HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මද්‍යසාර යන්නට යොදන ඇල්කොහොල හැඳුන හැටි

සියවස් ගානක් තිස්සේ අරාබි කතුන් ඔවුන්ගේ ඇස් විශාලව හා දීප්තිමත්ව පෙනීමට ඇසිපියවල අංජන විශේෂයක් ගෑවා. ඒ සඳහා යොදා ගත්තේ සියුම්ව කුඩු කර ගත් ද්‍රව්‍යයක්. ඔවුන් ඒ කුඩු වර්ගය හැඳින් වූයේ ඇල් කොහොල් (al koho'l) කියලයි. එහි අරුත 'සියුම් ලෙස කුඩු කළ' යන්නයි.

ඇල්කොහොල ලබා ගන්නා ආසවනය නම් සරල ක්‍රියාවලිය මගින්

 මධ්‍යතනය යුගයේ රසායනඥයෙක් ඒ යෙදුම උදුරාගෙන ඔවුන් සියුම් ලෙස කුඩු කරන බෙහෙත් වර්ග ඒ නමින් හැඳින්නුවා. ඒ වදන යොදා ගත්තේ ඇඟිලි තුඩුවලට නොදැනෙන තරම් සියුම් ඒවාටයි. එසේ ම එය ලතින් බසින් 'නො - දැනෙන' යන අරුත් දෙන in හා palpare යන වදන් එක්කර implalabale කියල වදනක් තනා එයිනුත් හැඳින්නුවා. 

ඉන්පසු ක්‍රි. ව. 1500 ගණන්වල රසායනඥයන් යම් යම් දියර රත් කිරීමෙන් උපදවා ගන්නා වාෂ්පවලටත් මේ නම යොදා ගත්තා. ඒ වාෂ්ප ඇඟිලි තුඩුවලට 'නොදැනුන' නිසයි. ඔවුන් වයින් (wine) රත් කළ විට ලැබුණු වාෂ්පවලට මේ වදන භාවිත කළා. එය 'වයින් ඇල්කොහොල' (wine alcohol) කියා හැඳින්නුවා. පසුව එහි 'වයින්' හැළී 'ඇල්කොහොල' විතරක් ඉතුරු වුණා. 

වයින් රත්කළ විට ජලයට වඩා ඉක්මනට වාෂ්ප වෙනවා. ඒ වාෂ්පය වයින්වලට වඩා තියුණුයි. ඒ වාෂ්ප සිසිල්කර දියරයක් ලබා ගත් විට මුල් වයින් බීමවලට වඩා සැර බීමක් ලැබෙනවා. ඒ ක්‍රියාවලිය 'ආසවනය' (distillation) කියලයි, හැඳින්වෙන්නේ. ලතින් බසෙහි එන 'de-' (පහතට වැටෙන) හා 'stilla' (කුඩා බිංදු) නිසයි. ඒ වදන හැදිලා තියෙන්නෙ බින්දුවෙන් බින්දුවට පහතට වැටෙන විචියට වාෂ්ප ආකාරයට එක් රැස් කර ගන්නා දියර 'ඇල්කොහොල බීම' (alcohol drinks) තනා ගත්තේ. ඒවා හැඳින්වෙන්නේ distilled liquors කියායි. මේ සඳහා භාවිත කරන මෙවලම හැඳින්වෙන්නේ still කියලයි. 

ඇත්තටම නම් distillation කියන ක්‍රියාවලිය දියර මිශ්‍රණයකින් ඒ සංයෝග වෙන් කර ගන්න රසායන විද්‍යාවේ භාවිත කරන හොඳ උපක්‍රමයක්. 

ඇල්කොහොල alcohol වල එන '-ol' පසු ඈඳිය දැන් රසායනඥයන් විසින් හයිඩ්‍රොක්සිල් hydroxyl කාණ්ඩයේ එන ඕනෑම සංයෝගයක් හැඳින්වීමට යොදා ගන්නවා. (එසේ හැඳින්වෙන්නේ එහි හයිඩ්‍රජන් හා ඔක්සිජන් අණු ඇතුළත් වන නිසා) වයින් ඇල්කොහොලවල කාබන් කාණ්ඩ දෙකක් තියෙනවා, හරියට ඊතර(ether) වල තියෙනවා වාගේ. ඒ නිසා ඒවා ඊතයිල් ඇල්කොහොල (ethyl alcohol) හෙවත් එතනෝල් (ethanol) කියා හැඳින්වෙනවා. 

පුදුමයක් නම් අරාබි වැසියන් ඔවුන්ගේ ඇල්කොහොල යන වදන 'මද්‍යසාර' හඳුන්වන්න යොදා ගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් යොදා ගන්නේ ඉංග්‍රීසින්ගෙන් උදුරා ගත් spirits හෙවත් 'ස්ප්‍රීතු' යන වදනයි. අනික් අතට ඉංග්‍රීසීන් මද්‍යසාරවලට යොදන්නේ අරාබින්ගෙන් ගත් ඇල්කොහොල යන වදනයි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments