබුණේ සැන්ටොරිනි දූපතේ මෙම ස්ථානයේ කියලයි පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ. 

අතීතයේ විසූ ප්ලේටෝ නම් මහා දාර්ශනිකයා හා ලේඛකයා ඔහුගේ ටිමියෙස්(Timaeus) හා ක්‍රිටියාස් (Critias) නම් පැරණි ලියැවිලිවල අතීතයේ පැවැති ශ්‍රී විභූතියේ ආඪ්‍ය වූ නගර රාජධානියක් ගැන කියනවා. මේ රාජධානියෙහි අතිශය ප්‍රබල හමුදාවක් පැවති බවත්, එහි විසූ මිනිසුන් තමන්ගේ ධනවත් කම, බලවත් කම ගැන මහත්සේ උඩඟු වුවාද යත් ඒ් ගැන උරණ වූ දෙවිවරුන් ඒ රාජධානිය ඔවුන්ට දඬුවම් කරනු වස් විනාශ කර දැමූ බව සඳහන් වෙනවා. 

ප්ලේටෝ කියනවා, වතාවක් මේ නගර රාජධානියේ පාලකයන් ඔවුන්ගේ නාවික හමුදාව යවා ඇතන්ස් නගරය වට කළ බවත්, ඇතන්ස් රාජධානියට අයත් හමුදාව දක්ෂ ලෙස හමුදාව මෙහෙයවා ඔවුන් සාර්ථකව පලවා හැරිය බවත් ඒ ලේඛනවල සඳහන් වෙනවා. පසුව දෙවියන් ඔවුන්ගේ උඩඟුකම ගැන උරණ වී ඒ දූපත ඒජියන් මුහුදේ ගිල්වා දැමූ බව කියවෙනවා. 


2020 දී සැන්ටොරිනි දූපතේ අක්‍රොටිරි නම් ස්ථානයෙන් සොයා ගන්නා ලද කලාත්මක හා කෞතුක භාණ්ඩවලින් තමයි, ඒ පුරාණ ඇට්ලෑන්ටිස් නගර රාජාධානිය පිහිටි තැන බවට තහවුරු කර ගෙන තියෙන්නෙ. 

නවීන තාක්ෂණික දැනුම යොදාගෙන ඉදි කළ වහලකින් මෙම කැණීම් කරන ස්ථානයට රැකවල් සපයා තියෙනවා. තවමත් මෙහි කැණීම් සිදු කෙරනවා. පුරාවිද්‍යාඥයන් ඒ ස්ථානයෙහි වැළලී තියෙන වටිනා වස්තු හා කෞතුක භාණ්ඩ හා කලාත්මක නිර්මාණ බොහොමයක් මතු කර ගනිමින් ඉන්නවා. මෙයින් සියවස් ගණනාවකට පසු විසුවියස් ගිනිකන්ද නිසා වැළලී ගිය පොම්පෙයි නගරය මතු කර ගත්තාක් මෙන් මෙම ඇට්ලෑන්ටිස් මතු කර ගැනීම මගින් තවත් සදහටම වැළලී ගිය ශිෂ්ටාචාරයක් සංරක්ෂණය කිරීමට අපට හැකි වනු නොනුමානයි. 

මෙවැනි දැවැන්ත, අති නවීන තාක්ෂණික වහලකින් වහගෙනයි, මෙම කැණීම් කරනු ලබන්නෙ.

මීට වසර 3771කට පෙර වැළලී ගිය සැන්ටොරිනියෙහි පුරාණ ඉතිහාසය යළි ගොඩගැනීමක් තමයි, මෙහිදී සිදුවන්නෙ. වසර 3000කට පෙර මෙහි විශිෂ්ට සංස්කෘතියක් තිබුණා. ඒ දූපත් වාසීන් සියලු දෙනා ප්‍රචණ්ඩ යමහල් විදාරණයට හසු වී සහමුලින් ම අතුරුදන් වුණා. විද්‍යාඥයන් කියන්නෙ ඒ වෙනකොට අවුරුදු දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක් දියුණු තත්වයකින් තියෙන්න ඇති කියලයි. 

19 වැනි සියවසෙහි මැද භාගයෙහිදී තමයි, පුරාවස්තු ඇති බව සොයා ගත්තෙ. ඒ මොහෙතෙහි සිට පැරණි චිත්‍ර, කලාත්මක භාණ්ඩ විතරක් නෙවෙයි, වාස්තු විද්‍යාවෙන් පරිපූර්ණ නිර්මාණ රැසක් හමුු වී තියෙනවා. ඒ වාර්තා වැඩ සටහනෙහි දැක්වෙන්නෙ, “හමුවී ඇති සෑම නිවෙසකම බිත්තිවල දක්නට ලැබුණු දීප්තිමත් චිත්‍ර බිතුසිතුවම්වලින් මෙම සම්බන්ධය ගැන තවදුරටත් තහවුරු කෙරෙනව. මහා දාර්ශනික ප්ලේටෝගෙ විස්තරවල දැක්වෙන පරිදි පාරාදීසයෙහි දක්නට ලැබෙන අති දීප්තියෙන් යුත් චිත්‍ර, විචිත්‍ර සත්ව රූප තමයි, මේ අයුරින් හමු වී තියෙන්නෙ. ඒ විස්තර සමඟ සසඳ කොට මෙය හරියටම අති සංකීර්ණ වූ ධනයෙන් සපිරි දියුණු ශිෂ්ටචාරයක් සහිත අතුරුදන් වූ ඒ පුරාණ ඇට්ලෑන්ටිස් නගර රාජාධානිය බවට තහවුරු වෙනවා.” කියායි. 

ප්ලේටෝ හැර ලොව වෙනත් කිසිම කෙනකු ඇට්ලෑන්ටිස් ගැන වාර්තා කරලා නැහැ. ඒ ප්ලේටෝ හෙළි කළ තොරතුරුයි මෙහි විද්‍යාඥයන් කළ කැණීම් ගැන සසඳා බලද්දී මෙය ඇට්ලෑන්ටිස් බව හොඳින් ම තහවුරු වෙනවා. ප්ලේටෝ වාර්තා කියවූ ලොව අනෙකුත් ඉතිහාසයන් වසර ගෙනක් තිස්සෙ මහා පරිශ්‍රමයක් දැරුවා, ඒ විස්තර කරන දූපත කුමක් ද? ලොව කොතැනක තිබෙන්නක් ද කියා දැන ගන්නට. 19 වැනි සියවසෙහි අගභාගයෙහි මෙම ස්ථානය සොයා ගත්තත්, පැරණි ශිෂ්ටාචාරයක නටබුන් ඇති බව දැනගත්තත්, ඒවා නිශ්චිතවම හඳුනා ගැනුනෙ 2020 වසරෙහිදි මතු වූ අලුත් කැණීම්වලිනුයි. 

මුලින් ම අක්‍රොටි කැණීම්වලින් මතු වූ අති සියුම් අබරණ වැනි කලා කෘති කීපයක්

ඒ දූපතෙහි මහා පිපිරුමකින් ශිෂ්ටාචාරයම වැළලී ගිය බව වාර්තාවල සඳහන් වූ නිසා දහස් ගණනක් අතීතයට සිදු වූ මහා පිපිරීම් ගැන වාර්තා විමසා ලැබුවා. ඒ අනුව බොහොම දෙනකු තීරණ කළා, ඒ ස්ථානය සැන්ටොරිනි විය හැකි බව. 

පසුව නටබුන් පිරික්සීමෙහි දී කළ සසඳා බැලීම්වලින් මෙය වඩාත් හොඳින් ම තහවුරු වුණා. ඒ බව ඒ වාර්තා වැඩ සටහනෙහි කියවෙනවා. මෙහි අලංකාර තට්ටු නිවාස පාරවලට ගල් අල්ලා තිබූ බව, අත්‍යාලංකාර විචිත්‍ර චිත්‍රවලින් සැරසුණු නිවාස මෙහි පිරි තිබුණා. ප්ලේටෝ විස්තරවල තිබූ වර්ණනා පමණ ඉක්මවා කළ ඒවා යැයි ද ඒ නිසා ඒවා ඔහු අතීත ප්‍රවාදවලින් ගත් ඒවා විය හැකියැයි කී පිරිසකුත් හිටියා. ඒත් දැන් ඒ්වා ඇස් දෙකෙන් ම දුටු පසු ඔවුන්ට ඒවා විශ්වාස කරන්න සිද්ධ වුණා.

 - පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments