HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අලුතින් ආ ටීචර්ගේ වයස කීයද? - විසඳුම

පෙරේරා මහතා දරුවන්ට ආදරෙයි. උද්‍යානයට සෙල්ලම් කරන්නට එන ළමයින් පෙරේරා මහතා දුටු විට විගසම දිව එන්නේ ඔහු දෙන රසකැවිලි බුදින්නටයි. රසකැවිලි කන අතර ළමුන් එකිනෙකා පරයමින් පාසලේ සිදු වූ දෑ පෙරේරා මහතාට කීම සිරිතය. 


අද අලුත්ම ආරංචිය පන්තියට ආ අලුත් ටීචර් ය. ඇය කොහොම කෙනෙක් දැයි පෙරේරා මහතා ඇසූ විට ළමයින් හැමෝම එක කරුණකට එකඟ වූහ. ඒ ඇය වයසින් වැඩි අයකු බවයි. 

පෙරේරා මහතා එයින් පුදුමයට පත් වූ‌යේ ඒ ටීචර් ඔහුගේ බාල දියණිය සමග එක පන්තියේ ඉගෙන ගත් කෙනකු බව කලින් දැන සිටිය නිසාය. 

ඒ නිසා පෙරේරා මහතා ඊළඟට ඇසුවේ ඔවුන් ඇය වයසින් වැඩියි කියන්නේ ඇත්තටම ඇගේ වයස කීයක් විතර ඇද්ද? කියාය. 

එවිට එක් දරුවෙක් කීවේ ටීචර්ට 27ක් විතර ඇති කියාය. තවත් දරුවෙක් ඇයට 31ක් යැයි කීවේය. තුන් වැනි දරුවා කීවේ ඇයට 36ක් ඇතැයි කියාය. හතර වැනි දරුවා කීවේ 39ක් ඇතැයි කියාය. 

ඇත්තෙන්ම නම් එක දරුවෙක් කී වයස නියම වයසට වඩා අවුරුදු 1 කින් වැඩිය. අනිත් දරුවා කීවේ 3ක් වැඩියෙනි. තුන් වැනි දරුවා කීවේ 6ක් වැඩියෙනි. හතර වැනි දරුවා කීවේ 9ක් වැඩියෙනි. ටීචර්ගේ හැබෑ වයස කීයද? 

පිළිතුර  - අවුරුදු 30යි

විසඳුම - ටීචර්ගේ වයස කියද්දී වැඩි ම වරද කියැවුණේ 9 කියාය. ඉහළම හා පහළම වයස් අතර වෙනස 12කි. නිවැරදි වයස ඇත්තේ 27ත් 39ත් අතරය. 

ඇත්ත වයස 27ට වඩා වැඩි අවුරුදු ග ණන a කියා හිතුවොත්, වයස අවුරුදු 39ට වඩා අඩු අවුරුදු ගණන b කියා හිතුවොත්, 

                                 a + b = 12 

වැරදීම් ගණන වන්නේ 1, 3, 6, 9. 

එසේ නම්, අපට ලැබෙන්නේ, 

                                             a = 3, b = 9 හෝ a = 9, b = 3 

එවිට නිවැරදි වයස අවුරුදු 30 හෝ 36 ලැබේ. 

නමුත් 36 වැරදි වයසක් ලෙස දක්වා ඇති නිසා නිවැරදි වයස විය යුත්තේ 36 යි. .

Post a Comment

2 Comments

  1. 'අනිත් දරුවා කීවේ 3ක් වැඩියෙනි' මේක '3ක් අඩුවෙනි' නේද වෙන්න ඕනෙ? නැත්නම් අවුරුදු 27 කියපු දරුවා කියපු එක වැරදි වෙනව.

    ReplyDelete