HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නස්රුදින් හරි පුදුම පටලැවිල්ලක!

දවසක් නස්රුදින් දුටු එක්තරා මිනිහෙක් ඔහු ඉදිරියට ඇවිත් කතා කළා. ඒ කතාව හරිම දිග එකක් වුණා. ඔවුන් ඉතා සුහදව හුඟක් දේ ගැන කතා කළා. ඒ පැත්තේ ඕපාදූප, පුද්ගලික කරුණු කාරණා, ඔවුන්ගේ පවුල් විස්තර, ව්‍යාපාර ගැන, දාර්ශනික මාතෘකා ආදිය හැම දෙයක් ගැනම ඒ කතාබහට ඇතුළත් වුණා. 


පැය භාගයක් විතර කතාබහේ යෙදුණු ඒ අමුත්තා එකවරම කතාව නවතා, "දැන් මං යන්න ඕනෑ" යයි කියා යන්නට හැරුණා. 

"සමාවෙන්න මගේ මිත්‍රයා" යයි නස්රුදින් ඔහු අතින් අල්ලලා නැවැත්තුවා. නවත්තලා මෙහෙම ඇහුවා. "ඇත්තට ම ඔහේ කවුද?" 

"මොනවා ඒ කියන්නෙ ඔහෙ දන්නෙම නැද්ද මං කවුද කියලා?" අමුත්තා ඇහුවා. 

"නෑ!" 

"එහෙනම් ඇයි, පැය භාගයක් ම ඔහෙ‍ෙග හැම පුද්ගලික කරුණක් ගැන ම මාත් එක්ක කතා කළේ?" 

"ආ ඒක ද? මං ඔහෙගේ මේ ඇඳුම්, ඔය රැවුල, ඔය තලප්පාව ආදිය දැක්කා ම මං හිතුවෙ ඒ වෙන කවුද කෙනෙක් කියලයි. 

"ඒ කියන්නේ කවුද?" 

"මං හිතුවා ඒ මමයි කියලා" 

(පර්සි ජයමාන්නගේ අලුත් ම නස්රුදින් කතා පොතෙන්)

Post a Comment

0 Comments