HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අලුතින් ආ ටිචර්ගේ වයස කීයද?

පෙරේරා මහතා දරුවන්ට ආදරෙයි. උද්‍යානයට සෙල්ලම් කරන්නට එන ළමයින් පෙරේරා මහතා දුටු විට විගසම දිව එන්නේ ඔහු දෙන රසකැවිලි බුදින්නටයි. රසකැවිලි කන අතර ළමුන් එකිනෙකා පරයමින් පාසලේ සිදු වූ දෑ පෙරේරා මහතාට කීම සිරිතය. 


අද අලුත්ම ආරංචිය පන්තියට ආ අලුත් ටීචර් ය. ඇය කොහොම කෙනෙක් දැයි පෙරේරා මහතා ඇසූ විට ළමයින් හැමෝම එක කරුණකට එකඟ වූහ. ඒ ඇය වයසින් වැඩි අයකු බවයි. 

පෙරේරා මහතා එයින් පුදුමයට පත් වූ‌යේ ඒ ටීචර් ඔහුගේ බාල දියණිය සමග එක පන්තියේ ඉගෙන ගත් කෙනකු බව කලින් දැන සිටිය නිසාය. 

ඒ නිසා පෙරේරා මහතා ඊළඟට ඇසුවේ ඔවුන් ඇය වයසින් වැඩියි කියන්නේ ඇත්තටම ඇගේ වයස කීයක් විතර ඇද්ද? කියාය. 

එවිට එක් දරුවෙක් කීවේ ටීචර්ට 27ක් විතර ඇති කියාය. තවත් දරුවෙක් ඇයට 31ක් යැයි කීවේය. තුන් වැනි දරුවා කීවේ ඇයට 36ක් ඇතැයි කියාය. හතර වැනි දරුවා කීවේ 39ක් ඇතැයි කියාය. 

ඇත්තෙන්ම නම් එක දරුවෙක් කී වයස නියම වයසට වඩා අවුරුදු 1 කින් වැඩිය. අනිත් දරුවා කීවේ 3ක් වැඩියෙනි. තුන් වැනි දරුවා කීවේ 6ක් වැඩියෙනි. හතර වැනි දරුවා කීවේ 9ක් වැඩියෙනි. 

ටීචර්ගේ හැබෑ වයස කීයද? 

පිළිතුර හෙට මල් කැකුළුවලින් .

Post a Comment

0 Comments