HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉන්ටර්නෙට් ගැන මේ විස්මිත තොරතුරු ඔබත් දන්නවද?


ඔබත් දන්නවද දිනපතා බ්ලොග් පෝස්ටු (blog posts) මිලියන 7ක් පළ කරන බව. 

ඔබත් දන්නවද 2021 වසර වන විට සමාජ මාධ්‍ය සක්‍රිය ව භාවිත කරන්නන් බිලියන 4.2ක් සිටි බව. 

ඔබත් දන්නවද මුල් ම වෙබ් අඩවිය තවමත් ඉන්ටර්නෙට්හී ඇති බව. 

ඔබත් දන්නවද වෙබ් අඩවි ජාලය තුළ සක්‍රිය වෙබ් අඩවි මිලියන 198.4ක් ඇති බව. 

ඔබත් දන්නවද 2020 වසර වන සක්‍රියව ඉන්ටර්නෙට් භාවිත කරන අය ලොව පුරා බිලියන 5.1ක් සිටින බව. 

ඔබත් දන්නවද මාර්ගගතව (online) භාවිත වන වෙබ් අඩවි (websites) ගණන බිලියන 1.92කට වැඩි බව. 

ඔබත් දන්නවද ලොව පුරා ජනතාවගෙන් බිලියන 4.28ක් දෙනා මාර්ගගත වීමට සිය ජංගම දුරකතන භාවිත කරන බව. 

ඔබත් දන්නවද ඉන්ටර්නෙට් පරිශිලකයන් අතරින් සියයට 47ක් දැන්වීම් වළක්වන උපක්‍රමය (ad-blocker) භාවිත කරන බව. 

ඔබත් දන්නවද 2021 වසර අවසන් වන විට සෑම මිනිත්තුවකටම වරක් යූටියුබ් නාලිකා ජාලයට වීඩියෝ පැය 500තට වැඩි ගණනක් උත්පතනය (uploaded) කරනු ලබන බව. 

ඔබත් දන්නවද GIF ක්‍රමය සොයා ගත්තේ 1987 දී කොම්පියුසර්ව්හි සේවය කළ ස්ටීව් විල්කි විසින් බව. 

ඔබත් දන්නවද සයි (Psy) ගේ ‘ගැංග්නම් ස්ටයිල්’ (Gangnam style) නම් රංගන විලාසය පසුගිය වසර ගණනාව තුළ යූටියුබ් (You Tube) ඔස්සේ වැඩියෙන් ම නැරඹූ වීඩියෝව බව- එය තවමත් අංක එකේ පසු වන බව- (මේ වන විට බිලියන දෙකකට වඩා නරඹා තියෙනවා.) 

ඔබත් දන්නවද පළමු ඊ-මේල් පණිවුඩය 1971දී රේ ටොම්ලින්සන් (Ray Tomlinson) තමාට ම එවා ගත්තක් බව- එහි ඇතුළත් වූයේ කුමක්දැයි ඔහුට අමතක බව. 

ඔබත් දන්නවද ඉන්ටර්නෙට්හී ප්‍රථමයෙන් ම ලියා පදිංචි වූ වසම (domain) symbolics.com බව. ඔබත් දන්නවද Match.com මගින් එක් වූ යුවතිපතීන් නිසා මේ වන විට දරුවන් මිලියනයක් මෙලොවට බිහි වී ඇති බව. 

ඔබත් දන්නවද වර්තමානයේ වැඩිදෙනා මේස පරිගණකවලට වඩා ජංගම මෙවලම්වලින් ඉන්ටර්නෙට් තුළ සෙවුම් කරන බව. 

ඔබත් දන්නවද වර්තමානයේ ඉන්ටර්නෙට් භාවිත කරන ජනයා දළ වශයෙන් බිලියන 2-3ක් සිටින බව- එයින් බිලියන 1-7ක් ආසියානුවන් බව. 

ඔබත් දන්නවද ඉන්ටර්නෙට් එක් දිනකට අක්‍රිය වුවහොත් දළ වශයෙන් බිලියන 200ක ඊ-මේල්වලට හා ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිත කරන බිලියන 3ක ජනතාවකට ඊළඟ දිනය වන තෙක් බලා සිටීමට සිදු වෙන බව.) 

ඔබත් දන්නවද චීනයේ ඉන්නා ඉන්ටර්නෙට් භාවිත කරන්නන් අතුරින් මිලියන 200ක් වයස අවුරුදු 15ත් 35ත් අතර අය බව. 

ඔබත් දන්නවද ඉන්ටර්නෙට් භාවිතයට ඇබ්බැහි වූවනට, එනම් ආසක්තයනට (addicts) විශේෂ පුනරුත්ථාපන කඳවුරු පවත්වන බව. 

ඔබත් දන්නවද ඉන්ටර්නෙට් ආසක්තයන් 40%ක් ම ගොදුරුවන්නේ අවධානය යොමු කළ නොහැකි (attention deficit hyperactivity disorder) අතික්‍රියකාරී සංකූලතාවකට බව. 

ඔබත් දන්නවද දිනපතා ඉන්ටර්නෙට් වෙබ් අඩවි 30,000කට හැකර්ලා කඩා වදින බව- මෙම සයිබර් අපරාධකරුවන් හැක්කළ හැකි වෙබ් අඩවි ස්වයංක්‍රීයව හඳුනා ගත හැකි ඉතා ප්‍රශස්ත ෘදුකාංග යොදා ගන්නා බව. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments