HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මට නෙමෙයි ලැජ්ජාව ඔයාටනෙ!



නස්රුදින් බිරිඳත් සමග මඟුල් ගෙදරකට ගියා. 

දෙන්නාම කෑම බෙදා ගෙන ගිහින් මේසයකින් වාඩි වුණා. 

කෑම කන අතරතුර නස්රුදින් කෑම තබා තිබූ තැනට දුවලා ගිහින් කුකුල් මස් කෑල්ලක් අරන් ආවා. 

නස්රුදින් මේ විදියට හය වතාවක් විතර ගියා.

තවත් සැරයක් යන්න හදන කොට ම බිරිඳ ඔහුගේ අතින් අල්ලලා නැවැත්තුවා. “ඔයාට ලැජ්ජා නැද්ද අනේ සැරෙන් සැරේ ගිහින් ඔහොම කුකුල් මස් ඉල්ලාගෙන එන්න!” බිරිඳ කිව්වා.

‍‍‍‍“ඒ ගොල්ලන් හිතයි ඔයා හරිම පෙරේතයි කියලා!” බිරිඳ කිව්වා

 “කොහෙත්ම නැහැ සුන්දරී! මං මේවා ගේන්නේ ඔයාට කියලා නෙ-”

(පර්සි ජයමාන්නගේ "නස්රුදින්ගේ අලුත් කතා" නම් නස්රුදින් කතා මාලාවේ අලුත් ම කෘතියෙනි.)

Post a Comment

0 Comments