HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අක්බාර් රජතුමාගේ රන් මුද්ද බිර්බාල් සොයා දුන් හැටි!

බිර්බාල්ගේ තවත් කතා නස්රුදින්ට සමාන කළ හැකි, ඊටත් වඩා දස්කම් ඇති බිර්බාල් ඔබට හඳුන්වා දුන්නා. මහේෂ් බාබු නමින් උපන් ඔහු ක්‍රිස්තු වර්ෂ 1528-1586 අතර කාලය තුළ ඉන්දියාවේ අක්බාර් නම් මෝගල් අධිරාජයාගේ රාජ සභාවේ සිටි පඬිවරුන් නව දෙනාගෙන් කෙනෙක්. ඒ වගේ ම ඒ අධිරාජයාගේ විනිශ්චය සභාවේ ප්‍රධානියා මෙන් ම ඒ හමුදාවේ ප්‍රධාන සෙන්පතියා වූයේත් බිර්බාල්. ඔහුට අධිරාජයා 'රාජ බිල්බාර්' නමින් උපහාර නාමයක් ද පිරි නැමුවා. 

අද අපි ඔබට ඒ බිර්බාල්ගේ තවත් කතාවත් ඉදිරිපත් කරනවා. 

අක්බාර් රජතුමාගේ රන් මුද්ද බිර්බාල් සොයා දුන් හැටි! 


අක්බාර් රජතුමාට එතුමාගේ පිය උරුමයෙන් ලැබුණු වටිනා රන් මුද්දක් නැති වුණා. හැමතැනම හෙව්වත් හම්බවුණේ නෑ. අන්තිමේ දී රජතුමා බිර්බාල් දෙසට හැරුණා. 

"බිර්බාල්, මගේ පියා මට දුන් වටිනා රන් මුද්ද නැතිවෙලා! අපි හැමතැනම හෙව්වා. හම්බ වුනේ නැහැ. ඔහෙගෙ නුවණ යොදවලා මට මේ මුද්ද ගත් හොරාව අල්ලා දෙන්න පුලුවන් ද?" රජතුමා ඇසුවා.

"රජතුමනි, මම ඔබ වහන්සෙගෙ නැතිවුණු මුද්ද ගත්තු කෙනා මට සොයා දෙන්න පුලුවන්" බිර්බාල් ඒ අභියෝගය බාර ගත්තා. 


බිර්බාල් ඊළඟට කළේ රාජ සභාව ඇමතීමයි. "සමාවෙන්න, රජතුමනි මා හිතන්නේ මේ රාජ සහාවේ කෙනෙක් තමයි, මුද්ද සොරා ගත්තේ." යයි කී බිර්බාල් "රජතුමනි, මං හොරා පෙන්නා දෙන්නම්" හිස වටේට හරවා මුළු රාජ සභාව සිසාරා බැලුවා. 

"රාජ සභාවේ කෙනෙක්! කවුද ඒ දුෂ්ඨයා ?" රජු කෝපයෙන් ඇහුවා. 

බිර්බාල් ඊළඟට මෙහෙම කිව්වා. "රජතුමනි, මුද්ද ගත්තු ‌කෙනාගේ රැවුලෙ තමයි අර පිදුරු කෑල්ලක් තියෙන්නෙ" කියල. 

මුද්ද ගත්තු රාජ සභිකයා හනික රැවුල අත ගෑවා තමා අහුවේදෝයි සිතා ඉක්මනට ඒ පිදුරු කැල්ල ඉවත් කරන්න හිතාගෙන. 

එතකොට බිර්බාල් ඔහු දෙසට ඇඟිල්ල දික් කරලා කිව්වා, "එයා තමයි මුද්ද ගත්තේ" කියලා. 

මේ කතාව ඇහුණාම ඔබට අපේ 'පුහුල් හොරා කරෙන් දැනේ' කියන ජන කතාව මතක් වෙන්න ඇති. ඒ නිසාමයි, මං මේ කතාව පළ කළේ. සමහර විට 15 සියවසේ ඉන්දියාවේ අක්බාර් අධිරාජයාගේ කාලේ සිටි බිර්බාල්ගේ මේ කතාව අපේ රටට ගැළපෙන විධියට ගළපා ගත්තාද කියන්න දන්නේ නෑ. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments