HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අභියෝගය - රජතුමාගේ දරු දැරියන් ගණන කියන්න ඔබට පුලුවන්ද?

අද තවත් අභියෝගයක් ඔබට ඉදිරිපත් කරනවා. මෙයත් මීට වසර 27කට පෙර පළ වූ දිවංගත එස්. පී. පෙරේරා සූරීන්ගේ අභියෝගය පොතෙන් උපුටා ගත්තක්. 


රජතුමාගේ දරු දැරියන් ගණන කියන්න ඔබට පුලුවන්ද? 

හරූන් අල් රෂීඩ් රජතුමා තම අන්ත පුරයෙහි සරුසාරත්වය ගැන මහත් සාඩම්බරයක් දැක්වී. දිනක් ඔහු තම මහ ඇමති අමතා තමාගේ දරු දැරියන් ගේ ගණන කිව හැකිදැයි ඇසූ විට ඇමතියා කල්පනා කර බලා 77ක් යයි උත්තර දුන්නේය. ළඟදී අන්තපුරයට කැඳවාගෙන එන ලද සුරතලියගෙන් ඇසූ විට කිසිත් නොදන්නා ඕ 64 යයි කීවා. 

ඒ ඇසූ අගබිසව ඒ උත්තර දෙකම වැරදිය. නියම ගණන 79 විය යුතු යයි කී විට හරූන් අල් රෂීඩ් මහ හඬින් සිනා සී ඇගේ උත්තරයෙහි වැරැද්ද මහ ඇමතිගේ උත්තරයෙහි වැරැද්ද මෙන් එක හමාරකැයි ද අලුත් මනාලියගේ උත්තරයෙහි වැරැද්ද අගබිසවගේ උත්තරයෙහි වැරැද්ද මෙන් එක හමාරකැයි ද ප්‍රකාශ කළේය. 

රජතුමාට දරු දැරියන් කී දෙනෙක් වූ ද? රජතුමාගේ දරු දැරියන් ගණන කියන්න ඔබට පුලුවන්ද? 

පිළිතුර හෙට 'මල් කැකුළු' තුළින්

Post a Comment

0 Comments